හොඳයි, මම, මගේ භාවනාව කළේ, මේක හුඟක් ගැඹුරට යනවා, වට අටේ ගැන එහෙම පෙළක් අය දන්නේ නෑ නේ, නේ ද? ඔයා දන්නේ නෑ නේ, එහෙම. ඒක නිසා මම මේක දැම්මේ. අද අපි මේක ඉගෙන ගන්නවා. ඒත් මේ පෙන්නන්නේ, අපේ මේ මනස වැඩ කරන හැටි.
රූපයක් දැක්කාට පස්සේ ඇහෙන්, අපි ඒ සඤ්ඤාව කියන එක, අපි උස්සනවා මේ අවිද්‍යා අනුසයෙන් කියන එක. මේ වෙලාවට අපිට තියෙන්නේ අභිජ්ඣා කියන එක. ඊට පස්සේ දැන් මෙහෙම අපි රවුමක් කරකවනවා. රවුමක් කරකෝලා, ඒ කියන්නේ මේක සාතයි කියලා, දැන් අවිද්‍යා ආශ්‍රවය තමයි, සාතයි අසාතයි කියලා ඕක තීරණය කරන්නේ. එතකොට සාතයි කියලා අපි තීරණය කරලා, අසාත වුණත් ඉතින් අපිට කැමැත්තක් ඇති වෙනව නේ, ඒක තීරණය කරලා, දැන් මානයෙන් රවුමක් කරකවලා බලනවා මේක fit වෙනවා ද කියලා. මේක කළායින් පස්සේ areas දෙකක difference එක තියෙනවා නේ, ඒ දෙක නිසා අපිට දෝමනස්සය කියන එක ඇති වෙනවා. එතකොට, මේ වෙලාවෙදි අපිට ව්‍යාපාදය නැහැ. තවම ව්‍යාපාදය ඇවිල්ලා නැහැ.
එතකොට මේ කාමච්ඡන්දය ඇති වෙලා, අපි ආපහු මේ හතර, පහ වෙනකොට ඔයගොල්ලන්ට පේනවා, ආපහු පටිඝානුසයෙන් තමයි, මේක උස්සන්නේ. පටිඝානුසයෙන් උස්සනවා, හැබැයි ඉතින් රවුම, අවිද්‍යා ආශ්‍රව නිසයි, මානය නිසයි කියලා රවුම් දෙකක් ආපහු යනවා. එතකොට මේ වෙලාවට අපිට ව්‍යාපාදය කියන එක ඇති වෙලා තියෙනවා. මේක මේ ජරාවට පත් වෙලා කියලා දැකලා, ව්‍යාපාදය කියන එක ඇති වෙලා තියෙනවා.
දැන් ආපහු මේ හය වෙනි එක වෙනකොට, ඔයගොල්ලන්ට පේනවා මේ දෝමනස්සය කියන එක ඇතුල් වෙලා තියෙනවා කියලා, චිත්තයට ඇතුළත් වෙලා තියෙනවා. දෝමනස්සය කියන එක. ආපහු අර පස් වෙනි එක වගේ ම අපි රවුම කරකවනවා, දැන් හැබැයි චිත්තයේ තියන මානය ඉතින් මේක කළාට, දෝමනස්සය තමයි තියෙන්නේ.
මේ වෙලාව වෙනකොට, මෙතන හතෙන් පස්සේ අපිට ථීනමිද්ධය කියන එක ඇති වෙලා තියෙනවා, මොකද අපි තීරණය කරනවා, අර අවිද්‍යා ආශ්‍රවය මගින් තීරණය කළාට මෙන්න මේ දේ සාතයි කියලා, ඒක හරි නැහැ. ඒක හරි නැතෙයි කියන එක ඇවිල්ලා තමයි මේ ථීනමිද්ධය කියන්නේ. ඒ කියන්නෙ, මං ගත්ත තීරණය හරි නැත කියන අර්ථය තියෙනවා.
එතකොට, දැන් අට, නමය වෙන විට ඔයගොල්ලන්ට පේනවා මේ දෝමනස්සය, ව්‍යාපාදය කියන එක දැන් ඇති වෙලා තියෙනවා. මේක අට, නමය අපි දෝමනස්සය, ව්‍යාපාදය සහිතව මේක කරකවනවා. මෙතනින් කැරකෙව්වාට පස්සේ දැන් ථීනමිද්ධය කියන එක, දහ වෙනි රවුම වෙනකොට ථීනමිද්ධය සහිතව තමයි අපි කරකවන්නේ.
