කාමච්ඡන්දය සම්බන්ධයෙන් භාවනාව. කාමච්ඡන්දය කියන්නේ අපි දන්නවා නේ, සංකප්ප රාගො, පුරිසස්ස කාමො කියන එකයි, සංකල්පයට තිබෙන්නා වූ රාගය. එතකොට ඕගොල්ලෝ දන්නවා, පංචනීවරණයන් තියෙනවා නම් අවිද්‍යා සූත්‍රයේ පෙන්නනවා, අවිද්‍යාව කියන එක හැදෙනවා. පංචනීවරණයන් තියෙනවා නම් අවිද්‍යාව තියෙනවා. එතකොට, රහත් වෙලා නැති මනුස්සයෙක් ගත්තහම ආශ්‍රව නසපු නැති මනුස්සයෙකුට අවිද්‍යාව තියෙනවා.
අවිද්‍යාව තියෙනවා නම් අපි දන්නවා, අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා ඔය විදිහට සඞ්‌ඛාර පච්චයා විඤ්ඤාණං, ඉතින් මේ thoughts කියන ඒවා අපිට හැදෙනවා. එතකොට කාමච්ඡන්දය තියෙනවා නම් අපිට පේනවා සංකල්පයන් හැදෙනවා, හැදෙනවා ම තමයි, choice එකක් නැහැ. අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා විදිහට ඒක අර plan එක කියලා අපි බැලුවේ, ඕක හැදෙනවා.
ඕක හැදෙනවා නම් එතකොට ඔය සංකල්පවලට අපිට රාගයක් ඇති වෙනවා. මොකද අර අවිද්‍යා ආශ්‍රවය මගින් තමයි, අර වට කතාවක් පෙන්නුවා නේ ද, ඕගොල්ලො හිටියා නේ ද ඒ දවසේ? නැද්ද? වට ගහන එකක් පෙන්නුවේ මම බොජ්ඣඞ්ග diagram එකත් එක්ක. ඒකේ පෙන්නන්නේ, අපි මොකක් හරි වස්තුවක් දැක්ක ගමන් අපි එතෙන්දි මේක තීරණය කරනවා, මේක සාත ද අසාත ද කියලා. ඒක තීරණය කරන්නේ අවිද්‍යා ආශ්‍රවයෙන්. අවිද්‍යා ආශ්‍රවයෙන් කියනවා මේක සාතයි. එතකොට ඔය සාතයි කියලා තමයි අපි විඤ්ඤාණය බැසගන්න දෙන්නේ අපේ. නැත්නම් එහෙම කතාවක් නැහැ නේ.
දැන් රහතන් වහන්සේට සාත අසාත කතාවක් නැහැ. මොකද රහතන් වහන්සේට ඉතින් අවිද්‍යාව නැති නිසා ඒ අවිද්‍යා ආශ්‍රවය මගින් එහෙම තීරණය කිරිල්ලක් නැහැ. ඇහෙන් රූප දකිනවා විතරයි. දැක්කයි කියලා මේක සාතයි කියලා අසාතයි කියලා තීරණයක් නැහැ.
සාතයි කියලා අපි තීරණය කළාට පස්සේ, අපි ආපහු වටයක් ගහනවා, දැන් එක පාරක් මෝහයෙන් නේ ඕක ආවේ, අවිද්‍යා ආශ්‍රවයෙන් මෝහය, කැරකෙව්වා රවුමක්. ඊළඟ රවුම කරකවනවා මාන්නයෙන්. මාන්නයෙන් බලනවා මේක fit වෙනවා ද කියලා. මේ කිව්ව කතාව හරි ද සාතයි කිව්ව කතාව හරි ද, ගැළපෙනවා ද කියලා. ඒක හරියට නිකම් මේ මනමාලියක් බලන්න ගිය මනුස්සයා, මේ මනමාලි හොඳයි කියලා යම්කිසි ගැළපීමක් ඇති වෙලා එයා ඊළඟට කල්පනා කරනවා, අපේ ගෙදරට මෙයා ගැළපෙනවා ද? අපේ පවුලට ගැළපෙනවා ද? ආදී වශයෙන් එයා සිතනවා.
