අද භාවනාවට මම ගත්තේ, මම අර බුදුපියවරු සිහි කරන්න ගත්තහම, ඒ මම කියන්න ගත්තේ මණ්ඩලාධිපති බුදු පියාගේ ඉඳන් ක්‍රම ක්‍රමයෙන් add වේගෙන ආවා. එතෙන්දි ආවා මේ පියවරු ඉතින් සුචරිතය කියන එක පවත්වනවා. ඒ කියන්නේ කාය සුචරිත, වචී සුචරිත, මනෝ සුචරිතය සහිතවයි ඉන්නේ. ඊට පස්සේ, ඒ තමනුත් ඒක පවත්වනවා, අනෙක් අයටත් ඒක කියලා දෙනවා කියන එක. ඒක පවත්වන්න.
ඒ පාර, ඊළඟට ඉතින් සහම්පති මහා බ්‍රහ්ම රහතන් වහන්සේ එනකොට මම කියනවා මේ කාය සුචරිත, වචී සුචරිත, මනෝ සුචරිතය ඒක පවත්වනවා. අනෙක් අයටත් කියලා දෙනවා. අනෙක් අය කෙරෙහි කරුණාවත් තියෙනවා. ඒ පාර දැන් මට මතක් වෙනවා මේ කරුණාව විතරක් නෙවෙයි, මෙත්තාව කරුණාව මුදිතාව උපෙක්ඛාව කියන ඒ අප්‍රමාණයන් හතර ම. කරුණා අප්‍රමාණයෙන් ඉන්නවා කියලා කිව්වේ අප්‍රමාණ හතරෙන් ම මේ බුදුපියවරු ඉන්නවයි කියන එක.
එතකොට එහෙම කල්පනා කරනකොට, දැන් මටත් ඒ විදිහට ම මේක ඇති වෙලා ඉවරයි. එතකොට මමත් කියනවා දැන් මේ මටත්, මේ මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛා අප්‍රමාණ හතර ම, මටත් තියෙනවා. ඒ පාර දැන් මම ඒක ම තමයි භාවනාවට ගත්තේ. ඒක ම භාවනාවට අරගෙන දැන් මේක මේ විදිහට ඇති වෙලා තියෙනවා. එතකොට මම කල්පනා කරනවා ඉතින් මෙත්තාව කියන එක තියෙනවා මේ සත්වයින්ට මේ ධර්මය කියා දීම සම්බන්ධයෙන්. ඉතින් ඒ වගේ මෙත්තාවක් තියෙනවයි කියන එක. ඉතින් කරුණාව දීම, තමන්ගේ ශ්‍රමයත් වැය කරලා, ධනයත් වැය කරලා එහෙම කරන දේවලුත් තියෙනවා.
ඉතින් ඊට පස්සේ මුදිතාව කියන එකට ආවහම, ඔන්න පටන් ගත්තා අර මගේ නොවෙනවා කියන කතාව. මගේ නොවෙනවා කියලා කියන්නේ අර විරියවල් දෙකක් තියනව නේ. අර සුඛාපටිපදා දන්ධාභිඤ්ඤාව කියලා එකක් තියෙනවා. ඒක ඔයගොල්ලෝ ඉගෙනගෙන නැහැ. ඒ සුඛාපටිපදා දන්ධාභිඤ්ඤාවේ විරියවල් දෙකක් තියෙනවා. අර තුන් වෙනි විරිය තියෙනවා නේ සෝතාපන්නයාගේ ශ්‍රද්ධාව ඇති කරගන්න කරන විරිය. එතකොට ඒ කියන්නේ මගේ නොවෙයි කියලා ගන්න එක. සඤ්ඤාවන් මගෙයි කියලා නොගන්න විරියක් තියෙනවා.
