Date: 11/07/2013 Name: Vinnana Bhavana

ඊයේ භාවනාව කළාට පස්සේ තමයි, මේ භාවනා කොටස කරන්න ඕනේ.

දැන් ඒ තණ්හාව නැති වෙන කෑල්ලෙදි, තණ්හාව කියන්නේ කාමච්ඡන්දය සහිත ඒ belt එක. ඒ belt එක හැදිලා තියෙන්නේ ඔයගොල්ලන්ට මතකයි නේ, මෙතන මේ වේදනාව තියෙනවා, සඤ්ඤාව තියෙනවා, මනොසඤ්‌චෙතනාව තියෙනවා.

එතකොට මම මෙතනින් දැක්කා අර hangers තියෙන්නේ අපි අර රෙදි අකුලන්න දාන්න, අර දාලා අකුලන hanger එක මතකයි නේ, උඩින් එල්ලන එක, අන්න ඒ වගේ මෙතන මේ කතාව ඇති වෙන්නේ මෙතනින් මේ කෑලි දෙකක් join වෙලයි කියන එක එනවා.

මේ join වෙලා තියන කෑල්ල තියෙන්නේ හරියට ම මෙතන පේනවා ද මෙතන සඤ්ඤාව තියෙනවා, වේදනාව තියෙනවා ධම්මමච්ඡරියට, මනොසඤ්‌චෙතනාවට යන line එක. එතකොට මෙතනින් මේ පරාමාසයට යන line එකත් තියෙනවා, අර උදලු දෙක කියන්නේ. ඒ උදලු දෙක කැපෙන තැන තියෙනවා නේ. එතකොට පේනවා ද මේ පැත්තෙන් තියෙනවා එක කෑල්ලක්. මේ පැත්තෙන් තියන කෑල්ල කියන්නේ මේ ස්පර්ශ නිසා ඇති වෙන්නා වූ වේදනා. ස්පර්ශය නිසා ඇති වෙන්නා වූ සඤ්ඤා. එතකොට මෙතන ස්පර්ශයත් එක්ක ඕගොල්ලො ඇන්දොත් මෙතන තියෙනවා ථීනමිද්ධය. එතකොට මෙතන තියෙනවා කැපෙන තැන. ධම්මමච්ඡරිය line එක කැපෙන තැන ගත්තහම මේ පැත්තේ තියෙනවා අලුවා කෑල්ල වාගේ එක කොටසක්. ඒ කොටසේ, ථීනමිද්ධය මේකට ඇතුළත්. අර මෝහයට යන මේ පැත්තෙන් ඕක reflect වෙන මෝහයට යන කෑල්ලෙ ථීනමිද්ධය මෙතෙන්ට ඇතුළත්.

දැන් එතකොට මෙතන මේ කෑල්ලේ තියෙනවා අදහස් දෙකක්. මොකක් ද අදහස් දෙක ගත්තහම අපි සඤ්ඤාවේ ඉඳන් අර පරාමාසයට යන කෑල්ලක් තියෙනවා. ඒ කියන්නේ සඤ්ඤාවෙන් මම කියනවා මේවා හොඳයි. මේවා තමයි කරන්න ඕනෙ. මේවා තමයි පවත්වන්න ඕනෙ. මේ කතාවත් තියෙනවා. වේදනාව සඳහා අපිට ධම්මමච්ඡරියත් එක්ක කෑල්ලක් තියෙනවා.

ඒ කියන්නේ මේ වගේ වේදනාවන් හදන්නේ මොන උපායෙන් ද? මොන ක්‍රමයෙන් ද මේ වගේ දේවල් හදන්න පුළුවන්? දැන් මට අද තියෙන්නා වූ වේදනාව, සැප විහරණය අනාගත කාලයේත් ගන්න, පවත්වන්න මොන වගේ දේවල් ද කරන්න ඕනෙ? මේ වගේ රස්සාවල් කරන්න ඕනෙ, ඒ අර්ථය තියෙනවා නේ. මේක සඳහා ධර්මයන් මම සොයනවා. එතකොට මෙතනින් මේ, මෙතන අලුවා කෑල්ල ම යි, වේදනාවයි සඤ්ඤාවයි පැත්තෙ ගත්තහම එතන අලුවා කෑල්ලේ කොන් දෙකක්. මේ පැත්තෙන් ස්පර්ශයයි මෙතන මේ ධම්මමච්ඡරියයි කියන කතාවත් එක්ක එනකොට තව කොනක් අලුවා කෑල්ලේ ඇති වෙනවා. මේ අලුවා කෑල්ල ම ආපහු මේ පැත්තට අලුවා කෑල්ලක් වෙනවා.

