Date: 03/08/2013 Name: Satara Appamana

අද භාවනාවට මම කළේ, ඒ මණ්ඩලය සිහි කළා, මම මුලින් ම. ඒ මණ්ඩලාධිපති බුදුපියාගෙන් පටන් අරගෙන සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා සිහි කරගෙන ගියා. සිහි කරගෙන ගිහිල්ලා, ඒ කියන්නේ ඉතින් මේ උදව් උපකාර කළාට, මේ ධර්මය දෙන්නට, මේ විදිහට මේ පාරමිතාවලට, ප්‍රාර්ථනාවලට, උදව් උපකාර කළාට කියලා මේ විදිහට පවත්වලා, ඒ පාර මට ඒ පන්සිල් ගන්නකොට කිව්වා, “අර පංචබලයන් පංචඉන්ද්‍රියන් බවට පත් කරමි කියන තැනින්, එතැනින් පටන් ගන්න” කියලා.

එතැනින් ඒ පටන් ගන්නකොට, මම අර, කෙළින් ම පටන් ගත්තේ ඒ මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛා. ඒ කියන්නේ මේ නිර්වාණයේ දොර, මේ සත්වයන්ට නොවැසේවා කියලා. නිර්වාණයේ දොර, සත්වයන්ට විවෘත වී පවතීවා කියලා තමයි, මම පටන් ගත්තේ. එතකොට ඒකත් එක්ක මම දිගට ම, දැන් ඔය නිර්වාණයේ මුඛය කියලා කියන්නේ, මෙත්තාවයි කරුණාවයි මුදිතාවයි උපෙක්ඛාවයි. ඔය හතර තමයි නිර්වාණයේ මුඛය. එතකොට ඒ මුඛය නොවැසේවා කියලා තමයි මම පවත්වන්න පටන් ගත්තේ. එතකොට එහෙම පැවැත්තුවා ම, ඒ මෙත්තාව කරුණාව මුදිතාව උපෙක්ඛාව හතර ම ආවා. එක දිගට ම මොකුත් ම දෙයක් නෑ, ඒ හතර ම පැවතුණා. ඉතින් ඒ පාර මම ඒ හතර පුදුමාකාර විදිහට මේ දිසාවල්වලට මම පැවැත්තුවා. මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛා කියන හතර. ඒක පුදුමයි. පුදුම strong ඒක. ඒක පවත්වාගෙන ඉඳලා, එතකොට දැන් මිනිත්තු 20ක් ගිහිල්ලා, රහතන් වහන්සේ කිව්වා, “දැන් ඇති” කියලා.

ඊට පස්සේ, මම මෙනෙහි කරලා බැලුවා, මේ මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛාවයි, දැන් මට කිව්වෙ පංචබලයන් පංචඉන්ද්‍රියන් බවට පත් කරනවා කියන එක නේ, එතකොට ඉන්ද්‍රියයි අතර සම්බන්ධතාවය මොකක් ද කියන එක. එතකොට රහතන් වහන්සේ උදව් කළා මුලින් ම, ඒ මෙත්තාව කියන එකෙන් සති ඉන්ද්‍රිය කියන එක ඇති වෙනවා කියන එක. සතියෙන් මෙත්තාවට යනවා. මෙත්තාවෙන් සති ඉන්ද්‍රිය පවතිනවා. ඊට පස්සේ මට පේනවා, මේ කරුණාව තියෙනවා නම් සමාධි ඉන්ද්‍රිය පවතිනවා. ඊළඟට, මේ මුදිතාව තියෙනවා නම් විරිය ඉන්ද්‍රිය කියන එක පවතිනවා. ඒ කියන්නේ මුදිතාවෙන් විරියට යනවා. විරියෙන් මුදිතාවට යනවා. අර සතිය වගේ ම තමයි ඒ දෙක, එකට වැඩ කරන්නේ. උපෙක්ඛා ඉන්ද්‍රිය ගත්තහම, ප්‍රඥාව. උපෙක්ඛා ඉන්ද්‍රියෙන් ප්‍රඥාවයි වැඩි වෙන්නේ. අර වඩුවාගේ කතාවත් එක්ක එන ඒ දේ නේ තියෙන්නෙ. එතකොට උපෙක්ඛා ඉන්ද්‍රිය. දැන් එතකොට ඉන්ද්‍රිය හතර තියෙනවා.

දැන් මං කල්පනා කළා මේ ඉන්ද්‍රිය හතර මේ හතරෙන් මෙතන ඇති වෙනවා. එහෙම නම් දැන් එකක් missing නේ. ඒ ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන එක. එතකොට ඒ ශ්‍රද්ධා ඉන්ද්‍රිය, මේ ටික තියන නිසා තමයි ශ්‍රද්ධා ඉන්ද්‍රිය තියෙන්නේ. ඉතින් දැන් ඥාන පථය ලස්සනට එනවා. ගිහිල්ලා ඇවිල්ලා, මේ තුන මෙහෙම ඇවිල්ලා, මෙතැනින් ශ්‍රද්ධාව. ඕගොල්ලෝ තාම දන්නේ නෑ ඥාන පථය, අපි 4 වෙනි දවසේදි කරන්නේ. ඒකත් එක්ක, මේක ඇති වෙලා තියෙනවා කියන එක. ඒක තමයි මගේ භාවනාවට තිබුණේ. බොහොම ලස්සනට ගියා ඒ භාවනාව.