මගේ භාවනාවේ තියෙන්නේ, සහම්පති මහා බ්‍රහ්ම රහතන් වහන්සේ කිව්වා, අර “පංචබලයන් පංචඉන්ද්‍රියන් බවට පත් කරනවා නේ, එතැනින් පටන් ගන්න කියලා.” එතකොට දැන් මම ශ්‍රද්ධාව කියන එක ගත්තේ. ශ්‍රද්ධාව කියන එක ගත්තහම මම බැලුවා, මේ පාණාතිපාතා, අදින්නාදානා, කාමෙසුමිච්ඡාචාරා දස කුසලය. එතකොට මුසාවාදා, පරුෂා වාචා, පිසුණා වාචා, සම්පප්‍රලාපා කියලා මෙන්න මේවා සඳහා අර තිබෙන්නා වූ කැමැත්තක් තියෙනවා ද, ඒවා අපි පහ කරන්න ඕනෑ කියන එක.
ඒ කියන්නේ අපි, දැන් කොච්චර කළත් අපේ අතර තියෙනවා ඕක, මේ ටිකක් සැරෙන් කතා කරන්නේ යම් අවස්ථාවල දී. දැන් අපි හිතමු ධර්මය කියනකොට කවුරු හරි කෙනෙක් කියපු දෙයක් කියමු, හාමුදුරු නමක් මෙහෙම කිව්වා කියලා, ඉතින් ඕක වැරදියි කියන එක අපි කියනකොට පෙළක් වෙලාවට අපි තදින් කියන ගතියක් තියෙනවා නේ.
එතකොට අපි පුරුදු වෙලා තියෙන්නේ, අර එහෙම කිව්වා ම පහසුයි ඒ මනුස්සයාව ඉක්මනට අර මේව්වා කරන්න. තමන්ට හිතෙනවා මේක එකපාරට ම, ඕක කියලා දාලා ඔය කරදරයෙන් මම නිදහස් වෙනවා, වගේ අර්ථයක් ඔය තියෙන්නේ. එතකොට ඒ වගේ තියෙන අදහස පවා අපි අයින් කරන්න ඕනෑ කියන එක, ඒකට තියෙන්නා වූ මානය. මානයක් නේ තියෙන්නේ. එහෙම එක හොඳයි, කියන එක. ඒක අයින් කරන්න ඕනෑ කියන එක එහෙම ගත්තා.
ඔහොම අරගෙන, මෙහෙම ඊළඟට ආවා, මෙහෙම සිද්ධ වෙන්න නම්, ඉතින් මිච්ඡා දිට්ඨිය කියන එක පහ වෙන්නට ඕනෑ. මිච්ඡා දිට්ඨියෙන් මේක මෙහෙම ඉන්නවා කියන එක හොඳයි කියල නේ තියෙන්නේ මිච්ඡා දිට්ඨිය. ඒ මිච්ඡා දිට්ඨිය පහ වෙන්නට ඕනෑ. ඒ මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියන එක කල්පනා කළා ම, ඉතින් දැන් මට එනවා, ඕගොල්ලෝ දන්නවා නේ, අර සම්මා දිට්ඨි, ප්‍රඥා, ශ්‍රද්ධා triangle එකයි, යට තියෙනවා නේ triangle එකක්. ඒ triangle එකේ සම්බන්ධතාවය එනවා මට දැන්. මේක දිගේ මෙහෙම මම අභිජ්ඣාව කියන එක නැති කරගෙන මම මෙතෙන්ට ආවොතින් එහෙම, මට නැතෙයි කියලා, අභිජ්ඣා, දෝමනස්ස කියන එක මට දැන් දන් දීමෙන් අයින් වෙනවා කියන එක ආවා.
