මගේ භාවනාව මම කළේ, මේ ඊයේ කියපු භාවනාව ම තමයි. දැන් මම ඊයේ කිව්ව නේ අර මෙහෙම පෙර එකයි, අපර එකයි කියන එක. දැන් ඔතෙන්ට මම ආවා අද, මේ, රහතන් වහන්සේ මට කිව්වා පංචනීවරණවලින් පටන් ගන්න කියලා. එතකොට පංචනීවරණවලින් කාමච්ඡන්ද ව්‍යාපාද, ව්‍යාපාදයෙන් ඊර්ෂ්‍යාව, ඊර්ෂ්‍යාවෙන් ඊට පස්සේ මායාවට එනවා. ඊර්ෂ්‍යාව, මායාව.
එතකොට මෙතෙන්දි, මේ කතාව නේ මේ පෙර චේතනාව කියන ඒ කතාවට කිව්වේ. එතකොට දැන් ඕක ඔහොම බලපු වෙලාවේ, මම දැක්කා, ඒ කියන්නේ මෙහෙම තියෙන එක, මෙහෙම වුණා. හරියට ම අර චේතනාව තියන එකට align වුණා මෙතන. ඒ චේතනාව තියෙන එකට align වෙච්ච වෙලාවේ මම දැක්කා එතකොට මෙහෙම වෙනවා නම්, මේ පැත්තේ තියෙන ඉදංසච්චාභිනිවෙසකායගන්ථය ඇදෙනවා පරාමාසකායගන්ථය ඇතුළට, මේ වෙලාවෙ දී. එතකොට දැන් මේක මෙහෙම ඇදිලා තියන අවස්ථාවෙ දී, දැන් මට ඕනෙ අපර චේතනාව ගැන මෙනෙහි කරන්න නේ. ඕනකමක් නැහැ. සිත නතර වෙලා.
ආයි හිතන්න ඕන නැහැ, ඒක ගැන හිතන්න ඕනකමක් නැතුව මම නිකම් ඉන්නවා. දැන් හරි පුදුමයි මේක හිත නතර වෙලා මෙහෙම තියෙනවා කියන එක. අර කලිනුත් වුණා නේ ඕක ඔය විදිහට, මේ සුවචභාවය උඩ, සඤ්ඤාව රෝගී කියලා අරගෙන. ඒ පාර මෙතනත් මේ විදිහට තියෙනවා. දැන් මම මෙහෙම ඉන්නවා ටිකක් වෙලා. ටිකක් වෙලා ඔහොම ඉඳලා ඊට පස්සේ දැන් ඉතින් මේක complete කරන්නත් එපායැ ඉතින්, අනෙක් අයට කියන්න. ඒක නිසා මම දැන්, ඒක සඳහා මම කළ යුතුයි කියලා, එහෙම හිතුවා. ආයිත් ඕන නැහැ වගේ. ඒ වගේ ඒක එනවා. දැන් මට මේ දෙක අතර ඉන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔහොම ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ, මොකක්වත් සිතුවිල්ලක් හිතන්න ඕනකමක් මොනවක්වත් නැහැ.
ඊට පස්සේ ආපහු දැන් මං කල්පනා කළහම, මම දැක්කා දැන් මේකේ, ඈත් වෙන එක අවස්ථාවක් තියෙනවා නේ. දැන් මෙහෙම තිබිච්ච පොල්ල, මෙහෙම වෙලා නේ තියෙන්නේ. එතකොට මේක ආපහු මෙහෙම වෙන අවස්ථාවක් තියෙන්න ඕන නේ. එතකොට ඒක මොකක් ද කියන එක මම කල්පනා කරනකොට, දැන් මට පේනවා, මේක එහා පැත්තට ඇදිලා ගිහිල්ලා, ඉදංසච්චාභිනිවෙසකායගන්ථය කියන එක අනෙක් පැත්තට ඇදිලා යනවා පරාමාසයෙන්. මේක ඇදිලා ගිහිල්ලා, මම දැක්කා මෙතනින් එකක් spin වෙනවා, පොඩියට, මැද්දෙන්. මේ spin වෙන්නේ මොකක් ද, මේ විචිකිච්ඡාව. විචිකිච්ඡාව මොකද, අර ඉස්සෙල්ලා ගත්ත එක හරි ද? පෙර චේතනාවෙන් මම යමක් ගත්ත ද, මම මේ ඉදංසච්චාභිනිවෙසකායගන්ථයෙන් මම හොඳයි කියලා කිව්ව ද, ඒක එහෙම ද? අන්න ඒ විචිකිච්ඡාව දැන් තියෙන්නේ. මේ දෙක උඩ තමයි මේ වෙනස් වීම කියන එක, වෙන් වීම කියන එක, අර ඇදිච්ච එක අනෙක් පැත්තට දැන් ගිහිල්ලා තියෙනවා.
එතකොට මට තේරුණා එහෙම නම්, මේ විදිහට තමයි මේ අපර චේතනාව දැන් වෙන්නේ. දැන් මම කලින් ගත්තා වූ දේවල්, යම්කිසි දෙයක්, දැන් ඔයා මේ ගෙදර ගන්නකොට හොඳයි කියලා ගත්තා. ඊට පස්සේ අපි හිතමු වහලේ උස වැඩි හින්දා heat කරගන්න හරි, අමාරුයි කියලා. ඊට පස්සේ කලින් ගත්ත එක හරි ද, එන්න ඒ වාගේ එනවා. දැන් එහෙම ආවට පස්සේ දැන් මං කල්පනා කරනවා, මම රහතන් වහන්සේගෙන් ඇහුවා, රහතන් වහන්සේ කිව්වා ඉතින් බොහොම හොඳයි කියලා ඒ අවස්ථාව, මේ දෙක අතර gap එක තියෙන එක දැකපු එකේ.
