Date: 20/09/2013 Name: සමාධි

ඒ උතුම් බුදුපියවරු සිහි කළා. 2502 ක් බුද්ධ ශාසන ගොඩ ගත්තා, ඒ මණ්ඩලාධිපති බුදුපියා ඒ විදිහට කළා. හැබැයි මෙහෙම කළා ය කියලා, ඒකට මාන්නයක් නැතෙයි කියලා. ඒ සංස්කාරයන් ඒකට, සංස්කාරයට ඇලීම නේ, ඒ කියන්නේ මිච්ඡා දිට්ඨිය, සංස්කාරය වෙන්නේ ම, මිච්ඡා දිට්ඨිය. ඒ මිච්ඡා දිට්ඨිය, ඒ සංස්කාරයට ඇලුණයි කියන එක තමයි, මාන අනුසය වෙලා තියෙන්නේ. එතකොට ඒ සංස්කාරයන් කිරීමක් තමයි එතන කෙරිලා තියෙන්නෙ, හැබැයි එහෙම වුණයි කියලා ඇල්මක් නැහැ. තණ්හාවක් නැහැ. ඒ කියන්නේ රහත් වෙන්න ඉස්සෙල්ලත් කරලා තියෙනවා. රහත් වුණාට පස්සෙත් කරලා තියෙනවා නේ. ඒවායේ අතර වෙනසක් නැහැ. හැබැයි ඉතින් ලෝකයේ පවතින්නා වූ යම් වූ ධර්මයක් තියනවද, ශ්‍රේෂ්ඨත්වයක් තියනවද, ඒ අනුව තමයි ශ්‍රේෂ්ඨත්වය වෙන්නේ. නොකරපු එක්කෙනාට වඩා කරපු එක්කෙනා ශ්‍රේෂ්ඨයි කියන මේකක් තියෙනවා.

ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා යමි, කියන එකෙන් පටන් ගන්න ය කියලා කිව්වා. ආර්ය අෂ්ටාංගික මාර්ගය, සම්මා දිට්ඨිය. දුක්ඛෙ ඤාණං, දුක්ඛ සමුදයේ ඤාණං, දුක්ඛ නිරොධෙ ඤාණං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඤාණං. දැන් එතකොට, ජාති ජරා ව්‍යාධි මරණය කියන එක පේනවා. ඒකත් එක්ක, උඩින් පේනවා, කබලිංකාර ආහාරය, ඊළඟට, අත්තා ඉඳන් නිත්‍යට යනවා, කියන එක පේනවා.

එතකොට මෙතෙන්දී පේනවා හරියට ම diagram එක, උඩ ලෑල්ලකුයි, යට ලෑල්ලකුයි තියෙනවා. මැද්දෙන් නිකන් හරියට අර, hourglass එක වගේ තැනක තමයි අර, වේදනාව කියන තැන එක හරහා, මේක සම්බන්ධ වෙලා තියෙනවා කියන එක hourglass shape එකට, මේ කෑලි දෙක පේන්න ගත්තා. එතකොට මෙහෙම බලාගෙන ගිහිල්ලා. දැන් ඊයේ වාගේ අර 1 යි, 2 යි කියන කොටු දෙක උඩ, අර උඩ pyramid එක වගේ හැදෙනවා නේ චේතනාව තියන තැන, ඒක කල්පනාවට ගත්තා. දැන් සමාධිය හරි හොඳයි. මේ නළලයි මූණයි හොඳට ඇස් දෙක එහෙම හොඳට දැනෙනවා, බොහොම තදට. ඒක ඇතුව ඉන්නවා මං. මම දැන් ටිකක් හිටියා. ඉඳලා ඊට පස්සේ මට අර ගාථාව මතක් වුණා,

“සුඛො විවෙකො තුට්‌ඨස්‌ස සුත ධම්මස්ස ඵස්සිනො, අව්‍යාපජ්ඣං සුඛං ලොකෙ පාණ භූතෙසු සංයමො,

සුඛා විරාගතා ලොකෙ කාමානං සමතික්කමො, අස්මිමානස්ස යො විනයො එතං වෙ පරමං සුඛං.”

