එතකොට මම අද උදේ භාවනාවේ කළේ, මම ඒ බුදුපියවරු සිහි කළා, ඒ බුදුපියවරු ඇවිල්ලා මුනිවරයෝ හැටියට. 2500 නමකින් ඒ බණ අහලා ඉන්න ශ්‍රේෂ්ඨතම පළවෙනි මුනිවරයා කියලා. ඔය විදිහට ඒ මුනිවරයා කිව්වම මේ සංස්කාරයන්ගේ කියන එකේ නිරෝධය නේ. කාය සංස්කාර, වචී සංස්කාර, ඒ අර්ථය ඔය ගත්තෙ මට එන්නෙ. ඒ කියන කියන පාරට ඒ ඒ සංස්කාරයන් නිරෝධයයි කියලා. එහෙම කියලා මම පන්සිල් අරගෙන එනකොට පාණාතිපාතයෙන් ද්වේෂය වෙනවා කියනකොට එතනින් පටන් ගන්න කිව්වා.
ඒ පාර මම ඒක පටන් අරගෙන යනකොට මට පේනවා පාණාතිපාතය නිසා ද්වේෂය වෙනවා, ද්වේෂයෙන් පාණාතිපාතය වෙනවා. එතකොට කොහොම ද මේ පාණාතිපාතයෙන් ද්වේෂය වෙන්නේ කියලා.
පාණාතිපාතයෙන් ද්වේෂය වෙන්නෙ කියනකොට මට එනවා ඉතින් මුලින් ම මේ ද්වේෂය කියන එක පාණාතිපාතය කරන අවස්ථාවෙදි කලින් ද්වේෂයක් තිබිලා තමයි මෙතන මේ පාණාතිපාතයක් කරන්නේ. අනෙක් අතට ගත්තහම එහෙම කරන අවස්ථාවේ දී අපි කැමති වෙනවා අර මනුස්සයාට දුකක් දෙන්න. ඒ කියන්නේ අරයාගේ දුක්ඛ වේදනාවක් දෙන්න, ඒ සතාව මරණකොට සතාට තියෙන්නා වූ වේදනාව දෙන්න අපේ කැමැත්තක් තියෙනවා. ඒ කියන්නේ විඤ්ඤාණය ඒ වගේ දුක් වූ වේදනාවකට කැමතියි. එතකොට දැන් අර පෝතලිය සූත්‍රයේ අර්ථයත් එක්ක එන්නේ. ඒ දුක් දැවිලි ඇති ආශ්‍රවයෝ ඒකෙන් අයින් වෙච්ච පුද්ගලයාට නැතෙයි කියන අර්ථයෙන් මම මේ බලන්නේ.
එතකොට මේ පුද්ගලයාට දැන් දුක් දැවිලි ඇති ආශ්‍රවයෝ සිදු වෙනවා. ඒ කියන්නේ මෙයාගේ විඤ්ඤාණය කැමතියි. එතකොට විඤ්ඤාණය කියන එක ගත්තහම අර පුද්ගලයාට දෙන්න කැමතියි, මට මේ අකැමැතියි කියලා එහෙම කතාවක් නැහැ. විඤ්ඤාණයේ තියෙන්නේ මගේ කියලා කතාවක් නැහැ, ඒකෙ තියෙන්නේ සකස් කිරීමක්. එතකොට විඤ්ඤාණය කැමති වෙනවා අර දුක් දැවිලි ඇති තැන ඉපිද වීම කියන එක. විඤ්ඤාණය එම ස්ථානවල පැවතීමට කැමැත්තක් තියෙනවා. එතකොට මේකෙන් දැවෙනවා කියන එක මට හොඳට සැරට පෙනුණා.
ඒ පාර මම කල්පනා කළා අදත්තාදානය ගැන. මේක ගැන ටිකක් බලලා. අදත්තාදානය කියන එක, ඔය කිව්ව අවස්ථාවේ දී මට හොඳට පැහැදිලි වුණා, අර මම කැමති ය, කියලා කතාවක් විඤ්ඤාණයේ නැත, මේ විඤ්ඤාණයේ තියෙන්නේ සකස් වීමක් විතරයි. මගේ කියන කෑල්ල ඒ equation එකෙන් අයින් කළහම ඒක ලොකු වෙනසක් මට තේරුණා ඒ සමාධියේ දී.
එතකොට දැන් ඊළඟට අදත්තාදානයත් බැලුවා ඔය විදිහට. අදත්තාදානයේ දී අපි මොකක් හරි එකක් ඒ මනුස්සයාගෙන් ගත්තා නම්, ඒ මනුස්සයාට හරි දුකක් ඇති වෙනවා අනේ මගේ මේ බඩුව නෑ නේ, ඉතින් ඒ මනුස්සයා ලත වෙනවා, හොයනවා ආදී වශයෙන් ඒක තියෙනවා. එතකොට එහෙම නම් මේ විඤ්ඤාණය, ඒ වගේ මොකක් හරි එකක් නැති වෙලා ලත වෙන ඒ ස්වභාවයට විඤ්ඤාණයේ කැමැත්තක් එහෙම නම් එතන තියෙනවා. අන්න ඒ තැන්වල තමයි විඤ්ඤාණය පිහිටන්නේ, කියන එක එතන තදින් ආවා මට.
