මම කළේ, ඉතින් බොහොම ගැඹුරුයි හැබැයි, මම පටන් ගත්තේ මෝහයෙන්. මෝහය කියන එක කොහොම ද ඇති වෙන්නේ කියන එක. මෝහය ඇති වෙන්නේ අර, ඔය diagram එක බැලුවොතින් ඕගොල්ලන්ට පේනවා අපි පටන් ගන්නවා කියලා, මෙතනින් diagram එකක් දාලම පෙන්නුවා නම් ලේසියි.
එතකොට මේකේ මෝහය ඇති වෙනවා කියලා කියන්නේ මෙතනින් දැන් අපිට කාමච්ඡන්දය තියෙනවා නම්, කාමච්ඡන්දය නිසා අපිට ව්‍යාපාදය ඇති වෙනවා. ව්‍යාපාදයෙන් ථීනමිද්ධය ඇති වෙනවා. ඒ ථීනමිද්ධය ඇති වුණාට පස්සේ ඕක නිසා අපි මෝහයට කරා ගමන් කරනවා. ඒක තමයි කියනවා නම් ධර්මය ගත්තහම.
එතකොට මේ මෝහය ඇති වෙන්නේ කොහොම ද කියන එක ඕගොල්ලො බැලුවොතින් ඕගොල්ලන්ට පේනවා, මේ මෝහය ඇති වෙන්න, කෙළින් ම සම්බන්ධතාවයක් තියෙනවා මේ අත්තා කියලා ගන්නවා කියන එක. අනත්ත දේ අත්තා කියලා ගැනීම හේතු කොටගෙන මෝහය ඇති වීමක් තියෙනවා. මේක කීප දෙනෙකුට තේරෙන්නෙ නැති වෙයි, කොටසකට තේරෙයි. මොකද මේක ටිකක් ගැඹුරුයි. මොකද අර තයොධම්ම සූත්‍රයත් එක්ක ආපු diagram එකත් එක්ක තමයි ඒක සිද්ධ වෙන්නේ.
එතකොට අත්තා කියලා ගත්තහම කෙළින් ම මෝහයට සම්බන්ධතාවයක් තියෙනවා. ඊළඟට මේ මෝහය කියන එක ඇති වෙන්න මේ නිත්‍යයි කියන එකෙත් සම්බන්ධතාවයක් තියෙනවා. නිත්‍යයි කියලා ගත්තහම ඒක දිගේ පල්ලෙහාට බැහැලා ආහාර පාරේ අපි දන්නවා මෝහය ඇති වෙනවා කියන එක. එතකොට දැන් අපිට එහෙනම් සම්බන්ධතාවන් කීපයක් පේනවා.
දැන් මෙතන මේ නිත්‍යයි කියන සම්බන්ධතාවය කියන එක කෙනෙක් බලනවා නම්, මෙතනින් මේ කෙනෙකුට පේනවා නම් ජාතියේ ඉඳන් ජරාවට යනවා කියලා, ජරා ව්‍යාධි මරණ ඇති වෙනවා නම් ඒ මනුස්සයාට පේනවා ඉතින් එහෙම නම් නිත්‍ය කතාවක් මේකෙ තියෙන්න දෙයක් ඇත්තේ නැහැ. ඒ කියන්නෙ මෙන්න මේ කොන වැරදියි කියන එක අපිට එනවා. මේක දන්න මනුස්සයා කියනවා මෙතනින් මම ගත්තා වූ නිත්‍යයි කියන කතාව වැරදියි කියලා. ඒ කියන්නේ වාහනයක් ගන්නකොට අපිට අර මනුස්සයා කියනවා මම දෙන්නේ ඔයාට guarantee එක අවුරුදු තුනයි, ඕක කැඩෙනවා කියලා. හැබැයි මගේ මදයෙන් තමයි මම කියන්නේ, ඕක කැඩෙන්නේ නැහැ, අවුරුදු විස්සක් තිහක් මේක පවතිනවා කියලා කියන එක.