අන්න ඒ වගේ අර ගත්තා වූ දේ මේක fit වෙනවා ද කියලා එයා බලනවා, එයා best fit එකක් හදනවා ඒකට. Regression වගේ. හදනවා හොඳ fit එකක්. Fit එක හැදුවාට කවදාවත් ඕක fit වෙන්නේ නැහැ. Mathematics කරන අය දන්නවා නේ regression එක fit වෙන්නේ නැහැ කියලා. ඒ වගේ තමයි, මේකත් fit වෙන්නේ නැහැ. මොකද අර අතීතයේ බලපු දේයි, දැන් බලපු දේයි අතර වෙනසක් තියෙනවා. මොකද තමන් දැන් වයසට ගිහිල්ලා. ඉපදිච්ච දවසේ ඉඳන් නේ වයසට යන්නෙ. එතකොට පොඩි කාලයේ ගත්තා වූ රසය කියන එක දැන් නැහැ. අන්න ඒ වගේ මෙයාට මේ දෙක අතර වෙනසක් තියෙනවා.
මේ වෙනස නිසා එයාට දෝමනස්සයක් ඇති වෙනවා. දෝමනස්සයක් ඇති වුණහම ඉතින් ඒ පාර මෙයා හිතනවා දැන් මේක මට fix කරන්න පුළුවන් කියලා. ඒක තමයි, අර ලුණු මිරිස් ටික හිතේ තියාගෙන කනවයි කිව්වේ. මේ දෙක අතර gap එක දැක්කා. ලුණු මිරිස් ටිකක් තිබුණා නම් කියලා හිතුණා. හිතාගෙන දැන් මෙයා ඊට පස්සේ උස්සන්නේ පටිඝයෙන්. පටිඝානුසයෙන් තමයි මේක උස්සාගෙන යන්නේ. කරකවන එක සිද්ධ වෙනවා.
එතකොට දැන් අපිට පේනවා රහත් වෙලා නැත්නම්, කාමච්ඡන්දය කියන එක කොච්චර කළත් තියෙනවා. ඕකයි ඕකෙ අර්ථය. කාමච්ඡන්දය නැති වෙන්නේ නැහැ ආශ්‍රවයන් නසලා නැත්නම්. ආශ්‍රවයන් නසපු එක්කෙනාට තමයි මේක ගැලවෙන්න තියෙන්නේ.
ඔය විදිහට, ඒ කියන්නේ අපිට පේනවා area 1 and 2 කියන එක. ඒ කියන්නේ, අපි ඕනෙ ම diagram එකක ගත්තොතින්, එතකොට මෙතන areas දෙකක් තියෙනවා නේ. මෙතන area එක තමයි අර මම සාතයි කියලා අවිද්‍යා ආශ්‍රවයෙන් තීරණය කළා ම හැදෙන්නේ මෙතන area එක. අවිද්‍යා ආශ්‍රවයෙන් කරකවපු රවුමේ දී හැදෙන එක. ඊට පස්සේ මම මානයෙන් කරන රවුම තමයි මෙතනින් හැදෙන්නේ. මේ area එක connect වෙනවා, ඒ මානයෙන් කරකවන රවුමත් එක්ක. මේ දෙක match වෙන්නේ නැහැ. මේකෙ gap එකක් තියෙනවා, මොකද මේක ජරාවට පත් වෙලා තියෙන්නේ. ඒක නිසා ඒ distance එක හරියන්නේ නැහැ.
