Date: 26/08/2013 Name: Viriya Otappa Hiri

භාවනාවේ තියෙන්නෙ, මම, පංචනීවරණවලින් පටන් අරගෙන, මම කෙළින් ම ඊයේ අර කිව්ව භාවනාව විදිහට, ඕතප්පය කියන එක නැත්නම්, කුක්කුච්චය කියන එක ඇති වෙනව නේ, කියන එක හිතුවා. ඒ කියනකොට ම මට ඇහෙනවා, ස්කන්ධය කියන එක, ඕලාරික ස්කන්ධය කියන එක පහළ වුණා නම්, ඒක දුකයි කියන එක. එතකොට, ඒ රූප ස්කන්ධය ගත්තහම, ඕලාරිකයි. ඊළඟට මට එනවා, විතක්ක විචාර, කියන එක ඕලාරිකයි. ඒ විතක්ක විචාර නිසා ඇති වෙන්නා වූ ප්‍රීතියක් තියෙනව ද, කායිකව දැනෙන ඒ ප්‍රීතියත්, ඕලාරිකයි. එතකොට, මේ කොටස දැන් මම එපායි කියලා කියනවා නම් මේ ඕලාරික කියන මේ කොටසට මම අකැමැති වෙනවා නම්, දැන් ඊට පස්සේ මට නාමකාය කියන එක, ඒ ඒක නැති වෙනවා. එතකොට දැන් මට එනවා, මේ නාමකායක් නැත්නම් මේ රූපකායේ මේ අධිවචන සම්‌ඵස්‌සයක් වෙන්නේ නැහැ. ඒ වගේ ම ඒකේ අනෙක් පැත්ත, නාමකායක් නැත්නම් මේ රූපකායේ ස්පර්ශයක් කියන එකක් ඇති වෙන්නෙත් නැහැ, කියන එක වෙනවා.

එතකොට දැන් මට මෙතෙන්දි එනවා, වම් අත පැත්තෙන්, මේ රූපකායේ කතාව තියෙනවා, කබලිංකාර ආහාරය පැත්ත. ඒක නිසා කැරකෙන belt එක. ඒ belt එක නිසා ඇති වෙන්නා වූ එහා පැත්තේ ඇති වෙන, “නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො” කියලා, ගාථාවත් එක්ක ඇති වෙන, ඒ පැත්තෙන් ඇති වෙන belt එක. දැන් මේ කෑල්ල හින්දා අර කෑල්ල, අර කෑල්ල හින්දා මේ කෑල්ල. ඔන්න ඔය දෙකයි වෙන්නේ.

දැන් මෙතෙන්දි මට පෙන්නුවා, ඒ එතකොට මම අර ගාථාව හරහාත් ගියා, “නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො” කියන. මෙතන මේ අභ්‍යන්තර ආයතනය හදලා තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට මේ ආයතනයන් හැදුවයි කියන්නේ, මේ භව ආශ්‍රවය තමයි මේ වේදනාව හේතු කොටගෙන මෙතන මේ කතාව කරන්නේ, කියන එකත් ආවා. මෙතන ආවට පස්සේ, මට පෙන්නුවා අර මෙහෙම මේ පැත්තෙන්, ඕතප්පය. ඒ ඕතප්පය නිසා මේ පරාමාසයට කියන එකට එන එකයි, ඊළඟට ගත්තහම අර ශ්‍රද්ධාව, මේ පැත්තේ වේදනාව, කියන කෑල්ල හරහට පෙනුණා. ඒ කියන්නේ අර මෙහෙම තියෙන කෑලි දෙක තියෙනවා නේ, සාමාන්‍යයෙන් තියෙන අර දොර පොල්ල හැදෙන කෑලි දෙක, අන්න ඒක වාගේ ම මෙතනත්, මේ පැත්තටත් පොඩියට දැන් පේනවා.

එතකොට දැන් මෙතෙන්දි, මට කල්පනා වුණා මේ වේදනාව කියන එකට, මේ ස්කන්ධය මේ විදිහට පහළ වෙන්න ඉඩ දුන්නොතින්, ඒ කියන්නේ ඕතප්පය කියන එක නැති වුණොතින්, මේ වෙලාවෙ දී මේ වේදනා කාය කියන එක පරාමාසය ඇතුළට ඇදෙනවා. එතකොට මේක ඇදෙනවා කියලා කියන්නේ, මෙතන පේනවා මෙහෙම වුණොතින්, මේ දුක්ඛයක්, තමයි සිද්ධ වෙන්නේ.

එතකොට එහෙම නම් දැන් මට ඊයේ භාවනාවත් එක්ක එනවා, විරිය තමයි ඕතප්පයට මෙහා පැත්තෙන් ඉන්නේ. එතකොට විරිය කියන එක අපි භාවිතා කරනවා නම්, එහෙම නම් මම අර ස්පර්ශය කියන එක එන්න ඉඩ නොදෙන්න, මම විරිය භාවිතා කරන්න ඕනෙ. කබලිංකාර ආහාරයයි, ස්පර්ශයයි අතර තමයි මේ විරිය කියන එක තියෙන්නේ. මේක ඉඩ නොදෙන්න ඕනෙ.

