Date: 01/08/2013 Name: Appanahita ceta Vimutti

මං දැන් පන්සිල් අරගෙන දිගට ම මම කරගෙන ගියා. රහතන් වහන්සේ කොහෙන්වත් පටන් ගන්න කිව්වේ නැහැ මට. කොතනකින්වත් පටන් ගත්තෙ නැහැ. මෙහෙම ගිහිල්ලා, මං ඊට පස්සේ ඉවර වෙලා, පන්සිල් අරගෙන ඉවර වෙලා, මම ඇහුවා ඊයේ භාවනාව ම මම කරන්න ද කියලා. එතකොට “හා” කියලා කිව්වා.

ඒ පාර මම ඊයේ භාවනාව ම කරගෙන ගියා. කරගෙන යනකොට මම දැන් මේක ගත්තෙ දැන්, මෝහය කියන එක. රාග දෝෂ මෝහ තුන නැති කරනවා කියන එක නේ. මෝහය කියන එක කොහොම ද ඇති වෙන්නේ කියන අවස්ථාවන් මම ගොඩාක් බලලා තියෙනවා කලින්. භාවනාවන් ගොඩක. අර ඒක එනව නේ, එක පැත්තකින් නිත්‍යයි කියලා පල්ලෙහාට එන එකක් තියෙනවා. අත්තා නිසා මගේ කියලා අරගෙන මිච්ඡා දිට්ඨිය නිසා, එන ඒවත් තියෙනවා. කුක්කුච්චයත් එක්ක සම්බන්ධ වෙලා, එහෙන් එන ඒවා තියෙනවා.

ඔය විදිහට, ඒ කාරණා ටික ඔක්කොම සහිතව මම දැන් කල්පනා කරනවා, දැන් මෙතන මේ, මේක, දැන් ඊයේ භාවනාවේ තියෙන්නේ මිච්ඡා දිට්ඨිය කියන එක ඇති වුණා ම නේ, මේක වෙනවා කියලා. එතකොට සම්මා දිට්ඨිය කියන එක ඇති වෙන්න ඕනෙ. සම්මා දිට්ඨියේ දී අපි දන්නවා, ඉහළ ම වූ සම්මා දිට්ඨිය, දුක්ඛ නිරෝධය කියන එක. තණ්හාව නැති වීමෙන් කියන එක.

එතකොට මේක වෙන්න නම්, අර ඒක ඇති වෙන සමුදය වූ කාරණය කියන එක, නැති වෙන්නට ඕනෙ. එතකොට ඒ කියන්නේ තණ්හාව කියන එක, අභිජ්ඣාව කියන එක නැති වෙන්න ඕනෙ. අර මිච්ඡා දිට්ඨිය නිසා ඇති වෙන්නා වූ අභිජ්ඣාව, සම්මා දිට්ඨිය නිසා අනභිජ්ඣා වෙනවා කියන එක, ඒක තියෙන්න ඕනෙ කියන එක.

එතකොට මේක සඳහා දැන් මගේ, ඒ කියන්නේ පටිච්චසමුප්පාදයේ ඉහළ ම විදිහට ඕක ඇවිල්ලා, ඊට පස්සේ දැන් මම කල්පනා කරනවා, මේ සඤ්ඤාව කියන එක, රෝගයක්. මොන ආකාරයකට සඤ්ඤාව තිබුණත්, රෝගයක්. මේ විදිහට මම කියනවා, දැන් මේ අවස්ථාවේ දී තිබෙන්නා වූ සඤ්ඤාව තියෙනවා නේ, මේක මෙහෙම වෙන්නෙයි කියලා. මේක රෝගයක් කියලා කියන්නේ, මේක දුක්ඛයක්. ඒ කියන්නේ මේ සඤ්ඤාවත් දුක්ඛයක් කියලා, ඒක එනවා. ඉතින් ඒක එනකොට, ඒක තේරුණහම අර තුන් වෙනි පාර දිගේ පල්ලෙහාට බැහැලා මේක වෙනවා කියන එක, ඒකත් එක්ක ම අර විමුක්තිත් මේවා වෙලා, අර අප්පණිහිත චෙතො විමුක්තිය ඒකෙදි එනවා. එතකොට දැන් මේක නේ ද මේ බුදුහාමුදුරුවන් කියන්නේ, මෙතන ඔක්කෝම ගත්තහම, රෝගයක්. එතකොට මේ සඤ්ඤාව රෝගයක් වශයෙන්, සඤ්ඤාව දුක්ඛයක් වශයෙන් මේ බලන්නේ. ඒ කියන්නේ දැන් මම බලන්නේ, සඤ්ඤාව දුකයි, සඤ්ඤාවේ සමුදය, මේ තණ්හාව නිසා ඇති වන සමුදය, සඤ්ඤාව නිරෝධ වෙනවා නම්, සම්පූර්ණයෙන් මේක නිරෝධයි කියන එක.