Area එක සමාන වෙන්නේ නැති වුණා ම, තමයි අර දෝමනස්සය ඇති වෙලා, ඒ පාර පටිඝය කියන එක ඇති වෙනවා. පටිඝානුසය මගින් මේක උස්සනවා. අර සඤ්ඤාවන් උස්සනවා. ඒ උස්සලා ඉතින් ආපහු අර, ඒ කියන්නේ රූපය උස්සන්නේ අර සඤ්ඤාව ඉස්සවීමෙන්. සඤ්ඤාව උස්සලා ආපහු මේ පැත්තේ ආපහු රවුමක් ගහනවා අර විදිහට. ඔය විදිහට රවුම් ගගහ යන එකයි ඕකේ තියෙන්නේ. ඔතන අපිට හොඳට පේනවා, ඒ කාමච්ඡන්දය තියෙන තාක් කල් මේ වැඩේ ක්‍රියාත්මක වෙනවා කියලා. මේකෙ ගැලවීමක් නැහැයි කියන එක.
ඕක connect වෙලා එනවා, පොඩි ධර්මයක් තියෙනවා, මේ ධර්මය තියෙන්නේ සනිදාන සූත්‍රයේ. ඔය සනිදාන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා කාම ධාතු තියෙනවා නම්, කාම ධාතු කියන්නේ රූප ශබ්ද ගන්ධ ධම්ම මෙන්න මේ ධාතු. මෙන්න මේ ධාතු තියෙනවා නම්, මේ ධාතු තියෙන තාක් කල් අපිට කාම සඤ්ඤාවන් ඇති වෙනවා. එතකොට මේ සඤ්ඤාවන් ඇති වෙනවා නම්, අපිට මේක නිසා ඇති වෙන්නා වූ කාම සංකල්පයන් තියෙනවා. කාම සංකල්පයන් තියෙනවා නම් අපිට ස්පර්ශය කියන එක ඇති වෙනවා. ස්පර්ශය ඇති වෙනවා නම් වේදනාව ඇති වෙනවා. වේදනාව ඇති වෙනවා නම් කාමච්ඡන්දය කියන එක ඇති වෙනවා. කාමච්ඡන්දය කියන එක ඇති වෙනවා නම් අපි කාමයෙන් දැවෙනවා කියන එක ඇති වෙනවා. පරිදාහය කියන එක ඇති වෙනවා. කාමයෙන් පරිදාහය ඇති වෙනවා නම් කාම පර්යේෂණාව, ඒ කියන්නේ අපි සොයනවා, තව තවත් සොයනවා. තව වැඩියෙන් බලනවා. අපි වැඩියෙන් බලලා වැඩියෙන් සෙවීමක් තියෙනවා. කාමය ඇති වුණු මනුස්සයා ඒ කාම වස්තූන් නැවතත් සොයනවා. ඒක ඇති වුණාට පස්සේ, ඉතින් ඒ මනුස්සයාට ඒක ලැබෙනවා.
දැන් අපි හිතමු කොහේ හරි ගෙදරකට ගිහින් අපි දකිනවා කියලා පුටු set එකක්. දැක්කා ම ඔන්න මේ මනුස්සයාට මේක දැක්කාට පස්සේ හිතෙනවා දැන් මේක හොඳයි, අපේ ගෙදරටත් හොඳයි. ඒ පාර දැන් යනවා. ඒගොල්ලන්ගෙන් අහනවා, කොහෙන්ද ගත්තේ අපි හිතමු මෙතන මේ තියන shop එකක් ගැන කියනවා. ඒ පාර මෙයා යනවා. ගිහිල්ලා ඉවර වෙලා ඉතින් දැන් ඔන්න අර දේ පේනවා එයාට. අර වස්තුව පේනවා. ඒ වුණාට තවම මේක ලබාගෙන නැහැ. හැබැයි mentally acquired. මනසින් මේක දැක්කා. දැකලා ඉවර වෙලා දැන් මෙයා අහනවා, විකුණන එක්කෙනා දැන් කියනවා නේ, ඒ මනුස්සයා දැන් දන්නවා, මෙයාගේ හිත අල්ලලා තියෙන්නෙ කියලා. ඒ වෙලාවට තමයි මෙයා බඩුව හොඳට විකුණන්නේ. අඩු කරන්නේ නැතුව එහෙම කරන්නේ ඒක තමයි. මෙයාගේ හිතට හොඳට අල්ලලා තියෙන්නේ. එතකොට දැන් මෙයා මේක ලැබිලා මෙයා දැන් මෙතන දී විනිශ්චය කරනවා. ලබති, මනසින් ලැබුණා. සල්ලි දීල ගත්තේ නැහැ. දැන් ලැබුණාට පස්සේ විනිශ්චය කරනවා මේක ගැළපෙනවා ද? අපේ ගෙදරට. අපේ curtains වලට ගැළපෙනවා ද මේක? බිත්තියට හරි ද, මේ ඉඩ ප්‍රමාණයට හරි ද කියලා එයා විනිශ්චය කරනවා. ඔය අරමුණ ලැබුණා. ලැබුණාට පස්සේ විනිශ්චය කරනවා, ascertain කියලා කියනවා එතන.
