මම ඒ උතුම් බුදු පියවරුන් සිහි කළා. ඒ බුදුපියවරු සිහි කරලා මම බැලුවා, මට භාවනාව පටන් ගන්න ඉස්සෙල්ලා මට කිව්වා චූල අස්සපුර සූත්‍රය, ඒක බලන්න කියලා. එතකොට ඒක බලනකොට ම මට තේරුණා, අප්පච්චියේ මේ අපි මේ නොදන්නවා වූ දෙයක් ඒකේ කියලා තියෙනවා අපි තේරුම් ගත්තෙ නෑ නේ මෙච්චර කාලෙකට කියන එක.
මේක මොකද, මිච්ඡා දිට්ඨිය ඇති වෙන්නේ කොහොම ද කියන එක අපි හෙව්වා නේ. චූල අස්සපුරේ ඒක කියනවා නේ. සාඨෙය්‍ය. සාඨෙය්‍ය නිසයි මිච්ඡා දිට්ඨිය ඇති වෙන්නේ. එතකොට අභිජ්ඣා තියෙනවා නම්, ඔයාට ව්‍යාපාදය ඇති වෙනවා. ඒකෙන් ද්වේෂය ඇති වෙනවා. ද්වේෂය ඇති වුණායින් පස්සේ එකක් ක්‍රෝධයට යනවා. අනිත් එක උපනාහයට යනවා. එතකොට ක්‍රෝධයට ගියාට පස්සේ එතනින් ඔයාට ක්‍රෝධයෙන් යනවා මක්ඛයට. මක්ඛයෙන් ඊර්ෂ්‍යාවට. ඊර්ෂ්‍යාවෙන් මායාවට. මායාවෙන් එනවා පාපිච්ඡතාවයට. අනිත් පාරේ එනවා, උපනාහයට ආවා නම් උපනාහයෙන් ඇවිල්ලා පලාසය, stinginess මච්ඡරිය, මච්ඡරියෙන් එනවා සාඨෙය්‍ය එකට. සාඨෙය්‍ය එකට ආවට පස්සෙ මිච්ඡා දිට්ඨියට එනවා. ඔය දෙක තියෙන්නේ. එතකොට එහෙනම් මේක නිසා තමයි මේක ඇති වෙන්නේ කියන එක, මේක මේවා කළහම පුදුමයි ඒක. මුළු මුහුණ ම සනීපයි. ආලෝකයයි, ඔක්කොම everything. මෙහෙම පත්තු වෙලා තියෙන ඒවයි ඔක්කෝම.
එතකොට ඉතින් මං උදාහරණයකුත් ගත්තා. මේ මනුස්සයෙක් හුඟාක් වෙලාවට මේ මිච්ඡා දිට්ඨියෙන් යුතුව, ඒ කියන්නේ, දැන් මේ ලෝකෙ නැත, මෙතනින් පස්සේ මොකක්වත් නැතෙයි කියලා කියන්නෙත් වංචාවට ම තමයි ඒ මනුස්සයා. මෙහෙම ජීවත් වෙලා, ඒ මොකද එතකොට, එයාට මුකුත් කරන්න ඕනේ නෑ නේ. මේක ලාභයක් කියලා අරගෙන ඉන්න එක තමයි එතන තියෙන්නේ කියන එක, ඒක ලස්සනට ආවා. ඒක ලස්සනට ඇවිල්ලා ඉතින් දැන් මට පුදුම දේවල් විදිහට පේනවා. මේක මේ වගේ ගත්තහම.
ඒ පාර, ඒක දැන්, මහා අස්සපුර සූත්‍රය මම යන්තන් පොඩ්ඩක් කියෙව්වා. මහා අස්සපුර සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියනවා කවුරු හරි කෙනෙක් කියනවා නම්, මම, ඒ කියන්නේ recluse ලා කියල නේ කියන්නේ. අර විදිහට ම තමයි, අපි ඉතින් recluse ලා කියලා කියනවා නම් ඉතින් recluse ලා විදිහට ඉන්න ඕනේ. එතකොට recluse ලා විදිහට ඉන්නකොට කෙනෙක් කියනවා නම් මම මේ හිරි ඕතප්ප දෙක කියන එක මම භාවිතා කරගෙන ඉන්නවා, මෙතනින් මෙච්චරයි කියලා, බුදුහාමුදුරුවෝ කියනවා ඒක එතනින් ඉවර නැහැ. ඒ recluse ලාට තව ටිකක් කරන්න තියෙනවා. There is further to be done කියලා. එතකොට එහෙම නම් එයාට තව කරන්න තියෙනවා නම්, ඒ පාර බුදුහාමුදුරුවෝ කියනවා, මොනවද එයාට කරන්න තියෙන්නේ, එයා කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය කියන එකට එනවා කියන එක. එතකොට එයා හිතනවා නම් එතනින් ඉවරයි කියලා, එතනිනුත් මේක ඉවරයක් නෑ කියනවා.