ඔහොම ඇවිල්ලා, ඒ සම්මා දිට්ඨිය කියන එක, එතකොට එහෙම නම් මම ඇති කර ගත්තොතින්, සම්මා දිට්ඨිය ඇති කරගන්නවා කියලා කියන්නේ මම ප්‍රඥාව කියන එක වඩනවා කියන එක. ප්‍රඥාව කියන එක වඩනවා කියලා කියන්නේ, සමුදයයි අත්ථඞ්ගමයයි දැකලා, අර sick සඤ්ඤාව මගේ කියලා ගන්න නැති වෙන්න මම පමා නොවෙන්න ඕනෑ. ඒක තමයි මගේ වැඩීම. මේක කරගෙන යන්න ඕනෑ කියන එක මම කල්පනා කළා.
එතකොට දැන් මම එනවා, එහෙම නම්, මම මිච්ඡා දිට්ඨිය පහ කරනවා කියලා කිව්වා ම, සම්මා දිට්ඨිය ඇති කරගැනීම. එතකොට මිච්ඡා දිට්ඨිය නිසා ඇති වෙන්නා වූ අර කුම්මග්ග පටිසේවනය කියන එක සම්පූර්ණයෙන් පහ වෙලා යන්න ඕනෑ. ඒක පහ වෙලා යන්න නම්, ඒ සම්මා දිට්ඨියෙන් ඇති වන්නා වූ දේ මම නිතර පවත්වන්න ඕනෑ. ප්‍රඥාව කියන එක මම පවත්වන්න ඕනෑ, කියන එක.
මේක බලාගෙන යනකොට, මට හරියට ම මතක නෑ ඒ point එක, යම් ආකාරයකින් මට ඇති වුණා, ආ එතකොට මට හිතුණා, දැන් මේවා ඔක්කොම නිරෝධ වෙලා යනවා නම්, මේ දස අකුසලය කියන එක නිරෝධ වෙලා යනවා නම්, එහෙම නම්, එතෙන්දි අර, ඒ කියන්නේ පටිච්චසමුප්පන්නය කියන එක ක්‍රියාත්මක වුණොතින් තමයි, මට යමක් ඇති වෙන්නේ. පටිච්චසමුප්පන්නය ක්‍රියාත්මක නොවෙනවා නම්, අර කලින් භාවනාවක් ඒක.
පටිච්චසමුප්පන්නය ක්‍රියාත්මක නොවෙන්න නම් කොහොම ද මට කරන්න පුළුවන්කම තියෙන්නේ? මොකද, සමුදය අත්ථඞ්ගමය, සම්මා දිට්ඨියේ තියෙනවා සමුදයයි අත්ථඞ්ගමයයි කියන එක. මම පමා නොවෙන්නත් ඕනෑ. මේක නොවෙන්න පුළුවන් එක ම ක්‍රමය මට ස්පර්ශයක් නොවෙනවා නම් විතරයි. ස්පර්ශයක් වුණොතින්, මට අර ප්‍රශ්නය ඇති වෙනවා. ස්පර්ශයක් නොවෙනවා නම් මට මේක නැතෙයි කියලා.
එතකොට මට හිතෙනවා, එහෙම නම් ඉතින් ඒ ස්පර්ශය නැති වෙලා නිරෝධයට යනවා නම් හොඳයි කියලා. ඒ කියන්නේ, රූප වේදනා සඤ්ඤා සංස්කාර විඤ්ඤාණවලින් එකක්වත් මට ඇති නොවෙන විදිහට මේක සිද්ධ වෙනවා නම් හොඳයි කියලා මට හැඟීමක් ආවා. ඒ හැඟීමක් ඇවිල්ලා, නිරෝධයට යන එක හොඳයි කියලා ආවහම, මගේ අර danger point එකකුත් තියෙන නිසා, මම කිව්වා, ඒ අකනිට්ඨාවට යන්නා වූ ඒ සංස්කාරය නිරෝධ නොවී, ඉතුරු ඒවා නිරෝධ වුණාට කමක් නෑ, කියන එක.
