Date: 27/08/2013 Name: Nirodaya 3

අද භාවනාව, ඒ උතුම් බුදුපියවරු සිහි කරලා, ඊට පස්සේ මම පන්සිල් ගන්න එක සම්පූර්ණයෙන් ම කළා. කරලා ඉවර වෙලා මාව නැවැත්තුවේ නැහැ. මම කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා ගමන් කරමි, ඒ උත්තරීතර මණ්ඩලයේ ඒ ආශීර්වාදය, ආරක්ෂාව, සහම්පති මහා බ්‍රහ්ම බුදු පියාණන්ගේ මෙහෙයවීම ලැබේවා කියලා පටන් ගත්තා. ඉස්සර මම ඔහොම නේ කරන්නේ. එහෙම පටන් අරගෙන ඉවර වෙලා, ඒ වෙලාවේ මම “කතමා ච භික්ඛවෙ සම්මා දිට්ඨි” කිව්වා.

ඊට පස්සේ අර ජාතිපි, ජරාපි ඔය විදිහට ව්‍යාධිපි දුක්ඛො, එක පාරක් ඒක කියලා, දැන් ජාතිය කියන එක මම බලනවා. ජාතිය කියන එක බලනකොට ඒ ඒ තැන්වල ඉපදීම “ස්කන්ධානං පාතුභාවො” කියන එක ගත්තා. ඊට පස්සේ, “ස්කන්ධානං පාතුභාවො” කියනකොට ම රූප වේදනා සඤ්ඤා සංස්කාර විඤ්ඤාණ පහළ වීම, ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධ වුණා. ඕලාරික වූ රූපස්කන්ධය. ඒක ඕලාරිකයි. ඊළඟට විතක්ක විචාර, ඕලාරිකයි. වේදනාව, ඕලාරිකයි. ඒ රූපය සම්බන්ධයෙන් ඒක ඇති වෙනවා කියන එක. දැන් මෙන්න මේක පහළ වෙලා, එහෙම නැත්නම්, අර ඒවායින් තොර වූ, අර “නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො” කියන විදිහට, ඒ පැත්තෙන් ඒ ධර්මය එතනින් පහළ වෙනවා.

දැන් මෙන්න මේක පහළ වීම තමයි මේ දුක්ඛය, කියන එක ගත්තහම, දැන් මට මේ දෙක connect වෙලා එනවා, එහෙම නම් රූපස්කන්ධය කියන එක පහළ වුණා නම් තමයි අපිට අර “ආයතනානං පටිලාභො” කියන කතාව එන්නේ. මොකද ඒකෙන් තමන් හදාගත්ත රූපස්කන්ධය ම තමයි, ආපහු ඔයා ස්පර්ශ කරවන්න යන්නේ. තමන්ට ඕනේ එක කිව්ව එක තමයි, මෙතන්දි මේ ස්පර්ශ කරගන්නේ. දැන් ඉතින් මෙතන වැලට සම්බන්ධ වෙනවා, අර ඕඝය වගේ අර flood එක හදාගෙන ඒකෙ උඩ ඉන්නවා. ඒ කතාව තමයි මෙතන තියෙන්නේ.

රූපස්කන්ධය පහළ වුණේ නැත්නම් මෙතන මේ ආයතන පටිලාභයේ ඒ කතාවක් ඇත්තේ ම නෑ. මේ තමන් හදාගත්ත එක ම තමයි මෙතන සම්පූර්ණයෙන් නැවත නැවතත් පුනපුනා මිය යන්නේ. ඒ පාර එනවා, කාම ආශ්‍රවයේ ලක්ෂණය තමයි, අජ්ඣත්තාය, අල්ලීනාය. භව ආශ්‍රවය තමයි කිව්වේ මේකට ප්‍රාර්ථනයෙන්, ග්‍රන්ථයෙන්, අභිසඞ්‌ඛාරාකාය සඞ්‌ඛරොන්‌ති කියලා, මෙතන මේක ආයිත් ඒක සකස් කරනවා කියන එක.

එතකොට දැන් මේක බැලුවහම දැන් මෙතෙන්දි මට පේනවා, එහෙම නම් අපි රූප ස්කන්ධය කියන එක පහළ නොවෙන්න, අපි රූප ස්කන්ධය ස්පර්ශ නොවෙන්න විරියක් කියන එකක් ඇති කරගන්න ඕනේ. ඊළඟට ගත්තහම, වේදනාව ඇති වුණා නම් ඉතින් අපි බය වෙනවා කියන එක වෙන්නත් ඕන. ඊළඟට ඉතින් මේක සඳහා විතක්ක විචාරය, ඒවා පවතිනවා කියන එක තියෙනවා නම් ඉතින් ඒ හරිය වෙනකොට තමන් ලැජ්ජා වෙන්නත් ඕන.

එතකොට මෙන්න මේ තුන, පවත්වන්න නම් එහෙනම් මට එනවා, දැන් අපි මේකෙ අනිත් පැත්තට ආවොතින් එහෙම, මේ මට රූපය නැති වුණොතින් මේවා ඔක්කොම මට ඇති වෙනවා. විරිය, ඊළඟට සතිය, තියෙන්න ඕනේ. සමාධිය, ප්‍රඥාව, අර ඊයේ ආපු පථය තියෙනවා නේ. ඥාන පථය, ශ්‍රද්ධාව ඇති වෙන්න නම් මේ විදිහට දිගට ම එන්න ඕන කියන කතාව එනවා.

