Date: 13/08/2013 Name: Sanskara nirodha for infinitely many

එතකොට අද මගේ භාවනාව, මම මෙනෙහි කළා, මණ්ඩලාධිපති බුදු පියාව මෙනෙහි කළා. ඒ බුදු පියාව මෙනෙහි කරනකොට මම කල්පනා කළා, මේ බුදුපියාණන් වහන්සේ, මෙච්චර කාලයක් ඉන්නකොට කොච්චර සත්වයන් ගොඩ දාන්න ඇත්ද කියලා. එතකොට මම මෙහෙම මෙනෙහි කළහම කොච්චර කාලයක් ද කියලා, ඒ පාර මණ්ඩලාධිපති බුදුපියා කතා කරලා කිව්වා, “දැනගන්න කැමති ද කියලා?” කියලා. එතෙන්දි කිව්වා, “දරුවා, ඒ බුදුවරු 1500 නමකින් මම බණ අහන කාලේ කියනකොට, වෙනකොට මම අනන්ත යැයි නොකියමි” කියලා. ඒ කියන්නේ ඒ කාලේ වෙනකොට, දැන් අනන්තයක ප්‍රමාණයක් හොයන්න බැහැ නේ. එතකොට මේ ගණන් කරන්න පුළුවන් කාලය බුදු පියාණන්ගේ ගිහිල්ලා 1500 ක් වෙනකොට. ඊට පස්සේ countless. අනන්තයි. ඒ කියන්නේ දැන් බලන්න එක ශාසනයක් ගොඩ නංවනකොට million ගණන් ඔය එනව නේ, මේ මනුෂ්‍යය ලෝකෙ කතා කරනකොට, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ ඔක්කොම ලෝක ටිකේ නේ ද?

එතකොට ඊට පස්සේ ඕක දිගින් දිගට ම එන්න ගත්තහම, මෙතන ම මගේ සිත පිහිටලා, එතන ම මේ විමුක්ති චිත්තයන් ඔක්කෝම, සියලුම ප්‍රඥාව ඔක්කෝම සහිතව, ආයි මොකුත් කරන්න භාවනාවක් නැහැ. එතකොට මම මෙහෙම මෙනෙහි කරනකොට, එතකොට දැන් මට මේ ඔක්කෝම පත්තු වෙලා තියෙනවා.

ඊළඟට දෙවනි බුදුපියා සිහි කළා. ඉතින් 1500 අර බුදු පියාට යනකොට ඉතින් මේ බුදු පියාණන්ටත් ඒ වගේ ඇති නේ, කියලා ඔහොම මම ආවා. ඉතින් මට දැන් කල්පනා වෙනවා එහෙනම් මට අමුතුවෙන් භාවනාවක් ඕනේ නැහැ අද. මේක ම තමයි භාවනාව කියලා. මම මේක ම සිහි කරගෙන ඉන්නවා. ආයි කියන්න බැහැ නේ, පත්තු වෙන්න තියෙන, යම් වූ ඵලයක් තියෙනව ද, යම් වූ චිත්තයක් තියෙනව ද, ඔක්කොම මේවා වෙලා තියෙන්නේ.

ඒ පාර ඔහොම ගිහිල්ලා ඉතින් මම, මේ සමාධිය සහිතව මම ඉතින් පන්සිල් ගැනීම කියන එක කරගෙන ගියා. ගිහිල්ලා ඉතින් මාව නැවැත්තුවේ නැහැ කොහෙන්වත්. ඒ පාර මම අර සම්මා දිට්ඨියෙන් පටන් ගත්තා. සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන දුක්ඛෙ, දුක්ඛ සමුදය. එතෙන්දි මම කල්පනා කළා මේ ජාති ජරා ව්‍යාධි මරණය කියන එක, මේ සත්වයන්ට තියෙනවා. එතකොට දැන් මේ මට යම් ආකාරයකට උගුරේ අමාරුවක් තියෙනවා ද, නිදා ගන්න බැරි කමක් තියෙනවා ද, යම් ආකාර වූ දුක්ඛයක් තියෙනවා ද, මේ වාගේ දුක්ඛයන් තියෙන සත්වයන්ගෙන් අනන්ත ප්‍රමාණයක් තමයි, අර බුදුපියා ගොඩ දැම්මේ.

