මගේ භාවනාව, මෝහය හැදීම පිළිබඳවයි භාවනාව ආවේ. මෝහය කියන එක, මේ මෙතන තියෙන මෝහය තියෙනවා නේ, පල්ලෙහායින්. ඔන්න ඔය මෝහය, ඒ කියන්නෙ, ලෝභ දෝෂ මෝහ භාවනාව.
එතකොට මේ මෝහය හැදෙනවා කිව්වා ම, මේ මෝහයට එන්නා වූ කාරණා ගොඩක් තියෙනවා. එකක් තමයි මේ, අපිට මෙතැන තියෙනවා අවිද්‍යාව. උඩින් තියනව නේ අවිද්‍යාව. ඒ අවිද්‍යාව ඇති වෙන්නේ අර විපල්ලාස ටික නිසා. විපල්ලාස දොළහක් තියෙනවා නේ. අසුභය සුභයි කියලා සඤ්ඤා, චිත්ත, දිට්ඨි. ඔය විදිහට දෙවෙනි පාරේ දුක්ඛ වෙච්ච දේවල් සුඛයි කියලා සඤ්ඤාව චිත්තය දිට්ඨිය. ඒ තුන් වෙනි පාර එනකොට, අනත්තේ අත්තා කියලා සඤ්ඤා චිත්ත දිට්ඨි. ඊළඟට අපිට එනවා, අනිත්‍යයේ නිත්‍යයි කියලා සඤ්ඤාවයි චිත්තයයි දිට්ඨියයි. එතකොට එතෙන්දි අපිට කාරණාවන් ගත්තහම දොළහක් තියෙනවා. ඔන්න ඔය දොළහ නිසා මේ හරියෙන් ඇති වෙන්නා වූ අවිද්‍යාව කියන එක තියෙනවා, අවිද්‍යා යෝගය එහෙම තියෙන්නෙ. අන්න ඒ හරියෙන් අවිද්‍යාව කියන එක අපිට තියෙනවා. එතකොට ඕක නිසා මෝහය ඇති වෙනවා කියන කතාවක් තියෙනවා.
අනෙක් අතට ගත්තහම, ඔයගොල්ලන්ට පේනවා, මේ අනත්තේ අත්තා කියලා ගැනීම හේතු කොටගෙන කෙළින් ම ඒ අවිද්‍යා ආශ්‍රවය තියන තැන මෝහයක් ඇති වෙනවා. එතකොට, ඒකත් අර ලොකු මෝහයට contribute වෙනවා. එතකොට, මේවා මේ මං කලින් ඔක්කොම බලලා තියෙන භාවනාවන්.
එතකොට මෙතෙන්දි තවත් එකක් තියෙනවා, මෙතන තියෙනවා, මේ මමං කියන එක්කෙනා, උඩ ඉන්නේ. අර බාහිර වස්තුවේ පරිග්ගහය ගැන අපි කතා කළේ. ඒ මමංකාරය, උඩ තියෙන්නේ. ඒක නිසා ඔයගොල්ලන්ට පේනවා, මෙන්න මෙහෙම ඇති වෙනවා කියලා, දැන් මෙතන පේනවද මේ අවිද්‍යාව කියන තැනට පොඩ්ඩක් උඩින් තමයි මෙතන තියෙන්නේ, අර අනිත්‍යයේ නිත්‍යයි කියන එක, ඇවිල්ලා තියෙන්නේ මෙතන, නේ ද? මේ ලකුණු කරලා තියෙන තැන. තැන, මෙතැනයි කියලා ගන්නකො අවිද්‍යාව කියන තැන. එතකොට මේ මමංගේ නිසා, ඔතන රෝදයක් කැරකීමක් තියෙනවා. අර කිව්වේ ආපහු ස්පර්ශයට යනවා කියලා. ස්පර්ශයට ගිහිල්ලා, ආපහු එතනට ඒමක් තියෙනවා. ඒ වගේ ම පල්ලෙහා ඉන්නවා, අහංකාරය. ඒ අහංකාරය නිසා මෙතන පල්ලෙහාත් මේ රෝදයක් කැරකීමක් තියෙනවා. ඒ කියන්නේ දිට්ඨි සල්ලය නිසා මේ පල්ලෙහා කැරකීමකුත් තියෙනවා.
