මම ඒ බුදුපියවරු සිහි කරලා භාවනාව පටන් ගත්තා. ඊට පස්සේ, මට කිව්වා බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට එතනින් පටන් ගන්න කියලා. ඒ කියන්නේ අභිජ්ඣා කියන එක වෙන්නේ මොකෙන් ද? අභිජ්ඣාව කියන එක, ඒ කියන්නේ ලෝභය ඇති වෙන්නේ මොකෙන් ද කියන එක. එතකොට, මේ ලෝභය ඇති වෙන්නේ කියන එක මම කෙළින් ම ගත්තේ, අභිජ්ඣාව නිසා. අභිජ්ඣාව හේතු කොට ගෙනයි මේක ඇති වෙන්නේ.
දැන් මම අභිජ්ඣාව කියන එක බලනකොට, දැන් මට එනවා දිගට ම මේ අභිජ්ඣාවෙන් නිසා තණ්හාව. තණ්හාව තියෙනවා නම් අර පටිච්චසමුප්පන්නය කියන එක අර පැත්තේ ක්‍රියාත්මක වෙනවා. අනිත් පැත්තට එනවා, අර මම ඉස්සෙල්ලා කිව්වේ අර ආශ්‍රව නසනවා කියන භාවනාවේ කොටස. අපි ඒ පටිච්චසමුප්පන්න වෙන්න දෙන්නේ නැති වෙන්න නම්, ඒක තනිකර ම ඒ තණ්හාව නැති වෙන්න ඕන කියන එක දෙපැත්තට ගියා.
එහෙම ගියාට පස්සේ මම කල්පනා කළා, මේක නැති වෙන්න නම් මතක ද අර triangle එක, මණ්ඩලාධිපති බුදුපියා දුන්නා වූ triangle එක. සම්මා දිට්ඨිය තියෙනවා නම් තමයි අපිට, ප්‍රඥාව ඇති වෙන්නේ. ප්‍රඥාව තියෙනවා නම්, ශ්‍රද්ධාව. උඩ triangle එක. එතකොට ඒ triangle එක තියෙනවා නම්, මට අර පල්ලෙහා තිබෙන්නා වූ අභිජ්ඣා, දෝමනස්සය කියන එක ඇති වෙන්නේ නැහැ.
එතකොට මම මෙතෙන්ට මේ ධර්මයේ ඇවිල්ලා, පල්ලෙහා triangle එකේ කතාවට ඇවිල්ලා, මේක අභිජ්ඣාව එහෙම නම් නොවෙන්න, මගේ ඉන්ද්‍රිය සංවරය කියන එක මට ඇති වෙන්න ඕන කියන එක බැලුවා. එතකොට ඉන්ද්‍රිය සංවරය කියන එක ඇති වෙන්න නම්, ඒක සඳහා මට නිවන සඳහා වූ ඡන්දයක් තියෙන්න ඕන. ඒ කියන්නේ ඡන්ද සමාධියක් තියෙන්න ඕන. ඡන්ද සමාධියක් තියෙන්න නම්, එහෙනම් මම දැනගන්න ඕන නිර්වාණයක් තියෙනවා කියන එක. එතකොට නිර්වාණය තියෙනවා නම් තමයි මට ඡන්ද සමාධියක් ඇති වෙන්නේ. එතකොට නිර්වාණය තියෙනවායි කියන එක මම, කොහොම ද කියන එක, ටිකක් කල්පනා කළා. නිර්වාණයෙන් ඡන්ද සමාධිය එන කතාව.
ඊළඟට මම කල්පනා කළා මේ නිර්වාණය කියන එක ඇති වෙන්න නම් මට දුක්ඛය කියන එක, දැන් ඒ කියන්නේ නිර්වාණය තියෙනවා කිව්වහම, ඒක සත්‍යයි කියන එක එතන එන්න ඕනෙ. “යං සච්චං අමොස ධම්මං නිබ්බානං.” මේක ඇති වෙන්න නම්, මම දුක්ඛය කියන එක, මම දැනගන්න ඕන. එතකොට මම කල්පනා කරනවා, දුක්ඛයෙන් කොහොම ද නිවන තියෙනවා කියන එක දැනගන්නේ?
එතකොට දුක්ඛය කියන එකෙන් නිවන තියෙනවා කියන එක දැනගන්න කොට මට කල්පනා වෙනවා, මේ දුක්ඛය කියන එකේ තියෙනවා ජාති ජරා ව්‍යාධි මරණය කියන එක. එතකොට එතෙන්දි අපිට පේනවා, මෙතන වෙනස් වීමක් තියෙනවා. නිර්වාණයේ තියෙන්නේ වෙනස් වෙන්නේ නැතෙයි කියන එක. නිර්වාණය වෙනස් වෙන්නේ නැතෙයි කියන එක මම දැනගන්නේ, වෙනස් වෙන ධර්මයක් මම දැකීමෙන්. දුක්ඛ සත්‍යය දැකීමෙන්.
එතකොට දැන් මම කල්පනා කරනවා, මේ දුක්ඛ සත්‍යය කියන එක මම දකින්න නම්, මට අර විරිය තියෙන්න ඕන. නෙක්ඛම්මය අව්‍යාපාදය අවිහිංසාව ඇති වෙන්න, ප්‍රථම සම්‍යක්ප්‍රධාන ය තියෙන්න ඕන. එතකොට මේ ප්‍රථම සම්‍යක් ප්‍රධානයේ මේක තියෙනකොට කොහොම ද කෙනෙකුට දුක්ඛය කියන එක දකින්නේ? මේක දැන් අර දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා reverse එකෙන් මම analyse කරගෙන යනවා.
