Date: 14/08/2013 Name: Suba Vimutti and Akasannayatan

මගේ භාවනාව මං කළේ, ඒ ඡන්ද චිත්ත විරිය විමංසා තියෙනවා නේ, එතනින් මට පටන් ගන්න කියලා කිව්වේ. එතකොට මම විරියෙන් පටන් ගත්තා. විරිය, නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා ඒකත් එක්ක, එතනින් ඡන්ද සමාධියට යනවා. විරියො ච ඡන්දො ච කියන එක.

එතකොට මෙතන, මම කල්පනා කළා මේ ඡන්ද සමාධියට කෙනෙක් ගියාට පස්සේ, ඒ මනුස්සයාට අපි දන්නවා, ඉන්ද්‍රිය සංවරය කියන එක ඇති වෙනවා කියලා. Restraint of faculties, ඉන්ද්‍රිය සංවරය කියන එක ඇති වෙනවා. එතකොට ඉන්ද්‍රිය සංවරය කියන එක ඇති වෙනවා නම් ඒකත් එක්ක, දැන් මෙතන මේ අවස්ථාවේ දී ඔයා දන්නවා අර, පටික්කූලයි, ආහාරය කියන එක, පටික්කූල සඤ්ඤාවයි, වේදනාවට අප්පටිකූලයයි කියන එක තියෙනවා නම්, එතෙන්දී අපිට යන්න පුළුවන්කම තියෙනවා මේ සුභ කියන විමුක්තියට. එතකොට ඕක මම කල්පනා කරනකොට, ඉතින් මම එතෙන්ට හරියට ම ගියා.

එතෙන්ට ගිහිල්ලා ඉන්නකොට දැන් මේ condition එක මොකක් ද කියන එක මම බැලුවහම, එතෙන්දි මට අදහස දුන්නා රහතන් වහන්සේ, හරියට කකුල තියාගන්න ඕනේ, ජාතිය තියෙන තැන වම් කකුලයි, දකුණු කකුල ඇවිල්ලා මේ ජරාවට. වම් කකුලයි, දකුණු කකුලයි. දැන් එතකොට මේ විදිහට කකුල් දෙක තියා ගත්තහම දැන් ඔයා උඩට ඉන්නේ. දැන් ඔයා කියනවා, මේක අයින් කළා කියන එක සුභයි. ඒ කියන්නේ මොකක් ද, අතනින් අපි කබලිංකාර ආහාරය පටික්කූලයි කියන එක අයින් කරපු එක හරි, සුභයි. හැබැයි මේක ජාතියේ ඉඳන් ජරාවට යනවායි කියන්නෙ මේක හෙටත් වෙනවා. තේරුණා ද? හෙටත් වෙනවා. ජරාව ඇති වුණා ම ඔයා දැනගන්න ඕන ව්‍යාපාදය කියන එක ඇති වෙනවා කියලා.

දැන් සම්මා වාචා diagram එක. එතකොට ඔයා කල්පනා කරනවා මේක මෙහෙම වෙනවා හැබැයි මම තරහ ගන්නේ නෑ මේකට. ඔන්න ඔය condition එකේ තමයි සුභ කියන විමුක්තිය තියෙන්නේ. ව්‍යාපාද වෙන්න දෙන්නේ නැහැ මම, මගේ නෙක්ඛම්මය යම් ප්‍රමාණයකට ද, ඒ ප්‍රමාණයට තමයි මගේ අව්‍යාපාදය තියෙන්නේ. එතකොට අරක අත හැරෙන එක ගැන මම දන්නවා, බොහොම හොඳයි. හැබැයි මම ව්‍යාපාදයක් ඇති වෙන්න දෙන්නේ නැහැ. එතකොට මෙත්තාව ඔය විදිහට පවත්වනවා.

හොඳයි ඊළඟට ගත්තහම, මං කකුල් දෙක මාරු කරනවා දැන්. වම් කකුල තියා ගන්නවා ජරාවට, දකුණු කකුල තියා ගන්නවා ව්‍යාධියට. දැන් මම දන්නවා මම රෝග වෙනවා. ව්‍යාධිය බවට මම පත් වෙනවා කියලා මං දන්නවා. හැබැයි ව්‍යාධිය කියන එකට පත් වෙනවා කියලා දැන ගත්තට, මං ද්වේෂයට යන්නේ නැහැ. ද්වේෂයට යන්නේ නැහැ. ද්වේෂයට ගියොත් මට කරුණා අප්‍රමාණයක් නැහැ. ද්වේෂයට යන්නේ නැතුව මං මෙතන ඉන්නවා. එතකොට එතෙන්දී ලස්සනට ඉන්න පුළුවන්. අර ඒ කියන්නේ ඊර්ෂ්‍යාවක් නැහැ. අනිත් අයට ඒක වෙනවා කියලා ඊර්ෂ්‍යාවක් නැහැ. ලෙඩ වෙනවා කියලා මම දන්නවා. මම ඉන්නවා කරුණාවෙන් අප්‍රමාණයට ගිහිල්ලා, මොකද, මම ලෙඩ වුණොතින් මම ද්වේෂයට යනවා. සම්මා වාචා diagram එක ආපහු. මේක දැනගෙන මම මෙතන ඉන්නවා. අන්න ඒ විදිහට තමයි කරුණාවෙන් අප්‍රමාණයට යන එක තියෙන්නේ.

එතෙන්දි මම ඇවිල්ලා අර ඉපදිලා තියෙන අකුසලයන් නේ මම පහ කරන්නේ, ලෝභ දෝෂ මෝහ. එතකොට මෙතෙන්දී මම දැනගන්න ඕනේ අර මගේ තිබෙන්නා වූ ඒ සුභ විමුක්තිය නිසා ඇති වෙන්නා වූ වේදනාව තියෙනව නේ, ඒ සුභ විමුක්තිය නිසා ඇති වෙන්නා වූ වේදනාව කියන එකත් ඔයා ඉක්මවන්න ඕනේ. ඒක ඉක්මවීමෙන් තමයි, ඒ කෑල්ල ඔයා අතහැරීමෙන් තමයි, මේක පවතින්නේ. ඒ කරුණාවෙන් ඒක යන්නේ එතෙන්ට. හැම සත්වයෙක් ම මෙහෙම ජරාවේ ඉඳන් ව්‍යාධියට යන එකයි මෙතන තියෙන්නේ. ජරාවේ ඉඳන් ව්‍යාධියට යනවායි කියලා මං දන්නවා. අර සුභ කියන විමුක්තිය, දැන් මේක අස් කරලා නේ මෙතැනට ඇවිල්ලා තියෙන්නේ. මේ අස් කළාට මේකෙන් ඇති වෙන එකත් මම ගන්නෙ නැහැ. ඒ වේදනාවත් මං ඉක්මවන්ට ඕන. හැබැයි වේදනාව සම්පූර්ණයෙන් ඉක්මවලත් නෑ දැන්. මොකද තාම ගිහිල්ලා නැහැ, විඤ්ඤාණඤ්චායතනයට ගිහිල්ලා නැහැ.

අන්න ඒක තමයි භාවනාව. හොඳට හිටියා. බොහෝ ම සැපයි. ඉතින් රහතන් වහන්සේ නවත්තන්න කිව්වා ම නැවැත්තුවා. එතැනදි ඉන්න හොඳ නැතැයි කියන නිසා ඒ තත්වයෙන්.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_Sammavaca_digram.jpg