ඔය විනිශ්චයේ තියෙනවා, ඒ රූපයේ ඡන්දය. මට ඒක මතක නැහැ මම කොහේ දී ද ඒක ලියාගෙන තියෙන්නේ කියලා, විනිශ්චයේ දී තියෙනවා රූපයේ ඡන්දය, රූපයේ රාග සංයෝජනය කියලා එතන කියනවා, විනිශ්චය කරන අවස්ථාවේ දී. ඉතින් ඒක නිසා මෙයාට මේ ඡන්දරාගය ඇති වෙනවා. ඡන්දරාගය කියන එක ඇති වෙලා අජෝසනා ඒක අල්ලගෙන ඉන්නවා. ඊට පස්සේ පරිග්ගහය කියන එක ඇති වෙනවා. පරිග්ගහයෙන් ඔය මච්ඡරිය. ඊට පස්සේ මසුරු බව. ඊට පස්සේ අර පුටු set එක නම් ගෙදර ගෙනල්ලා තියෙනවා නම් එහෙම දැන් මේක රක්ඛති, මේක රකිනවා. කවුරු හරි ළමයෙක් පෑනක් එහෙම අරගෙන එනවා නම් ඒ ළමයව අයින් කරලා පෑනත් අයින් කරලා ආරක්ෂා කරනවා නේ. අන්න ඒ වගේ, ඒ ධර්මය තමයි, මම මෙනෙහි කළේ. මේක කරගෙන ගිහිල්ලා මේක තමයි වෙන්නේ කියන එක.
කාමච්ඡන්දය ඇති වුණාට පස්සේ ඕක protect කර ගන්නකන් අපි යනවා. දිගින් දිගට ම ඒක සිද්ධ වෙනවා. මොන වස්තුව සම්බන්ධයෙන් වුණත් ඔච්චර තමයි. අවිද්‍යාව තියෙන මනුස්සයාට කාමය කියන එකෙන් ගැලවිල්ලක් නැහැ. මොකද සංකල්පයන් හැදෙන කල්, ඒ සංකල්පයන්ගේ රාගයන් හැදෙනවා. විඤ්ඤාණය එතන බැසගන්න ඉඩ දුන්නෙත් ඔය හේතුව නිසා නේ. ඔන්න ඔය ධර්මය තමයි මම භාවනා කළේ.
