අද උදේ වරුවේ මම කරපු භාවනාව, ඊයේ කරපු භාවනාව ම තමයි. ඊයේ කරපු භාවනාව මම කරගෙන ගියා. මතකයි නේ නේ ද? අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ. ඒක ගිහිල්ලා, මට ඕක ඔය ඊයේ භාවනාව ඇතුළෙදිම මේ දේ දැනුණා. ඒ මොකක් ද? මේ තණ්හාව කියන එක ඔය විදිහට මම analyse කරගෙන ගිහිල්ලා, තණ්හාව නැති වෙනවා නම් පටිච්චසමුප්පන්නයක් වෙන්නේ නැතෙයි කියන එක, මගේ මේවා එකේදි මට ආවා. අද ඒකේ තමයි මම හිටියේ හුඟාක් ම. තණ්හාව නැති වෙනවා නම් පටිච්චසමුප්පාදයක් සිද්ධ වෙන්නේ නැහැ.
එතකොට මේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා, දැන්, මිනිස්සුන්ට මතයක් එහෙම තියෙනවා, මේ “අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා” කියලා බුදුහාමුදුරුවෝ පටිච්චසමුප්පාදයක් දේශනා කළා. මේ දුක්ඛයේ, දුක්ඛ සමුදයයි, දුක්ඛ නිරෝධයයි කියලා එකක් දේශනා කළා. එතකොට අරක නේ ද මේකෙ තියෙන්න, මේක නේ ද කියන එක, මිනිස්සුන්ට ගැටුමක් තියෙනවා. ඒ කියන්නෙ පටිච්චසමුප්පාදය නේ ද දුක්ඛ සත්‍යය හැටියට කියන්න ඕන කියන එක වගේ. ඉතින් මේක හරියට ම පේනවා, ඒ තණ්හාවෙන් තමයි පටිච්චසමුප්පාදය.
දැන් මම, කාමච්ඡන්ද ව්‍යාපාද ථීනමිද්ධ වෙලා මම මෝහයට යන්න ඉඩ දුන්නා නම්, sick වෙච්ච සඤ්ඤාව මගේ කියලා අරගෙන, අන්න ඒක තමයි මගේ ප්‍රශ්නේ. මේක නොවෙන්න නම්, මම මේ චිත්ත ධාරාව ඇති වෙන්න ඉඩ නොදෙන්න ඕන. එහෙම නම්, මම ඉඩ නොදෙන්න ඕනේ ව්‍යාපාද නොවෙන්න. ඒ කියන්නෙ මගේ විරිය නැති අවස්ථාව නේ. ව්‍යාපාද නොවෙන්න නම් කාමච්ඡන්දය නොවෙන්න ඕන. කාමච්ඡන්දය නොවෙන්න නම් මම අභිජ්ඣා නොවෙන්න ඕන. එතකොට මෙතන තමයි මේ තණ්හාවේ කතාව තියෙන්නේ. තණ්හාව එහෙම නම් මම නොවෙනවා නම් තමයි මට පටිච්චසමුප්පාදය ක්‍රියාත්මක වන්නේ නැහැ. එය වෙන අවස්ථාව. හොඳට ඉන්න පුළුවන්.
ඔය අදහස් දෙක, ඔය සඤ්ඤා දෙක ඇතුව බොහෝ ම කාලයක් ඉන්න පුළුවන්. ඉඳලා, දැන් ඕක මැද්දේ දී මම අර ඒ තණ්හාවන් කියන එකට, අකනිට්ඨාවට යන තණ්හාව ඉතුරු කරගත්තා. ඒක අරගෙන, අනෙක් තියෙන ඒවා ගැන කල්පනා කළා. ඒ කරලා ඉඳලා ඉවර වෙලා මේ භාවනාව රහතන් වහන්සේ මට ඇතියි කියලා කිව්වට පස්සේ, මම ඇහුවා රහතන් වහන්සේගෙන්, මොකද මෙතන හරි පුදුමයි, මේක මොකක් ද? මෙතන මේක, මේ ධර්මය මොකක් ද? මේ දෙක අතර සම්බන්ධතාවය තියෙන මේ සමාධිය මොකක් ද කියලා.
