Date: 02/08/2013 Name: Upekka Appamana

අද උදේ භාවනාව, මම ඒ බුදුපියවරු සිහි කළා. ඉතින් ඒ මණ්ඩලාධිපති බුදුපියා ඒ ශ්‍රේෂ්ඨතම බුදුපියා හැටියට මෙනෙහි කරලා, ඉතින් මම කල්පනා කළා ඉතින් මේ මෙච්චර මේ ශ්‍රේෂ්ඨ වූ මේ බුදුපියාණන් වහන්සේලාගේ, මේක මේ, අපරාදේ මේ අනෙක් මනුස්සයෝ මේක ලබා නොගන්නේ කියන එක. ඒ කියන්නේ මේ වගේ ආශිර්වාදයක් ලබා ගන්න පුළුවන් අවස්ථාවක, කෙනෙක් ලබා නොගන්නවා නම් ඉතින් ඒක හරි අපරාධයක් කියන එක වශයෙන් මට කල්පනා වුණේ. ඉතින් ඔය විදිහට ඒ බුදුපියවරු දාහතර නම ම මම මෙනෙහි කළා.

මෙනෙහි කළා ම ඉතින් ඒ පුදුමාකාර විදිහට අර විමුක්තිය සහිතව මගේ මේවා ඇති වුණා. ඒ ඇති වෙලා තිබිලා ඉතින්, මට අද ඉතින් මම මේගොල්ලන්ට, දැන් මෙතන ඉන්නව නේ හත් අට දෙනෙක් ම ඇවිල්ලා ඉන්නවා උදේ හය හමාරේ භාවනාවට, ඉතින් මම ඒ පාර මේගොල්ලන්ට අර පන්සිල් එහෙම දුන්නා. දීලා ඉවර වෙලා, ඉතින් මට කිව්වා, පටන් ගන්නෙයි කියලා අර මෝහය ඇති වෙන එකෙන්.

එතකොට ඒ මෝහයේ කතාවෙදි ඉතින් මම අද මෝහය බැලුවා ඒ හැම පැත්තෙන් ම ඇති වෙන විදිහ. කාමච්ඡන්දය, ව්‍යාපාද වෙලා අර හතර වැනි කොටුවට ඇවිල්ලා, පලාසය තියන කොටුවට ඇවිල්ලා, එතන ඇති වෙන මෝහය.

ඊළඟට ගත්තහම, මේ දෙවෙනි පාරෙන් අර අපිට එනව නේ, සීලබ්බත පරාමාසය හරහා ඇවිල්ලා, එනවා මෝහයක්. ඊට පස්සේ ආපහුත් එනවා ද්වේෂය නිසා ඇවිල්ලා භව ආශ්‍රවයෙන් ඇති වෙන්නා වූ, අවිද්‍යා ආශ්‍රවයෙන් ඇති වෙන පට්ඨාන පාලි තුනේ link එකෙන් එන මෝහය. ඊළඟට ආපහු ගත්තහම, ආයෙත් එනවා, අත්තා කියලා ගැනීමෙන් ඇති වෙන්නා වූ මෝහය. දිට්ඨි ආශ්‍රවය නිසා ඇති වෙන්නා වූ මෝහය. ඊට පස්සේ ආයෙත් මට එනවා අවිද්‍යාව, ඒ කියන්නේ අවිද්‍යාව ඇති වෙනව නේ අතන අර විපල්ලාස නිසා, ඒ කියන්නේ නිත්‍යයි කියලා අරගෙන එතනින් ඇති වෙන මෝහය. එතකොට මේ විදිහට හැම පැත්තෙන් ම එන්නා වූ මෝහය කියන එක මට ආවා.

