Date: 09/07/2013 Name: නොසෙල්වෙන සත්වන ධ්‍යානය

උදේ භාවනාවේ මම කළේ, අර වට ටික තියෙනවා නේ, වට කතාව මතකයි නේ නේ ද? මතක් කරන්න ඕනෑ ද ඒක ආපහු? ඒ කියන්නේ, වට ගහනවා කියන්නේ, දැන් ඔය කාමච්ඡන්ද ව්‍යාපාද ථීනමිද්ධ ඒවා ඇති වෙන්නේ කොහොම ද කියන එක, අපි කරලා තියෙනවා, මේ බොජ්ඣඞ්ග සාකච්ඡා කරනකොට, කරලා තියෙනවා. ඒකෙ වෙන්නේ, අපි මුලින් ම යම්කිසි රූපයක් දැක්කහම, ඒ රූපය අපි මනසෙන්, මේ අවිද්‍යා ආශ්‍රව විසින් තීරණය කරනවා, එක්කෝ මේක සාතයි එහෙම නැත්නම් අසාතයි කියලා. ඒ සාතයි කියලා තීරණය කළාට පස්සේ, එතකොට අර මෝහයෙන් එක රවුමක් කැරකෙනවා. ඊට පස්සේ ආපහු මානය විසින් බලනවා, මේ සාතයි කියපු කතාව හරි ද කියලා. Fit කරන්න බලනවා.

ඒක හරියට මේ මනමාලියක් බලන්න ගිහිල්ලා, ඒ මනමාලි ගැළපෙනවා කියලා හිතලා, ඊට පස්සේ කල්පනා කරනවා, අපේ ගෙදර කට්ටියට, පවුලේ කට්ටියට ගැළපෙනවා ද කියලා බලන්නේ අන්න ඒ වගේ, මේක මානයෙන් fit කරන්න. මෙහෙම fit කරන්න බැලුවා ම, ඕක කවදාවත් fit වෙන්නේ නෑ. ඔය දෙක අතර වෙනසක් තියෙනවා. කලින් සාතයි කියූ එකයි, මම fit කරලා බලපු එකයි අතර වෙනසක් තියෙනවා.

මෙන්න මේක නිසා මට ඇති වෙනවා, දෝමනස්සයක්. දෝමනස්සය ඇති වුණාට මම මේක give up කරන්නේ නෑ. Give up කරන්නේ නෑ, මම හිතනවා මට ඕක fix කරන්න පුළුවන් කියලා. I can fix this, කියන්නේ මිනිස්සු, මොකක් හරි එකක් කැඩුණහම. අන්න ඒ වගේ එහෙම එකක් හිතනවා. ඉතින් ඒක සිතලා මෙයා කල්පනා කරනවා, ආපහු කරකවලා බලනවා, ඉතින් මේ අවස්ථාවෙදි උස්සන්නේ ඔය පටිඝානුසයෙන් තමයි, අර දෝමනස්සය නිසා. පටිඝානුසය සහිතව රූපය උස්සලා බලනවා ආපහු.

ඉතින් ඔය අවස්ථාව වෙනකොට, දෝමනස්සයයි කාමච්ඡන්දයයි දෙක ම ඇති වෙලා තියෙනවා. කාමච්ඡන්දය ඇති වෙලා තියෙන්නේ, අර fix කරන්න යන්නේ ඒක තමයි. හරියට ම අර බත් ටිකක් කන මනුස්සයෙක්, මට අර ලුණු මිරිස් ටිකක් තිබුණ නම්, කියලා හිතන්නේ. අන්න ඒ වගේ තමන් හිතාගෙන මෙයා කන එකක් මේ තියෙන්නේ. ඉතින් ඔය විදිහට මේ කාමච්ඡන්දය ඇති වෙලා දැන් දිගට පෙන්නන්න පුළුවන්, ඊළඟට ව්‍යාපාදය ඇති වෙනවා. ඊට පස්සේ ථීනමිද්ධය කියන එක ඇති වෙනවා කියන එක.