ඒ ගාථාව හරහා මම ගියා. ඉතින් ඒකේ අර ඒ triangle එක දෙපැත්තේ 1 යි, 2 යි, දෙපැත්තේ, ඉතින්, ඒක කල්පනා කරා. ඉතින් මේ කාමය නිසා නේ අතන පල්ලෙහා මෝහ කෑල්ල ඇති වෙන්නේ. එතකොට, ඒ පළවෙනි එක ලෝභයෙන් පටන් අරගෙන එතනට යන එක එනවා. ඊළඟට ව්‍යාපාදය කියන එක අර පළවෙනි කොටුව ඇතුළට ම වැටෙනවා නේ reflect වෙලා. එතකොට ඒක නිසා තමයි, මේක මෙහෙම තියාගෙන, පවත්වාගෙන ඉන්න ඕන කියන එක, මේ භවයක් අල්ලගෙන පවත්වාගෙන ඉන්න ඕනේ කියන එක නේ, මේ ඇති වෙලා තියෙන්නේ කියන එක, දැන් උඩ එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. මේක ම තමයි මේ මානය. මේක ම තමයි මේ අස්මිතිය, කියන එක කියන්නේ කියලා. එතකොට මේක නැති එක්කෙනාට, මේකේ බයක් ඇති වෙන්නේ නැහැ. එයාට සුඛයක් සහිතව එයාට ඉන්න පුළුවන්, මේ නිර්වාණය, පරම සුඛයක් හැටියට ඉන්න, මේ අස්මිතිය නැත්නම් කියන එක. ඉතින් මේක හරි ම සැපයි ඔළුව.

ඊට පස්සේ, මම බැලුවා, මම සමාධියෙන් ඔහොම හිටියා සෑහෙන වෙලාවක්. ඉඳලා, ඊට පස්සේ මම කල්පනා කළා, අර, සතර ආත්මභාව වස්තු, කියලා තියෙනවා. ඔය රූප කොටස කියන එක ගත්තහම, කාය සංඛ්‍යාත ආත්මභාව වස්තුවක් වෙනවා. වේදනාව කියන එක, වේදනා සංඛ්‍යාත ආත්මභාව වස්තුව වෙනවා. සඤ්ඤා චේතනා, කියන එක ගත්තහම, ධම්ම සංඛ්‍යාත ආත්මභාව වස්තුව වෙනවා. ඊළඟට, විඤ්ඤාණය කියන එක චිත්ත සංඛ්‍යාත ආත්මභාව වස්තුව වෙනවා.

එතකොට මෙන්න මේ ආත්මභාව වස්තු වශයෙන් බලලා, දැන් ඔය ඔතන, මාන අනුසයත් එක්ක ඉතින්, ඔය මේකක් නේ ඇති වෙලා තියෙන්නෙ, අස්මිතියක් එක්ක ඇති වෙලා තියන දෙයක් නේ. එතකොට මෙතන වෙන මොනවක්වත් නෑ, මේ රූපය, වේදනාවයි, මේ සඤ්ඤා, චේතනා තියෙනවා. ඊළඟට ගත්තහම මෙතනින් විඤ්ඤාණය තියෙනවා. මේ උඩ තියන අර, විඤ්ඤාණස්ථිතිය පවත්වන්නා වූ, ඒ තිථි පරිත්‍යාය සහිතව, ඒ ධර්ම කෑල්ල විතරයි මෙතන තියෙන්නේ, ධාරාවක් වාගේ එකක් යනවා විතරයි.

එතකොට මේ වේදනාවට ඇලිලා තමයි මේක ඔක්කොම, මේ පවත්වාගෙන තියෙන්නේ. අරක පවත්වන්නේ මේක උඩයි කියලා නිකන් අර උඩින් දැන් පේනවා, මේක හැදිලා තියෙනවා කියන එක, රූපයේ ඉඳන් මෙහෙම විඤ්ඤාණය දක්වා. නිකන් අත උස්සලා වාගේ, හුළං කෑල්ලක්, නූලකින් බැඳලා, හුළං කෑල්ලකින් පිඹිනවා වාගේ දෙයක් විතරයි, මේකෙ තියෙන්නේ කියලා, ඒ සමාධියෙන් යුතුව ඉතින් හිටියා සෑහෙන වෙලාවක්.

ඒක තමයි භාවනාව.