මගේ භාවනාව නම් මම කළේ, අර චූල අස්සපුර සූත්‍රය තියනව නේ. ඒකත් එක්ක මං දැන් පහුගිය දවස්වල දිගට ම භාවනා කළේ. ඕකෙ අර, අපි හුඟාක් ම බලනවා නේ මිච්ඡා දිට්ඨිය කියන එක කොහොම ද ඇති වෙන්නේ කියලා. මිච්ඡා දිට්ඨිය කියන එක, කොහොම ද ඇති වෙන්නේ කියන එකේ උත්තරේ තියෙන්නේ චූල අස්සපුර සූත්‍රයේ.
අපි සාඨෙය්‍ය කියන එක නිසා තමයි මිච්ඡා දිට්ඨිය කියන එක ඇති වෙන්නේ. එතකොට මොකක් හරි එකක් අපි ලාභයි කියලා ගැනීමෙන්. ලාභය කියන එක ගැනීමෙන් සාඨෙය්‍ය කියන එක. එතන තියෙන්නේ, ඒ කියන්නෙ සාඨෙය්‍ය කියන එක ඇති වෙන්නේ, මච්ඡරිය නිසා, stinginess. ඒකෙන් නේ තියෙන්නේ, fraud කියන එක ඇති වෙන්නේ මේකෙන්. එතකොට මේ කෑල්ල නිසා අපිට ඇති වෙනවා මිච්ඡා දිට්ඨිය කියන එක. එතකොට මිච්ඡා දිට්ඨිය ඇති වුණා නම් ඉතින් ඔක්කොම දේවල් ටික ඇති වෙනවා.
එතකොට දැන් ඕකේ අනෙක් කෑල්ල තමයි මේක. මෙතන තියෙන්නේ ඊර්ෂ්‍යාව නිසා මායාව. ඔය දෙක ම, මායාව නිසාත් අපිට ඇති වෙනවා මිච්ඡා දිට්ඨිය කියන එක, සාඨෙය්‍ය නිසාත් ඇති වෙනවා මිච්ඡා දිට්ඨිය, wrong view කියන එක, දෙකෙන් ම ඇති වෙනවා.
එතකොට දැන් මෙන්න මේක, මේ විදිහට හරහට තියන එක, මේක බලන්න ඕන, මේක පෙර චේතනා, අපර චේතනා. මේ පොල්ල ඇවිල්ලා පෙර චේතනාව. ඒ කියන්නේ, ඊර්ෂ්‍යාවේ ඉඳන් මායාවට යනවා කියන එක, පෙර චේතනාව. එතකොට මෙතන මේ හරියට මේ මැද්දේ joint එක තමයි පරාමාසය. එතකොට මේ පැත්තේ තියෙන්නේ, අපර චේතනාව. ඒ කියන්නේ සාඨෙය්‍ය. ඒ කියන්නේ මම කෑමක් කෑවා. කන්න ඉස්සෙල්ලා මගේ චේතනාවන් තිබුණා. කෑවට පස්සේ මගේ තියෙනවා චේතනාවක්, මේක මේ ආකාරයි, මම මේක පාවිච්චි කරනවා, ගේනවා ආදී වශයෙන්, ඒක ගැන තියෙනවා. එතකොට දැන් මේ චේතනාව, ඉතින් ඕක දිගට යනවා. මේ චේතනා දෙක කතා කරනකොට, මතක ද අර අභිනිවේස diagram එකේ මම පෙන්නන්නේ පෙර පරියුට්ඨානයයි, මේකයි එක්ක යන්නේ කියලා. පරියුට්ඨානයයි චේතනාවයි පෙර එක, ඊට පස්සේ, පසු චේතනා පරියුට්ඨාන වෙනවා කියලා, ඒ විදිහට.
ඉතින් මේකේ මුලට ම ගියා ම ඉතින් අභිජ්ඣාව නිසයි ව්‍යාපාදය. ඉතින් ඒකෙන් තමයි ඇති වෙන්නේ, අභිජ්ඣා, ව්‍යාපාදය නිසා අපිට ඇති වෙනවා මේ ද්වේෂය, ඒ කියන්නේ ක්‍රෝධයයි, උපනාහයයි කියන එක. ඉතින් ක්‍රෝධය නිසා අපි යනවා මක්ඛයට. උපනාහය නිසා අපි යනවා පලාසයට. එතකොට මක්ඛයට ගියායින් පස්සේ මක්ඛය නිසා අපිට, ආපහු අපි ඊර්ෂ්‍යාවට එනවා. පලාසයෙන් මච්ඡරියට එනවා. මතකයි නේ, ඒ ධර්මය නේ ද? එතකොට ඒ දෙක ආවට පස්සේ අතෙන්ට සාඨෙය්‍ය කියන එක එනවා.
ඉතින් ඕක හරියට භාවනා කරනවා නම්, ඔය සාඨෙය්‍ය කියන එක නිසා මේක ඇති වෙනවා, මේ මිච්ඡා දිට්ඨිය ඇති වෙනවා, මේවා එකක්වත් ලාභයි කියලා මම ගන්නේ නැහැ කියන එක, කිසිම එකක්, ලාභයි කියලා මම ගන්නේ නැහැ. ඒ කියන්නේ මගේ ඉහළ ම වූ හත් වෙනි ධ්‍යානය දක්වාත් ගිහිල්ලා, ඒ හත් වෙනි ධ්‍යානයවත් මගේ කියලා ගන්නේ නැහැ. අන්න ඒ විදිහට ඉන්නවා නම් ඉතින් මේ සිත බොහෝ ම පිරිසිදුයි. ඉතින් ආකිඤ්චඤ්ඤායතනය, ඒ කියන්නේ උපෙක්ඛා අප්‍රමාණයට ම තමයි යැවෙන්නේ. ඒ point එකේදි තමයි ඊයේ පෙරේදා භාවනාවෙදි තිබුණේ. උපෙක්ඛා අප්‍රමාණයෙන් මේ දෙවෙනි පාරටත් ඒ විදිහට හිටියා, ඒ දිගට ම පවතින එක. ඉතින් ඒක මේ මිච්ඡා දිට්ඨිය ඇති වෙනවා කියන එක හොඳට කල්පනා කරනවා නම් තමයි, සාඨෙය්‍ය නිසා.
මොකද, මේ හරිය ඔයගොල්ලන්ට නම් ටිකක් ගැඹුරුයි. මොකද මේ ගොඩාක් දුරට ගිහිල්ලා තියන ධර්මයක්. අර special retreat එකෙනුත් පස්සේ ඇති වෙච්ච දෙයක් මේ තියෙන්නේ. ඒක තමයි මගේ භාවනාවට ගෙනිච්චේ.
ඒ සන්දිට්ඨිකයි, අකාලිකයි කියන එකත් ඔය කතාව ම තමයි තියෙන්නේ ඔතනත්. සන්දිට්ඨිකයි, අකාලිකයි කියන එකේ ගත්තහම ඕක සම්බන්ධ වෙනවා, මේ පෙර වූ මෝහය, දැන් අවිද්‍යාව කියන එක තියනව නේ, අර ඉදංසච්චාභිනිවෙසකායගන්ථය ඇතුළට අරක ඇදෙන එක. ඒ මොහොතේ ඇති වෙනවායි කියන එක. ඒක ඒ තරම් දුරකට ඒක යනවා, ධම්මමච්ඡරිය හරහා.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්