දැන් මෙන්න මේ කතාව ආවට පස්සේ, දැන් කල්පනා වෙනවා මේ ස්කන්ධයේ පහළ වීමක් කියන එක එහෙම නම්, නොවෙන්න නම්, මම ඒ රූපස්කන්ධය ගැන, ඒක නොවෙන්න උත්සාහ කරන්න ඕනේ. රූපස්කන්ධය ගැන, මම විරිය කියන එක කරන්න ඕනේ. වේදනා ස්කන්ධය ගැන මගේ, ඒ කියන්නේ ඒක නිරෝධයට, ඕතප්පය. අතනින් විතක්ක විචාරවලට හිරිය කියන එක. එතන ඒ තුනෙන් මට එනවා, පහළ නොවෙන්න නම් මේක මේ විදිහට, ස්කන්ධය පහළ වීම ගැන මේ කතා කරන්නේ. මරණින් මත්තේ දැන් “ඛන්ධානං භෙදො” කියනකොට මේක බිඳිලා යනවා. එතකොට දැන් ස්කන්ධය බිඳෙනවා නේ. මරණයේ දී “ස්කන්ධානං භෙදො.” ස්කන්ධය භේද වුණා ම, දැන් ආපහු මෙයාට උත්පත්තියක් ඇති නොවෙන්න නම්, රූපය ස්පර්ශය නොවීම සඳහා එයාට විරිය තියෙන්න ඕන. ඊළඟට වේදනාව, ඒකෙන් ඇති වෙන වේදනාව ගැන එයාට බියක් තියෙන්න ඕන. ඊළඟට, ඒ විතක්ක විචාරවලට ඇති වෙන ලැජ්ජාවක් එයාට තියෙන්න ඕන. එතකොට ඒ කියන්නේ එහෙම වුණෝතින් ආයෙ ඒ පුද්ගලයා ඉපදෙන්නේ නැතැයි කියන එක.

එතකොට දැන් මම එහෙම කියනකොට රහතන් වහන්සේ කිව්වා, “සාදු, සාදු, දරුවා” කියලා. මම ඇහුවා එතකොට, ඒක හරි ද, කියලා. ඒ පාර කිව්වා, රූපය ඇති නොවීම සඳහා, ස්පර්ශ නොවීම සඳහා, විරියක් තියෙන්න ඕනෙ, අර වේදනාවක් ඇති නොවීම සඳහා ශ්‍රද්ධාව තියෙන්න ඕනෙ කියලා. ඒ කියන්නේ අර දෙක ම දැම්මා එකකට, ශ්‍රද්ධාව නේ. ඒ දෙක තියෙනවා නම් මෙහෙමයි.

ඉතින් භාවනාවේ, ඒ තත්වයෙන් මම හිටියා. එතකොට බුදුහාමුදුරුවෝ ගැන ඒ විදිහට ඒ ශ්‍රද්ධාව ඇතිව, මම මේක අයින් කරන්නේ නැතෙයි කියන අර්ථයෙන්. කොච්චර හිටිය ද කියලා කිව්වොතින් ඒ රහතන් වහන්සේ කියනවා මේ විදිහට, ඒ කියන්නේ මට ඕන තරම් ඉන්න පුළුවන් කියලා. බොහෝ කාලයක් ඉන්න පුළුවන් කියලා ඒ තිබිච්ච condition එකේ හැටියට.

ශ්‍රද්ධාවෙන් ම කියලා කියන්නේ, ඔය මම කිව්වේ පහළ වෙන්න දෙන්නේ නැතෙයි කියලා. රූපය ස්පර්ශ නොවෙන්න විරියයි, වේදනාව ඇති නොවෙන්න, ඒ ශ්‍රද්ධාව හරි එහෙම නැත්නම් ඒ ඕතප්පය, අර මම වචන දෙකෙන් කිව්වේ, ඕතප්පයෙන් කියන එක භාවිතා කරලා වේදනාව ගැන. ඒක ගැන බය වෙනවා, මේක පහළ වුණොතින්, ස්පර්ශය නිසා වේදනාව පහළ වුණොතින් කියන එක, ඒ බය වෙනවා. අන්න ඒ දෙක පවත්වාගෙන ඉන්නවා කියන එක. එතකොට ඒක, විතක්ක විචාරයත් එක්ක ගත්තහම එතන තුනයි. හිරි වෙනවායි කියන එක. ඒක පවත්වාගෙන ඉන්නවා කියන එකේ ඕන තරම් වෙලාවක් ඉන්න පුළුවන් එතන.

උපෙක්ඛාව, අනන්ත අප්‍රමාණ වූ උපෙක්ඛාව තියෙනවා. ඒ කියන්නේ අර රහතන් වහන්සේලාට කෘතඥතාවය පල කරනකොටත් අර difference එක නැතුව කෘතඥතාවය කියන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ බොහොම greatness එකට ගියා මේ භාවනාව.