Date: 17/09/2013 Name: Nibbana 4

උත්තරීතර මණ්ඩලයට නමස්කාර කරමි. නමස්කාර වේවා.

අද භාවනාවෙදි දිගට ම බලාගෙන ආවා, ඒ බුදුපියවරුන්ට නමස්කාර කරලා, පංචබලයන් පංචඉන්ද්‍රියන් බවට පත් කරමියි, කියලා කියන අවස්ථාවෙදි මට හිතුණා, හිතන්න ඕනේ කියන එක, ශ්‍රද්ධා බලය, ශ්‍රද්ධා ඉන්ද්‍රියක්වලට එනවා කියලා. ඒක හිතනකොට, මට මතක් වුණේ, අර විරිය හිරි ඕතප්පය සහිතව ඒ කොටස. ඊළඟට මට එනවා, මේක සඳහා, ඒ කියන්නෙ ඊළඟට විරිය කියන එක භාවිතා කරනව නේ. විරිය කියන එක භාවිතා කරනකොට ආපහු එනවා, අර රූපය ස්පර්ශ නොවෙන්න, කියන එක, කයෙන් ඒක, අයින් වෙනවා කියන එක.

ඊට පස්සේ ඒකත් එක්ක මට එනවා, තුන් වෙනි එකට අපි කියනවා නේ, සතිං උපට්ඨපෙත්වා, කියලා. එතකොට ඒ සතිය කියන එක උඩ ගන්නකොට ම මට කල්පනා වෙනවා, අර සති සම්පජානයේ අර්ථයට, අරක move නොවෙන්න, අර අවස්‌සුතය කියන එක වෙනව නේ. අර, දන්නව නේ, පාරවල්වලින් අතනින් A and B කියන point එක කපන්න, මේක සඳහා සතිය භාවිතා කරනවා කියලා.

ඊළඟට, චිත්තය සමාදහන් කරනවා, කියලා කිව්වහම, ඒ කාරණයන් ම සඳහා ම තමයි. මෙතන ඒ වේදනාව, ඒ කොටස් එහෙම තමන් නොගන්න, ඒ චිත්තය සමාදහන් කරගැනීම කියන එක තියෙනවා. ඒ කියන්නේ මේ ඕතප්පය කියන එක, හිරිය කියන එක තියෙනවා නේ. අතන බැලුව නේ අපිට විරියයි, ඊළඟට මෙතනදි මේ, වේදනාවට ඕතප්පය ආවේ. කුක්කුච්චය දක්වා ඇවිල්ලා තියෙනවා නම්, අපිට තියෙනවා, හිරිය කියන එක. එතකොට ඒ හිරිය, දැන් ඔය තුන් වෙනි පාරෙ චිත්තානුපස්සනාවට නේ වැටෙන්නේ. එතකොට ඒ චිත්තානුපස්සනාවෙදි, ඒවා සඤ්ඤාවන් එහෙම නොවෙන්න තියෙන්න ඕනෑ. එතකොට ඒක සඳහා, තමන් පවත්වා ගන්නා වූ චිත්තය සමාදන් කරගන්නවා.

දැන්, ප්‍රඥාය පජානතො, කිව්වහම දැන් මට එනවා වටේට ම, දැන් හිරිය කියන එක තියෙනවා නම්, ඉතින් අපිට අර ශ්‍රද්ධාවට එතන සම්බන්ධතාවය තියෙනවා නැවතත් ආපහු, ඊළඟට ප්‍රඥාව කියන එක භාවිතා කළහම, අර උඩ කොටස හරි යනවා, එතකොට සම්පජානය කියන එක සහිතව පවතින්න පුළුවන්කම තියෙනවා.

එතකොට ඔය සම්බන්ධතාවයන් ටික දැක්කට පස්සෙ, ඊළඟට මම ගියා, ඡන්ද චිත්ත විරිය විමංසා, කියන කොටස. මෙතනත් අර විදිහට බලනවා කියලා හිතනකොට, එහෙම ම “අරක කරන්න ය” කියලා රහතන් වහන්සේ කිව්වා, පැවැසුවා. ඉතින් අද මණ්ඩලාධිපති බුදු පියායි, ධම්මාධිපති බුදුපියාණන් වහන්සේයි, සහම්පති මහා බ්‍රහ්ම බුදුපියාණන් වහන්සේයි, තුන් නම ම වැඩ හිටියා.