ඒ පාර රහතන් වහන්සේ කිව්වා, “ධර්මය තමයි කිව්වා ප්‍රඥාව.” සමාධිය මොකක් ද කියන එක අහනකොට රහතන් වහන්සේ පොඩ්ඩක් නිශ්ශබ්දව හිටියා. පළවෙනි පාරට ම උත්තරේ දුන්නේ නැතුව, කිව්වා, ඔබ බිය වෙන නිසා මම මේක නොකියා ඉන්නවා කියන එක. ඒ පාර මම රහතන් වහන්සේට කියනවා, රහතන් වහන්සේ මේක නේ ද ආශ්‍රවයන් නසන අවස්ථාවක තියෙන දේ කියලා. ආශ්‍රවයන් නසන අවස්ථාවක තිබෙන චිත්තය මෙන්න මේක නේ ද කියලා. එතකොට මෙන්න මේ චිත්තය, ඒ පාර රහතන් වහන්සේ කිව්වා, “ඒක එහෙම නෙවෙයි” කියලා. ඒ පාර මම ඇහුවා ප්‍රශ්නයක් මෙහෙම චිත්තයක් දිගට පවත්වාගෙන ඉන්නවා නම් කොච්චර දවසකින්, කොච්චර කාලයකින් මේ නිර්වාණය වෙනවද කියන එක. “දවසකට වඩා අඩුයි” කිව්වා. ඒ චිත්තය ඒ විදිහට පවත්වනවා නම් දවසකට වඩා අඩුව, ඒක ඉවර කරගන්න පුළුවන් කියන එක තමයි. ඒක amazing, අර ඒ දෙක දැනෙන්නට ඕන, ඥානය වශයෙන් දකින්නට ඕන. මං ඔය සඳහා රහතන් වහන්සේ මාව පුරුදු කළා නේ, අර කලින්.
දැන් මේ වෙලාවෙදි ඇත්තෙන් ම කියනවා නම්, මම රහතන් වහන්සේට පින් දුන්නා ඔබ වහන්සේලා මට, මේ සත්වයාට දිය යුතු දේ ඔක්කොම දුන්නා ය කියන එක, මේකට. රහතන් වහන්සේ ඉඳන් කිව්වා, “නෑ දරුවා, ඔබ ම මේක සොයා ගත්තේ” කියලා. ඒ අවස්ථාව සොයා ගත්තෙ කියලා. රහතන් වහන්සේලා උදව් කළා නේ හැබැයි. රහතන් වහන්සේලා උදව් කළේ මොකක් ද, මම මේ කියන්න හැදුවේ, අර නිත්‍යභාවය කියන එක ඇති වෙන එක, මම කිව්ව නේ අර, මේ මද මානය. මදය කියන එකත් එක්ක, මදයත් එක්ක ගිහිල්ලා තමයි මේකෙ නිත්‍යභාවය කියන එක, ඒකට එන්නේ. ඒ කියන්නේ පටිච්චසමුප්පන්න වෙන්නෙ එතකොට. ඒක පළවෙනි ධර්ම කාරණාව. ඒක වැටහෙන්නට ඕන.
ඒක වැටහුණහම, ඔය ඊයේ භාවනාවෙන් ඒ කාමච්ඡන්දයත් එක්ක ඇවිල්ලා, මේක තණ්හාව නිසයි මේක කියන එක, ඒක වැටහෙන්නට ඕන. ඊට පස්සේ මේ දෙකේ සම්බන්ධතාවය පේන්නට ඕන මේ තණ්හාව නිසා තමයි මේ පටිච්චසමුප්පන්නය වෙන්නේ කියලා. තණ්හාවෙන් තොර පටිච්චසමුප්පන්නයක් නැහැ. එතකොට මේ තණ්හාවත් දන්නවා ද, පටිච්චසමුප්පන්නයත් දන්නවා ද, අන්න ඒ මොහොත තමයි එයාට.
දැන් මට ඕක ආවා, මගේ අරිහත්ව ඵල චිත්තයත් එක්ක මගේ ආවා, මෙතැන මේකට ඇදෙනවා කියන එක ඔය මැද්දේ දී ආවා. ඒ ඇදිලා තමයි මම ඔය දෙකේ එකින් එක කල්පනා කළේ. මොකද අර මෙතෙන්දි මේ ඉහළ ම වූ සමාධිය මම කිව්වේ අර ඊයේ සෙල්ලෙන්නැති සමාධියක් තිබුණේ අර උපෙක්ඛාවෙන් තිබුණේ. අන්න ඒ උපෙක්ඛාවේ ඒ අවස්ථාවෙදි කෙනෙක් ගන්න පුළුවන් මේක ඇතුළට. Present moment එක. ඒක හරියි කියලා ඉදංසච්චාභිනිවෙසකායගන්ථය ඇතුළට මේක, පරාමාසය ඇදිලා යන අවස්ථාව.
ඒක ඇදෙන්න ඉඩ දෙන්නේ නැති අවස්ථාව තමයි මේ කතා කරන්නේ. Present moment එකේදි වෙන කාර්යය, ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ end එකට කියලා තියෙන ධර්මය තියෙනවා නේ, මේක ඒකෙන් beyond. ඒ කියන්නේ මේ කෙළවරට ඇවිල්ලා, මෙන්න මේ විදිහටයි මේක ඇදෙන්නේ, දැන් මීට පස්සේ මං මෙතන ඇදෙන්න දෙන්නේ නැහැ. මොකද, මේකෙ අවබෝධය ඇතුව. අන්න ඒ විදිහට ආවේ ගැඹුරින්.