අද භාවනාවට තියෙන්නේ, මම මුලින් ම ඒ බුදුපියාණන් වහන්සේ සිහි කළා ඒ ශ්‍රද්ධාව. එතකොට ඒ Council එක මණ්ඩලාධිපති බුදුපියා සිහි කරපු ගමන් ශ්‍රද්ධාවත් එක්ක දිගට ම මගේ ඒක තියෙනවා. මම කල්පනා කළා, අද භාවනාවෙදි බුදු පියවරුන් ම සිහි කරනවා ද කියලා.
ඉතින් හැබැයි මට අද නින්ද ගියේ නෑ. මට දෙකට විතර ඇහැරුණා. ඉතින් ඒ වෙලාවේ ඉඳන් මම ඇඳේ ඉඳගෙන, ඒ ඒ බුදුපියවරු සිහි කරගෙන තමයි මම හිටියේ. හොඳට ම මම ඉන්නවා, මට මොකුත් නින්ද යන්නෙත් නෑ, අර විමුක්තිය සහිතව මම දිගට හිටියා. ඉඳලා ඊට පස්සේ, දැන් මම කල්පනා කළා, ඒ පාර මට කිව්වා “අපි භාවනා කරමු ද?” කියලා. ඒ පාර ආපහු අර බුද්ධං සරණං ගච්ඡාමි කියලා ඒ විදිහට මම ආවා. ඇවිල්ලා ඉවර වෙලා පංචබලයන් පංචඉන්ද්‍රියන් බවට පත් කරනවා කියන එක ගත්තා.
ඊට පස්සේ ඒක ගත්තා ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන එක ගත්තහම, ශ්‍රද්ධාව ඇති වෙන්න නම්, ඉතින් ප්‍රඥාව තියෙන්න ඕනෑ. ප්‍රඥාව තියෙන්න නම්, සම්මා දිට්ඨිය තියෙන්න ඕනෑ. මේ පාර සම්මා දිට්ඨිය තියෙන්න ඕනෑ කියලා, මේ පාර ගියේ අනිත් පැත්තට. වෙනදා යනවා නේ මේ පැත්තට, සම්මා දිට්ඨිය කියන එක නැති වෙන්න නම් මිච්ඡා දිට්ඨියේ කතාව. ඒ පැත්තට යන්නේ නැතිව, මට මවලා පෙන්නුවා අර diagram එකේ තියෙනවා නේ අර, දැන් සම්මා දිට්ඨිය ඇති වෙන්න නම්, ඒ කියන්නේ මම අත්තා ඉඳන් නිත්‍යයට යනවා කියන එක නැති වෙන්න ඕනෑ. ඒක නේ මිච්ඡා දිට්ඨිය එතන වෙන්නේ. එතකොට අත්තා ඉඳන් නිත්‍යයට යනවා කියන එක නැති වෙන්න නම්, එතන අර මානය කියන එක නැති වෙන්න ඕනෑ.
එතකොට මානය කියන එක නැති වෙන්න ඕනෑ කියන එක මම කල්පනා කරනකොට, මට මානය දැන් මොකෙන් ද එන්නේ, මුසාවාද, පරුෂා වාචා, මේවායින් තමයි මෙතන ඇති වෙන්නේ මානය කියන එක. දුස්සීල බව කියන එක එතන පොඩ්ඩක් මෙනෙහි කරනකොට, රහතන් වහන්සේ මට, මවලා පෙන්නුවා මෙහෙම. ඒ කියන්නේ, අත්තා වුණාට පස්සේ, අපි දන්නවා, අවිද්‍යා ආශ්‍රවයට යනවා, link එක. නිත්‍ය වෙන කතාවත් එක්ක, අපි දන්නවා, මේ දිට්ඨි ආශ්‍රවය තියෙනවා. ඒක තමයි මේ කියන්නේ.