(කාම ධාතුවේ “ධම්ම” කොටස සම්බන්ධයෙන්) ඔව් දැන් මනසා ධම්මං විඤ්ඤාණය. මනසෙන් අපිට ධර්මයක් මේවා වෙනවා. එතකොට දැන් ඕනෑ ම ධර්මයක්, දැන් ඔයාට ධම්මමච්ඡරිය කියන එක තියෙන්නේ, ධම්මමච්ඡරිය තියෙනවා නේ, ධර්මය ගැන, මේ නිර්වාණයට යනවා කියන, ඉතින් ඕකට තියන රාගයත් තියෙනවා නේ අපිට. කැමැත්තක් තියෙනවා නේ, අපිට නිවනට යන්න ඕනකම තියනකන් මේක තියෙනවා නේ ද? එතකොට මේක කවදා හරි නැති වෙන්නේ ඒ කියන්නේ ධම්මමච්ඡරිය නැති වෙච්ච වෙලාවට. ධම්මමච්ඡරිය නැති වුණේ නැත්නම් ඉතින් ඒ ගමන යනවා. ධම්මමච්ඡරිය නැති වෙන්නේ සම්පූර්ණයෙන් ඉතින් ආශ්‍රවයන් නැසුවහම. රහතන් වහන්සේ මට කියලා තියෙන්නේ ඔය ධර්මය එහෙම ලැබුණහම ඉතින් මට බොහෝ ම සන්තෝස වෙලා ඉතින් මම මෙහෙම කිව්වහම, “දරුවා ධම්මමච්ඡරිය නේ ද” කියලා. මම කියනවා ඔව් කියලා. ඒ පාර “දරුවා, ඔන්න ඕකත් අපි නැති කරගත්තා” කියලා. ඒකයි කියන්නේ. ඒක තමයි අපි දිගින් දිගට ම යන්නේ.
මේක හරි ලස්සනයි මේ ධර්මය. සනිදාන සූත්‍රයේ තියන ධර්මය බොහොම ගැඹුරට යනවා.
(ධම්මමච්ඡරිය නැති වෙනවා කියන්නේ ඒකට උපෙක්ඛාවක් ද?) ඔව් උපෙක්ඛාවත් ගිහිල්ලා ඉතින් ඔයාට එනවා අන්තිමට, මේකත් මම අයින් කරනවා, කියන එක. මොකද දැන් අන්තිමට, ධර්මය, ධම්මමච්ඡරිය නිසා නේ අපි ඇති කරගන්නේ, සමාධිය ඇති වෙන්නේ. ධම්මමච්ඡරියෙන් තමයි සමාධිය ඇති වෙන්නේ. මොකද පටිච්චසමුප්පාදය අපි අවබෝධ කරගන්නේ ඒකෙන්. (මේකත් ධම්මමච්ඡරිය ද?) ඔව්, නැත්නම් මෙතෙන්ට එන්නේ නැහැ. ධම්මමච්ඡරිය නිසා තමයි මෙතෙන්ට එන්නේ. ධම්මමච්ඡරිය භාවිතා කරගෙන ඒකෙන් සමාධිය ඇති වෙනවා. ඉතින් සමාධිය ඇති වෙලා ඊට පස්සේ ඉතින් ඒ සමාධියෙන් අවබෝධ වෙනවා. ඒ අවබෝධ වෙන්න අවබෝධ වෙන්න, ගිහිල්ලා, ගිහිල්ලා, ගිහිල්ලා, අන්තිමට මේ, අර අජිත මානවකයාට වෙච්ච වාගේ දෙයක් තමයි. ඒ අජිත මානවකයා කියන පුද්ගලයා ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා ධර්මය. ඒ ධර්මය ඇහුවට පස්සේ, ඊට පස්සේ මෙයාට කල්පනා වෙනවා, ඉතින් මේකත් ධර්මයක් නේ, මේකත් එච්චරයි කියලා එයාට ඒක ගැන ඊට පස්සේ හැඟීමක් නැහැ.