එතකොට එතෙන්දි මම කල්පනා කරනවා, එහෙම කිව්වහම, මේකෙ හරියට ම අර නිරෝධය මේකට නෑ. අර ඒකෙ කෑල්ලක් ඉතුරු කරගෙන තමයි මේ නිරෝධය තියෙන්නේ කියන එක. එහෙම බලාගෙන ගියහම, මට අර චෙතො විමුක්තිය ඇති වෙන්න පටන් ගත්තා. මේ පැත්තෙන් චෙතො විමුක්තිය, මට මූණ දැන් දැනෙනවා.
දැන් මම කල්පනා කළා මට මේ දැන් චෙතො විමුක්තිය කියන එක මේ ඇති වේගෙන එනවා, මේක ඇති වෙන්න හේතුව මොකද? එතෙන්දි මට කල්පනා වුණා, මම මේ චේතනාව කියන එක, අයින් කිරීම නේ ද මෙතන කළේ. ඒ කියන්නේ අකනිට්ඨාවට යනවා කියන එක ගැන කල්පනා කරලා, ඒකට තිබෙන්නා වූ යම්කිසි චේතනාවක් තියෙනවා ද, ඒ චේතනාව ඉතුරු කරගැනීම වැරදි ය, කියන හැඟීමක් වීම උඩ තමයි මේ චෙතො විමුක්තිය මට ඇති වෙන්න පටන් ගත්තේ.
එතකොට, එහෙම නම් මම රහතන් වහන්සේගෙන් විමසුවා, රහතන් වහන්ස, එතකොට මේ චෙතො විමුක්තිය ඇති වෙන්න හේතුව, මේ චේතනාව නැති කිරීමෙන් ද? කියලා. මොකද මට නිකම් පේනවා චෙතො විමුක්තිය කියන්නේ පහළ පැත්තෙ තියෙන්නේ, අර diagram එකේ, මේ පැත්තට එන්නේ චෙතො විමුක්තිය, අර පැත්තෙන් චේතනාව. එතකොට චේතනාව, මේක අයින් වෙනකොට, ඒ කෑල්ල අයින් වෙනකොට, මේ පැත්තේ අර leg එක, තියෙනවා නේ හබරල කොළ දෙකේ, මේ පැත්තේ leg එක යනවා. ඒක නිසා නේ ද මේක වෙන්නේ කියලා. චේතනාව සහිත leg එක යන නිසා.
රහතන් වහන්සේ කිව්වා, “දරුවා, චේතනාවෙන් පමණක් මේක වෙන්නේ නෑ කියලා, තණ්හාවයි චේතනාවයි දෙක ම මෙතන යන්න ඕනෑ කියලා.” එතකොට මට ඒකත් පැහැදිලි වුණා, මොකද, තණ්හාව තියෙනවා නම් පරිග්ගහය වෙනවා. පරිග්ගහය ඇති වෙනවා නම් ඒක නිසා චේතනාව මගේ නැති වුණත් චෙතො විමුක්තිය නැති වෙනවා කියලා. අර සාත අසාත ගාථාවේ කතාව. දැන් මේකත් තේරිලා දැන් මම මේ චෙතො විමුක්තිය සහගතව ඉන්නවා.
මට එතෙන්දි මතක් වුණා, “එතං සන්තං එතං පණීතං යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්‌බූපධිපටිනිස්‌සග්‌ගො තණ්හක්ඛයො විරාගො නිබ්බානන්ති” කියන එක, ඒක ආවා. නිරෝධය කියන එක. විරාගයයි නිරෝධයයි කියන එක. ඒ විරාගයයි නිරෝධයයි කියන එක එතනට ඇවිල්ලා ඉන්නකොට, මම හිතන්නේ රහතන් වහන්සේ මට කිව්වා “ඇති” යි කියන එක. “දැන් ඇති” යි කියන එක කිව්වා. ඒ පාර ඒ “චෙතො විමුක්තියෙන් ම තව චුට්ටක් ඉඳලා, නවත්වන්න” යි කියලා. ඒ විමුක්තියෙන් යුතුව මම දැන් ඉන්නවා. ඒ චෙතො විමුක්තිය සහිතව මේ පැත්ත හරි ම සැපට මම ඉන්නවා.