ඒ මෝහය කියන එක ආවට පස්සේ, මේ මගේ කවදාවත් වුණේ නෑ මේක, මේ, අර නළල සාමාන්‍යයෙන් පත්තු වෙනව නේ මගේ හතර වෙනි මේවාත් එක්ක. ඒක පත්තු වෙන එක, ඒක මට තේරුණා, මේක නිකම් නළල වෙනස් වුණා කියලා. ඒ නළලේ වෙනස්කමක් ඇති වෙලා, ඒකත් එක්ක දැන් මම ඉන්නවා මොකක්වත් හිතන්නේ නැතුව, මට ම පේන්න ගත්තා මාව. ඒ කියන්නේ මගේ ශරීරය මට පේනවා දැන්. ඒ කියන්නේ මනෝමය කායක්, ඒක හැදිලා කොහොම හරි ඒක හෙල්ලෙන්නැතුව මේක පේනවා. ඒ එක්ක ම මේ ඉස්සරහ ඉන්න අය ඉන්නව නේ. ඒ ඉන්න අය, මට පේන්න ගන්නවා ඒගොල්ලන්ගේ අර කලින් භවය. මෙතන මේ, රහතන් වහන්සේ මට ඊයේ රෑ කිව්වා, මේ මෙතන ඉන්න කට්ටිය ඔක්කෝමලා, ඊයේ දවසේ හිටපු ඔක්කෝමලා, ඒ මහා කප්ප තිස් හතරේ ඒ හිටපු ඥාතීන් කියලා, එතන දී. එතකොට මේ කියන්නේ පවුල් තුනක ඉන්නවා, ඉතින් ඔය විදිහට. ඒ අයව, මට ඒ කාලේ ඒවා, පේන්න ගත්තා.

ඒ කීප දෙනෙක්ගේ එහෙම දැක්කා, මේ මෙයා එහෙම මහණ වෙලා. කවුද ඔය, මේ ගීතමාලි එහෙම, ඒ භවයේ දී මහණ වෙලා. ඒකත් පේනවා. ඒ වගේ, ඔය කට්ටිය ඉතින් සෑහෙන්න ඒ විදිහට මට ඒක පේන්න ගත්තා. ඔහොම පේන්න අරගෙන ඉතින්, ඒ හෙල්ලෙන්නේ නැහැ මනස හැබැයි. ඔහොම තිබිලා, මම භාවනාවෙන්, ඔය දැන් මේ මෙතන ඉන්නවා, කවුද ඔය, කමලාසන දෙවියන්ගේ මල්ලි. ඒ කියන්නේ රහතන් වහන්සේගේ මල්ලිගෙ, මල්ලි ළඟට, ඊළඟට නංගි, ආපහු මේ මල්ලි කෙනෙක් ඉන්නවා මෙතන, හෙන්රි කියලා එක් කෙනෙක්. ඉතින් එතකොට, කවුද මේ, මෙයාගේ අක්කා ඉන්නව නේ, කවුද මේ, ගීතමාලිගේ husbandගේ අම්මා ගත්තහම, ඒ රහතන් වහන්සේගේ sister කෙනෙක්. ඒ කියන්නේ ඇවිල්ලා, ඒ කාලෙත් අර පවුල් දෙකක් තිබිලා තියෙනවා අර තපස්සි බුදුසීයගේ, එක ම තාත්තා, අම්මලා දෙන්නෙක් වෙන. එතකොට එහෙම අක්කා කෙනෙක්. එතකොට එයාගේ දරුවෝ තමයි ඔය සෝභිතයි, ඒ අක්කයි, ඒ දෙන්නත් ඉන්නවා ඒකේ, ඒ පවුලේ ඒ විදිහට.

එතකොට ඔය විදිහට ඉතින් මම ඒ අය ඔය විදිහට දැකලා, ඉතින් පස්සේ දැන් මම රහතන් වහන්සේ ඇතියි කිව්වායින් පස්සේ, මම ඒ ආපහු අර කෘතඥතාවය පළ කරනකොට, අර මගේ අර වෙනදා තියනව නේ මම කිව්වේ අර ඉඳලා හිටලා ඇති වෙන්නේ, අර පළවෙනි බුදුපියයි දෙවෙනි බුදුපියයි අතර වෙනසක් නැති උපෙක්ඛාවක් තියනව නේ. ඒ කියන්නේ 2500 නමකින් බණ ඇහුවාය, 2100 නමකින් බණ ඇහුවාය කියලා වෙනසක් නැති උපෙක්ඛාවෙන් තමයි මම ඒ කෘතඥතාවය පල කළේ.

ඒ කියන්නේ මේක උපෙක්ඛා අප්‍රමාණය කියන එක පුදුමාකාර විදිහට එතන තිබිලා තියෙනවා. ඒකයි අර, ඒ සත්වයන් නිකම් සිහි කරන්නෙත් නැතුව, නිකම් ඒ පේන්න ගත්තේ.

ඉතින් ඒක තමයි ඔය භාවනාව.