එතකොට මට හිතෙනවා, මෙතන හරියට, මේ කාමරේක මිනිස්සු කට්ටියක් රණ්ඩු වෙනවා නම්, ඒ කාමරේට මම ඇතුළු වුණොතින් තමයි මට ඔය ප්‍රශ්නය තියෙන්නේ. ඒක නැත්නම්, මේක නැතෙයි කියන අර්ථය මට වැටහීමක්, තේරුණා ද මම කියන එක? මේක ඇතුල් වුණෝතින් තමයි මට මේක තියෙන්නේ. ඒ කියන්නේ දුක්ඛයට මම ඇතුල් වුණෝතින් තමයි, මට ඔය ප්‍රශ්නය ඇති වෙන්නේ. එතකොට මම මේකෙන් ඇතුල් වෙන්නෙ නැතුව ඉන්නවා නම්, ඒ කියන්නේ මගේ නෙක්ඛම්මය තියෙනවා නම්, මට ඔය ප්‍රශ්නය නැති වෙනවා.
එතකොට මට පේනවා මේක ගැඹුරු බව කියන එක. මම මණ්ඩලයෙන් විමසුවා ඒ වෙලාවෙ දී, මේක මනුස්සයින්ට පැහැදිලි කරලා දෙන්න, මීට වඩා ලේසි ක්‍රමයක් හරි, ධර්මයක් හරි තියෙනව ද? මොන අර්ථයෙන් ද මම මේක පෙන්නන්න ඕන කියන එක. එතකොට කිව්වා, මගඵල චිත්තයක තියෙන අර්ථය මෙතන තියෙනවා කියලා. එතකොට මගඵල චිත්තයක අර්ථය මෙතන තියෙනවා කිව්වහම, මට කල්පනා වුණේ දැන්, මගේ සෝවාන් ඵල චිත්තයේ තියෙන්නේ භව පච්චයා ජාති. මේක දුකයි කියන එක.
එතකොට දැන්, මේ පටිච්චසමුප්පන්නයක් තියෙනවා. පටිච්චසමුප්පන්නය නිසා මේක දුක්ඛය කියන එක ඇති වෙනවා. එතකොට දැන් මට පේනවා, එහෙම නම්, මෙතනදි පෙන්නන්නේ මට නෙක්ඛම්මය නැත්නම්, මට දුක්ඛය කියන එක ඇති වෙනවා. නෙක්ඛම්මය තියෙනවා නම් මං ඉතින් ජරාව මේවා ඔක්කෝම ඇති වෙනවා කියන එක මෙයාට මේක පේනවා.
මෙයාට මේක පේන්නේ කොහොම ද කියන එකයි, ඊළඟට මම කල්පනා කරනවා, මේ විරිය කොහොම ද ඇති වෙන්නේ? මේ විරිය ඇති වෙන්න නම්, අර ධ්‍යානය තියෙන්න ඕනෙ. දිබ්බ විහාරය ඕන. එතකොට ඒ කියන්නේ ප්‍රථමධ්‍යානය කියන එක මම ගත්තොතින් එහෙම, ඒ ධ්‍යානයට ගිය මනුස්සයාට පේනවා, දැන් මම හොඳ තත්වයකට ඉන්නවා, අර ඉස්සෙල්ලා හිටියෙ කාමයන් සහිත තත්වයක. මේ හොඳ තත්වයට එන්න නම්, එහෙනම් මම, කාමය කියන එක අතහරින්නට ඕන. අන්න එතකොට ඒ ධ්‍යාන තත්වය නිසා තමයි මට අර විරිය කියන එක ඇති වෙන්නේ. ඒ කියන්නේ මට යමක් පැවතුනොත් එය විද්‍යාමාන වෙලා මට වෙනසක් පැවතුනොතින් තමයි, මම අරක අත හැරලා මේකට යන්නේ.
දැන් මම හොඳ ගෙයක් අල්ලගෙන ඉන්නවා නම්, මට ඒ ගෙය හොඳයි කියලා හිතෙන තාක් කල්, මම ඒ ගෙය අත හරින්නේ නැහැ. ඒ ගෙට වඩා හොඳ ගෙයක් මට හම්බවුණා නම්, මම කැමතියි අර ගේ අත හැරලා මේකට යන්න. ඒ වගේ, මගේ තිබිච්ච තත්වයට වඩා, උසස් වූ, වෙනසක් වූ, මට විද්‍යාමාන වන ධ්‍යානය ලැබීම නිසා තමයි, ඒක සඳහා, මම අරක අත අරිනවා කියන එක, මට ඒක ආවා.
ඉතින් ඒක තමයි මගේ භාවනාව කරගෙන ගියේ. දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤාව reverse එකේ analyse කළා අභිජ්ඣාවෙන් පටන් අරගෙන අර එහා කෙළවරට ගිහිල්ලා. මේකෙ ඇතුළේ මම නොකිව්ව ධර්ම කාරණා ගොඩාක් තියෙනවා. මොකද අර, මම ඔය කෙටියෙන් කිව්වේ, මොකද අර පැත්තෙන් ඇදිලා මෙතෙන්ට එනවා කියන එක තියනව නේ. එතකොට පේනවා මේ දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤාවේ කොයි තරමක් දෙයක් තියෙනව ද, අර පැත්තෙන් බලාගෙන, අර triangle එකේ කතාව එනවා, ඊළඟට අර මම කිව්වේ ආසවක්ඛය සඳහා තිබුණා වූ ඒ කතාවත් එනවා. එහෙම ඇවිල්ලා තමයි මෙතෙන්ට එන්නේ කියන එක ආවා.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්