එතකොට මේ අවස්ථාව වෙනකොට, මෙතන ඉඳන් තියෙන්නේ මෝහය. මේ තීරණයන් මෙතනින් පස්සේ දිගට ම ඉතින් මෝහය තමයි, මෝහය නැතෙයි කියන එක නෙවෙයි, මෝහය තමයි අපි පටන් අරගෙන ආවේ. මේ හරිය වෙන විට මෝහයට රවුම්. එතකොට මේකෙ බැලුවොතින්, මේකෙ ඔය දෙකයි, තුනයි කියන එක ගත්තහම මෙතන ඇවිල්ලා තියෙන්නේ ඔය රවුම අවිද්‍යාව සහගත, රවුමක්. ඊට පස්සේ හතර, පහ, හය, හත කියන මේ රවුම් ටික ගත්තහම මේ දක්වා ඇවිල්ලා තියන වටවල තියෙන්නේ, රාගය කියන එක. දෝමනස්සය මෙහෙම තිබුණට මොකද මේක roller coaster එකේ කතාව නේ මේ දෝමනස්ස කතාව තියෙන්නෙ. Roller coaster එකට නැගලා ඉවරයි. එතකොට මේ හතර, පහ, හය, හත කියන රවුම්වල තියෙන්නේ, රාගය. ඊට පස්සේ ඔය අට, නමය, දහය, එකොළහ කියන මේ විදිහට ගත්තහම, ඒ කියන්නේ රවුම් දහය ගත්තහම, ඒ කියන්නේ පළවෙනි රවුම් දෙක මෝහයට. ඊළඟ රවුම් හතර ලෝභයට, රාගයට. ඊළඟ රවුම් හතර වැටෙන්නේ ද්වේෂයට. ද්වේෂය සහගතව නේ ඇති වෙන්නේ. ඒ කියන්නේ ව්‍යාපාද රවුම කියන එක එතන ඇති වෙනවා. එතකොට රවුම් දෙකක් මෝහයට. රවුම් හතරක් ලෝභයට. ඊළඟ රවුම් හතර ද්වේෂයට. ඊට පස්සේ මෝහයට තියෙනවා.
එතකොට මට දැන් භාවනාවේ දී එනවා රාගය ද්වේෂය මෝහය කියන එක මේ විදිහට ඇති වෙනවා. ඔය ඕක ම තමයි, ඔය චිත්තානුපස්සනාවේ පෙන්වන්නේ, “සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති” කියලා කියන්නේ. ඔය රවුම් ටික තමයි, ඔය එන්නේ. දන්නවා නේ ද? රාග සහිත සිත, රාග සහිත සිතයි කියලා චිත්තානුපස්සනාවේ, ද්වේෂ සහිත සිත ද්වේෂ සහගත සිතයි කියලා කියන්නේ මෙන්න මේවා. ඊට පස්සේ තියන ටික තමයි, මෝහ සහිත සිතයි කියන එක, ඕක තියෙනවා. එතකොට ඔය භාවනාව මම කලින් කරලා තියෙනවා.
එතකොට දැන් මට මෙතෙන්දි ආවා, මෙන්න මේ දේ. මෙන්න මේ දෝමනස්සය කියන අවස්ථාව බලන්න. මේ දෝමනස්සය කියන එක අපිට ඇති වුණා. දෝමනස්සය ඇති වුණාට පස්සෙ අපි මෙතෙන්දි කරන්න හදන්නේ මොකක් ද? මේක fix කරන්න හදනවා නේ ද? ඒ කියන්නේ, අපි, මේ දෝමනස්සය fix කරන්න බැලීමෙන් අපි කරන්නෙ මොකක් ද? අපේ විඤ්ඤාණයට ඒකට පිහිටන්න ඉඩ දුන්නා. Fundamental දෙයක් තියෙන්නේ. විඤ්ඤාණය පිහිටන්න, බැස ගන්නට මම ඉඩ දුන්නා, මේ දෝමනස්සය fix කරන්න හදලා. ඒක ම නේ ද දිගට ම වෙන්නෙ? fix කරන්න හදලා අපි ඉඩ දීමක් කරනවා, විඤ්ඤාණය බැස ගැනීමට. විඤ්ඤාණය කියන එක බැස ගන්නට, ඉතින් මෙතන්ට තව ගොඩාක් ධර්මයන් සම්බන්ධ වෙනවා. මගේ භාවනාවන් වැලක් තියෙනවා ඔතෙන්ට.
