උතුම් බුදුපියවරු සිහි කළා. අරි අට මඟ භාවනාවට, එතනට ආවා ම, අරි අට මඟ හරහා යනවා කිව්වම, “එතැනින් පටන් ගන්න” කියලා කිව්වා.
එතකොට, මට තේරුණා මේක, මේ භාවනාව කරනකොට ම, බුදුපියවරු ගොඩක් වැඩලා ඉන්නවා කියලා. එතකොට, සම්මා දිට්ඨිය, දුක්ඛය, ජාතිය, මරණය. එතකොට නිත්‍යභාවයක්, මරණය කියන එක තියෙනවා නම්, නිත්‍යභාවයක් කියන එක නෑ. නිත්‍යභාවයක් නැත්නම්, ඒ කියන්නේ අත්තා කියලා එක්කෙනෙක් නෑ. එතකොට දැන් මෙතන එනවා, මේක තමයි මුළාව.
අර අපි ඊයේ භාවනාවෙදි කතා කළා නේ, අර දෙවෙනි පාර ඇති වෙලා, ඒ කියන්නේ ඒ පළවෙනි පාරෙදි, ඒ සඤ්ඤාවෙන්, පරාමාසයේ ඉඳන් ඉදංසච්චාභිනිවෙසයට ගියා. ඒ එතන, ගිය අවස්ථාවේ දී, අපි දැනගත්තා, මෙතෙන්දි තමයි මේක අර සාතයි, කියලා ගත්තෙ කියන එක. විභව තණ්හා භාවනාවෙදි ඉගෙන ගත්ත දේ. ඊට පස්සේ දැන් අපිට පෙනුණා මේ, පරාමාසය වටේ තියෙන ඒවා ඔක්කෝම අපි කපාගෙන, කපාගෙන ගියා නම්, අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ, ඉදංසච්චාභිනිවෙසකායගන්ථය ඇතුළේ තියෙන ටික විතරයි, පරාමාසය වටේට තියෙන ටික කැපුණයින් පස්සේ.
ඒ කියන්නේ, දැන් මම මොකක්වත් ගන්නේ නෑ, හැබැයි මම කලින් ගත්ත ඒවා ඉදංසච්චාභිනිවෙසකායගන්ථය ඇතුළේ තියෙනවා. සංස්කාරයන්, ඒ මිච්ඡා දිට්ඨිය තමයි සංස්කාරය වෙන්නේ. ඒ සංස්කාරයට ඇලිලා තමයි මාන අනුසය වුණේ. මේ වෙච්ච එක, අපේ පෙර කර්මය හැටියට සංස්කාරය තුළ තියෙනවා. එතකොට මෙන්න මේ සංස්කාරය ඇති වුණේ අර මිච්ඡා දිට්ඨිය, කියන්නෙ මුළාවක්, අර කවුරු හරි එක්කෙනෙක් කියපු දෙයක් අහලා. ඒ කියන්නේ, මුසාවක් ගත්තා අපි, සත්‍ය වශයෙන් පිළිඅරගෙන තියෙනවා මුසාව, අසත්පුරුෂ ඇසුර නිසා. මේක හරියට අර, මොකක් හරි එකක් කැඩෙනකොට කියනවා මේ මනුස්සයා, මේක හදන්න පුළුවන්, කියලා. දැන් අපි එයාගෙ එක පිළිගන්නවා.
මනුස්සයෝ වයසට යනකොට, tv එකේ ad එකක් දානවා, මේකට ඔය oil of Olay, හරි මොනවා හරි ජාතියක්, මේක පාවිච්චිකරයින් පස්සේ, මේක නවත්වාගන්න පුළුවන් කියලා. එතකොට මනුස්සයෝ ඕක පිළිගන්නවා. එතකොට මෙන්න මේ, විද්‍යාමාන වෙච්ච වූ සත්‍ය පැත්තකට දාලා, අර මෝඩයාගේ වචනය ගැනීමෙන් මේක සිද්ධ වෙනවා. මේක මුසාවක් කියන එක ආවා.