එතකොට ඊළඟට මම භාවනා කොටසේදි මම දැන් විරියො ච ඡන්දො, කියලා ගත්තා. විරියො ච ඡන්දො, කියලා ගත්තහම, දැන් මට ආපහු මතක් වෙනවා, අර රූපය ස්පර්ශ නොවන්න තියෙන්නා වූ විරිය, කියන එක. එතකොට නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක පහ කරන විරිය, කියන එක. දැන් අර, අරකත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. ඒක විරියත් එක්ක ඊළඟට එනවා, මෙහෙම භාවිතා කරනවා නම් ඉතින් ඒ පුද්ගලයාට, මේ කයේ කතාව අයින් කරගෙන, රූපය නේ කය කතාව, මේක පහ කරගෙන, එයාට යන්න පුළුවන් කියන එක, ඒ ඡන්ද සමාධිය, නිර්වාණය සඳහා මෙයාට මේක නිසා ඡන්දයක් ඇති වෙනවා කියන එක. ඒ ඡන්ද සමාධියේ, එතකොට නිවනට යොමු වෙලා තියෙන්නේ, කිසිම දෙයක් ගන්නේ නැතිව ඉන්නා වූ අර්ථය, කල්පනාවට ආවා.

ඒකෙ අල්ලගෙන ඇවිල්ලා, ඊට පස්සේ, දැන් මට එනවා, මේ දෙක අතර, විරියයි, ඡන්ද සමාධියයි අතර තමයි, අර වේදනාව කියන එක තියෙන්නේ. වේදනාවේ, අපි දන්නවා, රූපයත් එක්ක සම්බන්ධ වෙලා ඇති වෙච්ච වේදනාව තියෙනවා, යම්කිසි තත්වයකට නැංවූවාට පස්සේ, හරියට අර කාර් එක, sports car එහෙම කියලා කිව්වෙ, ඒ තත්වෙට ගෙනාවාට පස්සේ, independent වේදනාවකුත් තියෙනවා. එතකොට මේක නිසා ඇති වෙන්නා වූ මේ වේදනාව තමන්, ඒ අයින් කරනවා කියන එක තමන්ට තියෙන්න ඕනෙ, කය සම්බන්ධයෙන් බැලුවහම, එක පැත්තකින්.

ඊළඟට මට කල්පනා වෙනවා, මෙතන මෙහෙම විතරක්මත් නෙමෙයි, අපි මේ පළවෙනියෙන් ම, මේ කාම තණ්හාව කියන එක පහ කිරීමෙන් කළාට, අර කාම තණ්හාව නිසා ඇති වුණා වූ භව තණ්හා කොටස තියෙනවා. එතකොට ඒ භව තණ්හා කොටස, ඒක පහ කළ යුතුයි කියන එක අර, භව තණ්හාව කරන භාවනාව, ඒක ආවා. එතකොට භව තණ්හා භාවනාවෙදි ඇති වුණා වූ අර, වේදනාව සම්බන්ධයෙන් නේ ඇවිල්ලා තියෙන්නේ. මේකට නේ අපි භය වෙන්නත් ඕනෙ. එතකොට මෙන්න මේක පහ කරන්න ඕනේ කියන එක ආවා.

එතෙන්දි හරි ලස්සනට එනවා, එහෙම නම්, දැන් මේ පෙන්වන්නේ, අපේ චිත්ත සමාධියට යනකොට, අර වේදනාව සම්බන්ධයෙන් තියෙන්නා වූ, ඒ කොටස අපි අයින් කරන්න ඕනෙ. ඒ කියන්නේ, නිර්වාණයට මම ගත්තා නම් මුලින්, මේක තමයි මට ඕනෙ කියලා, අර රූපයන් මට ස්පර්ශ වෙන්නෙ නෑ, කාය සංස්කාරයන් මම අයින් කරනවා කියන කතාව ආවා නම්, මේ අවස්ථාව වෙනකොට, මේ චිත්ත සමාධිය ඇති වෙන්න නම්, අර භවය සම්බන්ධයෙන් තිබෙන්නා වූ දේ, තමන් අත හරින්න ඕනෙ. භවය සම්බන්ධයෙන්, කාම තණ්හා නිසා ඇති වන්නා වූ භව තණ්හා කොටස තමන් පහ කරන්නට ඕනෙ. එතකොට මේක හරි ලස්සනට පේනවා, මේ නිවන සඳහා, ඒ කියන්නේ, ඡන්ද සමාධිය සඳහා, මම කලින් ගත්ත තීරණය සඳහා, භව තණ්හාව කියන එක අයින් කරන්න ඕනේ කියන එක, භව තණ්හාව කියන එක.

එතකොට ඊළඟට, භව තණ්හාවේ ඒ කතාව බැලුවාට පස්සේ, දැන් අපිට පේනවා, දැන් අපි විරියෙන්, ආරම්භක විරියකින් පටන් ගත්තා, ඊළඟට අපි ආවා ඡන්දයට, මේ හරියේදි, මෙහෙම ඡන්දය ඇති වුණාට පස්සේ, දැන් මෙත්තාව කියන එක අපිට තියෙන්න ඕනෙ, මෙත්තා අප්‍රමාණයට යනවා නේ අපි. එතකොට, ඡන්දයෙන් අපි දැන් මේ චිත්තයට ආවා. භව කතාව එහෙම එපා කියන එක. යම් ආකාර වූ කුලයක් වේවා, ඒකට තියෙන්නා වූ දේ එපා කියන එක. ඒ පාර එතැනින් ආවා චිත්තයට, දැන් චිත්තයේ ඉඳන්, ඊළඟට තියෙන්නේ විරිය ආපහු.