ඒ ථීනමිද්ධය ඇති වුණාට පස්සේ, අද භාවනාවෙදි මම ගත්තේ, ඕක නිසා, ඔය බොජ්ඣඞ්ග diagram එකේ ආපහු පෙන්වලා තියෙනවා, අපිට ඔතෙන්දි ඇති වෙනවා අශ්‍රද්ධාවක්. ඒ කියන්නේ, දැන් අපි ඕක මෙනෙහි කළාට පස්සේ අපිට සමාධියක් ඇති වෙනවා, මේක මේ විදිහට වෙනවා කියලා දැන ගත්තහම. ථීනමිද්ධය මට මේ ආකාරයට හැදෙනවා කියලා ඒ පටිච්චසමුප්පන්නය තේරුම් ගැනීම නිසා මට සමාධියක් ඇති වෙනවා. ඒ සමාධියක් ඇති වුණාට පස්සේ මම කල්පනා කරනවා මේක ලාභයක් කියලා. මගේ මේ දැන් ඇති වෙලා තියෙන සමාධිය ලාභයක් වශයෙන් මම හිතනවා. ලාභයක් වශයෙන් මම මේක සිතුවහම, මේක නිසා, ඔය ඕගොල්ලෝ තාම දන්නේ නෑ, ඒ අත්තා ඉඳන් නිත්‍යට මෙයා jack එකක් ගහනවා.

ඒ කියන්නේ මගේ අශ්‍රද්ධාවක් ඇති වෙනවා, ඒ කියන්නේ ලාභයි කියලා කියන එක. අභිජ්ඣාව තමයි ලොකු ම, ඒ කියන්නේ gain එකක් තියෙනවා කියලා හිතන එක, අභිජ්ඣාව ඔතන, ඒක තමයි ලොකු ම අශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැතිකම කියන එක.

ඉතින් මේ ශ්‍රද්ධාව නැති වෙන්නේ කොහොම ද? අර අත්තා ඉඳන් නිත්‍යට යනවා කියන්නේ, නිත්‍යයි කියලා කියන්නේ සමුදයක් අත්ථඞ්ගමයක් නැතෙයි කියන එකයි. එතකොට සමුදය අත්ථඞ්ගමය නැතෙයි කිව්වා ම, අර සමුදය අත්ථඞ්ගමය තියෙනවා කියන්නේ ප්‍රඥාව, ප්‍රඥාවේ ඉඳන් ශ්‍රද්ධාවට යනවා කියන එක එයා වළක්වනවා. ඔන්න ඔහොම ධර්මයක් තියෙනවා. ඉතින් ඕක අපි ඔය special දවසේ වැඩසටහනේ තමයි ඒක කරන්නේ.

එතකොට දැන් මම මේ කල්පනා කළා, මේ ථීනමිද්ධය සහගත අවස්ථාවට ඇවිල්ලා ඉන්නකොට, ඇයි මම මේ විදිහට, මම දන්නවා දැන් ථීනමිද්ධය ආවා නම් මම මෝහයටයි යන්නේ, ඇයි මම මේක ගන්නේ? ඇයි මම මට මේකට ඉඩ දෙන්නේ? ඒක හරියට අර කාර් එකක් විකුණනකොට මනුස්සයා කියනවා, මම දෙන්නේ ඔයාට අවුරුදු තුනයි, කියලා. ඒ කියන්නේ, අවුරුදු තුනකින් මෙයා ලෙඩා. දැනට කැස්ස තියෙනවා, මැරිලා වැටෙනවා කියන එක නේ කියන්නේ.

එතකොට මම ඇයි මේ අවස්ථාවෙදි මේකට ඉඩ දෙන්නේ? මොකද අපේ තීරණයන්, ඔක්කොම මෝහයෙන් ගත් තීරණයන් තියෙන්නේ. ථීනමිද්ධ අවස්ථාවෙදි මෝහයන්ගෙන් තමයි තීරණ ගත්තේ මම මේ කාර් එක ගන්නවා කියලා. එතකොට මම මෙන්න මේකට ගන්න ඉඩ දෙන්නේ මොකද කියන එකයි මම අද කල්පනා කළේ.