වේදනා කෑල්ලට ආවොතින්, මේ වේදනාව ගැන මම බියක් ඇති වෙන්න ඕනෙ, ඡන්දය පහළ වුණා කියලා. කුක්කුච්චය දක්වා ගියා නම්, එහෙනම් තමන් ලැජ්ජා වෙන්න ඕනෙ. එතකොට කබලිංකාර ආහාරයට ස්පර්ශ වෙන්න නොදෙන්න මෙතන විරිය තියෙන්න ඕනෙ. බැරි වෙලාවත් මේක නිසා වේදනාවක් ඇති වෙලා තියෙනවා ද, එහෙනම් ස්කන්ධය පහළ වුණා කියලා බය වෙන්න ඕනේ, භයතො. අතෙන්ට ආවා ම විරිය එන්න ඕනේ. එතකොට ඔය කතාවෙ දී අර, ස්පර්ශයත් එක්ක අපි කතා කළා නේ, නාමකායේ අධිවචන සම්‌ඵස්‌සය ගැන කතාවක් කිව්ව නේ. අන්න ඒ වෙලාවෙ දී මට තේරුණා, මේ වේදනාව කියන එක තමයි මේ ප්‍රශ්නේ. වේදනාව නිසා තමයි මේ ප්‍රශ්නේ. මෙතනින් ඇති වෙන වේදනාවට අපි ඉඩ දීලා තමයි මේ දේ ඇති වෙන්නේ. එතකොට මෙතෙන්ට ආවයින් පස්සේ ප්‍රශ්නය ගොඩක්.

ඉතින් දැන් මේක කළාට පස්සේ මේ භාවනාව, රහතන් වහන්සේ මට යමක් කිව්වා. ඒක කිව්ව ගමන් මම ඕක apply කළා. ඊට පස්සේ දෙවෙනි පාරට රහතන් වහන්සේ කිව්වා, නෑ, පළවෙනි පාරට කිව්ව එක මම කියන්නම්. පළවෙනි පාරට කිව්ව එක තමයි, මේ වගේ දක්ෂ විදිහට ඔය භාවනාව කරපු අය දන්නේ, මේ පෘථිවියේ ඉන්න අයගෙන් දන්නේ දෙතුන් දෙනයි කියලා. ඒ කිව්ව ගමන් මම මේක apply කළා. ඒ කවුද කියලා අහන්න කියලා හිතෙනකොට ම මම මේක apply කළා. මේ වේදනාව හැදෙන්න ඉඩ දුන්නොතින් බය වෙන්න ඕනෙ කියන එක apply කළා. ඊට පස්සේ රහතන් වහන්සේ තවත් එකක් කිව්වා. ඒ කිව්වායින් පස්සේ ඒකටත් මේක apply කළා. කිව්ව ගමන් ම ඒක apply කළා. ඒ කියන්නේ ඒ කියන කියන එකට මේ ධර්මය කියන්නේ, මේකට ස්පර්ශ වෙන්න විරියෙන් දෙන්නේ නැහැ. මේ පැත්තෙන් ආවා නම් බය වෙනවා කියන එක. ඇති වුණා නම්, බය වෙනවා කියන එක.

එතකොට ඔය භාවනාව අතරේ තව එකක් තිබුණා, ඔය ආරති විරති පටිවිරති කියන එක මට කල්පනා වුණා. දැන් මට පේනවා මේ කබලිංකාර ආහාරය වටේට තුනක් තියෙනවා. පල්ලෙහාට පැත්තට යන එක, රාගය පැත්තට යන එක. ඒක මට හිතුණා ආරති කියන එක. ඊට පස්සේ ස්පර්ශයෙන් වේදනාවට යන එක මට හිතුණා විරති කියන එක. ඊළඟට අනෙක් පැත්තට මට හිතුණා සඤ්ඤාව පැත්තෙන් අර පැත්තට යනවා නේ, ඒක පටිවිරති කියන එක.

රහතන් වහන්සේගෙන් ඇහුවා ම ඒක හරි ද කියන එක, “100% ක්ම හරි යැයි නොකියමියි,” කියලා කිව්වා, “තවත් ධර්මයෝ තියෙනවා” කියලා. හැබැයි මෙතන මට තේරුණා ඔයිට ඉස්සෙල්ලා, මේ භාවනාව ඇතුළෙදිම, පල්ලෙහාට යන්න ඉඩ නොදෙන්න, නෙක්ඛම්මය. කබලිංකාර ආහාරය, නෙක්ඛම්මය. ස්පර්ශය වෙන්න දුන්නොතින් ව්‍යාපාදය ඇති වෙනවා, ඒ කියන්නේ අව්‍යාපාදය. අනෙක් පැත්ත සඤ්ඤාව පැත්තට යන එක, උඩ, අවිහිංසාව කියන එක. නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා කියන තුන, මේ කබලිංකාර ආහාරයට තුන මේ පැත්තට එන්නේ. දැන් මේක නම් ආවා.

ඒක තමයි භාවනාව.