Date: 21/09/2013 Name: සියල්ල

අද භාවනාවේ මට කිව්වේ, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පටන් ගන්න කියලා. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ, සම්මා දිට්ඨිය. එතකොට එතන, දුක්ඛෙ ඤාණං, දුක්ඛ සමුදයේ ඤාණං, දුක්ඛ නිරොධෙ ඤාණං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඤාණං, කියලා.

එතකොට දැන් මෙතෙන්දි මම ගන්නවා, ජාතිය ඇති වෙනවා කියන එක, දුකයි කියන එක. එතකොට ජාතිය කියන එක ඇති වෙන්නේ අපිට, භවය නිසා. ජාතිය කියන එක භවය නිසා ඇති වෙනවා, භය පච්චයා ජාති. එතකොට භවය කියන එක ඇති වෙන්නෙ උපාදානය නිසා. එතකොට උපාදානය කියන එක නැති වෙන්න නම්, ධ්‍යාන හතර තියෙන්න ඕන. ප්‍රථමධ්‍යාන, දුතියධ්‍යාන, තෘතියධ්‍යාන, චතුත්ථධ්‍යාන කියන එක තියෙන්න ඕන. දැන් එතකොට මට එනවා, ඒ ධ්‍යානය තියෙනවා නම්, ඒ උපාදානය නැහැ. ඒක නිසා මේ ඔක්කොම භවය, ජාතිය නැති වෙනවයි කියලා.

එතකොට ධ්‍යානය තියෙනවා නම්, සමාධිය කියන එක පවතිනවා. ධ්‍යාන හතරෙන් තමයි, ඒ සමාධිය කියන එක ඇති වෙන්නෙ. එතකොට සමාධිය කියන එක ගත්තහම ඡන්ද සමාධිය ගන්නවා. එතකොට නිර්වාණය සඳහා ඡන්දයක් තියෙනවා නම්, මේ පුද්ගලයා, භවයට යන්නේ නැහැ. ඒ කියන්නෙ ජාතියකට යන්නේ නැහැ, කියන එක එනවා.

එතකොට මෙතෙන්දී ඉතින්, මගේ මේ ඊයේ භාවනාවත් එක්ක මේක ගොඩක් සම්බන්ධයි. ඒ ඊයේ භාවනාවෙදි, ඒක භාවනා වැලක්. ඊයේ භාවනාවට එනවා කියන එක. ඒකේ පෙන්නුවේ තමයි අපි ඊයේ කතා කළා නේ අර, 1 යි 2 යි කියලා කොටස් දෙකක්. ඒ කියන්නේ, දැන් අපි යම්කිසි වස්තුවක් දැක්කහම, ඒ දැක්කම අපි, මේක සාතයි කියලා තීරණය කරන්නේ, මේ සුභ කියන සඤ්ඤාව තමයි මේ දුවලා ගිහිල්ලා තියෙන්නේ. ඒ සඤ්ඤාවෙන්, ඔය අත්තා නිත්‍ය කතාව ඇති වෙලා, නිත්‍යයෙන් මෝහයට, ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට ගිහිල්ලා තමයි තියෙන්නේ.

ඒ කියන්නේ අපි කතා කරපු අර, විභව තණ්හාවෙන් පළවෙනි පාර. ඒකෙ දී මේ, ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට ඇතුළට ගිහිල්ලා තියෙනවා. එතකොට දැන් මේකේ අවස්ථාවෙ දී අපි, ඇති වුණා වූ චිත්ත සංස්කාරය ම, වෙන්නේ මිච්ඡා දිට්ඨිය ම යි. අත්තා කියලා ගත්ත මිච්ඡා දිට්ඨිය ම යි, ඒ සංස්කාරය වෙන්නේ. එතකොට ඒකට ඇලීම තමයි මාන අනුසය වෙන්නේ.

ඉතින් ඕක තේරුම් ගත්තහම, ඔතන triangles දෙකක් එනවා. පරාමාසය, ඉදංසච්චය, මෝහය. ඒ මෝහයේ ඉඳන් ආපහු පරාමාසයට සම්බන්ධතාවයක් ඇන්දොතින්, ඒකෙන් එනවා උඩ චේතනාවට. එතකොට මේක 2 කියලා දැම්මොතින්, ඕකට reflection එකක් වම් අත පැත්තේ හැදෙනවා, එතන තියෙනවා, අපි, ගිද්ධිලෝභය මේ ජාතිය, ඊළඟට අපිට ඇති වෙනවා මේ වේදනාව කියන, ඒ පැත්තේ triangle එකක් ඇති වෙනවා. එතකොට ඒක තමයි 1 වෙන්නේ. 2 නිසා 1. 1 නිසා 2 යි කියන භාවනාව. ඊට පස්සේ චේතනාවෙන් තමයි මේක සම්බන්ධ වෙලා තියෙන්නේ, කියන එක තියෙනවා.

