Date: 15/08/2013 Name: Upekka Appamaana 2

මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ සිහි කළා. බුදුවරු 2500 නමකින් බණ අහලා, ඒ බුදුපියාණන් වහන්සේ ඉන්නවා. ඒ බුදුපියාණන් වහන්සේ, මේ ලෝකේ හෙල්ලෙන දේවල්වලට, බුදුපියාණන් වහන්සේ හෙල්ලෙන්නේ නැහැ. එහෙම හෙල්ලුණා නම් 2500 පාරක් හෙල්ලෙන්න වෙනවා. 2502 ක් හෙල්ලෙන්න වෙනවා නේ. ඉතින් ඔය විදිහට, ඒ බුදු පියවරුන්ගේ මයිල් ගහක්වත් සෙලවෙන්නේ නැහැ කියලා මේ වගේ දේවල්වලට.

එහෙම ගිහිල්ලා ඉවර වෙලා, ඉතින් මේ මමත් සෙලවෙන්නේ නැතෙයි කියන එක ඒ විදිහට ඇවිල්ලා, ඒ පාර දැන් ඔය ලෝභ දෝෂ මෝහ කියන භාවනාව ගැන කල්පනා කරනකොට, එතෙන්දි රහතන් වහන්සේ කිව්වා එතනින් ම අල්ලගන්න කියලා. එතකොට ලෝභයටවත් ද්වේෂයටවත් මෝහයටවත් හෙල්ලෙන්නේ නැහැ කියන එක නේ. එතකොට මට එතෙන්දි එකපාරට ම ආවා මේ තුන කියන එක ගත්තහම, මේක ඇති වෙන්නේ, මේකෙ ස්පර්ශය හේතු කොටගෙන තමයි මේ ඔක්කෝම කතාව සිද්ධ වෙන්නේ.

එතකොට අපිට පේනවා මෙතනින් අපි මොකකට හරි හෙලවෙන්න යනවා නම්, අපි මේ කුලයක් අල්ලා ගෙනයි මේක කරන්නේ. මොකක් ද මේ කුලය කියන එක? එක්කෝ රූප කුලය, එහෙම නැත්නම් ධම්මමච්ඡරිය නිසා ඇති වෙන්නා වූ සමාධි කුලය. ඔය දෙක අතර තමයි මේ කුලයන් අල්ලාගෙන තියෙන්නේ. එතකොට මට එතනින් එනවා මෙහෙම zig zag එකක්. අර diagram එකේ, කබලිංකාර ආහාරය ස්පර්ශය වේදනාව, ඒක නිසා තමන්ගේ ඇති වෙන්නා වූ දෙයක් තියෙනවා. මේක leg එකක් වාගේ, මේක ඇති වුණොත් එහෙම, ඒ කියන්නේ මෙතනින් එන්නේ කෙළීන් ම, කුලය. ඊට පස්සේ එනවා, චේතනාව ඉඳන් අර සංකල්පය හදලා, ඒවායින් ඇති වන්නා වූ ඒ සමාධීන්ගෙන් කුලය. එතකොට z එක වාගේ නේ ද? මෙහෙම එන්නේ.

එතකොට දැන් මේක තමයි මට පේන්නේ, දැන් මේක ම තමයි, ඊළඟට අර මෙහෙම වෙන පොලු දෙක. එතකොට මේක ම තමයි reflect වෙලා සඤ්ඤාව ඉඳන් ඒ වේදනාවයි, මේකේ චේතනාවයි කියන එක, මේක තමයි තියෙන්නේ. එතකොට දැන් මම මෙතනදි කල්පනා කළා මේක කොහොම ද, පොඩි වෙන්නේ? මේක මෙහෙම තියෙන්න, එක්කො මම මොකක්වත් නොකර ඉන්න ඕනෙ. එකක්වත් නොගෙන ඉන්න ඕනෙ. එතකොට ඔය පොලු දෙක ඔහොම තියෙනවා. දැන් මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසය නේ. එක පැත්තකටවත් කරකවන්නේ නැහැ. එහෙම නැත්නම් මේක පොඩි වෙන්නට හරින්න ඕනෙ. මේක පොඩි වෙන්නට අරින්න ඕනෙයි කියන එක මට කල්පනා කළා ම, මට තේරෙනවා මේක තමයි මේ චෙතෙති පකප්පෙති අනුසෙති කියලා කියන්නේ. චේතයයි චේතනාවයි, පකප්පයයි කියන එක තමයි අර සංකල්පය. ඒ plan එකට, ඒක තමයි අර කෑල්ල. ඊළඟට මේ පැත්තෙන් අනුසය කියන එක නැති වෙන්න ඕනෙ. එතකොට සුඛ වේදනාවක රාග අනුසය, දුක වේදනාවක පටිඝානුසය, අදුක්ඛම සුඛ වේදනාවක අවිද්‍යා අනුසය කියන එක පහ කරන්න ඕනෙ කියන එක, ඒක තියෙනවා.

