Date: 17/08/2013 Name: උපෙක්ඛා අප්පමාණ තවදුරටත් 1

එතකොට මම ඊයේ භාවනාව, මම ඒක කළා. මම කල්පනා කළේ ඒ බුදුපියාණන් ගත්තහම, මේ සාඨෙය්‍ය කියන එක පහ කරලා නේ ඉන්නේ, මණ්ඩලාධිපති බුදුපියා. එතකොට ඒ මණ්ඩලාධිපති බුදුපියා සාඨෙය්‍ය පහ කරලා. එතකොට ඒක නිසා ම අර ඒ කියන්නේ, පලාසය නැතෙයි මච්ඡරිය නැතෙයි කියලා ඔය විදිහට මට දිගට ම එන්න අරන් මම ඒ හරියේ දිගට ම යනකොට ඒ බුදුපියා කිව්වා අනෙක් බුදු පියවරුත් ඒ විදිහට සිහි කරන්න කියලා.

එතකොට ඒ විදිහට අනෙක් බුදුපියවරුත් මම සිහි කරගෙන යනකොට, ඊළඟ බුදුපියා මම කල්පනා කරනකොට ඉතින් මට තේරෙනවා මේක හරියට යනවා කියලා මේ රූප වේදනා සඤ්ඤා සංස්කාර විඤ්ඤාණ කියන පැත්තට මේක යනවා කියලා. ඒ බුදුවරු මේක ගන්නේ නැහැ. ඒ කියන්නේ දැන් හතර වෙනි බුදුපියා ළඟට එනකොට මම කියනවා මේ සංස්කාර කියන එක නිසාවත් ලාභය යැයි කියලා කියන්නේ නැහැ. ඉස්සෙල්ලා රූපය නිසාවත් කියන එක, වේදනාව නිසා, සඤ්ඤාව නිසා, සංස්කාර නිසා ඉතින් පස් වෙනි බුදුපියා එනකොට මේ විඤ්ඤාණයවත්, ඒ කියන්නෙ හදපු විඤ්ඤාණයවත්, මේක සම්බන්ධයෙන් ගන්නේ නැහැ. මේ කරුණාවට තමයි යම්කිසි කෙනෙකුට එයා කරන්නේ, කියන එක ආවා. ඉතින් මේක හරි විශාලෙට ඔළුවට තියෙනවා. රූප වේදනා සඤ්ඤා සංස්කාර විඤ්ඤාණ වශයෙන් මේ සාඨෙය්‍ය කියන එක බැලුවා, ඒ විදිහට ගත්තහම.

ඒ ටික බලලා ඉවර වුණායින් පස්සේ දැන් මට එනවා, දැන් මම මේ දෙක අතර සම්බන්ධය දැක්කා. ඔයාට මතක ඇති මෙතන තියෙනවා, මේක ගැන මට මතක් වුණා, ඒ කියන්නේ මච්ඡරියේ ඉඳන් සාඨෙය්‍යට යන දුරයි, ඊර්ෂ්‍යාවේ ඉඳන් මායාවට යන දුරයි, දෙක ම එක ම දුර නේ ද තියෙන්නෙ කියන එක.

S_CulaAssapura_s5.jpg

එතකොට මේක කල්පනා වෙලා මේ ඔළුව හරි විශාල වෙලා මට මේක තිබුණා. ඒක තිබිලා ඉතින් දැන් මේ මිනිත්තු විස්සයි ගියේ. මම පුදුමාකාර විදිහට සමාධියේ මම මෙතන හිටියා. ඉතින් මට පේනවා ඇහැක්. ඇහැක් පේනවා. ඉතින් කොහොම හරි රහතන් වහන්සේ මට කිව්වා “දැන් නවත්තන්න” කියලා. ඒ පාර ඉතින් මම ඒ කිව්ව හින්දා නැවැත්තුවා.

නවත්තලා ඉවර වෙලා, පින් දීලා ඉවර වෙලා, දැන් ආපහු අරක නිකම් මතක් වුණා විතරයි මට ආපහු අර ඇහැ පේනවා. ලස්සන ඇහැක් පේනවා. ලොකුවට ඇහැක් පේනවා. ඉතින් ඒ පාර මම ඇහුවා මේ කාගෙ ද රහතන් වහන්ස, මේ ඇහැ? ඔබ වහන්සේගේ ද? “නෑ දරුවා, ඕක මගේ නෙවෙයි” කිව්වා. මගේ ම යි. මගේ ම ඇහැ. මනෝමය කායේ ඇහැ මට පේනවා. විශාලෙට තියෙනවා. ලස්සනට තියෙනවා.

එතකොට ඉතින් ඒක තමයි ඉතින් මගේ භාවනාව. ඉතින් මිනිත්තු පහක් මම නිකම් හිටියා, ඔයගොල්ලන්ට, මට කිව්වා භාවනා කරන්නේ නැතුව නිකම් ඉන්න කියලා. ඒ පහ අනෙක් අයට. ඉතින් විසිපහයි නෙ වෙලාව දැන්, අනෙක් අයට මේවා කරලා, මොකද එතන ඉන්න එක හොඳ නැහැයි කියලා දිගට ම ඔහොම. ඒ point එක.

ඉතින් ඒක තමයි භාවනාව. ඒක හරි ම වෙනස්. සාඨෙය්‍ය ඔය විදිහට බලලා, මේක රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ වශයෙන් බලලා ඉවර වෙලා ඒක එහෙම පවත්වනවා කියන එක, ඒ කියන්නේ එකක්වත් මගේ කියලා ලාභයක් කියලා ගන්නේ නැතෙයි කියන එක නේ, ඒක භාවිතා කරනවා නම්.

මම හිතන්නේ හෙටත් මේක ම තමයි භාවනාවට තියෙන්නේ.