එතකොට දැන් මේ ඔක්කෝම කරන්නේ, මේ වේදනාවට අගයක් දීලා, තණ්හා වෙලා, එහා පැත්තේ චිත්ත සංස්කාරවලට අභිනිවේස වෙලා. මේ දෙන්නා දෙපැත්තෙන් ඉන්නවා. දැන් ඒ අද භාවනාවත් එක්ක ඕක connect කළහම, ඉතින් සම්පූර්ණයෙන් පේනවා picture එක ම. එතකොට පේනවා, මැරිච්ච මොහොතක, නිවන සඳහා ඡන්දයක් නැති මනුස්සයා, මේ මනුස්සයා, ඡන්දයේ අගති ගමනක් යනවා, මම භවයකට යනවා කියන එක, ජාතියක් ඇති කරගන්නවා කියන එක.

ඉතින් ඕක හොඳට බැලුවොතින්, දැන් එහෙම නම් අපිට දැන් මෙතන, මෙහෙම කෑල්ලකුත් පේනවා. මෙතනින් තියෙනවා, අර, අපේ තියනව නේ ග්‍රන්ථය. මේකෙන් ඇවිල්ලා, පළවෙනි වෙනි පාරේ දිගට ඇවිල්ලා, අපිට ඇති වෙන්නා වූ ග්‍රන්ථය තියෙනවා. ඊළඟට තියෙනවා වේදනාව. එතකොට මේ පැත්තේ තියෙනවා ජාතිය. මෙතන තියෙනවා ද්වේෂ අගති ගමන. මේ ඡන්ද අගති ගමන. මේ දෙක නේ තියෙන්නේ. දැන් ඕක යා කරන්න. මෙතන මේ point එක මොකක් ද? මේ cross වෙන point එක තමයි භවය. දැන් භවයේ ඉඳන් ඔයගොල්ලන්ට ජාතියට යන්න පුළුවන්. භවය නිසා ඔයගොල්ලෝ ද්වේෂයට යනවා. මේක තමයි මේ මැද්දේ point එක.

මේ ඔක්කෝම ඇති වෙලා තියෙන්නේ, දැන් මේ මම මේ වේදනාව, දැන් ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධ කරනවා කියලා කියන්නේ, දැන් මේ වේදනාව නිසා තමයි, මම මේ කතාව කරන්නේ. වේදනාවට චිත්ත සංස්කාර හදනවා. අනෙක් පැත්තෙන් මානයන් ඇති කරගන්නවා. මේ කතාව සිද්ධ වෙන්නෙ මේක උඩ.

එතකොට දැන් අපිට පේනවා, එහෙම නම් මේකේ උඩ triangle එකේ ගත්තහම, මේ වගේ ම එකක් දැන් උඩත් තියෙනවා. ඒක මොකක් ද? ස්පර්ශය. ඊළඟට අපෙන් එන පළවෙනි වෙනි පාරෙන් එන්නා වූ ග්‍රන්ථය. ඊළඟට තියන වේදනාව. මේක උඩ තමයි මේක සිද්ධ වෙන්නේ. මෙතන මේ triangle එකක් තියෙනවා. මේකේ, අර අත්තා ඉඳන් නිත්‍යයට යන්න මානයෙන් මේක ගහනවා වගේ, මෙන්න මේ ස්පර්ශයෙන් තමයි රූපය දැක්කහම, සුභයි කියලා ගහන්නෙ. මෙතන තව අත්තක් පේනවා. මේ ස්පර්ශයෙන් තමයි අතෙන්ට jack එක ගහනවා, රූපයේ ඉඳන් සඤ්ඤාවට යන්න, සුභයි කියන සඤ්ඤාව නේ, යන්න මෙතනින් jack එක ගහනවා. දැන් පේනවද මුළු picture එක ම? මෙතන මේ සඤ්ඤාවෙන් මේක ආවා. මේක ම තමයි ඉදංසච්චාභිනිවෙසයට, අර විභව තණ්හාවෙදි, පළවෙනි පාර නේ ද? මෙතනින් ඇති වෙන එක තමයි.

ඉතින් ඕක තමයි ඔය, සබ්බ ධම්ම කිං මූල සූත්‍රයේ පෙන්නන්නේ. මේ ස්පර්ශ මූලා, හැම එක ම ඇති වෙන්නේ ස්පර්ශ මූලා. වේදනාව හැම එකට ම common. ඔය දෙක තමයි තියෙන්නේ. එතකොට මේක කියනකොට මුළු picture එක ම හැදිලා ඉවරයි.

ඕක තමයි භාවනාව.