Date: 22/07/2013 Name: Sati and Muditha

මම පටන් ගත්තෙ අර සතියෙන්. ඒ කියන්නේ ඒ මණ්ඩලාධිපති බුදුපියා මම මෙනෙහි කළේ 2500 නමකින් බණ අහලා ඉන්නා වූ ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ හැටියට මෙනෙහි කරලා මම කිව්වා අර සත්‍ය ගරු කරනවා නේ, ආහුනෙය්‍යො පාහුනෙය්‍යො, කියලා ඒ විදිහට ගරු කළ යුතු වූ වැඳීම් පිදීම්වලට සුදුසු වන පළවෙනි බුදුපියාණන් වහන්සේ, ඔබ වහන්සේ මේ ධම්ම ධජය පවත්වනවා කියලා. ඉතින් ඒ බුදුපියාණන් කිව්වා “ඔබ නිවැරදිව කීවේ ය” කියලා.

ඊට පස්සේ මම ඒ අනෙක් බුදුපියවරුන්ටත් ඒ ධම්ම ධජය පවත්වන්න උදව් උපකාර කරනවා වශයෙන් මම මෙනෙහි කළා. ඉතින් මම අර අනෙක් අයටත් පන්සිල් එහෙම මම ම දුන්න නිසා මම කල්පනා කළා මම සතිය මෙනෙහි කරනවා කියා. ඒකට “හා” කියලා කිව්වා රහතන් වහන්සේ.

ඒ පාර මම ගත්තා දන්නව නේ සතියයි, අත්තා ඉඳන් නිත්‍ය වෙන එකයි, ඊළඟට එනව නේ අපි ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන එක. එතකොට දැන් මම කල්පනා කළා මනුස්සයින්ට මෙහෙම නිත්‍ය කතාවක් මේ විදිහට එනවා. ඊට පස්සේ ජාති ජරා ව්‍යාධි මරණය මම සිහි කළා. මේක සිහි කළායින් පසු මට කල්පනා වුණා මරණය තියෙනවා නම් ඉතින් කොහෙන්ද නිත්‍යභාවයක් කියලා.

දැන් මං කතා කළේ තුන් වෙනි කාරණය නේ, ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන එක නේ. එතකොට මෙතන මේ නිත්‍යතාවයක් නැතෙයි කියන එක කල්පනා වුණා. ඒ පාර මම දෙවෙනි කාරණයට ගියා. අත්තා ඉඳන් නිත්‍යයක් එහෙනම් කොයින් ද කියලා? ඉතින් එහෙනම් මේ මනුස්සයකුට නිත්‍යයි කියලා හිතෙන්නේ මොකක් ද? මොකක් නිසා ද කියලා. එතකොට මට කල්පනා වෙනවා මේක ඇති වෙන්නේ මේ ඨිතිපරිත්තතාය නිසා කියලා. ඒ ඨිතිපරිත්තතාය කියන එක ඇති වෙන්න නම් විඤ්ඤාණය ධාරාවක් වශයෙන් මෙතන මේ ගලන්න සලස්වලා.

එතකොට මේක මේ වෙනවා කියන්නේ, පරිග්ගහය නිසා ය කියලා මට ආවා. ඒ පරිග්ගහය නිසා ය කියලා කියන්නේ පරිග්ගහයෙන්, ඉච්ඡා නිදානානි පරිග්ගහානි. එතකොට මේ පරිග්ගහය මගින් අපි බාහිර වස්තූන්ගේ පරිග්ගහයෙන් මමංකාරයක් ඇති වෙනවා. මමංකාරය නිසා මට සුඛ සඤ්ඤාවක් ඇති වෙනවා. සුඛ සඤ්ඤාව නිසා මම ස්පර්ශයට යනවා. එතකොට දැන් මට එනවා මේ ඨිතිපරිත්තතායේ දී මේ මනුස්සයා නැවත නැවතත් පුනපුනා ස්පර්ශ කරනවා. පුනපුනා ස්පර්ශ කරලා තමයි, මේ විදිහට නිත්‍යභාවයට මෙයා පවත්වන්නේ. හැම තිස්සේ ම මේක අත්තා කියා අල්ලනවා. ස්පර්ශ කරනවා, අත්තා කියා අල්ලනවා. ස්පර්ශ කරනවා, අත්තා කියා අල්ලනවා. මේකෙන් අර නැවත නැවතත් අර පොල්ල ඇල්ලීමෙන් තමයි ඒ පොල්ලේ කෙළවරට නිත්‍යභාවයක් කියන එක අපි දෙන්නේ කියන එක.