එහෙම ඉන්න අවස්ථාවෙදි ඊට පස්සේ දැන් මම, ඒ රහතන් වහන්සේලාට, කාරණා දෙකක් ආවා. එකක් තමයි ඒ රහතන් වහන්සේලාට මම සිහි කරන්න ගත්තහම, මට ඒකේ වෙනසක් නෑ. දැන් අර, මගේ ශ්‍රද්ධාව වඩාගෙන ගිහිල්ලා නේ මේ තියෙන්නේ. සාමාන්‍යයෙන් විශාල වෙනසක් ඇති වෙනව නේ මණ්ඩලාධිපති බුදු පියාගේ ඉඳන් මෙහෙම සිහි කරගෙන යනකොට. මේකට මෙහෙම වෙනසක් නෑ. චෙතො විමුක්තිය එහෙම ම පවතිනවා, මේ ඉහළ ම වූ ඒ ධර්මය සම්බන්ධයෙන්වත් මගේ මනසේ මේකක් ඇත්තේ නෑ.
ඊළඟට, මොකක් හරි, ආ බඩ කෑ ගහන්න ගත්ත නේ, ඒක සම්බන්ධයෙන්වත් මගේ එකක් නෑ. ඒ කියන්නේ ඒකට චෙතො විමුක්ති ස්වභාවය, අර දෝමනස්ස සහගත වූ දෙයක් ආවා කියලත් හෙල්ලුනේ නෑ, අර පැත්තේ එකක් ආවා කියලත් හෙල්ලුනේ නෑ. ඔන්න ඕක තමයි, මම කිව්වා, මේක නම් ආශ්චර්යයක් කියලා, ඒක ඒ විදිහට චෙතො විමුක්තිය.
ඒ පාර රහතන් වහන්සේ කිව්වා, ඒක මට ම සාධාරණ එකක් කියලා. ඒ විදිහට, ඒකෙ ඉඳගෙන අරක සිතුවට, නොසැලී ඉන්නවා කියන එක. ඒ කියන්නේ රහතන් වහන්සේලා සිහි කළහම ඕගොල්ලොන්ට නම් වෙනසක් වෙන්න ඕනෑ. එතන ඒ Council එක මෙනෙහි කළහම. ඒක මට ඒ අවස්ථාවේ දී තමයි පළවෙනි පාරට මට ඕක ආවේ. ඒ චෙතො විමුක්තියට, මොකද මම ඒ තරම් ගරු කරනවා නේ, ඒ මණ්ඩලයට. ඒ මණ්ඩලයට ඒ තරම් ගරු කරනවා, ඒ මණ්ඩලය සිහි කළහම, මණ්ඩලාධිපති බුදුපියා සිහි කළා නම් එහෙම, පුදුමාකාර, ඒ කියන්නේ මගේ මේවා ඔක්කොම පත්තු වෙලා තිබුණේ මේ වෙලාව වෙනකොට. මේ ප්‍රඥා විමුක්තිය ඇති වෙලා චෙතො විමුක්තිය එහෙම, ඇති වෙලා තිබුණේ, මේවා ගත්තහම. දැන් මෙතන චෙතො විමුක්තිය මට තදින් දැනෙන අවස්ථාව.
එතකොට, සාමාන්‍යයෙන් නම් ඕවා පත්තු වෙන්න පටන් ගන්නේ ඔය බුදුපියවරු සිහි කළහම. මේක තියෙන අවස්ථාවේ සිහි කළාට, මේකෙ වෙනසක් තිබුණේ නෑ. වෙනසක් නැතිව ඒක පැවතුණා.
ඒක තමයි මගේ භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්