අද මගේ භාවනාව කළේ, අර මුලින් ම මම පටන් ගත්තා, අර ඊයේ එක්කෙනෙක් කියපු, අර, ඇට සැකිල්ලට මස් ටික වටේට ඔතලා ඒකත් එක්ක ම, ඒකට නමක් දීලා, කියන එක. එතකොට දැන් මේක මම බලනකොට, මේ රූපයත් එක්ක මේ කරන දේ, එතකොට මට තේරුණා, මේ රූපයට අපි නාමයන් කියන ඒවා දෙනව නේ. එතකොට එතෙන්දි මට තේරුණා එහෙම නම් ඉතින්, මේ “නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො” කියන ගාථාව අනුව තමයි මේක සිද්ධ වෙන්නේ.
එතකොට දැන් හොඳට ලස්සනට පේනවා ඊයේ භාවනාවත් එක්ක, මෙතන මේ රූපය තියෙනවා, ස්පර්ශය තියෙනවා, වේදනාව තියෙනවා. ස්පර්ශයෙන් නේ මෙතෙන්ට jack එක ගහන්නේ සුභයි කියලා කියන්න. ඊයේ භාවනාවෙදි ආවා, රූපය, සඤ්ඤාව, මෙතන සුභ සඤ්ඤාව, ස්පර්ශයෙන් තමයි මේ දේ ඇති වෙන්නේ කියලා. දැන් එතකොට, දැන් ඊළඟ කෙළවර අපි දන්නවා අර අලුවා කෑල්ලේ කතාව දන්නව නේ ඔයගොල්ලෝ. එතකොට අලුවා කෑල්ලේ මෙතන ස්පර්ශය, මේ පැත්ත නාමරූප. දැන් හොඳට ලස්සනට පේනවා, “නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො,” ඕක පේනවා, ඒක ගාථාව අච්චර දුර යන්න ඕන නැහැ, මෙතන ම තියෙනවා.
ඊළඟට පේනවා, “ඉච්ඡා නිදානානි පරිග්ගහානි.” එතකොට, ඉච්ඡා කිව්වහම මෙතන තියන කෑල්ල නේ. මේකට තමයි මේ තණ්හාව කියලා මෙතනින් මේ පැත්තට හරහා දාලා තියෙන්නේ, වේදනාව හරහා ඇති වෙන එක. එතකොට, “ඉච්ඡා නිදානානි පරිග්ගහානි, ඉච්ඡා සන්‌ත්‍යා න න මමත්ති මන්ති.” එතකොට පෙන්නනවා, මේ ඉච්ඡාව, මෙන්න මේ කෑල්ල නැත්නම් මෙතනින් යන්නේ චේතනාවට. මේක නැත්නම් මේක නැහැ. මේ කොටුව ම යි මේ විස්තර කරන්නේ බුදුහාමුදුරුවෝ, “න මමත්ති මන්තී, රූපෙ විභූතෙ න ඵුසන්ති ඵස්සා.” මෙන්න මේ කෑල්ල නැත්නම්, රූප කෑල්ල නැත්නම්, මෙතන මේ ස්පර්ශ කෑල්ල සිද්ධ වෙන්නේ නැහැ.
ඒ පාර දැන් මම ඒක ගැන දිගට යනවා. මේ රූපය සම්බන්ධයෙන් ඒ ජාති ජරා ව්‍යාධි මරණ, මේ ටික මේ විදිහට ඇති වෙනවා. මෙතෙන්දි රූපය ගත්තහම කල්පනා වෙනවා, මේකෙ තියෙනවා මේ, මේකෙ විභූතිය ඇති වෙන්න නම් ඉතින් අපි ධාතු වශයෙන් බලන්න ඕනේ. දැන් අර ඇට කැබැල්ලක්, ඇට කැබලි ටිකක් ඒක වටේට ඔතපු මස් කෑල්ලක්, හමක්, අසූචි ගොඩක් තමයි මේකෙ කතා කරන්නේ. එතකොට ඒ පැත්තෙන් විභූතිය, ඒක ඇති වෙනවා කියලා.
එතකොට ඊළඟට කල්පනා වෙනවා, මේකේ මේ, අර සීල සූත්‍රයේ විදිහට, මේක අපි තීරණ විභූතියක් ඇති වෙනවා මේක අනිච්චතො, දුක්ඛතො කියලා. එතකොට ඒක බැලුවහම නම් පේනවා ඉතින් ඔක්කෝම ටික, නාම කොටසේ ඇති වෙන්නා වූ කොටස, සම්පූර්ණයෙන් යනවා කියලා. එතකොට දැන් පේනවා එහෙනම් මේ ධාතු කොටස වශයෙන් බැලුවා. රූප කොටසට කිව්වා. ඊට පස්සේ, මේ නාම කොටසට මේ පැත්තෙන් අපි අගය දෙන එක නැවතෙනවා. ඒක විදිහට බලනකොට, අනත්ත සඤ්ඤාව, ඔක්කොම ඒ දේවල් තියෙනවා.