ඒ කියන්නේ, මනොසඤ්‌චෙතනාවෙන් එහා පැත්තට දැන් අලුවා කෑල්ලේ තියෙන්නේ, අර ධම්මමච්ඡරිය කැපෙන කෑල්ල එක මුල්ලක්, අනිත් අතට ගත්තහම මනොසඤ්‌චෙතනාව එක මුල්ලක්, පරාමාසකායගන්ථය තව මුල්ලක්, මෙතන මැද්දෙන් එක්කෙනෙක් ඉන්නවා. මේක join වෙන තැනක්. ඒ කියන්නේ මෙතනින් තියෙන්නේ මොකක් ද? දැන් මෙතනින් ඇති වුණා වූ දේ, දැන් අත්තා කියලා ගන්න යන පැත්තටයි මේ යන්නේ.

මගේ කියලා ගන්න යන කෑල්ල. මෙතනින් තියෙන පරාමාසයෙන් යනවා නිත්‍යයට. අලුවා කෑලි දෙක ඔය විදිහට මේ පැත්තෙන් දැන් ආපහු අලුවා කෑල්ලක් හැදිලා තියෙනවා. හරි නේ කෑලි හතර අලුවා කෑල්ලේ. අලුවා කෑල්ලේ හතර ගත්තහම සඤ්ඤාවේ ඉඳන් ධම්මමච්ඡරියට එන එක, එක මුල්ලක්. මනොසඤ්‌චෙතනාව තව මුල්ලක්. අර මම අත්තා පැත්තට යනකොට හැදෙන්නා වූ එතන එක මුල්ලක් තියෙනවා. එතන ඉඳන් ආපහු පරාමාසකායගන්ථයට එනවා. එතකොට අලුවා කෑලි දෙකක් ආපහු එතනින් හැදිලා තියෙනවා.

දැන් මෙතනින් මේ තත්වයට පවත්වනකොට, දැන් රහතන් වහන්සේ, මණ්ඩලාධිපති බුදුපියා කිව්වා, “දැන් නම් ඔබ සෝවාන් ඵල චිත්තයක තිබෙන අර්ථයෙන් ඉන්නවා කියලා.” සෝවාන් ඵල චිත්තයක තිබෙන අර්ථයකින් ඉන්නවා කියන එක කිව්වා. එතකොට මට ඒකත් එක්ක ම මතක් වුණා මෙතන මේ කතා කරන්නේ, හරි, මෙතනින් තියෙනවා සක්කාය දිට්ඨිය, පරාමාසයෙන් ආපු කෑල්ල තියෙනවා, මේක මම නිත්‍යයි කියන එකට ගෙනියන කෑල්ල. ඊළඟට මට තියෙනවා, විචිකිච්ඡාවක්.

ඒ විචිකිච්ඡාව කියන එක ආවයින් පස්සේ මෙතන තියන අර මනොසඤ්‌චෙතනාවයි පරාමාසකායගන්ථයෙන් එහා පැත්තේ තියෙන්නා වූ අලුවා කෑල්ල තියෙනවා නේ, අත්තා පැත්තට යන්නා වූ, ඒ point එක උඩ පහළ යනවා. විචිකිච්ඡාවෙන් කරන්නේ මේක එහාට මෙහාට අදිනවා. මේක හරි ද, මේ පැත්තට? මේ විදිහට නිත්‍යභාවයට යන්න පුළුවන් ද? මේක මගේ කියා ගන්න එක හරි ද? මට මේක ලබා ගන්න පුළුවන් ද? අනාගතයට දැන් මේ අද තියන වේදනාව හෙට හදාගන්න ක්‍රමයක් නේ මෙයින් ආවේ.