ඒ පාර මේ අවස්ථාවෙදි මම ඇහුවා, මේ කොයි වෙලාවෙ ද මේ, පෙර එක්කෙනායි, පසු එක්කෙනායි, අපර චේතනාව දෙන්නා එකට ඉන්නේ. දැන් ඔය පෙර චේතනාව වෙනකොට මෙහෙන් ගිහිල්ලා ද්වේෂයට ඇවිල්ලා තියෙන්නේ, අවස්ථාවක් වෙලා තියෙන්නේ. දැන් මේ දෙක match වෙන්නේ නැති වුණා ම මොකද වෙන්නේ? ඒක එක කතාවක්, ඒකෙ භාවනාවට ආවා මට. එතෙන්දි මට තේරුණා මේක, ඒ වෙලාවෙදි අපි පස්සට දාමු කියන අර්ථයයි තියෙන්නේ. ඔය ථීනමිද්ධය නේ. ඒ අර දෙක match වෙන්නේ නැත්නම් දැන් මොකද කරන්නේ? මේ ගෙදරට වෙලා ඉන්නව ද? එහෙම නැත්නම් වෙන ගෙයකට යනවා ද? ඒ decision එක postponed. එතකොට මෝහයට ගිහිල්ලා, මෝහයේ තීරණය තමයි ඉතින් එයාට ථීනමිද්ධ අවස්ථාවට එන්නේ.
අනෙක් අතට ගත්තහම, මම රහතන් වහන්සේගෙන් ඇහුවා, දැන් මේ දෙක match වෙන්නේ නැතිකොට, match වෙන වෙලාව කොයි එක ද කියන එක මම අහනකොට ම, මගේ සිතට ම දෙනවා, මේ දෙක ම හරියන වෙලාව තමයි ආනන්තරික සමාධිය. පෙරයි අපරයි දෙක ම එකයි. අතරක් නැතුව සමාධිය පවතිනවා කියන එක මේකෙ තියෙනවා. ඊට පස්සේ මේක වෙන්නේ නැති අවස්ථාවෙදි අපි කල් දාන එක. ඒක තමයි තියෙන්නේ.
ඔන්න ඔය භාවනාව තමයි මගේ කෙරුණේ. මේක match වෙන්නේ නැති අවස්ථාව, මේකයි කියන එක.
ඉතින් මේ හොඳ ම වැඩේ කියන්නේ අර, සිත නවත්වන්න පුළුවන් මෙතෙන්දි. සිතන්න ඕනකමක් නැහැ. එතනින් එහාට හිතන්න ඕනකමක් නැහැ. හරියට නිකම් කූඤ්ඤය ගැහුවා වාගේ ඔහේ ඉන්නවා. ඒ පෙර චේතනාවත් එක්ක ඉන්න එක.
දැන් මේ පැත්තට දැන් මෙහෙම වෙලා, මේක මේ පැත්තට ඇදුණා නේ. ඇදුණායින් පස්සේ මෙතන තමන්ගේ ඒ චේතනාවෙන් විතරක් ඉන්නවා. වෙන මොකක්වත් මට හිතන්න, සංස්කාර හදන්න, මොනවක්වත් ඕනකමක් ඇත්තේ නැහැ. අර දෙක ඈත් වුණාට පස්සේ, දැන් මෙතන gap එකක් තියනව නේ. දැන් මේ දෙක අතර gap එකක් තියෙනවා. ඉතින් ඒවා අල්ලලා තමයි අර ථීනමිද්ධය පැත්තට ඉතින් යන්නේ. තමන් මේක අහනවා, මේක ලාභයක් ද? දැන් මේක ඈත් වෙලා. මේක ලාභයක් ද?
දැන් සාඨෙය්‍ය කියන එක දැන් ඊළඟට වැඩ කරනවා. ඒක නේ අපර චේතනාවට එන්නේ ඊට පස්සේ. දැන් අපර චේතනාව දැන් මට තියෙනවා. මේක මේ මච්ඡරිය, මේක ලාභයක් කියලා ගන්න එක හරි ද? මේක සාඨෙය්‍ය කියන කතාව හරි ද? අර දෙක ඈත් වුණාට පස්සේ ඕකයි තියෙන්නේ අපිට. ඒ දෙක වුණාට පස්සේ තමයි, තමන් ඉතින් උපෙක්ඛාව නැත්නම්, ඒ කියන්නේ අර නතර වෙලා හිටියේ මොකද, චේතනාවට උපෙක්ඛාව නිසා. චේතනාවට උපෙක්ඛාව. ඒ චේතනාවට උපෙක්ඛාව නැත්නම් ඉතින්, ඒ කියන්නේ අර ථීනමිද්ධ. මෝහ කෙළවරයි, ප්‍රඥාවේ කෙළවරයි මේ කියන්නෙ, බැලුවහම. උපෙක්ඛාව, නියම උපෙක්ඛාවයි, නිකම්, මෝහය නිසා ඇති වෙන උපෙක්ඛාවයි.
මේ භාවනාවෙදි තමයි මෙතන මේක ආවේ.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්