දැන් පෙළක් වෙලාවට අපි ඔය ගෙයක් හරි car එකක් හරි මොකක් හරි එකක් දිහා බලාගෙන ඉඳල මේක කොහොම ද මේක වෙන්නේ කියලා අපි බලනවා නේ නේ ද? හැදෙන්නේ කියලා. ඉතින් කවුරු හරි කියනවා මෙතෙන්ට මේ පරාලේ දාල මේක මෙහෙම හැදුවා හරි මොනවා හරි විස්තරයක් කරනවා නේ. ඊට පස්සේ අපිට ඒක ගැන මුකුත් ඕනේ නැහැ නේ ද? දැනගත්තට පස්සේ. ඔන්න ඔය වගේ තමයි. ධර්මය භාවිතා කරන්නේ මේක දැනගන්න. දැනගත්තට පස්සේ ඔන්න ඔහොමයි. දැන් හොඳ රස කෑමක් හදනවා කවුරු හරි. තව එක්කෙනෙක් ආ නේ මේක හරි රහයි කොහොම ද මේක හැදුවේ කියලා. ඉතින් අරයා ඒක කියනවා නේ, සමහර විට ඉතින් එක පාරක් හදලා බලන්නත් තමන්ට කැමැත්තකුත් ඇති වේවි, හදලා බැලුවට පස්සේ ඉතින් ඕකේ තියෙනවා ද ආපහු? ඕක ගැන තියෙන්නා වූ ඇල්ම ගිහිල්ලා ඊට පස්සේ නේ ද? දැන් අපි හිතමු හැමදා ම හදන මනුස්සය, මේක මේ මම හැමදා ම හදන පරිප්පුව නේ කියලා එයාට කල්පනාව තියෙන්නේ. ඒ මනුස්සයට ඒක නෑ නේ. පරිප්පුව කවදාවත් හදලා නැති මනුස්සයකුට කල්පනා වෙනවා මේක කොහොම ද කියලා. අන්න ඒ වගේ තමයි ධම්මමච්ඡරිය භාවිතා කරලා ඒ සමාධියෙන් යම්කිසි තැනකට එයා ගියා ද, හැමදා ම ඒක භාවිතා කරනව ද, අර කියූ උපෙක්ඛාවට එනවා. ඊට පස්සේ ඉතින් මේක මොකද්ද.
ඒ කියන්නේ යම්කිසි දේකට මේ තණ්හාවක් කියන එක පවතින්න පුළුවන් ඒක නොදන්නාකම තියනකන් විතරයි. ඉතින් ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ අපිව යවන්නේ ඔය හැම ධ්‍යානයන්ට ම යවන්නේ. දැන් ඔයා හත් වෙනි එකට ගිහිල්ලා නැත්නම්, ඕගොල්ලෝ හත් වෙනි එකට ගිහිල්ලා තියෙනවා, හත් වෙනි එකට ගිහිල්ලා නැත්නම් කවුරුහරි කෙනෙක් හත කියන එක මේවා කරනකොට, හත් වෙනි ධ්‍යානය, ආකිඤ්චඤ්ඤායතනය, ආ මම ගිහිල්ලා හිටියා, බොහෝ ම හොඳයි, මේ ඔළුව ඇරිලා තිබුණේ, මෙහෙමයි, මෙහෙමයි කියලා කිව්වහම, අනේ මම ඔතනට ගිහිල්ලා නෑ නේ, ඕක නේ තියෙන්නේ. ගියායින් පස්සේ මේ මනුස්සය දැන් මොකද්ද මේක. ඉතින් බුදුහාමුදුරුවෝ කිව්වේ ඕකට වමනය කියලා, අන්තිමට ගත්තහම. ඒකයි. තථාගතයන් වහන්සේ නැති එක්කෙනාට කියනවා යන්න කියලා. වමනය කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ නොගිහින් ඉන්න කියලා, ගිහිල්ලා බලන්න. බැලුවට පස්සේ තමයි දන්නේ මේකේ හරය මොකද්ද කියන එක. බලපු නැති මනුස්සය දන්නේ නැහැ නේ. එයා හිතනවා මේක බොහොම හොඳ දෙයක් කියලා. කුතුහලයක් තියෙන්නේ අපිට. මුළාව ම තමයි.