ඉතින් එතකොට දැන් අර ද්වයතානුපස්සනා සූත්‍රයේ කතාවත් එනවා. “සබ්‌බසඞ්‌ඛාරසමථා, සඤ්ඤා උපරෝධනා.” සඤ්ඤාව සම්පූර්ණයෙන් නැවැත්වීම, සියලු සංස්කාරයන්ගේ සමථය කියන එක, අර ඔක්කෝම දේවල් ටික අයින් වෙනවා කියන එක එනවා. ඕක ඔය විදිහට තියනකොට, දැන් එහෙම නම් දැන් මේ හැම සඤ්ඤාවක් ම රෝගී කියන එක, අර මගේ කලින් අවබෝධයක් තියෙනවා, ඒකත් එක්ක ම දැන් මගේ පවතිනවා, මේක මේ විදිහටයි වෙන්නේ කියලා.

ඒ පාර මම දැක්කා කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මේ මෙතෙන්ට නිල් පාට රෙද්දක් දැම්මා. මෙතන මොකක් හරි එකක් තිබුණා, මෙතෙන්ට දැම්මා නිල් පාට රෙද්දක්. ඒ පාර දැන් මම ගත්තා මේකත් මේ නිල් පාට රෙද්ද ඉතින් විෂ්ණු දෙවියනුත් එක්ක එහෙම සම්බන්ධයි නේ. ඒක කොහොම වුණත්, මේකත් ඉතින් සඤ්ඤාවක් වශයෙන් බැලුවා, මේකත් රෝගයක් කියන එක.

දැන් ඒ පාර මට පේනවා මේ එළියේ දෙවි කෙනෙක් ඉන්නවා. ඒ දෙවි කෙනෙක් ඉන්නවා දැක්කා. ඒ පාර මම කල්පනා කළා, ආ එතකොට දැන් මෙහෙම උණහම දෙවිවරුත් පේනවා. මම ආයිත් ගත්තා මේකත් ඇවිල්ලා නිකම් දුක්ඛය ම තමයි, මේකෙත් ඇති දෙයක් ඇත්තෙ නැහැ කියලා. ඒ පාර, ඒ දෙවියෝ මේ ඇතුළේ ඇවිදිනවා. මේ පැත්තට යනවා. එතකොට මම කල්පනා කළා, අර ලස්සන ඇඳුම තියෙන්නේ, ඒ වගේ තමයි, මේකත් ඉතින් සඤ්ඤාවක් තමයි, මේකත් ඇවිල්ලා, මේකත් රෝගයක්. මේකත් නතර වීම හොඳයි කියලා. අර ඒ විදිහට ම ඒක මනස පැවැත්වූවාට පස්සේ ඉතින් අර එහෙම ම මනස හෙල්ලෙන්නේ නැතුව හිටියා. ඒවා දැක්කයි කියලත් අප්පණිහිත චෙතො විමුක්තිය, ඒක ඒ විදිහට ම දුක්ඛයි කියන එක හැටියට, ඒක හිටියා.

ඉතින් ඒක තමයි මගේ භාවනාව.