මේක ඉඩ දෙන්නේ මොකද, කියන එක කල්පනා කළා ම, මට පේනවා, මේ මට විරියක් නැතිකම නිසා තමයි මම මේකට ඉඩ දෙන්නේ. ථීනමිද්ධ අවස්ථාවෙදි මට විරියක් නෑ. ඒක හින්දා මම allow කරනවා මේකට, ඔන්න ඔහෙ ගම්මු, කියලා ඉඩ දීමක් තියෙනවා. ඉතින් මම ඒ පාර කල්පනා කළා මේ ඉඩ දීම කියන එක සිද්ධ වුණේ ථීනමිද්ධය තිබිච්ච නිසා. ථීනමිද්ධය ඇති වුණේ ව්‍යාපාදය නිසා. මම backward යනවා. ව්‍යාපාදය ඇති වුණේ කාමච්ඡන්දය නිසා. කාමච්ඡන්දය ඇති වුණේ අභිජ්ඣාව නිසා. ඒ කියන්නේ මම අභිජ්ඣාව නිසා මේක ඇති වුණා කිව්වේ මගේ මේ චිත්ත පරම්පරාව පවතින්නට ඉඩ හැරීම හේතු කොටගෙන තමයි මට මේ ක්‍රියාවලිය සිද්ධ වන්නේ.

මම මෙහෙම මොකක් හරි එකක් ගන්න, මම මෝහයට ගියේ, මේ චිත්ත පරම්පරාව පවතින්නට මම ඉඩ හැරීම නිසායි කියලා මට ආවේ. එතකොට දැන් මම දන්නවා, මේකේ diagram එකට ඇතුල් වුණා නම් sick කියන එක මම කලින් අවබෝධ කරගෙන තිබුණේ, දැන් මම කියනවා පටිච්චසමුප්පන්නය, දවසක් මම කිව්වා නේ, පටිච්චසමුප්පන්න වුණොතින්, මගේ නිත්‍ය කතාව ඇති වෙනවා. එහෙම නම් පටිච්චසමුප්පන්න වෙන්න නොවෙන්න ඕනෑ.

දැන් මම කියනවා පටිච්චසමුප්පන්නය කියන එක ඇති වෙලා තියෙන්නේ අභිජ්ඣාව නිසා. අභිජ්ඣාව නූනා නම්, මට මේක නැහැ. ඒ කියන්නේ අභිජ්ඣාවෙන් තමයි මේ මෝහය කියන එක ඇති වෙලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කියන්නේ තණ්හාව නිසායි මේක ඇති වෙන්නේ කියලා. බුදුහාමුදුරුවෝ කියන්නේ පළවෙනි point එකට. කොච්චර දුරකට ධර්මය යන්න ඕන ද ඒ තත්වේ කියන එක කියන්න. අර forward ගිහිල්ලා backward එන්න ඕනෑ. ඒකයි තියෙන්නේ. ඔන්න ඕක තමයි ඉතින් මගේ භාවනාව.

මගේ භාවනාවේ දී ගත්තහම, ඔය විදිහට ගිහිල්ලා, මම හුස්ම ගන්නේ නෑ. ඒ කියන්නේ ඒ තත්වයට සිත ගියාට පස්සේ, මම හුස්ම ගන්නේ නෑ. හුස්ම ගන්නේ නැති බව මම දන්නවා. හුස්ම ගන්නේ නැති බව දන්නවා කියලා මගේ වැටිල්ලක් වුණේ නෑ. දැන් ඔයා එදා කලබල වුණේ. එතකොට මේකෙ මෙහෙම නැහැ. මට රූප පේනවා. රූප පේනවා කියලා මම කලබලයකුත් නෑ. කිසිම ආකාරයකින් හෙල්ලෙන්නේ නැහැ. ඒ කියන්නේ හත් වෙනි ධ්‍යානයේ හෙල්ලෙන්නේ නැතිව හිටියා.

ඒකයි මම මේ කියන්නේ. ප්‍රතිඵලය හැටියට තිබුණේ හත් වෙනි ධ්‍යානයෙන් තමන් වැටෙන්නේ නෑ, හෙල්ලෙන්නේ නෑ මොනවා වුණත්, හෙල්ලෙන්නේ නෑ. දැන් හුස්ම ගන්නවා කියන එක සාමාන්‍යයෙන් මනුස්සයෙක්ගේ disturbing, ඒක නොගන්නවා කියන එක, ඒකට මේවා වෙන්නේ නැහැ. යමක් දැක්කා කියලා හෙල්ලෙන්නේ නෑ. ඒ ප්‍රතිඵලය ඒකයි උණේ. ඒ විදිහට ගියා.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_Bojjhanga/S_Bojjhanga-12.jpg