Date: 02/08/2013 Name: Upasamadhittana bhavana

මගේ භාවනාවට තිබුණේ, අර බුදු පියවරුන්ව සිහි කරලා, ඊට පස්සේ, මම මේ භාවනාව, අර ලෝභ දෝෂ මෝහ තුන ම ගැන භාවනාවක් මගේ පහුගිය දවස් ටිකේ ම රහතන් වහන්සේ මට පුරුදු කළා. ඉතින් ඒකේ තියෙන්නේ ඔය චතුරාර්ය සත්‍ය කියන එක තමයි, ඉහළ ම පටිච්චසමුප්පාදය. කෙටියෙන් ම කියනවා නම් ඒක තමයි පේන්නෙ. ඉතින් මේ භාවනාව ටිකක් ගැඹුරුයි, ඒ විදිහට ගත්තහම. පැහැදිලි කරන්න ගියොත් ගොඩක් වෙලා යාවී.

කෙටියෙන් කියනවා නම් ඔය සම්මා දිට්ඨිය කියන එකේ තියෙන්නෙ, ඉහළ ම වූ සම්මා දිට්ඨියේ තියෙන්නෙ, දුක්ඛ නිරෝධය පමණයි. ඒක ඉහළ ම වූ ප්‍රඥාවක්. දුක්ඛ නිරෝධ සත්‍යයේ තියෙන්නා වූ දේ විතරයි පවතින්නේ.

එතකොට අපි තේරුම් ගත්තොතින් කොයි වෙලාවක හරි, පටිච්චසමුප්පාදය කියන එක, හැදෙනවා නම්, මගේ විඤ්ඤාණය පිහිටනවා. මෙන්න මේ දේ යම්කිසි කෙනෙක් තේරුම් ගත්ත ද, තණ්හාව නිසයි මේක වෙන්නේ කියලා තේරුම් ගත්තොතින්, අභිජ්ඣාව කියන එක, අපි පහ කරනවා ද, මොකද සම්මා දිට්ඨියෙන් තමයි අභිජ්ඣාව කියන එක පහ කරන්නේ, අර ඉහළ ම වූ සම්මා දිට්ඨියෙන්, අපි පහ කරනවා අභිජ්ඣාව කියන එක. ඉහළ ම සම්මා දිට්ඨියේ තියෙන්නේ, මට අභිජ්ඣාව එපා කියන එක.

එතකොට, මම විඤ්ඤාණය සකස් වෙනවා කියලා දැනගෙන, ඒ විඤ්ඤාණය සකස් වෙන්න නොදෙනවා. ඒ කියන්නේ පටිච්චසමුප්පාදය වෙන්න ඉඩ නොදෙනවා. පටිච්චසමුප්පාදයෙ ඉන්න නොදෙනවා කියලා කියන්නේ, අභිජ්ඣාව කොයි වෙලාවක හරි නැති වුණා නම්, මේක නැති වෙනවා කියන එක තේරුම් ගන්න ඕනේ. ඒක තමයි අර දෙවෙනි සත්‍යයෙයි, තුන් වෙනි සත්‍යයෙයි තියෙන්නෙ, චතුරාර්ය සත්‍යයේ. ඒක තමයි ඉහළ ම වූ පටිච්චසමුප්පාදය. අනෙක් පටිච්චසමුප්පාදයන් මේකෙ ඇතුළේ තියෙන්නෙ. ඔය සැරියුත් හාමුදුරුවෝත් පෙන්නුවා නේ, ඕක මහා හත්ථිපදෝපම සූත්‍රයේ පෙන්නුවෙත් ඕක තමයි, සියලු ධර්මයන් මේකෙ ඇතුළේ තියෙන්නෙ කියන එක. ඉතින් මට ඕක අවබෝධ වුණා.