එතකොට දැන් මේ දෙක නිසා ඔයගොල්ලන්ට පේනවද, හරියට මේ ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට අපි ඉරක් ඇන්දොතින්, මේ ඇඳලා තියෙන ඉර නෙමෙයි, මෙතන ඉඳන් ඉදංසච්චාභිනිවෙසකායගන්ථයටයි, පරාමාසකායගන්ථයේ ඉඳන් අර අනිත්‍යයේ ඉඳන් නිත්‍යයි කියලා ගන්න විපල්ලාසය තියෙන්නේ, එතෙන්ටයි ඉරක් ඇන්දොතින් ඔයගොල්ලන්ට පේනවා, මෙතන තියෙනවා කියලා හතරැස් කොටුවක්, අර අලුවා කෑල්ලක් හැදිලා තියෙනවා. මේ අලුවා කෑලි හැබැයි අපි මේ පැත්තේ ඉඳන් දිගට ම බලාගෙන ඇවිල්ලා තියෙන්නේ. අද මේ යට අලුවා කෑල්ල බැලීමයි එතන සිද්ධ වුණේ. එතකොට මේකත් එක්ක මෙතැන මේ පල්ලෙහා කොටුව ඒ කියන්නේ මෙන්න මේ ඉරට උඩින් තියන මේ පරාමාසකායගන්ථයේ ඉඳන් අනිත්‍යයේ නිත්‍යයි කියන තැන කියලා, මං හිතන්නේ, වෙන diagram එකක් ගත්තොත් ලේසියි මේක පෙන්නන්න, අර jack එක ගහන එක.
දැන් මේකෙ, පේනවද මෙතන අරන් තියෙන්නේ පරාමාසකායගන්ථයයි, ඉදංසච්චාභිනිවෙසකායගන්ථයයි මේ අනත්තේ ඉඳන් අත්තා කියන එකට අපි අර අපේ මුසාවාද, පරුෂා වාචවලින් අපි jack එක ගහනවා කියන එක නේ. දැන් ඕකෙ මේ හොඳ ම jack එකක් ගැහීමක් තමයි මේ අන්තිමට මදය කියන එක තියෙන්නේ. එතකොට මදය කියන එක මේ පරාමාසකායගන්ථයයි මේ ඉදංසච්චාභිනිවෙසකායගන්ථයයි අතර මෙතන තියෙනවා නේ කොටුවක්. එතකොට මෙන්න මේ හරියේ මේ area එක ම රහතන් වහන්සේ කියනවා, මේක මදයටයි අයිති වෙන්නේ කියලා, මේ line එකට උඩින් තියෙන, මේ පල්ලෙහා තියෙන area එක ම මදයට අයිති වෙන්නේ කියලා.
එතකොට ඔය වගේ ම පල්ලෙහායින් ඇති වෙනවා නේ, කොටුවක්. ඒ කියන්නෙ මෙතන ඉඳන් මම ඉරක් ඇන්දොතින් ලොකු මෝහයට, මේ පැත්තෙන් තියෙනවා නේ, භයෙන් අගතියට යනවා කියන එක. ඒකෙ ඉරක් ඇන්දොතින් මෙන්න මෙතනින් හැදෙන්නා වූ triangle එකට එන්නේ, ප්‍රමාදය කියන එක. උඩ මදය, යට ප්‍රමාදය.
එතකොට දැන් මේ දෙකෙන් ඇති වෙන්නා වූ ප්‍රශ්නය තියෙනවා නේ. දැන් ප්‍රමාදය ඇති වෙලා ඉතින් අපි දන්නවා, ප්‍රමාදය කියන එක මෝහයේ මූලය. එතකොට රහතන් වහන්සේ පෙන්වන්නේ ඉතින් මදයයි ප්‍රමාදයයි දෙක ම යන්නේ මෝහයට තමයි, මෝහ මූලයට තමයි යන්නේ. මදය තියෙනවා, මේක නිත්‍යයි කියලා ගන්නවා. නිත්‍යයි කියලා ගත්ත නිසා, දැන් මම ප්‍රමාද වෙලා ඉන්නවා. ඉතින් දැන් මනුස්සයෝ එහෙම නේ ඉන්නෙත්. දැන් මේ මනුස්ස ලෝකෙ ගත්තහම, මේ ධර්මය තිබුණාට, නිර්වාණයට යන්න කතාවක් නැහැ. මේ අපි කාලා බීලා මේ ඉන්නේ කියලා මදයක් ඇති කරගෙන, හොඳට ඉන්නවා කියලා හැඟීමක් ඇති කරගෙන ඉන්නවා, මෝඩකමින්. එතකොට ඒ මදයෙන් ප්‍රමාදය. මදයෙන් මෝහය කියන එක එතන තියෙනවා.
දැන් මෙතන මේ මෝහ අගති ගමනත් එක්ක මේ කතාව ඇති වුණාට පස්සේ, මට ඇති වෙනවා මෙන්න මේ කොටස, මේ දකුණු අත පැත්තේ කොටස තියෙනවා නේ. මේ area එකයි, මේ යටින් තියන මේ වගේ ම කොටුවේ අර මේ වගේ ම කෑල්ලක් තියෙනවා නේ, මේ පැත්තට වෙන්න, මෝහයත් එක්ක. අන්න ඒ කොටස් දෙක අයිති වෙන්නේ මේ ථීනමිද්ධයට. අපි ථීනමිද්ධයෙන් ගන්නා වූ තීරණ තියනව නේ. ඒ කොටස් දෙක අයිති වෙන්නේ ථීනමිද්ධ කොටසට.