ඉතින් ඕක බැලුවහම දැන් මම ඊළඟට ආවා සතියට. සතියෙදි මම කියනවා දැන් අභිජ්ඣා වුණොත් දෝමනස්ස වෙනවා කියලා අර මණ්ඩලාධිපති බුදුපියා උගන්නපු අර උඩ triangle එකයි, යට triangle එකයි කොටස මට මෙනෙහි වුණා. ඒක මෙනෙහි වුණා ම මම හොඳට සමාධිය ඇති වෙලා මට පුදුම විදිහට ඒක තියනකොට, මම දැක්ක මෙතන ඉන්න එක්කෙනෙක් මේ උඩ තට්ටුවට නැගලා ඉන්නවා, ඒ ඇඳුමක් සහිතව. ඒ පාර මම ඒ කවුද කියලා ඇස් දෙක ඇරලා බැලුවා ම මෙතන එක්කෙනෙක් ඉන්නවා ඒ විදිහේ ගවුමක් ඇඳ ගත්ත එක්කෙනෙක්.

ඊට පස්සේ මම කල්පනා කළා මේ පුද්ගලයා මේ මගඵලය නංවලා නේ, ඒක නේ මේ තියෙන්නේ කියලා. ඒ පාර මම කල්පනා කළා මේ අනෙක් අයත් මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් ඒ පාර මට පෙනුණා අනෙක් අයත් මගඵල නංවලා උඩට වෙලා ඉන්නවා කියන එක.

ඒ පාර මට ඇති වුණා මුදිතාව. මොකද මේ කට්ටිය ඔක්කොමලා මේ විදිහට මේ මගඵලයන් නංවනවා, දැනටත් මේක වෙනවා, අනාගතයේත් මේක සිද්ධ වෙනවා. අතීතයේත් මේක සිද්ධ වුණා. ඉතින් දිගට ම මේක මෙහෙම වෙත්වා කියන එක, හැඟීමක් ඇවිල්ලා ඒ මුදිතාවෙන් ඉතින් මට හරි ම සතුටක් ඇතුව එතන තිබුණා.

ඊට පස්සේ දැන් ඔය සතුටෙන් ඉඳලා ටිකක් කල්පනා කරලා මම ආපහු බලනකොට දැන් කොහෙද මේගොල්ල ඉන්නේ කියලා බලනකොට දැන් කොහෙද මේගොල්ල දැන් මෙතන නැහැ. ඒගොල්ලන්ගේ සඤ්ඤාවන් තවත් තුනී වෙලා ගිහිල්ලා, ඒ පෙලක් අයව ආකිඤ්චඤ්ඤායතනයේ ඉන්නවා කියලා තේරුණා. තවත් කොටසක් ගත්තහම නැතෙයි කියන අර්ථයකුත් ආවා. ඒ කියන්නේ ඒගොල්ලන් නිරෝධයට ගිහිල්ලා. පෙලක් අය නිරෝධයට ගිහිල්ලා. පෙලක් අය නෙවසඤ්ඤානාසඤ්ඤායතනයේ. ඒ වගේ ඒ තුනී තත්වයට පත් වුණා කියන එක තමයි තිබුණේ.

ඉතින් ඒක තමයි මගේ භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_Ayatana2/s_Ayatana2-03.jpg