මොකද ඒ point එකේදි ඒ කිව්වෙ, මම මෙතනින් කල්පනා කළා මේ කොයි එකේදි ද මේක strong වෙන්නේ කියලා. මේ point එක, දැන් මෙතෙන්ට ගන්න පුළුවන් අර සක්කය ගහන එක, මක්ඛය කියන එක මට එක පාරකට ආවා, ඊළඟට අර ගත්තහම මදය වගේ ඒ දේවල් ඔක්කොම මෙතෙන්ට එනව නේ. දැන් මෙතන මේ point එක, කොයි line එක තද වෙලා ද මේක තියෙන්නේ? එතකොට එක පැත්තකට හිතෙනවා, මේක තද වෙනවා කියන එක ගත්තහම, මේ වේදනාව පැත්තෙන් මේක තද වෙනවා. ඇයි? මේ තදට මට වේදනාව ඕනෙ. මේ සඤ්ඤාවන් කතාවක් නෙමෙයි. මට මේ වේදනාව ඕනෙ කියලා මම තදින් ම මගේ කියලා ගන්න එකක් එනවා. රස කෑමක් කන්න diabetic තියන මනුස්සයෙක් දුවගෙන යනවා කියලා හිතන්නකො. සීනි හොයන මනුස්සයෝ ඉන්නවා නේ, ආන්න එහෙම එක්කෙනෙක් වාගෙ මේක ඒකට යනවා.

අනිත් අතට ගත්තහම මට ආයිත් පේනවා, මේ පැත්තෙන් එන්නා වූ පරාමාසකායගන්ථයෙන් මෙතන සඤ්ඤාව නේ මේ reflect වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඒ සඤ්ඤාව නිසා මෙයා දැන් නිත්‍යභාවයට යන කතාව වැඩි වීමකුත් තියෙනවා. ඔන්න ඕක හිතනකොට තමයි අරක කිව්වේ, අර මේක තියෙනවා කියන එක.

දැන් අර විචිකිච්ඡාවේ තියෙනවා නේ මොන උපායෙන් මගේ ලැබිච්චා වූ දේවල් පිරිහේ ද? ආදී වශයෙන් එයා කල්පනා කරනවා නේ. එතකොට මෙතන මේ විචිකිච්ඡාව තමයි, මේක අර සංස්කාරය කියන එක එහාටයි මෙහාටයි උඩටයි පහළටයි මේකෙ ඇදිල්ලක් කියන එක තියෙනවා. ඉතින් දැන් මෙතන නේ මේ මෝහය කතාවයි ඒ ඔක්කොම තියෙන්නේ. දැන් ඊළඟට, ඊළඟ පැත්තේ තවත් අලුවා කෑල්ලක් තියෙනවා. ඒක කළේ නෑ. එතකොට මේක අර අලුවා කෑලි කීපයක් එකට තියලා තමයි මේක හදලා තියෙන්නේ.

එතකොට දැන් මේ අර තණ්හාව නසනවා කියන එක ගත්තහම, මෙතන පටිච්චසමුප්පන්නයේ කතාවෙන් එතනින් අලුවා කෑලි මෙහා පැත්තට දීලා අදින්න ඕනෙ. අනෙක් පැත්තට මුලින් මේ කාමය සම්බන්ධයෙන් තියන එක තියෙනවා. ඒක එන්න ඕනෙ. එහෙම නැත්නම් මේ අලුවා කෑල්ල මැද්දේ හැදුණාට පස්සේ කාටවත් මේක නැති කරන්න බැහැ.

පටිච්චසමුප්පන්නය, පටිච්චසමුප්පන්නය වශයෙන් දැනගන්න ඕනෙ. දැනගෙන ඒකට මම ඉඩ දෙන්නේ නැතැයි කියන්න ඕනෙ. මොකද, නැත්නම් ඒ පැත්තෙන් ආපහු පහළට ගිහිල්ලා හැදිලා එනව නේ. අර ධම්මමච්ඡරියට ආශ්‍රවය හරහාත් එනව නේ. දිට්ඨි ආශ්‍රව වුණා නම් කාම ආශ්‍රව ඔය විදිහට එනවා. ඒ කියන්නේ කොන් දෙක කොහොමවත් ඉඩ දෙන්න බැහැ. එතකොට තණ්හාව, කොන් දෙක නෙමෙයි අර අලුවා කෑලි ම අයින් කරගන්න ඕනෙ.

ඔන්න ඕක තමයි ඒ භාවනාවේ තිබුණේ.