Date: 04/08/2013 Name: Potaliya to Upekka appamana

අද මගේ භාවනාවේ දී මම ගත්තෙ, මට බලන්නයි කිව්වේ, ඉද්ධිපාද හතර. ඒ ඉද්ධිපාද හතරේ, අද පටන් ගත්තේ පෝතලිය සූත්‍රය විදිහට. පෝතලිය සූත්‍රය ගත්තහම දැන් අපි පටන් ගන්නේ පාණාතිපාතා, අදින්නාදානා කියන එක. එතකොට ඕකෙන් අපි දන්නවා අර භාවිත කාය විදිහට ඒ පැත්තෙන් ඇවිල්ලා, එතනින් අපි එනවා ඡන්ද සමාධියට.

ඡන්ද සමාධියට එනවා කියන එක බැලුවා ම, ඊළඟ දෙක, කාරණා අටක් නෙ, ඊළඟ දෙක ඒකෙ වැටෙන්නේ විරිය සමාධියට ඕකෙ. ඡන්දය, ඊට පස්සේ ඇති වෙන්නේ විරිය සමාධිය. මොකද විරිය සමාධිය වෙන්නේ අර මුසාවාදා, පිසුණා වාචා කියන දෙක ගන්න ඕනෙ මෙතෙන්දි, මේ අර මක්ඛයයි පලාසයයි කියන දෙක අර්ථයෙන්.

ඒ කියන්නේ, මක්ඛයයි පලාසයයි කියන දෙක අර්ථයෙන් එන්නේ, දැන් මම මුසාවාදය එපා කියලා කියන්නේ අර සත්‍යයට විරුද්ධව නේ යන්නේ. දැන් මගේ කියලා අරගෙන තමයි මුසාව ඇති වෙන්නේ. එතකොට අපි කරන්නේ මොකක් ද, මගේ කියලා ගත්තොතින් තමයි, ඔය මක්ඛය එහෙම ඇති වෙන්නේ.

ඊළඟට අර අඟුරු කතාවේ තියෙන්නේ, පිසුණා වාචය, එතෙන්දි ඇවිල්ලා පලාසය කතාව. එතකොට දැන් මෙතෙන්දි අර විරිය ඉද්ධිපාදයට යන එක තමයි මේ තියෙන්නේ. මේ දෙක නැති කරනවා කියන එක.

ඔය ඔතන සම්බන්ධතාවයක් තියෙනවා, අර බුදුහාමුදුරුවෝ කිව්වා නේ, අතෙන්දි අර, ඒ සතාව මරණ ඒවා නොකරන එක්කෙනාට ඒකෙ දැවීමක් ඇති වෙන්නේ නැතෙයි කියලා. දැන් ඒ මරණකොට අපි ඒ සතාට දෙන දුක වේදනාවට තමන් කැමති වෙනවා නම්, ඒ කැමති වීම කියන එක නිසා, විඤ්ඤාණය එතන පිහිටීමක් තියෙනවා නේ. ඒ පිහිටීම කියන එකත් දැන් නැති වෙනවා මෙතන, මේ විදිහට. එතකොට චිත්තයේ ම තියෙනවා ඒ අවිහිංසාව කියන එක. ඉතින් ඒක ඇති වෙනවා. එතකොට ඒ දෙවෙනි එකට ඕක ආවා.

දැන් අපිට මුලින් තිබුණා ඡන්දය, පස්සේ ඡන්දයෙන් ආවා විරියට. විරියෙන් දැන් එනවා, චිත්තයට. ඒ චිත්තය තමයි, දැන් මේ පැත්තට ඇදෙනවා ගිද්ධිලෝභයෙන්. අනෙක් පැත්තට ඇදෙනවා, අර තියෙනවා නේ, අර reputation එකට යන එක, නින්දාරොසය. මේ පැත්තට යන එක, පහයි, හයයි. ඒකෙන් තමයි, චිත්තය wobble වෙන එක. ඒක නවත්තන්න තියෙන්නේ. එතකොට අපි දැන් උඩින් ඡන්දය, ඊට පස්සේ විරියට ආවා, විරියෙන් ආවා චිත්තයට. දැන් පේනවද, අර චක්‍රය මේ පැත්තට දැන් කැරකෙනවා.

ඊට පස්සේ විරියෙන් එනවා, විමංසාවට. මොකද විමංසාවෙදි කියන්නේ, මට ද්වේෂය එපා කියලා. ඊළඟ කාරණා දෙකේ තියෙන්නේ ද්වේෂයයි, ඒක නිසා ඇති වුණා වූ මානයයි. ද්වේෂය, උද්ධච්චය තියෙනවා, එතන ඒකත් එක්ක ඇති වෙන මානය, ඒක තමයි අයින් කරන්නේ. ඒක වැටෙනවා, විමංසාවට.

දැන් මෙන්න මේ විදිහට ආවහම මනස, ඔය හතර භාවනා කරලා තමන්ගේ ඔළුව ගත්තහම, උපෙක්ඛාව හෙල්ලෙන්නේ නැහැ. ඒක විශාල වෙලා උපෙක්ඛා අප්‍රමාණය එහෙම ම පවතිනවා. වැටෙන්නේ නැහැ, තමන්ගේ ඒක. එතකොට මම මේ වෙලාවෙදි කල්පනා කළා උපෙක්ඛා අප්‍රමාණය කියන එක මම තෝරා ගත්තා. තෝර ගත්තා කියලා කියන්නේ, මේ තියන condition එක යටතේ මම දැන් බැලුවා දැන් මට පේනවා, මේ ඔක්කොම හොඳයි. ඒ කියන්නේ ඡන්දය ඇර. ඡන්දය ඇර, මට පේනවා, අනෙක් ඒවායේ active ගතිය වැඩිකම මට පේනවා. මට තේරෙනවා, මට චෙතො විමුක්තිය කියන එක මේ වෙලාවේ නැහැ. හැබැයි මේ උපෙක්ඛාව නම් බොහොම සැරට තියෙනවා. එතකොට මම කල්පනා කළා මේකේ මේ නැද්ද ප්‍රඥා විමුක්තියේ තියන එකත් නැද්ද කියන එක. ඉතින් ඒකටත් එච්චර අගයක් දීලා නැහැ. ඒ දෙපැත්තට ම නැහැ. තනිකර උපෙක්ඛාවක් පවතිනවා. උපෙක්ඛාව පවතිනවා කියලා කියන්නේ මතක ද අර New Zealand වල දී මම කිව්වා, අර උපෙක්ඛාවෙන් අප්‍රමාණයට ගිහිල්ලා එතෙන්දී අර බුදුපියවරු සිහි කළා ම බුදු පියවරුන්ගේ වෙනසක් මට නැති වුණා ය කියලා. අන්න ඒ වගේ.

දැන් ඊට පස්සේ මට ඇතියි කිව්වා. දැන් මිනිත්තු විසිපහයි මේකට ගිහිල්ලා තියෙන්නේ. ඇතියි කිව්වා. මම දැන් නැවැත්තුවා. කරලා, මම ආපහු කෘතඥතාවය පල කරන්න බලනකොට, අර විදිහට ම උපෙක්ඛාව පවතිනවා. හරි powerful ඒ පෝතලිය සූත්‍රයේ ඒ භාවනාව, ඒක තේරෙනවා නම් ඒ level එකට.

එතකොට ඒ ඡන්ද විරිය, චිත්ත විමංසා. Order එක, ඕක මාරු වෙනවා නේ ඔතෙන්දි.

ඒ විදිහට තමයි ඒ භාවනාව ගියේ.