එතකොට දැන් ඔය භාවනාවට තමයි මගේ ආවේ එකපාරට ම. ඒක එනකොට හොඳ ලස්සන උදාහරණයකුත් ආවා. අර beep ගාන එක. සංස්කාර. ඕක ම තමයි මම ගත්තෙ. එතකොට මෙතන, මේක සංස්කාරයක්. මේක හැදවීමක්. මේ සද්දය කියන එක අපි ඉවසන්නේ නැතුවයි අපි මේක හදා ගන්නේ. වේදනාව සඳහා හදන චිත්ත සංස්කාරය අපි ඉවසන්නේ නැතුව අපි එතෙන්ට නැවත නැවතත් යනවා. මේකේ එනකොට මේ සද්දයේ කතාව මගේ දැන් මේවා වේගෙන යනවා. එතකොට මම හැබැයි මේක අල්ල ගත්තා, දැන් මේ සද්දය ගත්තහම, දැන් මනුස්සයෝ හිතනවා දැන්, අපිට දැන් අරක අයින් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මගේ කියලා ගන්න පුළුවන්. දැන් මගේ අර ඉස්සෙල්ලා ධර්මයත් එක්ක ම යි එන්නේ. මේක මිච්ඡා දිට්ඨියේ දී තියෙන්නේ මං මේක ගන්නවා, මේකට ඉඩ දෙනවා. මේ දේ සිද්ධ වෙන්න ඉඩ දෙනවා. මගේ කියලා ගැනීමක්.

එතකොට දැන් මේ මගේ කියලා ගන්නවයි කියන එක දැන් කවුරු හරි කෙනෙකුට off කරන්න පුළුවන්. අන්න ඒ වාගේ. හැබැයි සතෙක් කෑ ගහනවා නම් අපි සතාව අයින් කරන්න යන්නෙ නෑ නේ. එතකොට උන් ඕන තරම් කෑගහනවා. එතකොට මෙතන තියෙන්නෙ අර මගේ කියලා අරගෙන විඤ්ඤාණය පිහිටීමට තමයි මේ ඉඩ දෙන්නෙ කියලා. එතකොට මේවා එතකොට මේ සංස්කාර. මේ සංස්කාර මගේ නෙමෙයි කියන එක මං ගන්නවා. එතකොට මේ සංස්කාර මගේ නෙමෙයි කියලා ඒ ගන්නවා කියන එක ගත්තහම, ඉතින් මට සුඛාපටිපදා දන්ධාභිඤ්ඤාවේ තියෙන්නා වූ එක කෙළින් ම ආවේ සඤ්ඤාව මගේ නොවීමට, සංස්කාර මගේ නොවීමට, මේවා දෙකක් තියෙනවා.

දැන් ඊට පස්සේ දැන් මං කියනවා, මේ සංස්කාර නිසා විඤ්ඤාණයකුයි හැදෙන්නේ. දැන් මෙන්න මේ විඤ්ඤාණය මගේ නොවෙන්නට ඕනෙ. හතර වෙනි පාරේ තියෙන විරියත් ආවා. විඤ්ඤාණය මගේ නොවෙන්නට සඤ්ඤාව සංස්කාරය විඤ්ඤාණය තුන ම මගේ නොවෙන්නට ඕනෙ. ඒ කියන්නේ මේ විඤ්ඤාණය පිහිටන්න ඉඩ නොදෙන්න ඕනෙ. මේක ම නේ මුල ඉඳන් ම කියන්නේ.

දැන් ඕක කියනකොට මට අර මෙතනින් සති ඉන්ද්‍රියයි, සති ඉන්ද්‍රියෙන් ඇතුළට අර ඇහැ දැනෙනවා කියන්නකො, physically ම දැනෙනවා. මෙතනින් යම්කිසි කූරක් මේ පැත්තට බස්සලා, ඒ කූර දිගේ අර ඇස් දෙක හරහා මේ පැත්තට ගිහිල්ලා, මෙතනින් ඇතුළෙන් අර මේ පැත්තෙන් මේ විරිය ඉන්ද්‍රිය කියන තැනට එනකල් ම ඇවිල්ලා තියෙනවා. මේක ලස්සනට සම්බන්ධ වෙලා තියෙනවා, මෙතන අර උපෙක්ඛාවේ අප්‍රමාණය කියන එක මෙතන මේ විදිහට ඇවිල්ලා, මේකෙ මේ දෙකෙන් ඇවිල්ලා.

