මම අද භාවනාව කළේ, දැන්, බුදුපියවරු සිහි කරලා, ඊට පස්සේ කල්පනා කළා මේ ද්වේෂය කියන එක. දැන් ධම්මං සරණං ගච්ඡාමි, කිව්වහම කියනවා නේ, මම ද්වේෂය නැති කරමි කියලා. එතකොට මෙන්න මේ ද්වේෂය කියන එක කොහොම ද ඇති වෙන්නේ කියන එක සම්බන්ධයෙන්.
ඒ පාර මම උදාහරණයක් ගත්තා, දැන් ඔය ඊයේ රෑ මදුරුවෙක් ඇවිල්ලා, මට නින්ද යාගෙන එනකොට, ඌ කන ළඟින් කැරකිලා යනවා, රූං ගාලා. හැබැයි මට ඒ වෙලාවේ නම් ද්වේෂයක් ඇති වුණේ නෑ, මට වීදුරුවක් අරගෙන ඉතින් ඒකව අල්ලා ගන්න කියලා කල්පනාවක් හිතුණා. ඉතින් ඒ වගේ මේකක් තිබුණා.
එතකොට දැන් පේනවා මෙතන තියෙන්නේ යම් ආකාර වූ වේදනාවක් සම්බන්ධයෙන් තමයි ඔතන ඇති වන්නේ. ඒ කියන්නේ දෙවෙනි පාරේ තමයි මම ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් ඊළඟට මට කල්පනා වෙනවා, අපිට ඔය මිනිස්සුන්ගේ මොනවා හරි, කියපු දේවල් උඩ හරි, අර දිට්ඨි පැත්තෙන් ඇවිල්ලත්, ද්වේෂයක් ඇති වෙනවා. එතකොට දිට්ඨිය නිසා දිට්ඨිය ආශ්‍රවය ඇති වෙලා, මම හරි කියලා හරි. ඊට පස්සේ ඒක නිසා කාම ආශ්‍රව පැත්තෙන් ඇවිල්ලා, අර නන්දිය හරහා රවුම කැරකිලා, තමන් ගමන් කරනවා ධම්මමච්ඡරියෙන්. එතකොට, ඒක හේතු කොට ගෙනත් මට ද්වේෂය ඇති වෙනවා.
මට මේ විදිහට ගත්තහම මේ මච්ඡරිය නිසා මේක ඇති වෙනවා කියන එක මට දැන් පේන්න ගන්නවා. එතකොට දැන් මගේ එක පැත්තකින්, මට මතක් වුණා, ඔය සහම්පති මහා බ්‍රහ්ම රහතන් වහන්සේ පෙන්නුවා නේ, සම්මා වාචා diagram එකේ, ව්‍යාපාදය තියෙනවා ද, ඊළඟට මේ පුද්ගලයාට මිච්ඡා දිට්ඨිය තියෙනවා ද, ඒ වෙලාවෙදි එයාට ඇති වෙනවා කියලා, අභිජ්ඣා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි තියෙනවා නම්, තමන් sick කියලා දැන් ගත්තහම, මේක ඇති වෙනවා, කියලා.
එතකොට දැන් මේ පැත්තට, දැන් මට පේනවා අර වේදනාවෙන් පල්ලෙහා කොටසේ, මේ, ද්වේෂයට යනවා කියන එක අර දිට්ඨිය නිසා, දැන් මගේ කියලා ගත්ත දිට්ඨිය නිසා, ඇති වෙන්නා වූ කොටස තියෙනවා පල්ලෙහායින්, එහෙන් කැරකිලා පල්ලෙහායින් සම්බන්ධ වෙලා ඇති වෙන කොටස තියෙනවා. ඊළඟට ගත්තහම දැන් මගේ මේ කුලය සම්බන්ධයෙන්, ජරාවට පත් වීම කියන එක තියෙනවා නේ, ඒ කියන්නේ මගේ මොකක් හරි තිබුණා වූ දෙයක වෙනස් වීමක්. ඒ වෙනස් වීම කියන එක දැන් මට ආවාසමච්ඡරිය පැත්තෙන් මම කල්පනා කරනවා ඉතින් ආවාසයේ වෙනස් වීම. එහෙම නැත්නම් මට කල්පනා වෙනවා, ජරාවට පත් වෙලා, ඒ කියන්නේ මගේ ඇඟේ කොටසක යම් වූ වෙනසක් වෙලා තියෙනවා ද, ඒක උඩත් මට මේක ඇති වෙනවා. එතකොට දැන් මට මේ මච්ඡරිය පහළින් මේක වෙනවා කියන එක හොඳට පේන්න ගත්තා.
ඒ පාර ඕක ටිකක් බලනකොට, මට ඊළඟට පේනවා, ඔය reputation එක වෙනස් වුණා කියලත් මේ මනුස්සයාට ඇති වීමක් තියෙනවා, ද්වේෂයක් කියන එකක් ඇති වෙනවා, reputation එක වෙනස් වුණා නම්. එතකොට දැන්, මේ විදිහට මට මේ වෙනස පේන්න ගත්තා, මේකේ පොඩි පොඩි වෙනස්කම් වීම හේතු කොටගෙන තමයි මේ මනුස්සයාට මේ තරහ යෑම කියන එක සිද්ධ වෙන්නේ.
