Date: 20/07/2013 Name: මමං සහ අහං

අද උදේ මම භාවනාව කළේ, මම කල්පනා කළා කොහොම ද, මට කිව්වා මෝහය ඇති වෙන තැනින් පටන් ගන්න කියලා.

එතකොට දැන් මට එකපාරට එනවා කාමය නිසා මේ මෝහය ඇති වෙනවා කියලා අර පලාස කොටුව ආවා. ඊට පස්සේ පලාස කොටුවත් එක්ක ම ඊළඟට බලනවා, මෝහය ඇති වෙන්න නම් මිච්ඡා දිට්ඨිය කියන එක ඇති වෙන්නට ඕනෙ. මිච්ඡා දිට්ඨිය ඇති වෙන්න නම් මගේ ය කියලා ගැනීමක් එතන සිද්ධ වෙන්න ඕනෙ. එතකොට දැන් මට එනවා, මේ මමංකාරයයි අහංකාරයයි නිසා තමයි මේක ඇති වෙන්නේ කියලා. මිච්ඡා දිට්ඨිය දැන් දෙකට බෙදෙනවා මමංනුයි, අහංනුයිවලට.

දැන් ඊළඟට මං බලනවා මේ මමංකාරය කියන එක ඇති වීමක් තියෙනවා. දැන් මේ present moment එකේදි අපි එක එක දේවල් අරගෙන. හැබැයි මමංනුයි අහංනුයි එකතු වෙලා නැති අවස්ථාවේ දීත් මෙතන මේ ඇති වීමක් තියෙනවා කියන එක. එතකොට අර ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ අර එතන මං පෙන්නන ඒ අවබෝධ කරපු ඒ ධර්මයට අමතරව මට කල්පනා වෙනවා, මේ මමංගෙන් තොර වූ අහංකාරයකුත් එතන තියෙනවා කියලා.

එතකොට ඒ මමංගෙනුත් තොර වූ අහංකාරය මොකක් ද කියලා මම ඒක විමසීම කරගෙන ගිහිල්ලා, ඒ පාර මම ඒක තියෙනවයි කියන එක මට හොඳට පැහැදිලියි, ඒ පාර මම රහතන් වහන්සේගෙන් ඇහුවා මේක මේ මොන අවස්ථාවේ ද කියන එක ඒ එහෙම වෙන්නේ? එතකොට රහතන් වහන්සේ කිව්වා, “දරුවා ඒක අර මනායතනයෙන් එනකොට තමයි ඒ කාරණය සිද්ධ වෙන්නේ” කියලා. එතකොට මනායතනය සිද්ධ වෙනකොට මමංගෙන් තොර වූ අහංකාරයෙන් ඇති වන්නා වූ ඒ දෘෂ්ඨින් කියන ඒවා ඇති වෙනවා කියන එක එනවා. අර ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ කරපු ඒ අර ඇදෙන කොටසට ඇදිලා ඒක ඉවරයි. ඊට පස්සේ ඇති වුණා වූ අහං ඉන්නව නේ, දැන් සත්‍ය වුණාට පස්සේ ඇති වුණු අහං අර මනායතනය මගින් එයා මේ කරනවා කියන එක ආවේ.

ඉතින් ඒක සමාධිය බොහොම හොඳයි. මං හොඳට දන්නවා මේ හුස්ම ගැනිල්ලක්වත් මොනවක්වත් නැතුව පුදුම විදිහට මේවා පෙනි පෙනී තියෙනවා කියලා.

ඉතින් ඒ වෙලාවේ මෙතන මාවත් පේනවා, මට ඒ වෙලාවේ මෙතන ඉන්න එක්කෙනෙක් මම දැක්කා එයා මෙතනින් යනවාත්. එයාට ඒ සකදාගාමී ඵලය ලැබිලා ඒ වෙලාවේ. මෙයාගේ නංගි ද කොහෙද ඒ.

ඒක තමයි ඉතින් භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_AnenjaDiagrams/S_AnenjaDiagrams-04.jpg