ඊළඟට සම්මා ආජීවය. බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඊළඟට ඒ පුද්ගලයාගේ ඇවිල්ලා, මේ, ඉන්ද්‍රිය සංවරය කියන එක තියෙන්න ඕන කියන එක. ඉන්ද්‍රිය සංවරය ආවා ම, බුදුහාමුදුරුවෝ කියනවා මෙතනින් ඉවරයි කියලා එයා හිතනවා නම් එතෙනිනුත් ඒක ඉවරයක් නැතෙයි කියලා.
ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ගෙනියන්නේ මේවා හතරට. ජාගරියං කියලා එහෙම තියෙන්නේ. අපේ මේ ආහාරයේ ප්‍රමාණය දැනගෙන ගන්නවා, එතන කියන හතර තියෙන්නේ. ඉන්ද්‍රිය සංවරය, ආහාරයේ ප්‍රමාණය ඇතුව ගන්නවා, ඔය විදිහට බුදුහාමුදුරුවෝ ඕක ගෙනියනවා. එතකොට ඕක ගිහිල්ලා අන්තිමට යන්නේ පංචනීවරණයන්ට. මෙතන ඒ විදිහට ගෙනියන්නේ.
ඉතින් මේ විදිහට මේක දැන් සිහි කළා ම, ඒ කියන්නේ ඔය යම් ප්‍රමාණයකට මම සිහි කරගෙන ගියා ද, මේ තියෙන condition එකේ හැටියට, මට පේනවා මේ ඉර හිටන්. සූර්යයා. සූර්යයාගේ අර spots තියනව නේ, රතු පාට මේවා. ඒවා මට ඈත ඉඳන් මේවා පේනවා, මේක කැරකෙනවත් පේනවා. මේ සූර්යයා මෙහෙම කැරකෙන එක තියෙන්නේ, වටේට යන එක, ඒකත් පේනවා. එයාගෙම භ්‍රමණය කියන එකත්. ඉතින් ඒවත් ඔක්කොම පෙනිලා, ඉතින් මට පේනවා මම ඉන්නේ හරි උස තැන්වල.
ඒවා පේනවා. කෙනෙක්ව දැක්කා. එයා මේ දිගට ඇඳගෙන, ඒ building එකේ ඉන්නවා, එහෙම කෙනෙක්. එක ගෑනු එක්කෙනෙක්. දේවමාතාවක්. ඉතින් ඒ පාර අන්තිමට ඔය විදිහට ඉතින් එක එක ඒවා හරියට පේනවා. මම off යනවා. Off යනවා කියන්නේ නින්ද ගියා වගේ මම මුකුත් දන්නේ නැහැ. හොඳ සමාධිය සහිතව ඉඳලා, ආයෙත් මං එනවා. ආවහම මට ආයෙත් පේනවා. ඔය වගේ මහා විශාල buildings, විශාල උස මේවා, ඒවා ඇතුළේ තැන් තැන්වල. දැන් අන්තිමට දැක්කේ දිව්‍යාංගනාවක්. එයාගෙ ඇඳුම තියනව නේ, එයා පිටිපස්ස හරවලා ඉන්නේ, එයා යනවා කොහේ හරි. හරි ම ලස්සනයි ඒ බ්ලවුස් එක කියන එක. ඒක දිලිහෙනවා. ඒක සහිතව එයාව දැක්කා. එතකොට මම දන්නේ නැහැ, මට එතකොට මේ තවිඳු මෙතනින් ඇහුණා ම තමයි මම දන්නේ වෙලාව දැන්, පැය බාගෙත් ගිහිල්ලා කියලා.
ඒ පාර මම රහතන් වහන්සේගෙන් ඇහුවා ම, දිව්‍ය ලෝක හත ම දැක්කා කියලා කිව්වා. හත ම. එතකොට හයයි නෙ තියෙන්නේ. ඉතින් ඒක විදිහට මේක ගියා. පුදුම සමාධියක්. පුදුම සමාධියක්. So great.