ඒ විරියේ දී දැන් මට පේනවා, දැන් එහෙනම් මේ කපන්නේ, අර විරිය ඉද්ධිපාදය වෙනකොට, සඤ්ඤාව මගේ නොවෙන්න ය කියන කතාව, සංස්කාරය මගේ නොවෙනවායි කියන කතාව. විභව තණ්හා පාරේ, අපි බලපු පළවෙනි එක නොවන්න. මොකක් ද පළවෙනි එකේ තියෙන්නේ? අර රූප, වේදනා එපා කියලා, අන්තිමට සඤ්ඤාව කියන එක නිසා අර, මෙහෙම හැදෙන එක, වේදනාවට දැන් මම වැඩිය අගයක් දෙන්නේ නෑ. ඒක නිකම් මැකිලා ගිහිල්ලා. සඤ්ඤාවට අගයක් දෙන්නේ නෑ, ඒක මම අයින් කරනවා. මේ පැත්තෙන් ගත්තහම සංස්කාර මගේ කියලා අරගෙන තමයි ඉදංසච්චාභිනිවෙසයට යැවෙන්නේ. එතකොට පරාමාසය ඉදංසච්චාභිනිවෙසයට යැවෙනවා, අර number 1 කියලා දාපු එක කැපෙන්න. ඒක තමයි මේ විරිය භාවිතා කරන්නේ කියලා ආවා.

ඉතින්, රහතන් වහන්සේලා, “හොඳයි” කියලා ඔය අවස්ථා දෙකේදිම මට කිව්වා. අර භව තණ්හා කතාවෙදියි, මේකෙයි අයින් කරන එක. දැන් මෙතෙන්දි ආවාට පස්සේ, දැන් මට කල්පනා වෙනවා, එහෙම නම්, දැන් තියෙන්නේ, මේ විරිය ඉද්ධිපාදය භාවිතා කරලා අපි යන්න ඕනේ කියන එක විමංසා ඉද්ධිපාදයට. විමංසා ඉද්ධිපාදයට යන්න ඉස්සෙල්ලා, මම අර විඤ්ඤාණයට තියෙන්නා වූ කෑල්ල, එතන කපන්න ඕනෙ. පරාමාසයේ ඉඳන් විඤ්ඤාණයට තියෙනවා නේ එකක්. ඒ කියන්නේ, මට විඤ්ඤාණය මගේ නොවෙන්නයි කියන එක, මම භාවිතා කරන්න ඕනෙ. ඒක තමයි හතර වෙනි පාරේ තියෙන විරිය. ඒ විරිය භාවිතා කළහම, අර කෑල්ලත් කැපිලා යනවා.

දැන් එහෙනම් ඉතිරි වෙලා තියෙන්නේ මොකක් ද? ඉදංසච්චාභිනිවෙසකායගන්ථය නිසා, මේ පල්ලෙහාට යන්නා වූ, පෙර අවිද්‍යාව, පසු මෝහයට යන්නා වූ, ඒ කෑල්ල තමයි, ඒ දෙවෙනි පාර තමයි දැන් කපන්න තියෙන්නේ. එතකොට මේක කපන්නයි කියන එක නම්, මට කල්පනා වුණා, එහෙම නම්, මේකට තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙතනදි අවිද්‍යා ආශ්‍රවය නේ මේ ඇති වෙන්න යන්නේ. ඒ කියන්නේ මේ අවස්ථාවේ දී තියෙන්නේ මොකක් ද? අර, මනුස්සයාගේ ගත්තා වූ, පෙර වූ කර්මය විතරයි. දැන් මොකද මේ පරාමාසය වටේට තියෙන්නා වූ ඔක්කොම දේවල් කපලා තියෙන්නේ. දැන් එහෙම නම් මේක අයින් වෙලා, මේක වටේට ම අයින් වෙලා ගිහිල්ලා, මේ ඉතුරු වෙලා තියෙන්නේ මේ අවස්ථාවේ දී, පෙර වූ කර්මය පමණයි. මේ කයක් හදාගෙන, මේ කය නඩත්තු කළ යුතුයි, කියලා, අර්ථයක් එයාගේ ඇති වෙලා තියෙනවා. අන්න ඒක තමයි අයින් කරන්න ඕනෙ.

එතකොට සම්මා ආජීවය භාවිතා වෙනවා නම්, ඒ කය අතහරිනවා. අන්න ඒක නිසා එයාට අර, මේ කතාව නොවෙනවා. ඒ කියන්නේ, අරි අට මගෙන් තමයි, ඒ කෑල්ල එන්නේ කියන එක එතෙන්ට ආවා. එතෙන්ට ඇවිල්ලා, ඉතින් ඒකෙදි, මෙතැනින් රහතන් වහන්සේ කිව්වා, “දැන් නවත්වන්න” ය කියලා.