(මේක නිතර නිතර භාවිතා කරනකොට ඉක්මනට ම ඒක ඇති වෙනවා ද?) ඒක නිසා නේන්නම් මේ ඵල චිත්තය නැවත නැවතත් නංවන්න කියන්නේ ඒක නේ. ඒක නංවන්න නංවන්න තමන් එතෙන්ට ගිහිල්ලා ඉන්නවා. ගිහිල්ලා ඉන්න ඉන්න ගත්තයින් පස්සේ මේ පුද්ගලයා ඔය හත් වෙනි ධ්‍යානය ඒවට යනවා. ගිහිල්ලා විමුක්තීන්වලට යනවා. ඉතින් විමුක්තියට ගිහිල්ලා නැති මනුස්සයට හරි ආසයි කොහොම ද ඕකට ගිහින් බලන්න ඕනැයි කියලා. එහෙම නේ. ඒකට ගිහිල්ලා ගිහිල්ලා පුරුදු වෙච්ච මනුස්සයට, මේකත් අච්චර තමයි. ඒ වගේ. එන්න එන්න සැපයි. එන්න එන්න සැපයි, ඒක හරි. ගිහිල්ලා ඊට පස්සේ සැප කියන එක කොච්චර කාලයකට ද? ඒක කල්පනා වෙනවා නේ, මේකේ තත්වේ කියන එක.
ඒ කියන්නේ ඒක උඩ ආශ්‍රවය, ඒකට තිබෙන්නා වූ කැමැත්ත ඒවා ඔක්කොම නැති වෙලා යනවා. ආශ්‍රවයන් කියන ඒවා ඕවගේ තියෙනවා. ඒ කියන්නේ අර සෙල්ලම් බඩුවේ කතාව නේ. ඉස්සර භාවිතා කරපු සෙල්ලම් බඩුවට වඩා හොඳ සෙල්ලම් බඩුවක් බුදුහාමුදුරුවෝ දුන්න. ඒකට වඩා හොඳ එකක් දීල, දීල, දීල අන්තිමට ගත්තහම සෙල්ලම් බඩු ඉවරයි. ඔච්චර තමයි තියෙන්නේ. ලෝකේ වෙන කිසිම සෙල්ලම් බඩුවක් නැහැයි කියලත් මෙයා තේරුම් ගන්නවා. මෙච්චර තමයි සෙල්ලම් බඩු තියෙන්නේ. ඉතින් එතනින් පස්සේ මොකද්ද කරන්නේ?
(අරහත් ඵලය සහ රහත් වීම) ඔව්, ඒක වෙනස්. දැන් ඔය ඉතිවුත්තකයේ තියෙනවා සූත්‍ර දේශනාවක්, ඒකට කියන්නේ ආසවක්ඛය සූත්‍රය කියලා. ඒ ආසවක්ඛය සූත්‍රයේ තථාගතයානන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි පළවෙනියෙන් ම මේ පුද්ගලයාට මේ අරිහත්ව මග්ගය කියන එක, පළවෙනියෙන් ම නෙමෙයි, ඒ අරිහත්ව මග්ගය ඇති වන්නේ ය. ඊට පස්සේ අරිහත් ඵලය ඇති වන්නේ ය. ඒකට පස්සේ, ආශ්‍රවයන් නසන්නේ ය. අන්න ඒ විදිහටයි තියෙන්නේ. අරිහත් ඵලය ආපු පලියට ඒ පුද්ගලයා ආශ්‍රවයන් නසන්නේ නැහැ. ඵලය ඇති වෙච්ච අවස්ථාවේ දී ආශ්‍රවයන් නසන අයත් ඉන්නවා. ඒ කියන්නේ ඒ මොහොතේ ම, මට මේ අවබෝධයත් එක්ක ම මම මේක අයින් කරනවා කියලා අයින් කරන අය ඉන්නවා. පෙළක් අය එහෙම අයින් කරන්නේ නැහැ. අයින් වෙන්නෙත් නැහැ අයින් කරන්නෙත් නැහැ. අයින් කරන්නේ නැතුව අල්ලාගෙන ඉන්න අය ඉන්නවා, ඒ විදිහට. ඉතින් ඒකෙ අවුරුදු ගණනාවක් ඉන්න පුළුවන් ඒ විදිහට.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්