දැන් එතකොට මට පේනවා මානය කියන්නේ, මේකේ කරනම් ගහන එක තමයි. ඒ කියන්නේ මෙහෙම තියෙන එකේ, අර මිනිහා අත් දෙක තියා ගන්නවා, මේ පොල්ලටයි, මේ පොල්ලටයි. ඒකත් එක්ක දැන් රහතන් වහන්සේ මට මවලා පෙන්නනවා මේකේ අර උඩ jumping. මේකේ පොලු දෙක අල්ලා ගත්තා, අත්තා ඉඳන් අවිද්‍යා ආශ්‍රවයට යන එකයි, නිත්‍ය ඉඳන් දිට්ඨි ආශ්‍රවයට යන පොලු දෙක තියෙනවා නේ. දැන් මෙයා gymnastic ගහනවා. ඒ කියන්නේ මෙතැනින් උඩට යනවා, ඒ පාර අර ඔළුවෙන් තමයි අර අත්තා ඉඳන් නිත්‍යයට යන පොල්ලට support එක දෙන්නේ. මෙයා මේකෙ පහළට යනවා, උඩට එනවා. එතකොට දැන් මේක තමයි මේ කරන්නේ.
එතකොට මට පේනවා මේ චේතනාව තමයි මේ වැඩේ කරන්නේ. චේතනාව නේ මෙයාගේ මෙහෙම කරන්නේ. ඉතින් දැන් හිටපු ගමන් මට පේනවා, පෙලක් වෙලාවට මෙය හරි happy වෙන වෙලාවල් තියෙනවා. එයා happy වෙලාවට තමයි මෙයා, අර මේ පැත්තේ පොල්ල අතහරිනවා. අත්තා පොල්ල තියෙනවා නේ, අත්තා පොල්ල අරගෙන hurray කියලා කැරකෙනවා, මොකද මේ හොඳට මට හම්බවෙනවා, මට මමංකාරය බොහොම හොඳයි hurray කියලා මෙයා හොඳට කැරකෙනවා. මෙහෙම කැරකිලා අර පොඩි එවුන් වගේ ගිහිල්ලා කකුල් දෙකත් මෙහෙම තියා ගෙනත් ඉන්නවා, මේකේ වටේ කැරකිලා, කැරකිලා මේක හෝ ගාලා මෙයාට මේක align වෙනවා.
ඊට පස්සේ පෙළක් වෙලාවට මෙයා කරන්නේ මේක අත ඇරලා අනිත් පොල්ල අල්ලා ගන්නවා, මේ පැත්තට නිත්‍ය ඉඳන් දිට්ඨි ආශ්‍රවයට. දැන් මේකෙ කැරකෙනවා. මෙතන මෙයා බොහොම තදින් කැරකෙන වෙලාව මොකක් ද, මෙයාට ඒ වෙලාවෙ දි, මේක කැඩෙන්නේ නෑ. ඒ කියන්නේ දැන් මේක දැන් මේ නිත්‍යයි කියලා දැන් මේක ඇවිල්ලා නේ තියෙන්නේ, දැන් ඔය ධ්‍යානවලත් මිනිස්සු කියන්නේ ඒක නේ. දැන් හතර වෙනි ධ්‍යානය මේක කැඩෙන්නේ නෑ කියලා.
මේක තමයි මේ කතාව. මේක තමයි මේ මනුස්සයෝ කරන්නේ කියන එක බොහොම හිමින් සීරුවේ ලස්සනට හෙමින් හෙමින් හරි පුදුමයි, ඉතින් ඒක ඒ විදිහට ඒ භාවනාව කරනකොට. ඕක තමයි අපේ ජීවිතය නේ ද, ඕක තමයි ජීවිතය.
මේ පොලු දෙක ම අල්ලාගෙන කරනම් ගහනවා ද? පොලු දෙක අල්ලාගෙන, කමණී, මේ ඔළුවෙන් තමයි, අර අත්තා ඉඳන් නිත්‍යයට පොල්ල, ඒක ගහන්නේ. පල්ලෙහාට ම බහිනවා, උඩට ම එනවා. ඒ වගේ එනවා. ඕක නේ දැන් මිනිහෙකුට මොකක් හරි ලාභයක් හම්බවෙනකොට, දැන් මට ආවේ, අර අත්තා කියන පොල්ලේ කතාව, මෙයා මෙතන හයියෙන් කැරකෙන්නේ මේක තමයි අර පටිලාභය. පටිලාභය තියෙනකොටනෙ ඒක හරියට එයා ඒක එතන ඒ පොල්ලේ කැරකෙන්නේ. ඊට පස්සේ අනිත් එකේදි, එයා නිත්‍යයි කියලා ඒකේ කැරකෙන්නේ. දැන් එහෙනම් pictorially එනවා.
ඉතින් ඒක තමයි භාවනාව.