මේක හරියට නිකම් vector එකක් වාගේ දැන්. අර එක පැත්තකින් ගත්තොතින්, ඔයාට ජරාව ගත්තොත්, අනිත් පැත්තට ගත්තොත් reputation එක කියලා, ඕක නිසා ඔයාට අර දකුණු අත, ඒ කියන්නේ, ද්වේෂය පැත්තට යන්නා වූ vector එකක් හැදෙනවා. ඊළඟට ඔයාට කල්පනා වෙනවා, මේ විතරක් නොවේයි, අර ධම්මමච්ඡරිය හරහා උඩින් ගිහාම, දැන් මුළු vector එක ම හැදෙනවා, මට උඩින් තියෙනවා ධම්මමච්ඡරිය, පල්ලෙහායින් තියෙනවා, ඔය ජරාව පැත්තට ඇති වුණා වූ එක. එතකොට මෙන්න මේ රේඛාව, මේවා එක හරහා, ධම්මමච්ඡරියයි ආවාසමච්ඡරියයි එතන එකක් තියෙනවා. ඒ line එක ම, එහෙම තියෙන්නා වූ line එක ම තමයි, අර reputation line එකෙනුයි, කුලමච්ඡරියෙනුයි කියන දෙකෙන් දැන් ඒක ඇදීමක් තියෙනවා.
එතකොට, එතන අපිට පේනවා හොඳට, ඒ ද්වේෂයට යන්නා වූ vector එකක් හැදෙනවා කියලා. මේකේ resultant එක ද්වේෂය කියන එක. එතකොට ඔන්න ඕක තමයි භාවනාව, “බොහොම Excellent” කියලා රහතන් වහන්සේ කිව්වා. මේ වේදනාවේ, හුඟක් තදින් දැනුණා, මේ වේදනාවේ පොඩි වෙනසකට තමයි මෙච්චර දැඟලිල්ලක් මනුස්සයෝ කරන්නේ. ඒකට තමයි මනුස්සයන්ට තරහ යන්නේ කියන එක හොඳට පැහැදිලි වුණා.
ඉතින් ඕක ලාභය වෙනස් වුණත් ඕක සිද්ධ වෙනවා නේ. ඉතින් එතකොට, ඒ කියන්නේ ලාභයෙන් තමයි ඉතින් ඕක මගේ කියලා ගැනීමක් කළා නම් තමයි නේ මට ඕක සිද්ධ වෙන්නේ. එතකොට ලාභය වුණේ අභිජ්ඣාවත් එක්ක. එතකොට ඔන්න ඔය කෑල්ල හොඳ සැරට මට පෙනෙන්න ගත්තා, වේදනාව ඉවසනවා නම් ඔය ප්රශ්නය නැතයි කියලා.
ඉතින් ඒ පාර දැන් ඔන්න රහතන් වහන්සේ, ඉතින් “ඇතියිත් නොකියමි, මදියිත් නොකියමි” කිව්වා ම, දැන් වෙලාව හතයි. මම ඒ පාර ආපහු පොඩ්ඩක් මේවා කරනකොට මම කිව්වා, මොකක් ද, නෑ මම මොනවක්වත් නසන්නේ නෑ, රහතන් වහන්සේ කියපු ගමන් මම නවත්වනවා කියලා. “ආ එහෙනම් නවත්වන්න” කිව්වා.
ඉතින් ඒ පාර එහෙම නැවැත්තුවා ම, පස්සේ මම අර පිං දීගෙන යනකොට ඔන්න මම අම්මාව දැක්කා. ඒ අම්මගේ අර පිටි පස්සේ තියෙනවා නිකම් රැස් වළල්ලක්. අර බුදුහාමුදුරුවන්ගේ තියෙන්නේ රැස් වළල්ල. අන්න ඒ වගේ පොඩියට රැස් වළල්ලක් තියෙනවා. ඉතින් අර අම්මා ඉන්නවා උසට, ඒ විදිහේ picture එකක් මම කළින් දැකලා නෑ. එතකොට එතන හොඳට ඉන්නවා අම්මා, වැඳගෙන, මට නමස්කාර කරමින්. ඉතින් එහෙම කියලා, එකපාරට දැන්, මොකක් හරි, මම හිතන්නේ මගේ අම්මා හරි මොකක් හරි කියනකොට, ඕක එකපාරට නැති වෙලා වාගේ ගියා.
අන්න ඒ වගේ නැති වෙලා ගිය ගමන් එතකොට මම කල්පනා කළා, ආං මෙන්න මෙතනත් තියෙනවා පොඩි ද්වේෂයක්, අර තමන් දැක දැක හිටපු දේ එකපාරට ම නැති වුණා කියලා, ඒ මනෝමය වශයෙන්, ඒ වගේ එකක් නැති වීම සම්බන්ධයෙනුත්, අර වේදනාවේ වෙනසක් කෙනෙකුට දකිනවා කියලා. ඒක නිසා එයාට එතනත් ඇති වෙනවා කියලා යම්කිසි ආකාරයකට සිතේ දොම්නස සහගත ස්වභාවයක්, මේ ද්වේෂය පැත්තට යන්නා වූ, තුඩු දෙන්නා වූ දෙයක් දකිනවා කියලා. ඉතින් ඒක හිතනකොට ආපහු අම්මා මතු වුණා. එතකොට සියුම් ලෙස ඔය විදිහට ධර්මය බැලීමක් තිබුණා. මේක වටේට තමයි ඉතින්, මේ වේදනාව පල්ලෙහායින් බැලුවහම, වේදනාව වටේට මේ ඉරි කෑලි ටික ගහලා තියෙන්නේ, මච්ඡරිය ටික, ඔය ටික තමයි හොඳට ක්‍රියාත්මක වෙන්නෙ. ඕක ම තමයි ද්වේෂය.
අන්න ඒක තමයි මගේ භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්