Date: 18/09/2013 Name: මාන

ඒ උත්තරීතර මණ්ඩලය සිහි කළා. බුද්ධ ශාසන ගොඩනැංවීම ගැන සිහි කරමින්, මම ඒ මණ්ඩලය සිහි කළේ.

එතකොට, මේ බුදුපියවරු මේ බුද්ධ ශාසන ගොඩ ගත්තා, කියන එක මම මෙනෙහි කරන්න ගත්තා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ 2502 ක් ගොඩ ගත්ත ය, ඒ ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ 2101 ක්, ඔය විදිහට එහෙම එනවා. එහෙම එනකොට, මට තේරුණා, මේ මෙතන, දැන් අපි හිතනවා, දැන් පෙළක් අය එහෙම ගොඩ ගත්තා කියලා අපි දන්නේ නැති ඒවා තියෙනව නේ, ඒ එතෙන්ට යන්න ඉස්සර, ඒකත් එක්ක මේ මානය. මේක නිසා මාන්නයක් තියෙනවා කියලා අපිට, තේරුණා ද? ඉතින් ඒ විදිහට තමන්ගේ තිබෙන්නා වූ මාන්නයක් මතු වීමක් තියෙනවා. එතකොට මම කල්පනා කළා, මේ බුදුපියවරුන්ට මෙහෙම එකක් නෑ. අපිටයි තියෙන්නෙ කියලා.

එතකොට මම කල්පනා කරනවා ඔය විදිහට, ලෝභ, බුද්ධං සරණං ගච්ඡාමි, ලෝභය නැති කරමි. ඔය විදිහට කියනකොට මම කියනවා, මේ ලෝභය ද්වේෂය මෝහය තුන ම අපිට තියෙනවා. ඊළඟට කියන්න ගත්තා මම, පංචනීවරණ. දැන් මම කියනවා නේ, මේ දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, පංචනීවරණයන් යටපත් කරමි, පංචනීවරණයන් අපිට තියෙනවා. ඔය විදිහට අරි අට මඟ හරහා යනවා කියන එක, දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, අරි අට මඟ හරහා යමි කිව්වම, “එතැනින් පටන් ගන්න ය” කියලා පැවැසුවා.

එතකොට සම්මා දිට්ඨිය, එතකොට දැන්, දුක්‌ඛෙ ඤාණං, දුක්ඛ සමුදයේ ඤාණං, දුක්ඛ නිරෝධයේ ඤාණං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඤාණං, කියලා කල්පනා කළා. එතකොට එතෙන්දි කල්පනා කළා, ජාති ජරා ව්‍යාධි මරණය ඇති වෙනවා. ජාති ජරා ව්‍යාධි මරණය ඇති වෙනවා නම්, ඒ කියන්නේ, අපි දන්නවා, නිත්‍යභාවයක් නෑ. නිත්‍යභාවයක් නැත්නම්, මේ අත්තා ඉඳන් නිත්‍යට යන කතාවක් නෑ. ඒ කියන්නේ, අත්තෙක් නෑ. දැන් කියනවා මම, මරණය වන්නේ නම් නිත්‍ය නැත. අත්තා නැත. එහෙම නම් අත්තා වූයේ කෙසේ ද කියන එක මම කල්පනා කරනවා.

එතකොට මට පේනවා, අර, විභව තණ්හා භාවනාව, ඒ කරපු එකේ, පළමු වෙච්ච පාර අපි දන්නව නේ, අර 1 කතාව. Present moment එකේදි අර, සාතයි කියලා ගත්තා අවස්ථාව. ඉතින් මෙතෙන්දි මේ, සංස්කාර වූයේ, මිච්ඡා දිට්ඨිය ම යි, කියලා ආවා. එතකොට ඒ කියන්නේ අර, අරක හැදෙන අවස්ථාවෙදි, දැන් මට, මේක සාතයි කියලා ගත්තහම, දැන් මම ඉන්නවා. මම, තරුණයෙක් හැටියට ඉන්නවා, මට හයිය හත්තියක් තියෙන කෙනෙක් හැටියට ඉන්නවා. තේරුණා ද? මම පිරිමියෙක් හැටියට ඉන්නෙ. අන්න ඒ වගේ, මේ පුද්ගලයාට යම්කිසි වූ මානයක්, මෙතන ඇති වුණා. අර මිච්ඡා දිට්ඨිය කියන එක ඇති වුණා, ඒ මිච්ඡා දිට්ඨිය ම සංස්කාර වශයෙන් මාන වුණා දැන්. මිච්ඡා දිට්ඨිය ම, සංස්කාර වශයෙන් මාන වුණා.