එතකොට මෙතන ජාතියේ ඉඳන් ජරාවට යනවා, නැති වෙනවා කියන මනුස්සයා, අරක පිළිගන්නේ නැහැ. ඔව් ඇත්ත තමයි ඕක කැඩෙනවා, අවුරුදු තුනක් නෙමෙයි, තුනක guarantee එකක් නේ දෙන්නේ, ඊට ඉස්සෙල්ලත් කැඩෙනවා නේ. මාස ගණනින් කැඩෙන්ටත් පුළුවන්. ගෙනෙනකොට ම කැඩිලා තියෙන්නත් පුළුවන්. එතකොට මේ නිත්‍ය කතාව හරියන්නේ නැතෙයි කියන එක එයා දන්නවා. එතකොට මේ නිත්‍ය කතාව හරි යන්නෙ නැති වුණාට මෙතනින් මෝහයක් ඉවරයක් වෙන්නේ නැහැ. මෝහය ඉවර වෙන්නේ නැති හේතුව තමයි, මෙතනින් ඉන්න අත්තා නිසා. ඇයි, අත්තා වුණත් මෝහය ඇති වෙනවා කියලා අපි කිව්වා. නිත්‍ය වුණත් මෝහය ඇති වෙනවා, අත්තා කියලා ගත්තත්, මගේ කියා ගත්තත් මෝහය ඇති වෙනවා. දැන්, නිත්‍ය නැති වුණත් මෙතනින් අත්තා නිසා ඇති වීමක් එහෙනම් තියෙනවා.
දැන් මේ අත්තා කියන කතාව ඇති වෙන්නේ මොකද කියන එක කල්පනා කළහම, එතනින් තියෙනවා ඇත්තෙන් ම කියනවා නම්, මේ කොටු දෙකක් පේනවද ඕගොල්ලන්ට? පේනවද මෙතනින් මෙහෙම triangle එකක් හැදෙනවා. මේ පැත්තට එකයි, මේ පැත්තට එකයි කියලා. ඒ කියන්නේ මේ සඤ්ඤාව නිසා ඔතන තියෙන්නේ උදලු දෙකක්. දැන් මනුස්සයෙක්ගේ ඵල ලැබිලා නැති එක්කෙනෙක්ගේ, සෝවාන් ඵලයක්වත් ලබලා නැති එක්කෙනෙක්ගේ තියෙන්නේ, ඔතන ඔන්න ඔය උදලු තල දෙක තමයි ඇවිල්ලා lock වෙන්නේ.
මෙහෙම ගන්නකො, මේ උදලු තල දෙක, එකක් තියෙනවා වේදනාවට, අනෙක් එක තියෙනවා පරාමාසකායගන්ථයට. අර රාග සල්ලයෙන් එහෙම කරකවනකොට මේ උදලු දෙක ගිහින් මෙහෙම lock වීමක් තමයි වෙන්නේ. ඒ දෙක තමයි මේ පෙන්වලා තියෙන්නේ. සඤ්ඤාවේ ඉඳන් පරාමාසකායගන්ථයට යන එකයි, මනොසඤ්‌චෙතනාවේ ඉඳන් වේදනාවට යන එකයි. දැන් මෙතන මේ අත්තා කියන කතාව ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ කෑල්ල හින්දා. මේ කෑල්ල නිසයි, මේ කෑල්ල ඇති වෙන්නේ. මේ කෑල්ල නිසා තව අලුවා shape එකට කොටු කොටු යනවා. මේ පැත්තෙනුත් ඇති වෙලා තියෙනවා. මෙහෙනුත් ඇති වෙලා තියෙනවා. මෙතන key point එකක් තියෙනවා. මේ key point එකේ තියෙන්නේ, මෙන්න මේ වේදනාව සඳහා තමයි අපි මෙන්න මේ අගයක් දෙන්නේ මේ සඤ්ඤාවට. ඒ වේදනාවට ඉස්සවීමක් තමයි කරලා තියෙන්නේ. මට දැනෙන්නා වූ යම්කිසි වේදනාවක් තියෙනවා ද, මේක බලන්න, ඕගොල්ලො හිතන්න බලන්න, මේ ස්පර්ශයක් ඇති වුණාට පස්සෙ වේදනාවක් ඇති වෙනවා, diamond එකේ මේ පැත්ත බලන්න. ස්පර්ශයක් ඇති වුණා ම වේදනාවක් වෙනවා. ස්පර්ශය ඇති වුණා ම සඤ්ඤාවක් වෙනවා. එතකොට මෙතනින් ඇති වෙන චූටි වේදනාවට මේ සඤ්ඤාවෙන් අගයක් දීගෙන එනවා. හරියට මේක නිකන් හෙමින් මේ දෙන්නා යා වීගෙන එනවා. එහෙම ඇවිල්ලා තමයි, මෙතන මේ point එකට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේ wave එකක් නම් propagate වෙලා එනවා.