එතකොට ඒක හිතන්න ගත්තහම තවත් වැඩියි. ඒක සත්‍ය වශයෙන් ම තමන්ට විද්‍යාමාන වූ දුක්ඛය දැකලා, එවන් වූ දුක්ඛයකින් සත්වයෙක් භවයක ජීවත් වෙනකොට කොයි තරම් දුකක් විඳිනවා ද? අනන්තව? ඒ තරම් දුකක් විඳිනවා. ඉතින් අර මුදිතාව කියන එක ඒ වෙලාවෙදි පුදුමාකාර විදිහට පැවතුණා. මොකුත් කරන්න දෙයක් නැහැ. මුදිතාව ම පවතිනවා.

එතකොට ඕක ඔහොම මේවා වෙලා, ඊළඟට මම කියනවා, මේ බුදුපියවරු, මේ කිසිම කෙනෙක්, මේ මම ගොඩ ගත්තා කියලා ඒ පුද්ගලයාව, කියන්නෙත් නැහැ. අර සක්කාය දිට්ඨිය නෑ නේ. තමා කළා කියලා, කියන අර්ථයෙන් නෙවෙයි මේ අය කියන්නේ. මේ සත්වයන්ගෙන් මේ සංස්කාර වශයෙන් පවතින්නා වූ දුක, ඔක්කොම පේන්නේ එතකොට මට දැන් සත්වයෝ නෙමෙයි. සංස්කාර ගොඩක්. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර ගොඩක් මේ සත්වයන්ගේ. එතකොට මේ සත්වයෝ කියලා කිව්වහම, මේ සංස්කාර ගොඩක, නිරෝධය ම තමයි මේ බුදුපියා අනන්ත වාරයක් කරලා තියෙන්නේ. ඒ නිරෝධය කියන එක තමයි, කියන එක මම බැලුවා. ඉතින් මේකෙ මගේ මනස වෙනස් වෙන්නේ නැහැ. ඔය විදිහට තිබිලා, ඒ පාර, එතකොට මට ඉතින් “ඇතියි” කියලා කිව්වා.

ඊට පස්සේ ඉතින් මම ආපහු ඒ පින් දීගෙන යනකොට, බුදුපියවරු සිහි කරලා, ඊට පස්සේ මේ, අම්මා කල්පනා වුණහම, ඒ කියන්නේ මට අම්මාව අමතක වුණා. මහා ලක්ෂ්මී දේව මාතාව, අර මේ භවයේ දී අම්මාව මට අමතක වුණා. ඉතින් ඒ පාර මම ආපහු පටන් අරගෙන කියනකොට අම්මාගෙ නම මොකක් දැ යි කියලා මට නිකන් හැඟීමක් මට ඒ එක්ක ම ආවා. එතකොට කිව්වා ධම්මදින්නා කියලා. අම්මාගෙ නම, මේ භවයේ නමත් ධම්මිකා ශ්‍රියාලතා රණතුංග. ධම්මිකා. එතකොට ඒක ම ධම්මදින්නා.

එතකොට දැන් ඒ අම්මා කොහෙද කියන එක මේ වෙලාවේ කොතැන ද කියන එක මම සිහි කළහම, මම දකිනවා, ඒ කියන්නේ මම රහතන් වහන්සේගෙන් ඇහුවා, මට ඉන්න තැන මට එකපාරට ම මෙතන මට දනින්න පුළුවන් තරම් දෙයක් තියෙනව ද? ඔබට සිහි කරන මොහොතෙම දැනගන්න පුළුවන් කියලා. එහෙම බලනකොට අම්මා ඉන්නවා Council chamber එකේ, අර බුදුපියවරු ඉන්නවා, බුදුපියවරු ඉස්සරහ පිට අම්මයි තව කට්ටියක්, ඒ කට්ටිය බණ අහනවා. අහලා තියෙනවා. ඉතින් ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ, කොච්චර ද මේ, ධම්ම කාණ්ඩ ලක්ෂ ගානක්, අද දවසට දේශනා කිව්වයි කියලා අම්මා කියනවා මට, ඒ වෙලාවේ. ඉතින් ඕක තමයි මේ භාවනාව හැටියට තිබුණේ. ඒ තරම් බොහොම සුලු ධර්මයක්.