එතකොට දැන් මෙන්න මේක, කෙනෙක් කවුරුහරි තේරුම් ගන්නවා ද, මෙතන මේක ප්‍රශ්නයයි කියන එක, ඒ අවස්ථාවේ දී ඉතින් මම මොකක් ද රහතන් වහන්සේගෙන් ඇහුවා ම, රහතන් වහන්සේ කිව්වා “අම්මාගෙන් අහන්න කියලා.” එතකොට අම්මාගෙන් අහන්න කිව්වා ම මම කල්පනා කළා මොකක් ද මේ අම්මාගෙන් අහන්න කියන්නේ? කොයි අම්මාගෙන් ද මේ අහන්න කියන්නේ? ආ, අම්මා කියන්නේ විරිය නේ. ප්‍රඥා diagram එකේ. මතක ද? අම්මා කියන්නේ විරිය. එහෙනම් විරියෙන් අහන්න කියලා. එතකොට මට තේරුණා විරිය තියෙනවා නම් මේ කතාව ඇති වෙන්නේ නැහැ. මේ මෝහයට මේ විදිහට ථීනමිද්ධයට ඉඩ දෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ කියලා.
අන්න ඒ කියපු වෙලාවෙදි මට මතක් වුණා, අර මෙතන මේ මෝහය නේ මේ අපි කතා කර කර හිටියේ, මේ පැත්තෙන් තියෙන්නා වූ, මෙතන තියෙනවා නම් විරිය ආවා. විරිය ආවට පස්සේ මෙතන පළවෙනි කාරණය, මෙන්න මේක. දෙවන කාරණය, මෙතන මේ අනත්තේ අත්තා ඉඳන් නිත්‍යට යන කතාව. මතක නේ කාරණාව එකයි, දෙකයි මෙතන තියෙනවා තුන, ජාතියේ ඉඳන් ජරාවට යන එක. මේක කෙළින් ම දික් වුණා මෙතෙන්ට එනකම්.
මේක දැන් මේ ථීනමිද්ධය නොවෙන්න මෙතනින් මේ විරියක් භාවිතා කරන්න ඕනෙ. අන්න ඒක ගැන සතියක් ඇති කරගන්න ඕනෙ. අන්න ඒ සතිය කියන එක මෙතෙන්ට ආවා. එතකොට මෙන්න මේ සතිය තියෙනවා, මෙතනින් මම යන්න දෙන්නේ නැතෙයි කියනවා, මේ පැත්තට. ඒ කියන්නේ මෙතන මේ කොටු දෙකෙන් නේ මේක හැදිලා තියෙන්නේ. එතකොට මම මේක වෙන්න දෙන්නේ නැතෙයි කියන එක කියනවා. ඒ කියන්නේ මම නිරෝගී මදයෙන් jack එකක් ගහන්නේ නැතෙයි කියන එක කියනවා. මේ පැත්තේ ඉඳන් කියනවා ජාතියේ ඉඳන් ජරාවට නොවෙයි, ජාතියේ ඉඳන් මේක මරණය දක්වා ම මේක යනවායි කියලා කියනවා, මේක නිසා ම, මම ප්‍රමාද වෙන්නේ නැතෙයි කියන අර්ථය, මෙතනින් එනවා. මැරෙන මනුස්සයා කල්පනා කරන්නේ නැහැ නේ, ප්‍රමාද වෙවී ඉන්න ඕනෙ කියලා. අන්න ඒ අර්ථය මෙතනින් පල්ලෙහායින් එනවා.
ඉතින් ඒක වුණා ම, මේ කෙළවර අර උපෙක්ඛා අප්‍රමාණය අර විදිහට ම පවතිනවා. උපෙක්ඛා අප්‍රමාණයට විවිධාකාරයෙන් යන හැටියි මේ පෙන්වන්නේ. එතකොට මෙතන මේ අලුවා කොටු කෑලි දෙකෙන් තමයි, ඒක පැහැදිලි වෙන්නේ. ධර්ම කාරණා නම් බොහොම ගැඹුරුයි. මොකද, මදය තියෙනවා, ප්‍රමාදය තියෙනවා, එහා පැත්තෙන් ථීනමිද්ධය තියෙනවා, ථීනමිද්ධය වැළකෙන්ට නම් කෙටියෙන් කියනවා නම් අපි අර ගත්ත අර්ථය, අර sick වෙච්ච සඤ්ඤාව මගේ නොවෙන්න ගන්නා වූ සතිය පවත්වනවා නේ, මගේ නොවේ කියලා ගන්න. අන්න ඒකට කරන්නා වූ, දැන් ඉතින් ඒක අනුව විමුක්තීන් අර විදිහට පත්තු වෙලා තියෙනවා. අර මුලින් ම ඔය සතිය ඇති වෙච්ච වෙලාවෙ මගේ මේ තුන් කොන පත්තු වුණා, අරක investigate කරනකොට ම ඒක ඇති වුණා. ඉතින් මේක firm ව පවතින්නේ අර විදිහට කල්පනා කිරීමෙන්.
ඉතින් ඒක තමයි මගේ භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්