මේක සහිතව ඉන්නකොට මට කල්පනා වුණා, මේ දේ, මෙහෙම පවතිනවා කියලා කියන්නේ, ඒ කියන්නේ සංස්කාරයන් මගේ නොවෙනවා කියලා කියන්නේ, මම අර රැල්ලට ඉඩ දෙන්නේ නැහැ. සංස්කාරයෙන් හැදෙන්නා වූ විඤ්ඤාණ රැල්ල තියෙනවා නේ. ඕකට ඉඩ දෙන්නේ නැහැ. මේ කියන්නේ මොකක් ද, අර ඕඝ diagram එකේ තියෙන්නා වූ, අර සිතට ස්ථාන වන තැන්වලට මම ඉඩ දෙන්නේ නැතෙයි කියන එකයි. සිතට ස්ථාන වෙන තැන් කියන්නේ අර විඤ්ඤාණයේ, විඤ්ඤාණයේ අර පැවැත්මක් තියෙනවා නේ, අන්න එතනට මම ඉඩක් දීමක් ඒකෙ නෑ. මේ රැල්ල හදලා, රැල්ල උඩ මම ඉන්නවා කියලා කියන්නෙ නෑ. මුහුදේ රැල්ලක් හැදුණහම, දැන් රැල්ල උඩ මම ඉන්නවා කියලා කියන්නේ, අර මිනිස්සු අර බෝඩ් එකේ යන එක්කෙනා, රැල්ලත් එක්ක ඇවිල්ලා, රැල්ල උඩ ඉන්නවා. තමන් ම හදාගත්ත රැල්ලෙන්, රැල්ල උඩ තමන් ඉන්නවා. මෙන්න මේක තමයි අර ඕඝ diagram එකේ අර සිතට ස්ථාන වන තියන අධිට්ඨානය කියන එක මොකක් ද කියන එක, ඒක මට ආවා හරියට ම. මේ අධිෂ්ඨානය උඩ මෙතන ඉන්න දෙන්න නැතැයි කියන එකයි, විඤ්ඤාණයට පවතින්න.

ඉතින් මේක හරි ම සැපයි. ඒක තේරෙන්න, තේරෙන්න. එතකොට ඒ පාර මේ පැත්තෙන් ආවා, හරියට දැන් මෙතනින් ඇතුළට එකක් ගිහිල්ලා මේ පැත්තට ඇවිල්ලා නේ. දැන් මෙතනින් ආපහු ආවා, ප්‍රඥාව. දැන් එතකොට මේ ඉස්සරහින්, මේකෙ එන්නෙ නිකන් 3D object එකක්. මෙතනින් ප්‍රඥාව, ප්‍රඥාවෙන් සතියට, සතියෙන් මේකෙ ඇතුළට, ඇතුළෙන් අර ඇස් දෙකෙන් සම්බන්ධ වෙලා එන සුඛය සහිතව එක, ඊට පස්සේ, පිටි පස්සෙන් මෙතන විමුක්තිය, උපෙක්ඛා අප්‍රමාණය. මේක ලස්සනට තියෙනවා.

දැන් රහතන් වහන්සේ මට “ඇතියි” කියලා කිව්වා ඒ වෙලාවෙ. දැන් ඇතියි කියලා කිව්වහම ඉතින් මම දැන් ආපහු මේක, යන්නෙ නෑ. මෙතන තියන එක යන්නේ නෑ. නළලෙම තියෙනවා ඒක. එතකොට උපෙක්ඛා අප්‍රමාණය. ඒ පාර මම ආපහු අනිත් අයට කියන්න මේක ආපහු සිහි කරනවා ද කිව්වා ම රහතන් වහන්සේ එහෙනම් පින් දීලා අවසන් කරලා ඉවර වෙලා ඒක කරන්නයි කිව්වා. ඉතින් මේක එහෙම කරා. කරලා ඉතින් ඉවර වෙනකොට, ආපහු, මෙහෙම කරනකොට මේක එනවා.

මේක නේ මේ රහතන් වහන්සේලා කරන්නේ. සිතට ස්ථානයක් වෙන්නට දෙන්නේ නැහැ. මේක නසන්නේ ඒක නේ, ඕඝ නසනවා කියන්නෙ. උපසමාධිට්ඨානය, මේ භාවනාව. තනිකර භාවනාව උපසමාධිට්ඨානය. උපසමාධිට්ඨානය කියන එක, අර ඊයේ, පෙරේදා දිගට ම කළේ. රාග දෝෂ මෝහ කියන එක, තුන ම එකපාරට කළේ. එතකොට රාග ද්වේෂ මෝහ තුනට ම පවතින්න ඉඩ දෙන්නෙ නෑයි කියන එක තමයි උපසමාධිට්ඨානයේ තියෙන්නේ. කොහෙන් ආවත්, අර මහා පර්වතයක්, කොච්චර හුළඟක් ආවත් හෙල්ලෙන්නේ නෑ. ඒක ඒ විදිහටයි ඒක නැංවූවාට පස්සෙ. ඒ කියන්නෙ කිසිම සංස්කාරයකට මේක හෙල්ලෙන්නේ නෑ. මේක තමයි මගේ භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_floods.jpg