මම භාවනා කළේ, මට කිව්වේ පංචබලයන් පංචඉන්ද්‍රියන් බවට පත් කිරීම. එතකොට ශ්‍රද්ධා තොමෝ කෙසේ ඇති වන්නේ ද? ශ්‍රද්ධා තොමෝ ඇති වන්නේ ප්‍රඥා තොමෝ නිසා. ප්‍රඥා තොමෝ ඇති වන්නේ සමාධි තොමෝ නිසා, සමාධි තොමෝ ඇති වන්නේ සති තොමෝ නිසා, සති තොමෝ ඇති වන්නේ විරිය තොමෝ නිසා. විරිය ඇති වන්නේ ඕතප්පය නිසා.
එතකොට දැන් මේ ඕතප්පයට ආවට පස්සේ මම කල්පනා කළා මේ ඕතප්පය කියන එක, ඒ පවු කරන්න අපි බය වෙනවා. පාණාතිපාතය කියන එක කරන්න බය වෙනවා. ද්වේෂය වෙනවා. අදත්තාදානය කරන්න බය වෙනවා. අදත්තාදානය කරලා අපිට ලෝභය ඇති වෙනවා. ඊළඟට කාමයේ වරදවා හැසිරෙන්න බය වෙනවා. ඒකෙන් මෝහය ඇති වෙනවා කියලා. ඒ වගේ මුසාවාද, පරුෂා වාච, පිසුණා වාච කරන්න බය වෙනවා ලෝභ, දෝෂ, මෝහ ඇති වෙනවා කියලා. ඊළඟට මිච්ඡා දිට්ඨිය, අභිජ්ඣා, ව්‍යාපාදවලට බය වෙනවා ලෝභ දෝෂ මෝහ ඇති වෙනවා කියලා.
මේකෙන් ඇති වෙන ආදීනවය දන්නවා. ආදීනවය තමයි අපායේ ඉපදෙනවා කියන ඒවා, ඒවා දකිනවා. එතකොට මේවා කිරීමෙන් තමන් රෝගී බවට පත් වෙනවා. Sick වෙනවා. අර තුන් වෙනි පාරෙ ගිහිල්ලා ඇති වෙන උත්තරය. ඒක තමයි බය වෙන්නේ මේකට. භයෙන් අගතියට තෙක් මේක සම්බන්ධයි නේ. එතකොට භයේ අගති ගමන යන්නේ නැති වෙන්න ඕනෙ. ඉතින් දැන් මෙතන හොඳයි.
එතකොට දැන් මම ඊළඟට කල්පනා කළා මේක නිසා, මේ ඕතප්පය කියන එක ඇති වෙන්න නම්, හිරිය කියන එක තියෙන්න ඕන. දැන් අහිරිය තිබුණොතින් මට, මම උද්ධච්චයට යනවා. එතකොට ඒ වගේ ම මේ අනොතප්ප වෙනවා නම් ඔයා එනවා අර 8.1, 8.2, 8.3 කියන point එකට එනවා. දුවච්චතාවය නේ ඔයාට ඇති වෙන්න තියෙන්නේ.
එතකොට දැන් මෙතෙන්ට එනකොට දැන් මට කල්පනා වෙනවා, දැන් මම මේ විදිහට ඕතප්පය කියන එක නැත්නම්, මට විචිකිච්ඡාව ද ඇති වෙන්නේ, නැත්නම් කුක්කුච්චය ද කියලා. එතකොට විචිකිච්ඡාව කියන එක මට පේනවා, මේ ශ්‍රද්ධාවත් එක්කයි ඒක වැඩියෙන් යන්නේ. ශ්‍රද්ධාව තියෙනවා නම් විචිකිච්ඡාව කියන එක නැති වෙනවා. ඔය “සබ්බ සඞ්‌ඛාරා අනිච්චාති, න විචිකිච්ඡති, අධිමුච්චති.” අන්න ඒක තමයි ශ්‍රද්ධාව වෙන්නෙ. එතකොට එහෙම නම් දැන් මම කල්පනා කරනවා එහෙම නම්, මේක යන්න ඕන කුක්කුච්චය පැත්තට කියන එක මට එනවා. මම ඒ පාර ඒක ඒ රහතන් වහන්සේගෙන් ඇහුවා, ඒක කොයි එක ද කියන එක. එතකොට රහතන් වහන්සේ කිව්වා, ඒකෙන් ඕතප්පය කියන එක නිසා, විචිකිච්ඡාව නෙවෙයි, කුක්කුච්චයයි කියන එක කිව්වා.
එතකොට දැන් මෙතන කල්පනා කරනකොට ඒ කියන්නේ අනොතප්ප වුණෝතින් මට කුක්කුච්චය ඇති වෙනවා. කුක්කුච්චය කියලා කියන්නේ පරාමාසකායගන්ථයේ, පසු එක. ඒ කියන්නේ මම පරාමාසකායගන්ථය ඇතුළට ඉදංසච්චාභිනිවෙසකායගන්ථය, ඇදෙන්න ඉඩ දීලා. ඇදෙන්න ඉඩ දීලා තමයි මේක වෙන්නේ. මේවා ඇදෙන්න ඉඩ නොදෙන්න ඕනෙ. ඒකට මම බය වෙන්න ඕනෙ. මොකද මේක බැරි වෙලාවත් ඇදුණොතින් එහෙම මට අනිසි විපාක තියෙනවා. මම රෝගී බවට පත් වෙනවා. මරණය කියන එක ඇති වෙනවා. සෝකයන් ඇති වෙනවා. අප්‍රියයන් එක්ක සම්ප්‍රයෝගය කියන එක මට ඇති වෙනවා.
එහෙම නම් මම කිසිම ආකාරයකින් මේ පාණාතිපාතා, අදින්නාදානා මේවාවලට මම ඉඩ දෙන්න හොඳ නැහැ. ඒකට මම බය වෙන්න ඕන, කියන එක තමයි කල්පනා කළේ.
ඒක තමයි භාවනාව.