එතකොට ඒ තුන පහ කරන්න ඕනෙ කියන එක කල්පනා කරලා දැන් මට මේකෙන් පේනවා, මේකේ ඒ අනුසය ධර්මයන් කියන එක කවදා හරි නැති වෙන්න නම්, මේක ජාති ජරා ව්‍යාධි මරණ කියන කතාව, ඒක හොඳට තේරෙන්න ඕනෙ. ඒ කියන්නේ දුක්ඛ දෝමනස්ස සෝක පරිදේව කියන එක තේරෙන්න ඕනෙ. දැන් මෙතනින් තියෙන ඕන ම එකක් ගත්තහම මේ දුක්ඛයක්, දෝමනස්සයක් නම්, ඒකෙන් හැදෙන සංස්කාරයේ අර සෝක කරන ස්වභාවයේ, ඒකෙන් හැදෙන විඤ්ඤාණය කියන එක පරිදේවයේ තියෙන්නේ. මෙන්න මේ පල්ලෙහා line එක, එතන මම අල්ලා ගන්නවා.

එතකොට මේක මෙහෙම නම්, අපි රූප කුලයටවත්, ඊළඟට අනෙක් පැත්තෙන් ගත්තහම, ධම්මමච්ඡරියෙන් ඇති වන්නා වූ ඒ සමාධි කුලයටවත්, මේ දෙකින් එකකටවත් අපි ඇලෙන්න හොඳ නැතෙයි කියන එක. මේකෙ එකක්වත් ඇලෙන්න ඕනෙ නැතෙයි කියන එක කල්පනාවට ගත්තහම දැන් මට එනවා, එහෙම නම්, මේ කතා කරන්නේ, උපාදානය. ඒ කියන්නේ අත්තවාදු උපාදානය දක්වා තියෙන්නා වූ දේ තමයි මේකෙ පහ වෙන්නට ඕනෙ කියන එක. ඒ උපාදාන ටික නැති වෙන්න ඕනෙ. උපාදාන කියන එක නැති වෙන්න නම් ධ්‍යානයන්ගෙන් තමයි තියෙන්නේ. ප්‍රථමධ්‍යාන, ද්විතීය ධ්‍යාන ඔය විදිහ දක්වා, ඉතින් අන්තිමට ගත්තහම අරූප ධ්‍යාන, අර ආනෙඤ්ජ විහාරයේ තියෙනවා. ඊළඟට උපාදාන නැති වෙන්න නම් අපි භාවිතා කරන්න ඕන ඔය විහාර හතර. තේරුණා ද? මේක භාවිතා කරන්න ඕනෙ කියන එක.

එතකොට දැන් මෙතෙන්දි මම ඇවිල්ලා එතකොට මේක හරි ෂෝක්. මේ ඔළුව ඔක්කෝම පත්තු වෙලා උපෙක්ඛා අප්‍රමාණය මේ තියෙන්නේ. අර මුල හරියෙදි තිබුණා ලොකු ම එකේ, ඒක මෙතන තිබුණා මෙතන නළලේ. ඉතින් මෙතන ඇති වෙලා තියෙනවා මේක, දිගට ම ඔය විදිහට තියෙන්නේ.

ඉතින් ඔතෙන්දි ඔය වෙලාවට මම කල්පනා කළා, මේක මෙහෙම වුණාට දැන් අත්තවාදු උපාදානය කියන එක එහෙම නැති නොකළ යුතුයි. මොකද, මේ බුදුවරුන්ගෙන් වචනේ මම කියන්නෙත් නැතුව මම කිව්වෙ මොකක් ද, බුදුන් වහන්සේලා යමක් පැතුව ද, ඒකට මම ඒ කෘතඥතාවය පල කරන්න ඕනෙ, ඒක පවත්වන්නට ඕනෙ. බුදුන් වහන්සේට විරුද්ධ වෙන්නේ නැතෙයි කියන එක.

ඉතින් එහෙම වුණා ම, අර මෙතන මේවා එක ගිහිල්ලා, මේක හරි ම සැපට මේක පවතිනවා. ඒ කෘතඥතාවයත් එක්ක ඒක පැවතුණා. එතකොට රහතන් වහන්සේ ඉතින් දැන් ඇතියි කියලා කිව්වා. බැලුවහම ඉතින් මිනිත්තු විස්සයි ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ පාර එහෙනම් මිනිත්තු විස්සයි නේ. අනෙක් අයත් භාවනා කරනවා නේ. එහෙනම් රහතන් වහන්සේ කිව්වා ඔය ඉන්න විදිහට මිනිත්තු පහක් තව මොකුත් හිතන්නේ නැතුව ඉන්න කියලා. ඉතින් මිනිත්තු පහක් ඔය විදිහට මම හිටියා.

ඉතින් මේක තමයි මේ උපෙක්ඛා අප්‍රමාණ 2 තමයි, මේ භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_Upekka_15_08_2013.jpg


cakka.jpg