ඊළඟට පහාන විභූතිය කියනකොට, ඉතින් දැන් මේක ගැන හිතන, ඇති වෙන දේවල් නේ තියෙන්නේ. “උප්පන්නං කාම විතක්කං නාධිවාසෙති” කියන එක වටේට එනවා. එතකොට පාරවල් තුනයි. කාම කිව්වහම පල්ලෙහාට යනවා. ව්‍යාපාදය කිව්වා ම, ස්පර්ශය ඇති වෙලා ඒ පාරේ ගිහිල්ලා නේ ව්‍යාපාදය පැත්ත කතාව තියෙන්නේ, ඒක. ඊළඟට අර උඩින් සඤ්ඤාව සහිතව යන්න මෝහ කතාව සම්පප්‍රලාපය පැත්තට යන, ඒ ටික පේනවා.
එතකොට ඊළඟට එනවා, සමතික්කම විභූතිය කියන එක. සමතික්කම විභූතිය කියන එක ගත්තහම, ඉතින් බැලුවහම, ආකාසානඤ්චායතනය, මේක ඉක්මවනවා. එතකොට මේක ඉක්මවීම කියන එක ගත්තහම දැන් මට එනවා, සළායතන විභංග සූත්‍රයත් එක්ක, දැන් අර, වේදනාව කියන එකේ සමතික්කමයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කියන්නෙ ඉතින්, මේ විදිහටයි මේක නිසා මේක පහ කරව. එතකොට අපි දැන් ගන්නවා, ගෘහ ජීවිතයේ තියෙන්නා වූ වේදනාවට වඩා මේ ධ්‍යානයේ තියෙන්නා වූ වේදනාව හොඳයි. එතකොට මේක පහ කරනවා කියන එක. එතකොට එකින් එකට ගෙනිහිල්ලා තියෙනවා. ධ්‍යානයන්ගෙන් ධ්‍යානයන්ට ගිහිල්ලා ආකාසානඤ්චායතන ඒ විදිහට ගෙනිහිල්ලා තියෙනවා.
දැන් මට හොඳට පැහැදිලිව පේනවා, එහෙම නම් දැන් මේ කතා කරන්නේ, මෙතන ස්පර්ශයෙන් මෙතන පල්ලෙහා වේදනාව. මෙතන සඤ්ඤාව. දැන් මෙන්න මේ දෙක තියනව නේ. මේ දෙකට තියෙන්නා වූ කතාව තමයි මේ කියන්නේ. මොකද, සඤ්ඤාව පැත්තෙන් ගිහිල්ලා කියනවා, මෙතන පල්ලෙහා තියෙන හැම ධ්‍යානයකට ම තියෙන්නා වූ අගයන් තමයි මෙතන කියන්නේ. ඉහළ ම වූ දේවල්. එතකොට මේක ඉක්මව ඉක්මව යනවා. මේ pair එක දැන් ඉක්මවමින් ගමන් කරනවා.
ඉතින් දැන් මම කල්පනා කළා, එහෙම නම් ඉතින් මේ විදිහට කළායින් පස්සේ, මේකෙ මොකක්වත් නැහැ. මේ කියන්නෙ මේ පැත්තෙන් රූපයට අගයකුත් නැහැ. මෙතනින් නාම කොටසට අගයකුත් නැහැ. ඉතින් අර, අධිවචන සම්‌ඵස්‌සයක් නෑ නේ එතකොට රූපයේ කියලා, අර, මහා නිදාන සූත්‍රයේ තියෙන කොටසත් දැන් එනවා මනසට. ඉතින් මෙතෙන්දී ආවයින් පස්සේ, රහතන් වහන්සේ කිව්වා ඉතින්, “Excellent” කියලා, එතන මේක තියෙනවයි කියන එක.
ඒක කියන්න ඉස්සෙල්ලා මට තේරුණා, මේ විදිහට දැන් මම ගියා නම්, මම නිරෝධයට තමයි යන්නේ. දැන් මට කල්පනා වෙනවා කොහොම ද මං නිරෝධයට යන්නේ, දැන් මම වෙලාව කියන්න එපායැ මේගොල්ලොන්ට නවත්තන්න. ඒකයි කියන එක දැන් මට ඕක ඔළුවේ වැඩ කරනවා. ඉතින් මම කල්පනා කළා, ඉතින් ඒ වෙලාවේ රහතන් වහන්සේට පුළුවන් නේ මට මේවා කරන්න. මම කල්පනා කළා ඉතින්, මේ ලෝක නායකයෙක් නේ. එතකොට, මේ අපිට මේවා කියනවා විතරක් යැ, මේ මුළු ලෝකේ කොච්චර මිනිස්සු ඉතින් ඔය වගේ හිතනවා ඇද්ද කියලා, මම එහෙම කල්පනා කළා. ලෝකයේ මට වෙලාව කියන්න කියන එක, මම බලාගන්න ඕනෙ නේ කියන එක.
ඉතින් ඒක ඔය විදිහට ගියා. එතකොට ඉතින් ඒ කියන්නේ මුළු picture එක ම, අර අලුවා කෑලි ටික ඔක්කෝම දැන් ඉතින් ගැලවිලා යනවා කියන එක. මෙතනින් ගියායින් පස්සේ, මේකෙ මෙතනින් එහා පැත්තට අලුවා කෑලි ටික තියෙන්නේ නැහැ. ඔය ඔක්කොම ටික කැපුවා.
ඔන්න ඕක තමයි මං කරපු භාවනාව.