ඊට පස්සේ ඒකේ දෙවන විරිය ඇති වෙනවා විරිය සමාධිය කියන එක ඇති වෙනකොට, මේ සංස්කාර මගේ නොවෙන්න. දැන් එතකොට, අර මක්ඛය නොවෙනවා කියන අර්ථයත් ඇවිල්ලා එතකොට ඒ මුදිතාව මගේ හොඳට තිබිලා, ඒකත් එක්ක ම දැන් ඊළඟට මම කියනවා විඤ්ඤාණයත් මගේ නොවෙන්න ඕනෙ, අර හතර වෙනි පාරේ සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාවේ තිබෙන්නා වූ විරියත් ගත්තා. එතකොට දැන් මේ පැත්තෙන් මගේ කියලා ගන්නේ නැහැ. අර අත්තා කියන කතාව එන එක. ඊළඟට ගත්තහම, ඒකෙන් පස්සෙ ඒක ගන්නෙත් නැහැ. සංස්කාර මගේ නොවෙන්න. ඊළඟට හතර වෙනි පාරේ පළවෙනි විරියෙන් කියනවා, විඤ්ඤාණය මගේ නොවෙන්න. එතකොට මෙතන අත්තා. මේ පැත්තෙන් මගේ වුණොත් නේ විඤ්ඤාණය එතන බැහැගන්නේ. අර පහුගිය දවස්වල කිව්ව ධර්මය. එතකොට බැහැගන්න මම ඉඩ දෙන්නෙත් නැහැ. ඒ කියන්නෙ මම නිත්‍ය වෙන්න දෙන්නෙ නැතෙයි කියන කතාව මගේ තියෙනවා. අර මදයෙන් කරන වැඩේ, දෙන්නෙ නැතෙයි කියලා.
එතකොට දැන් මෙන්න මේ විරියත් එක්ක මම මෙහෙම එනවා. දැන් මේ, අර දස කුසලය කියන එක ගැන නේ මම මෙනෙහි කළේ. එතකොට දස අකුසලය වෙන්න දෙන්නේ නැතෙයි කියන එක ගත්තහම ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට මේවාත් ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. එතකොට ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට දස අකුසලය ඇති වෙලා නේ ඕක ඇති වෙන්නේ. එතකොට දස අකුසලය ඇති වෙන්න දෙන්නේ නැතෙයි කියන එක.
එතකොට මේකත් එක්ක ආවා උපසමාධිට්ඨානයට. ඒ උපසමාධිට්ඨානයට ඇවිල්ලා, දැන් මෙතන අර triangle එක හැදිලා තියෙන්නේ. අත්තා, නිත්‍ය කියන කතාව එන්න දෙන්නෙ නැතුව, ඒක නිසා ම අවිද්‍යා ආශ්‍රවය කියන එක හැදෙන්න දෙන්නේ නැති කතාව තියෙනවා නේ. එතකොට ඒකත් එක්ක ම, දැන් මම එනවා උපසමාධිට්ඨානයට. එතකොට උපසමාධිට්ඨානයේ දී රාගයටවත් ද්වේෂයටවත් මෝහයටවත් සැලෙන්නේ නැතෙයි කියන එක.
දැන් මෙතෙන්ට ආවා ඊළඟට විමංසා සමාධිය. විමංසා සමාධිය ආවයින් පස්සේ දැන් කියනවා මම ලෝභ දෝෂ මෝහයන් කියන ඒවට මම ඉඩ දෙන්නේ නැතෙයි කියලා. ඒ පාර අර ඡක්ක diagram එකේ අර විරිය තියෙනවා නේ. ඒ විරියත් එක්ක මෙයා ගිහිල්ලා සම්බන්ධ වීමක් ඇති වෙනවා. එතකොට අරයා අතනින් කියනවා ඉද්ධිපාදයන්ගෙන් එන්නා වූ අතන පළවෙනි විරිය, නෙක්ඛම්මය, අර මෙහෙම තියන එක මතකයි නේ, මේකට ආපු විමංසාව දැන් මෙතෙන්ට හේත්තු වෙනවා. මේක දැන් අලෝභ අදෝෂ අමෝහ කියන එක මෙතෙන්ට එකතු වෙලා තියෙනකොට, දැන් මට පේනවා ඒ ඡන්ද සමාධිය නිසා අපිට ඉන්ද්‍රිය සංවරය තියෙනවා. ඒ වගේ ම මෙතන විමංසා සමාධිය තියෙනවා. ඒකත් එක්ක දැන් මම, සබ්බනිස්සග්ගය කරා ගමන් කරනවා. මම මේ දේ අතහරිනවා කියන එක.
එතකොට මේකත් එක්ක මේ විදිහට යනකොට ඉතින් දැන් මට ඔක්කෝම align වෙලා එනවා. අර විරිය උඩට ගිහිල්ලා නෙක්ඛම්මයෙ ඉඳන් එන්නා වූ විරියයි, විරිය ඉද්ධිපාදයයි මේ ඔක්කෝම ටික ඇවිල්ලා මෙතන උපෙක්ඛාව ආයේ හෙල්ලෙන්නේ නැතුව මේක පවතිනවා. අර එකක්වත්, ඔය අතරේ දී ආවා සාඨෙය්‍ය කියන එක මගේ කියලා ගන්නේ නැතෙයි කියන එක. සඤ්ඤාව මගෙයි කියලා ගත්තොත් නේ අතන නිත්‍ය කතාවට යන්නේ. ඒ කතාවත් ආවා. එතකොට ඒකත් ඇවිල්ලා දැන් මෙතන උපෙක්ඛාවෙන් පුදුමාකාර විදිහට ඒක පවතිනවා. එතකොට දැන් මේ උපෙක්ඛාව පැවතිලා, රහතන් වහන්සේ ඇතියි කිව්වා ම මම නවත්තලා, ඒ පාර මම දැන් ආපහු මේක මෙනෙහි කරලා බැලුවා, ඔයගොල්ලන්ට කියන්න.
