මම ඒ උතුම් බුදුපියවරු සිහි කළේ පසළොස් චරණ ධර්ම මෙනෙහි කරමින්. පසළොස් චරණ ධර්ම ඒ හැම බුදුපියවරයෙකුට ම පවතිනවා කියලා.
මේ විදිහට කල්පනා කරගෙන ගිහිල්ලා, මම කල්පනා කළා අපි දිට්ඨීන්ට කියන ඒවට ඇලෙන්නේ මොකද කියන එක. එතකොට එතෙන්දි, දිට්ඨීන්ට නොඇලී අපි ධර්මයන් පවත්වන්නේ කොහොම ද, කියන එක. දැන් අපි සත්‍ය කියන එක අපි රකින්නට ඕනෑ, හැබැයි ඒ දිට්ඨිය, දැක්කා වූ දේට අපි නොඇලී සිටින්න ඕනෑ. මෙන්න මේක තමයි මේ භාවනාවේ සිද්ධ වුණේ.
දැන් සත්‍ය කියන එක අපි රකිමින් කොහොම ද අපි මේ දැන් ඒ දිට්ඨියට ඇලෙන්නේ නැතිව ඉන්නේ කියන එක. දෙකක් තියෙනවා නේ ඔතන. සත්‍ය කියන එක රකින්න ඕනෑ. තමන් දැනගත්තා වූ ධර්මය, ඒ සත්‍ය වූ ධර්මය කියන එකේ රැකීමක් තියෙන්නෙ ඕනෑ. සච්චමනුරක්ඛති, සච්චාධිට්ඨානය කියන එක. හැබැයි, අපි ඇලෙන්නේ නැතිව ඉන්නත් ඕනෑකම තියෙනවා, මේකට.
ඉතින් ඕක කොහොම ද කරන්නේ කියන එක ඇසුවා ම, රහතන් වහන්සේ කිව්වා, සහම්පති මහා බ්‍රහ්ම රහතන් වහන්සේ “සම්මා දිට්ඨියෙන්” කියලා. සම්මා දිට්ඨිය තියෙනවා නම් අපි ගන්නේ නෑ මොනවක්වත් මගේ කියලා ගන්නේ නෑ. එහෙම නම් ඒ දිට්ඨිය කියන එකත් මගේ කියලා නොගැනීම කියන එක කරන්න ඕනෑ. දිට්ඨිය මගේ කියලා නොගන්නවා කියලා කියන්නේ, ඒ සඤ්ඤාව මගේ කියලා ගන්නේ නැති වෙන්න ඕනෑ.
එතකොට, මේ විදිහට ගන්නේ නැතිව ඉන්නවා කියලා කියන්නේ, අපි යන්න ඕනෑ, ඒක හරියට නිකම් මේ, දැන් මගඵල චිත්තය ඊළඟට ආවා. මගඵල චිත්තය කියන එකත් අපි නංවන්න ඕනෑ, හැබැයි අපි ඒකට ඇලෙන්නේ නැති වෙන්න ඕනෑ.
එතකොට ඒ තත්වයට යනවා කියන්නේ, හරියට මේ අපි මහ උස කන්දකට නගිනවා කියන්නකෝ, එතකොට නිර්වාණය තියෙන්නේ ඒ කන්දෙන් එහා පැත්තේ කියලා හිතන්නකෝ. එතකොට දැන් මෙතන මේ කන්දේ edge එකට ගියා, අර නිර්වාණය තියෙන කන්දට යන්න කිසිම ආකාරයකින් අපි ළඟ නෑ. මේ කන්දෙන් බැහැලා ගිහිල්ලා යන එකක් නැතයි කියලා හිතන්නකෝ. මේ දෙක අතර gap එක තියෙන්නේ. එතකොට මේ දෙක අතර gap තිබිලා, එතකොට මෙතෙන්ට ගිහිල්ලා, මේක හොඳයි, කියන එක කල්පනා කිරීමක් තියෙනවා මෙතෙන්ට ආපු එක, නමුත් මේකෙ ප්‍රතිඵලය, ආ මම මේ කන්ද නැග්ගා, කියලා මම මේකට ඇලෙන්නේ නැතිව ඉන්නත් ඕනෑ.
අන්න ඒ point එක මම පවත්වාගෙන සිටියා. එතකොට අර සඤ්ඤාව එන්න එන්න තුනී වෙලා ගියා. ඒ සඤ්ඤාව එන්න එන්න තුනී වෙලා ගිහිල්ලා, මට තේරුණා මාව යනවා කියලා, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට යනවා, ආපහු එනවා. ආපහු, ඒ හතයි අටයි අතර තමයි මගේ භාවනාව තිබුණේ. ඉතින් මට ඔය, ඒ දෙක අතරේ ඉන්නකොට මට පේනවා අල්ලපු ගෙදර මිනිස්සු එහෙම, ඒ අය.
දැන් ඊයේ ඔයාව දැක්කේ, ඔයා සිතන එක. මේක දෙක අතර තියෙනවා හරි වෙනසක්. හතයි, අටයි අතර ඔයා දක්ෂව ඉන්නවා නම් සිහියෙන් යුතුව, ඒ කියන්නේ හතේ ඉන්නවා, ඊට පස්සේ අටට යැවෙනවා, මගේ නෙමෙයි කියන කතාව උඩ. අන්න ඒ වෙලාවට ගොඩක් දේවල් පේනවා. ඒ මනුස්සයන් මං දැක්කා එතන. ඒ අයව හරියට පෙනෙන්න ගත්තා.
ඉතින් ඒ වගේ තමයි භාවනාව දිගට ම පැවැත්තුවේ.