ඒ කියන්නේ ඔතන ගත්තහම, ඒ මෝහය කියන එක ගත්තහම, මෝහය ඇති වෙන්නෙ දැන් කාමච්ඡන්දයෙන් ඔහොම පටන් අරගෙන නේ, ඔය මෝහය ඇවිල්ලා තියෙන්නේ. අර හතර වෙනි පල්ලෙහා කොටුවට, පල්ලෙහා පලාස කොටුවට ඇවිල්ලා තියෙන්නේ අපි. එතකොට මේකට එන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා නේ. එතකොට මේකෙ අපි අත්තා කියලා අරගෙන තමයි මෝහය කියන එක අපිට ඇති වෙලා තියෙන්නේ. අත්තා කියලා අරගෙන මෝහයට ඇවිල්ලා තියෙන්නේ කෙළින් ම අර තයොධම්ම එකේ.
එතකොට මෙතන මෝහයට ආවට පස්සෙ දැන් මම බලනවා, මෝහය නිසා සංස්කාරයන් තමයි ඇති වෙන්නේ. “අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා” කියන්නේ මේ සංස්කාරයන් තමයි, හැදෙන්නේ. එතකොට මේ සංස්කාරයන් හැදෙනවා කියලා කියන්නේ, අපි පටිච්චසමුප්පන්නය කියන එක ක්‍රියාත්මක වෙන්න ඉඩ දීමෙන් තමයි, මේ කතාව සිද්ධ වෙන්නේ. මම කවදාහරි පටිච්චසමුප්පන්නය ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්න ද, එතන මගේ විඤ්ඤාණය බැස ගන්නවා. “අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා, සඞ්‌ඛාර පච්චයා විඤ්ඤාණං.” ඒ සංස්කාරයන් ඇති වෙන්න ඉඩ දුන්න ද, විඤ්ඤාණය කියන එක බැස ගැනීමක් තියෙනවා. එහෙම නම් මම දන්නවා, කවදා හරි විඤ්ඤාණයේ හට ගැන්මක් තියෙනවා ද, ඒක මම පටිච්චසමුප්පන්නය ක්‍රියාත්මක වීමට ඉඩ දීමක් පමණයි. තේරෙනවද කියන එක?
මෙන්න මේක හොඳට ගත්තා නම්, දැන් ඔය භාවනාවත් එක්ක connect කරන්න බලන්න. පටිච්චසමුප්පන්නයේ යම්කිසි පුරුකක් ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්නා නම්, විඤ්ඤාණය පිහිටනවා. පටිච්චසමුප්පන්නයේ පුරුකක් පිහිටන්න මම ඉඩ දුන්නේ මොකද? මේ දෝමනස්සය කියන එක ඇති වුණා ම මේක fix කරන්න උත්සාහ කිරීමෙන්. මේක fix කරන්න අපි උත්සාහ කරන්නේ නැත්නම් කවුරුවත්, මේ ප්‍රශ්නයක් නැහැ. යම්කිසි කෙනෙක්ගේ කියන දෙයක් අහලා හරි, මේ ලෝකේ යම්කිසි ආහාරයක් නිසා හරි, මොනවා හරි අවස්ථාවක අපි ඒක fix කරන්න පුළුවන් කියලා හිතීමෙන්, අපි පටිච්චසමුප්පන්නයට ඉඩ දුන්නා. විඤ්ඤාණය බැස ගත්තා. රහතන් වහන්සේ ඕක කරන්නේ නැහැ. කවුරු ගැහුවත්, අරක හදන්න යන්නේ නැහැ. ඒක නේ බුදුහාමුදුරුවෝ කිව්වේ අත කැපුවත් මගෙන් මෙයාට මේකක් ඇති වෙන්නේ නැහැ කියලා. කිසිම ආකාරයකින් මේක fix කරන්න පුළුවන් කියලා හිතන්නෙ නැහැ. එහෙම හිතුවොත් තමයි, විඤ්ඤාණය බැසගන්නේ. අපේ වැරැද්ද තියෙන්නේ, අපි හිතනවා මේක මොනවා හරි ක්‍රමයකින් fix කරන්න පුළුවන් කියලා. අනිත්‍යයි කියන්නේ ඒකයි. මේ ධර්මය ගත්තහම, ධර්මය දීම වේවා, ධර්මය අපි ගැනීම වේවා මේ ඔක්කොගේ ම තියෙන්නේ අනිත්‍යභාවයක්. Fix කරන්න බැහැ. ඕකයි තියෙන්නෙ.