ඒක මෙනෙහි කරලා බලලා ඉවර වෙලා, ඊට පස්සේ දැන් මම අර බුදුපියවරුන්ට, ආ, ඔය අතරේ දී ගත්තා මම අර අකනිට්ඨාවට යනවායි කියන එක අල්ලගෙන තමයි මේක කළේ. මොකද සබ්බනිස්සග්ගයෙන් සියල්ල අතහරිනවා කිව්වයින් පස්සේ ඔක්කොම අත හැරියොත් වැඩේ jam. මම ඒ පාර අරක මතක් කරගත්තා. මතක් කරගෙන තමයි කළේ. එහෙම කරගෙන, ඊට පස්සේ ඔයගොල්ලන්ට කියන්න මේක සිහි කරලා, දැන් මම මේ බුදුපියවරුන්ට ආපහු කෘතඥතාවය පල කරනවා නේ. දැන් මම අර මණ්ඩලාධිපති බුදුපියයි, ධම්මාධිපතිවිනයාධිපති බුදුපියයි ඔහොම කියාගෙන ගියාට, මේක අර වෙනසක් නැහැ. ඒ බුදු පියවරුන් කෙරෙහි අර එක ම උපෙක්ඛාවක් තමයි, අර ඒ උපෙක්ඛාව තාම ඒ විදිහට ම තියෙනවා. වෙනසක් නොවී පවතිනවා. වෙනසක් නොවී පවතිනකොට, දැන් මට මේක හොඳට පේනවා. මේකෙ වෙනසක් නැතුව තමයි මම මේ කියන්නේ කියලා.
ඊට පස්සේ අපි ඔය නාථ දෙවියන්ගෙන් පටන් අරගෙන ඔහොම එනවා නේ, දැන් එතකොට අම්මගේ එකට ආවා ම, අර අම්මගේ ධම්මදින්නා කියලා එහෙම කිව්වා. කියන අවස්ථාවෙ දී මට මොකුත් නැහැ. ඒ පාර එකපාරට ම සිතට ආවා wow, මගේ අම්මා. ආන්න එතකොට අර උපෙක්ඛාව බැස්සා. අර ධම්මදින්නා කතාව කියලා, එතෙන්ට එනකන් මොකුත් නැහැ. ඊට පස්සේ අතෙන්ට විඤ්ඤාණය බැසගන්න ඉඩ දුන්නා. දැන් මගේ අම්මා කිව්ව නේ. මගේ අම්මා දැන් ධම්මදින්නා වෙලා කියල නේ ඔය කිව්වේ. ඒක කිව්ව ගමන් අන්න මට තේරුණා අර ඩක් ගාලා අර උපෙක්ඛාව බැහැලා, දැන් කතාව වෙනස් කියලා. ඉතින් ඒක මම හඳුනා ගත්තා. මගේ කියලා ගත්ත ගමන් තමයි මේ උපෙක්ඛාව එහෙනම් නැති වෙන්නේ. ඔන්න ඕක තමයි bottom line එක. අන්තිමට උපෙක්ඛාව වැටෙන්නේ මොකෙන් ද කියන එක තමයි, මේක ආවේ.
ඉතින් මේක හරි ෂෝක් ඒ විදිහට භාවනාව. හැබැයි ධර්ම කාරණා හතළිහ ම අර්ථය තියෙන්න ඕන. දැන් දන්නවා.
මේ භාවනාවෙදි අමතක වෙච්ච කොටස තමයි, අර අභිජ්ඣා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි, ඒ කියන්නෙ සිතින් කරන්නා වූ ඒ කොටස් කියන එක අයින් කරනවා කියන අදහසත් එක්ක, අර මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ පෙන්නපු, අර ශ්‍රද්ධාව, සම්මා දිට්ඨියෙන් ඇති වෙන්නා වූ triangle එක, උඩ triangle එකයි, පල්ලෙහා triangle එකයි සම්බන්ධ වෙලා නැවතත් පේන්න ගත්තා.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්