එතකොට එනවා, අර diagram එකේ, අර දෙවෙනි කතාව. විභව තණ්හාවෙදි අපි පෙන්නුවා, මේ දෙවෙනි කතාවක් තියෙනවා. ඒ කියන්නේ, පෙර සහ පසු අවස්ථාව කියන එක පෙන්නුවා නේ, දෙවැනි පාරේ සිද්ධ වෙනවා කියලා. ඒ කියන්නේ ඉදංසච්චාභිනිවෙසකායගන්ථයෙන්, අර මෝහ අගතියට යන එක, පෙර අවිද්‍යාව, පසු මෝහය. එතකොට මෙන්න මේ පාර ක්‍රියාත්මක වෙනවා, මේ සංස්කාරවලට ඇලෙනවා. මේ සංස්කාරයන්ට මෙයා ඇලෙනවා. මේ සංස්කාරයට දැන් ඇලුණහම, මේ අවස්ථාවේ දී මෙයා අර, මම තරුණයෙක් හැටියට හිටියා, මම හයිය හත්තිය තියෙන කෙනෙක් හැටියට හිටියා, ආදී වශයෙන් අර අත්තෙක් එයාට දැන් ඉන්නවා. ඉඳලා තමයි මේ කතාව කරන්නේ. එතකොට මේක තමයි මේ, මාන අනුසය වෙන්නේ. මේ සංස්කාරයට, මේකට ඇලුණා. මිච්ඡා දිට්ඨිය ම සංස්කාර වශයෙන් මාන වුණා. මේ සංස්කාරයට ඇලෙනවා, දැන් මාන අනුසය. එතකොට, මේ තරහ යන පුද්ගලයාටත්, කාමය සහිත පුද්ගලයාටත්, දෙදෙනාට ම ඇති ප්‍රශ්නය මේකයි. අත්තා ඇතියි කියලා හිතාගෙන ඇලෙනවා.

ඉතින් දැන් මේ වෙලාවෙදි මම භාවනා කළා, ඒ “නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො” කියන belt එක තියෙනව නේ, belt 2 එක. ඒ කියන්නේ, එතෙන්දි මට ආවේ අර, “සාස්‍රව ස්පර්ශ අනුපගමන ලක්ඛණා, සුඛ සඤ්ඤා,” ආශ්‍රවයන්ට හේතු වෙච්ච ඒ ස්පර්ශයට ම තමයි ඒ සුඛ සඤ්ඤාවක් කියන එකට ඇති වෙන්නෙ කියන එක බැලුව නේ. එතකොට මේක, ඒ කියන්නේ මමංකාරය, “සාස්‍රව ස්පර්ශ අනුපගමන ලක්ඛණා, සුඛ සඤ්ඤා” කියන එක ඇති වෙන්නෙ, එතනදි ඇවිල්ලා මේ, බාහිර වස්තූන්ගේ පරිග්ගහය නිසා මමංකාරය ඇති වෙනවා, ඒ මමංකාරයෙන් අපිට, මේ සුඛ සඤ්ඤාවක් ඇති වෙනවා. මෙන්න මේ කෑල්ල තමයි මෙතනදි ගත්තේ. සුඛ සඤ්ඤාව ඇති වුණහම ඉතින්, ඒ ආපහු යනවා, ස්පර්ශයට. ඒ belt 2 එක.

එතකොට මම කල්පනා කළා, මේක මේ, පෙර අවස්ථාවට, මේක නේ ද වෙන්නේ? present moment එක බලලා ඉවරයි නේ දැන්. පෙර අවස්ථාවට මේක නේ ද? ඊළඟට මම කල්පනා කරන්න ගත්තා මේ “භවඤ්ච භොගඤ්‌ච වොකාරස්ස අහංකාරස්ස පදට්ඨානං.” අත්ත සඤ්ඤාවක් ඇති වෙනව නේ එතන. එතකොට මේක මෙනෙහි කළා. අහංකාරයෙන් අත්ත සඤ්ඤාවක් ඇති වෙන එක. මේක present, future කියන එක තෝරා ගන්න මම උත්සාහ කළා, මට හිතෙන විදිහට, මමංකාරය පෙර, අහංකාරය පසුව කියන එක. ඒ පාර මම බුදුපියාගෙන් විමසුවා, මේක මේ, මම හිතන විදිහට, පෙර පසුව මෙහෙම ද කියන එක. “මේකේ වෙනස් වෙන අවස්ථාවන් තියෙනවා” කියලා, “ඒක පසුව,” කියන එක මේ භාවනාවෙදි කිව්වා. ඉතින් මෙතන “ඇති” යි කිව්ව නිසා මම නැවැත්තුවා. ඒක තමයි ඒ භාවනාව.