මේ කොටස මේ විදිහට බැලුවහම, එතකොට මෙතන පේනවා, මෙන්න මෙහෙම කෑලි දෙකක්. පරාමාසයයි, ඉදංසච්චාභිනිවෙසයයි, මෝහයයි කියන කතාව, මේ පැත්තේ ඇති වෙන්නා වූ මේ කොටස නිසා, වම් අත පැත්තේ, ගිද්ධිලෝභයයි, වේදනාවයි, ජාතියයි කියන කොටස mirror image එක වගේ මේ පැත්තෙන් පේනවා කියන එක. මේ පැත්තේ කොටස නිසා, දකුණු අත පැත්තේ කොටස තියෙනවා කියන එක පේනවා.
එතකොට අපි හිතමු පරාමාසය, ඉදංසච්චාභිනිවෙසය, මෝහය කියන එක, ඕක ඇතුළේ, ඔය triangle එක ඇතුළට 2 කියලා දැම්මොතින්, වේදනාවයි, ගිද්ධිලෝභයයි, ජාතියයි කියන triangle එකට, 1 කියලා දැම්මොතින්, අපිට පේනවා 2 නිසා 1 වෙනවා, 1 නිසා 2 වෙනවා කියලා. ඒක මම හොඳට දැක්කා. එතකොට මේ අවස්ථාවේ දී මට සිහි වුණා, ඔය සූත්‍ර පිටකවල තියෙනවා, අපි, මේ අපේ දැන් තියෙන වේදනාව පහ කරලා, අපි යනවා කියලා, අපේ පෙර වේදනාවට, Having gone down the current feeling, we are going down the former feeling, කියලා ඔය භික්ෂූන් වහන්සේලා කියනවා මම දැකලා තියෙනවා. මේක මට හොඳට වැටහුණා.
ඒ කියන්නේ, 2 කියන එක ගත්තහම, පෙර වේදනාව, පෙර කර්මය. 1 කියලා කියන්නේ දැන් වේදනාව. 1 වේදනාවට සඤ්ඤාව මගින් වැරදි අගයක් දීමෙන් තමයි, 1 වේදනාවේ කතාව. විද්‍යාමාන වූ සත්‍ය ජාති ජරා ව්‍යාධි මරණය පැත්තක තිබෙද්දී, අපි මෝඩයාගේ අදහස් විමසලා, වේදනාවට අගයක් දෙනවා. මේක නිසා අපිට, 2 කියන එක ඇති වෙනවා.
2ක ඇවිල්ලා පෙර කර්මය, මිච්ඡා දිට්ඨිය, මගේ යැයි මුළා වීම, අත්තා වීම. එතකොට ඒක නිසා, මේ මෝහය ඉඳන් පරාමාසයට යන එක, ඒ කෑල්ල ඇති වෙනවා. එතකොට මේ දෙක ගිහිල්ලා අපිට පේනවා, ඒ, ජාති, වේදනා, චේතනා. චේතනා, පරාමාස, මෝහ කියලා අර, pyramid එක වගේ, හැදීමක් සිද්ධ වෙනවා. එතකොට අපි දන්නවා මේ, දෙකේ ඉඳන් 1 කියන පැත්තට අපි එනවා කියලා, අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට, නිසා මෙතන යටින් සම්බන්ධ වෙනවා කියන එක, ඕක බැලුවා ගොඩක් දුරට, මේ සබ්බාසව සූත්‍රයේ එහෙම. එතකොට මට මෙතෙන්දි තේරුණා, මේ දේ තේරුම් ගන්න, එක බුදු පියෙක් ඇති. දන්නා වූ දක්නා වූ එක බුදු පියෙක්ගේ වචනය පිළිගන්නවා නම්, මේ දේ තේරෙනවා.
ඒ බුදු පියවරුන්ගේ, දන්නා වූ දක්නා වූ බුදු පියවරුන්ගේ වදන් ඉක්මවීමෙන් තමයි, ඔය 1, 2 කියන ප්‍රශ්නය, ඔය ඕක හැදෙනවා කියන එක තේරෙන්නෙ. ඉතින් මට මේ වෙලාවෙදි, ඒ ධම්මරතන බුදුපියාණන්, මේක මෙහෙය වූවා කියපු අවස්ථාවෙදිත්, මම ඒ වෙලාවෙදිත්, මානය විමසුවා, ඒ කිව්ව වෙලාවෙදිත්. ඉතින් සාදු පියවරුනි.