මගේ භාවනාවට ගත්තේ, බොජ්ඣඞ්ගයේ තියෙනවා නේ සතිය, ඊළඟට අත්තා ඉඳන් නිත්‍යයට යන එක, ඊට පස්සේ ගත්තහම, ජාතියේ ඉඳන් ජරාවට යන එක. එතකොට මේක ගත්තහම මට දැන් එනවා දැන් ජාතිය ජරාව ව්‍යාධිය මරණය. මේක තමයි මනුස්සයෙකුට තියෙන්නේ. Birth, ageing, sickness, death කියන එක.
එතකොට මේක මේ විදිහට වෙනවා නම් මේකේ කිසිම ආකාරයකින් නිත්‍යභාවයක් නැහැයි කියන එක මට එනවා. There is no permanency, if it is subject to change. ඒ පාර නිත්‍යභාවයක් නැතෙයි කියන එක මෙතන ආවයින් පස්සේ මට එකපාරට ම එනවා, නිත්‍ය නැත්නම් විඤ්ඤාණය පිහිටන්නේ නැහැ. නිත්‍යයි කියලා ගත්තා නම් තමයි අපි සාතයි, අසාතයි කියලා ගන්නේ. මැරෙන වස්තුවක්, මැරෙන දෙයක් අපි ගන්නෙ නෑ නේ කොයි වෙලාවකවත්, මේක හොඳයි කියන එක. එතකොට එහෙම නම් අපි සාතයි කියලා තීරණයක් ගන්නේ නැහැ. සාතයි කියලා තීරණයක් ගන්නේ නැත්නම් ඒ කියන්නේ අර කැරකවිල්ලක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ විඤ්ඤාණයේ පිහිටීමක් කියන එකක්, සිද්ධ වෙන්නේ නැහැ කියන එක.
ඒ කිව්ව ගමන් අර ඊයේ වගේ නතර වුණා හිත. එතනින් එහා පැත්තට, සිතක්, මොකක්වත් හිතන්න, තවදුරටත් හිතන්න කතාවක් නැහැ. අර වගේ ම stopping එක තියෙනවා. දැන් ඒ පාර මම කල්පනා කළා, මේ අවස්ථාව වෙනකොට, එහෙම නම් අර ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට පරාමාසකායගන්ථය ඇදිල්ලක්වත්, පරාමාසකායගන්ථය ඇතුළට ඉදංසච්චාභිනිවෙසකායගන්ථය ඇදිල්ලක්වත්, එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ පාර දැන් මම බැලුවා මේකයි, ඊයේ කරපු භාවනාවයි අතර සම්බන්ධය.
එතකොට දැන් මට එතෙන්දි එනවා, ඊයේ එක අර පෙර චේතනා නේ. පෙර චේතනාවෙන් තමයි අර ඊර්ෂ්‍යාවේ ඉඳන් මායාව, මායාවෙන් මෙතෙන්ට එන එක නේ තිබුණේ. එතකොට ඒ කතාවෙදි දැන් පේනවා, එහෙම නම් මෙතෙන්දිත් නතර වුණේ මේක අර චේතනාව නිසා, ගන්නේ නැතෙයි කියන එකයි. ඔය උත්තර දෙකේ ම තියෙන්නේ, අත්තා කියලා නොගැනීම. විඤ්ඤාණය සකස් කළා නම්, පිහිටුවා නම් තමයි, අත්තා ඉන්නේ. පිහිටුවේ නැත්තන් අත්තෙක් නැහැ. ඒක තමයි අර අනිත්‍යයේ නිත්‍ය කතාව, අත්තා ඉඳන් නිත්‍යට ඇවිල්ලා, කරකවන්නේ නැහැයි කියන්නේ, විඤ්ඤාණය පිහිටන්නේ නැහැයි කියලා කියන්නේ ඒකයි. අනෙක් අතට මම චේතනාව කරන්නෙ නෑ කියන්නෙත්, මම ආපහු විඤ්ඤාණය පිහිටන්න දෙන්නේ නැහැ. විඤ්ඤාණය පිහිටන්න දෙන්නේ නැති නිසා තමයි, එතනත් සිත නතර වීම තියෙන්නේ.
ඉතින් දැන් මම ඔය දෙපැත්ත තේරුම් අරගෙන, මම දැන් එහෙම ඉන්නවා. ඉන්නකොට, ඉතින් මට පේනවා, එක එක දේවල් පේනවා. මට මාව ම පේනවා. එතකොට දැන් ඒ ශරීරය, ඇස් දෙක වහගෙන හිටියට සුදු ඇඳගෙන මේ ඉන්නවා, මේවා පේනවා. ඒවා ඔක්කොම පෙනිලා ඉතින් එක එක දේවල් තව තවත් දේවල් පේනවා. පෙනුණයි කියලා මම මේ හිතන්න යන්නේ නැහැ. හිතන්නේ නැතුව තමන් ඉන්නවා. ඒ කියන්නේ ඒ සඤ්ඤාව මගේ කියලා ගැනීමක් මේක කරන්නේ නැහැ. පිහිටන්නේ නැති වෙන්න, පවත්වන්න පුළුවන්කම තියෙනවා.
ඉතින් ඔහොම දිගට ම ඒ කාලේ හිටියා. ඉතින් මම ඇහුවා රහතන් වහන්සේගෙන් මේක මොකක් ද කියන එක. මේක දැන් උපෙක්ඛාව. උපෙක්ඛාව තුන ද, මොකද කියන එක? මට ඇතියි කියලා කිව්වට පස්සේ ඇහුවහම, කිව්වා, “දරුවා, මේක ම තමයි නිවන” කියලා. විඤ්ඤාණය පිහිටන්නේ නැතිකම. ඕක තමයි නිවන. විඤ්ඤාණය පිහිටෙව්වා නම් ඉතින් නිර්වාණයක් නැත්තේ. පිහිටීමක් නැහැ.
ඒක තමයි භාවනාව.