එතකොට මෙන්න මේක වෙන්නේ මොකද? මෙහෙම අගයක් දෙන්නේ මොකද, කියන එකයි මට කල්පනාවට ආවේ. මේකෙ අගයක් දෙන්නේ කියන එකේ, මම අර diagram එක හෙව්වේ ඒකටයි, මේකෙ reflection එක දන්නවා නේ. මේක මෙතෙන්ට reflect වුණා. මෙතෙන්ට reflect වුණා. ඊට පස්සේ මෙතන tumour කියන එකට මේක එනවා. සංස්කාර. සංස්කාරවලටයි එන්නේ. සඤ්ඤා අභිනන්දනා කරනවා නම් මෙතන සංස්කාරත් අභිනන්දනා කරනවා. එතකොට අපිට සඤ්ඤාවේ ඉවසීමක් තියෙනවා ද, මෙතන ඒ සංස්කාරයේ ඉවසීමක් තියෙනවා. ඒකෙ තණ්හා වීමක් තියෙනවා.
දැන් එතකොට එහෙම නම් මට පේනවා, මේක මේ හරි ලස්සනට මට පෙන්නුවා. මේකෙ මේ කෑල්ල, බැලිය යුතු කෑල්ල ඒ හරිය මකලා පෙන්නනවා එතකොට ඒ හරියේ මට පේනවා, මේකේ වෙන දේ මොකක් ද කියන එක. මෙතන මේ සංස්කාර දිහා අපි බලාගෙන ඉඳලයි මේ කතාව හදා ගන්නේ. මේ සඤ්ඤාවේ අපි අගයක් දෙනවා කියන එක කරන්නේ අපි අනෙක් අයගේ සංස්කාර දිහා බලාගෙන ඉන්නවා. ඔයගොල්ලෝ theme park එකකට යනවා. ගිහිල්ලා ඉවර වෙලා ඔන්න දැන් බලාගෙන ඉන්නවා ඒ park එකේ අරගොල්ලො මොකක් ද කරන සෙල්ලම. ආ, ඒගොල්ලො මේ උඩ ඉඳන් පල්ලෙහාට එනවා. Hi කියාගෙන, කෑ ගහගෙන, hurray කියාගෙන, අරක දිගේ බෝට්ටුවේ වගේ, වතුරේ හිතන්නකො, එකපාරට මේක මේගොල්ල වැටෙනවා. මේක බලාගෙන ඉන්නවා. ඒක සංස්කාරයක් සඤ්ඤාවෙන් බැලුවා.
ආයිත් බලාගෙන හිටියහම මිනිස්සු පාරේ ඇවිදිනවා. මෙයා ඇවිදින්නේ මෙහෙමයි. මෙයා ඇවිදින්නේ මෙහෙමයි. ඔන්න ඒක බලාගෙන හිටියා. අර කට්ටිය කනවා. දැන් මෙතන මේ මනුස්සයෝ ගිහිල්ලා මේ කතාවකට යන්න පුළුවන් කන බොන තැනකට. ගිහිල්ලා ඒ දෙන්නා මේ කතාවක් කර කර ඉන්නේ, මේ ලොකු serious business එකක්. අර මිනිස්සු කනවා. අරක දිහා බැලුවා ම, ආ, ඒගොල්ලො කනවා. අන්න ඒ සංස්කාරය අපි අභිනන්දනා කරනවා, මේ සංස්කාරය එහෙනම් මේ සංස්කාරය මමත් කරන්න ඕනෙ. අර theme park එකේ කතාව වගේ තමයි. අර සඤ්ඤාවෙන් මේක දිහා බලලා අගය දෙනවා. ඔන්න ඕක තමයි, භාවනාව. හරි සැරට මම දැක්කා.