ඊට පස්සේ මම මුසාවාදය කියන එක ගත්ත. මුසාවාදය කරන අවස්ථාවේ දී අර කෙනෙකුට වැරදි දෙයක් කියලා දීලා වැරදි ධර්මයක් දීලා, වැරදි තත්වයකට ඒ මනුස්සයාව පත් කරලා, ඒ මනුස්සයාගේ තියන දුක්ඛිත ස්වභාවය. එතකොට මට කල්පනා වෙනවා, එතකොට මෙන්න මේ ආකාරයට ඒ වැරදි දෙයක් ඇසීමෙන් ඒ මනුස්සයා හරි ලතැවිල්ලක්, දුකකට දැවිල්ලකට පත් වෙනවා කියලා.
ඉතින් මෙතෙන්දී මට එනවා මේ ලොකු ම මුසාව මොකක් ද මිච්ඡා දිට්ඨිය. ඒ කියන්නේ අර විඤ්ඤාණයේ කැමැත්තක් තියෙනවා මිච්ඡා දිට්ඨි සහගත තැන ඉපදෙන්න, පවතින්න. ඒ කියන්නේ මොකක් ද, මිච්ඡා දිට්ඨියේ තියෙන්නේ සමුදය කියන එක. ඒ කියන්නේ සමුදයකට විඤ්ඤාණයේ කැමැත්තක් ඇති වෙනවා. ඒ කියන්නේ මනුස්සයෙකුට නිරෝධයක් නැහැ, ඒ මනුස්සයට තියෙන්නේ එහෙම නම් ඒ සමුදයක්, ඉපදීමක් ඒ පවතින්නා වූ තියන විදිහට කියන එක ආවා.
මේ අනුව මං බැලුවා, උත්පාද සංඛත ලක්ඛණය කියන එක එතන තියෙනවා, එතකොට ඊළඟට ඔතනදි අර වයසංඛත ලක්ඛණය, ඨිතස්ස අඤ්ඤථත්තං සංඛත ලක්ඛණයයි, වය සංඛත ලක්ඛණයයි, ඒ ලක්ෂණ වශයෙන් මට යම් ආකාරයකට මේක පේන්න ගත්තා, මේ ඔක්කොම මෙතන ඇති වෙනවා කියලා.
ඉතින් ඔය වෙලාවේ දී ඔළුව හොඳට රත් වෙලා තිබුණා, රහතන් වහන්සේ කිව්වා “ඇතියි” කියලා. ඇතියි කියලා කිව්වහම මම නැවැත්තුවාට ඉතින් මගේ නළල එහෙම ම තියෙනවා. ඒ පාර මම ටිකක් වෙලා ඉඳලා, cool down වෙලා, මම රහතන් වහන්සේගෙන් ඇහුවා ආපහු මම මේක අනිත් අයට කීම සඳහා බලන්න ද කියලා. එහෙනම් “බලන්නෙයි කිව්වා, වැඩිය බලාපොරොත්තුවක් නැතුව.” ඉතින් ඒ පාර ඒ විදිහට මම බලාගෙන යනකොට ආපහු ඔය කිව්ව කාරණය ම සිහි කරලා දැන් ඊළඟට මම හතර වෙනි කාරණයටත් ආවා.
ඒ හතර වෙනි කාරණයට ආවා ම, හතර වෙනි කාරණයේ දී මම බැලුවා, පිසුණා වාචය කියන එක. පිසුණා වාචය කියන එක පෝතලිය සූත්‍රයේ ඒක බලනකොට මට කල්පනා වුණා, ඒ යාළුවාගේ යාළුවාව වෙන් කරන්නේ ඒ වෙන් කිරීම කියන එකට මේ විඤ්ඤාණයේ කැමැත්තක් තියෙනවා. ඉතින් එහෙම විඤ්ඤාණයේ කැමැත්තක් තියෙනවා නම් ඉතින් ඒක ම තමයි අර පලාසය. ඒ කියන්නේ, අර වෙන් කරලා පැවතීමට කැමැත්ත විඤ්ඤාණයේ තියෙනවා. දැන් අපිට මොකක් හරි එකක් අමතක වෙන්නෙත් ඔය හේතුව නිසා නේ. මොකක් හරි එකක් අනෙකෙන් වෙන් කරනවා. ඒක වෙන් කරන්නේ විඤ්ඤාණය ඒකට කැමතියි. එතකොට ඒ කැමැත්ත තමයි අපි මේ සකස් කරලා තියෙන්නේ. එතකොට අර පලාසය මගින් වෙන්නා වූ අර්ථය හොඳට ගැඹුරට පේනවා. එතකොට ඒ විදිහට විඤ්ඤාණය සකස් වෙන තැන්වල තමයි විඤ්ඤාණය ඉපදෙන්නේ, විඤ්ඤාණය පහළ වෙන්නේ. ඉතින් එතකොට මේක කර්මය, කර්මානුරූපව ම, මෙතන මේක පේන්න ගත්තා. එතකොට ඉතින් පැය බාගයක් ගිහිල්ලා රහතන් වහන්සේ “නවත්වන්නයි” කියලා කිව්වා.
බොහොම හොඳයි ඒ පෝතලිය සූත්‍රය. අනෙක් අයත් ඔක්කෝම ඒ පෝතලිය සූත්‍රය ඇසුරෙන් තමයි භාවනාව කරලා තියෙන්නේ. ද්වේෂය හැදෙන හැටි, පාණාතිපාතයෙන් වෙන දේ ඔක්කෝම බලලා තියෙනවා.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්