මේ අනිත්‍ය කියන එක අවබෝධ වෙලා නැතිකම නිසයි මේක තියෙන්නේ. අනිත්‍ය කියන එක සම්පූර්ණයෙන් අවබෝධ වෙච්ච මනුස්සයා දන්නවා මේක fix කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ ලෝකෙ. මෙච්චර මහා කප්ප ගණනක් ඔයගොල්ලො හිටියා fix කරන්න පුළුවන් වුණා ද? තාමත් කියනවා මේක fix කරන්න පුළුවන් කියලා. Fix කරන්න බැහැ. අනිත්‍යයි. අන්න ඒකයි ගන්න ඕනෙ. නමුත් යම්කිසි කෙනෙකුට යම්කිසි දෙයක් කරනවා ද, ඒක අර කරුණාව නිසා පමණක් ඒක කරනවා කියන එක විතරයි තියෙන්නේ. ඒ පුද්ගලයාටත් මේක තේරුම් ගැනීම සඳහා කරුණාව සඳහා පමණක්, යම්කිසි සංස්කාරයක් කරනවා ඇරෙන්න, ඒ ඇරෙන්න, වෙන මොකක්වත් ඇත්තේ නැහැ. මේක එකක්වත් fix කරන්න පුළුවන් දෙයක් නොවෙයි. මෙච්චර කාලයකට බැරි වුණා නම් ඇයි මොකද දැන් හිතන්නේ මේක fix කරන්න පුළුවන් කියලා. ඒක තමයි තේරුම් ගන්නවා කියන්නේ.
ජරාවට යනවායි කියලා දන්නවා නම්, දැන් ඔයගොල්ලො දන්නව නේ අර diagram එකේ තියෙනවා, සතිය. බොජ්ඣඞ්ග diagram එකේ අර සතිය කියන එක තියෙන එක දන්නවා නේ. සතිය තියෙනවා, කබලිංකාර ආහාරය එක, දෙක අත්තා ඉඳන් නිත්‍යයට යන එක, තුන ජාතියේ ඉඳන් ජරාවට යන එක. අත්තා ඉඳන් නිත්‍යයට ගියේ කොහොම ද? මම මෙතන සක්කයක් ගහලා. Fix කරන්න පුළුවන් කියලා හිතලා, මදයෙන් ගහලා, මාන්නයෙන් ගහලා තමයි, මම මේක කළේ. එතකොට කෙනෙක් දන්නවා නම්, මේ diagram එකේ ම තමයි ඕක තියෙන්නේ, මෙන්න මේක මං පෙන්නන්නේ. එක කාරණය මෙතන, දෙක කියලා කියන්නේ අනත්තේ අත්තා ඉඳන් නිත්‍යභාවයට යන එක, තුන කියලා කියන්නේ ජාතියේ ඉඳන් ජරාවට යන එක.
එතකොට අපි, මෙතන අපි මේ fix කරන්න පුළුවන්, දෝමනස්සය ආපු අවස්ථාවේ දී ඒක ඉවසන්නේ නැතුව, අපි fix කරන්න පුළුවන් කියලා හිතනවා. ගහනවා සක්කයක්, ගහලා තමයි මෙතැනට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි කවුරු හරි කෙනෙක් තේරුම් ගන්නවා ද, ජාතියේ ඉඳන් ජරාවට යනවායි කියලා, ඒ කියන්නේ මොකක් ද? නිත්‍යභාවයක් නැහැ. එහෙම නම් මෙතන මේ කෙළවර නැතෙයි කියලා කියනවා නම්, මෙතන එකක් තියනවද? මෙතන එකක් තිබුණොත් නේ මෙතන ඇති වෙන්නෙ, නේ ද? මෙතන එකක් නැත්නම්, මෙතන එකක් නැත. ඕකයි තියෙන්නේ. අපි නිතර ම අත්තා කියලා අරගත්තා. Fix කරන්න පුළුවන්, තාවකාලිකව හරි කරන්න පුළුවන්, මෙහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ, ඒක තේරුම් ගත්ත මනුස්සයා, මේක fix කරන්න යන්නේ නෑ. කෙළින් ම එයා එතනින් අයින් වෙනවා. ඒ සිතුවිල්ලෙන් ම අයින් වෙනවා.
ඒ කියන්නේ සම්පප්‍රලාප කතා කර කර ඉන්නේ නැහැ. ඔන්න ඔය අර්ථයයි තියෙන්නෙ.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්