මේ සංස්කාර අභිනන්දනා කරලා, අපි ඊයේ බලපු භාවනාව ඇත්තෙන් ම කියනවා නම්, සංස්කාර අභිනන්දනා කරලා තමයි අපි මේ ඔක්කොම හදා ගත්තේ. ඒ සඤ්ඤාවන්වලින් අපි හදාගත්තා. ඒක තමයි, මේ දුවන්නේ. ඉතින් මේ විදිහට බැලුවා ම ඔය අලුවා කෑලි ටික ඔක්කොම join වෙලා එනවා. මොකද මම ඔය අලුවා කෑලි භාවනාව කරලා තියෙනවා කලින්. ඒකයි මම කිව්වේ මේක ටිකක් ගැඹුරුයි කියලා. මෙතැන මේ කතාව ඇති වෙන්න මෙතන මේ අලුවා කෑල්ල ඇති වෙනවා. මෙහෙත් අලුවා කෑල්ලක් තියෙනවා. එතකොට අලුවා කෑලි set එකක් තමයි තියෙන්නේ. පල්ලෙහායිනුත් අලුවා කෑලි set එකක් තියෙනවා. එතකොට මේ පල්ලෙහා අලුවා කෑල්ලෙ, කෑල්ල තමයි, මේ එන උඩ අලුවා කෑල්ලයි, පල්ලෙහා අලුවා කෑල්ලයි එකට join වෙලා එන හැටි. මේක කරලා තමයි, ඕක සිද්ධ වෙන්නේ.
මට එක එක ඒවා මවලා පෙන්නුවා. ඉතින් එක්කෙනෙක් ඉන්නවා, මෙහෙම බලාගෙන ඉන්නවා, දුකෙන් ඉන්නවා, කියන එක. තව එකක පෙන්නනවා, මෙහෙම එක්කෙනෙක් අත දෙනවා. අතක් දැම්මා ම තව සඤ්ඤාවක් ඇති වෙනවා නේ. එක එක සඤ්ඤාවල්, අර දුකේ ඉන්න සඤ්ඤාවෙන් පටන් අරගෙන එක එක සඤ්ඤාවලින් අපි එනවා, ඔක්කෝම අර ක්‍රියාවලියන් බලාගෙන ඉඳලා. ඕක නේ අර පෙන්නුවේ, “සතං චෙව සහස්සානං, කප්පං සංසරිස්සති” එකේ, ඒකෙ පෙන්නනවා අනුපාදාය බුද්ධ වචනං, “සඞ්‌ඛාරො අත්තතො උපාදාය,” සංස්කාරයි අත්තා කියා ගත්තේ. සංස්කාර අත්තා කියා ගත්තේ කොහොම ද? සඤ්ඤාවෙන් ඒ සංස්කාරයට අගය කරලා තමයි ඇති වෙන්නේ. දුක්ඛය කෙළවර කරන්න බැහැයි කිව්වේ ඒකයි. එතන්ට එනකල් ම ඒක යනවා.
ඒක හරි ම පුදුමයි. හැබැයි ඉතින් ඕකට මම කළේ මොකක් ද? බුදු පියවරුන්ව මම සිහි කරනකොට, දැන් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ බුදුවරු 2500 නමකින් බණ අහල තියෙනවා. අද ඉන්න ලෝකයේ ශ්‍රේෂ්ඨතම පුද්ගලයා. ඊට වඩා උතුම් පුද්ගලයෙක් නෑ තවත්. ඒ උතුම් පුද්ගලයා මම කල්පනා කළේ ඒ බුදුපියාණන් වහන්සේට ප්‍රඥා බලයෝ ඇත්තාහු ය, ශ්‍රද්ධා බලයෝ ඇත්තාහු ය, සීල බලයෝ ඇත්තාහු ය. ප්‍රඥාවයි සමාධියයි සීලයයි. ප්‍රඥා සමාධි සීල කියන බල තුන ඒ මුළු මණ්ඩලයේ ම මම සිහි කළා. ඒක සිහි කරලා තමයි මම මේ භාවනාව කළේ. මට මෝහයෙන් පටන් ගන්න කිව්වා. එතනින් ඔක්කෝගේ ම ඒ විදිහට බලාගෙන ගියා. මට පරිස්සම් වෙන්න කියලත් කිව්වා එක තැනකදි, ඒ කෑල්ල බලනකොට. ඉතින් මම නම් මහ විශාල ප්‍රමාණයක් ඕකෙ දකිනවා. මම දන්නේ නැහැ ඔයගොල්ලන්ට කොච්චර ප්‍රමාණයකට ඒක වැටහීමක් ඇති වෙනවා ද කියලා. එහෙම හරි ගැඹුරකට ගියා.
මේක ම නේ අපි කරන්නෙ. අරයා යන්නේ මෙහෙමයි, අරයා කන්නේ මෙහෙමයි. ඒ ක්‍රියාවලිය, අරයා roller coaster එකේ යනවා කියලා, ආ මමත් යන්න ඕනෙ. අපේ පුතාට එහෙම නම් ආසාවකුත් තියෙනවා, බයකුත් තියෙනවා. ඒක එහෙම වෙනකොට.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්