Date: 24/09/2013 Name: Musa to Loba and back

අද මම ඒ උත්තරීතර මණ්ඩලය සිහි කළා. ඒ සිහි කරලා එතනදි සහම්පති මහා බ්‍රහ්ම බුදුපියාණන් ගැන, ඉතින් මට උදේ ඉඳන් ම තිබුණා හරියට, ඒ බුදු පියාණන්ගේ කරුණාව මේ ලෝකයට, ඒක ගැන ඉතින් මම දන්නෙ නැහැ, මම ඒ නමටත් ආසයි, සහම්පති කියන එක. එහෙම තිබිලා, මෙනෙහි කරලා, ඉතින් ඒ බුදුපියවරු දාහතර නමෙන්, එක බුදු පියෙක් වුණත් කොයි තරම් වටිනවා ද? ඒ හැමෝගෙම ඒකත්වයක් තියෙනවා කියන එක මම කල්පනා කළා. ඒ කියන්නේ ඉතින් අරිහත්වයේ එක පැත්තෙන් ඒකත්වය, බුද්ධ ඥානවලින් ඒකත්වය තියෙන එක, ඔය විදිහට කල්පනා වුණා. කල්පනා වෙලා ඉතින් මම, පන්සිල් අරගෙන යනවා දිගට ම. මාව කොහෙවත් නැවැත්තුවේ නැහැ.

එහෙම, එහෙම, ගිහිල්ලා මට, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියනකොට, මුසාවාදය නිසා ලෝභය ඇති වෙනවා, ලෝභය නිසා මුසාවාදය කියන එක, මට කල්පනා වුණා. මම හිතුවා, මම මේක බලනවා කියලා. ලෝභය නිසා මුසාවාදය ඇති වෙන එක, කොහොම ද ඇති වෙන්නේ? ඉතින් ඒ වෙලාවේ රහතන් වහන්සේත් කිව්වා, “ආ එහෙනම් ඒක පටන් ගන්න” කියලා, එහෙම.

ඒ පාර මම බලනවා දැන්, කෙනෙකුට ලෝභය තියෙනවා නම්, අපි හිතමු, පෙලක් වෙලාවට මනුස්සයෙක් බොරු කියනවා, තමන්ගේ reputation එකට. ඉතින් අපි දන්නවා ඒක, ඉතින් අපි හිතමු, තමන්ගේ, දැන් දරුවෙකුට රස්සාවක් නැති වෙලා හරි, එහෙම හිතන්නකෝ. ඒ වෙලාවට, ඒක වහලා, සත්‍යයක් කියන්නේ නැතුව ඒ වගේ දේවල් මනුස්සයෝ කියනවා, reputation එක, පරම්පරාවෙ reputation එක, ඒක මේවා කරගන්න.

එතකොට දැන් මෙතන මේ ලෝභය කිව්වහම, එතන මේ දැන් මට පේනවා, මේ වේදනාව වටා තියෙන්නා වූ ඒ මච්ඡරි 5 උඩ තමයි, මේ ලෝභය කිව්වහම, ඕක අයිති වෙනවා. එතකොට මේ මච්ඡරිය, මේක නිසා මුසාව කරනවා, වර්ණ මච්ඡරිය නිසා.

ඊළඟට බැලුවා ඉතින්, ලාභය. ලාභමච්ඡරියට මනුස්සයෝ මේ බොරු කියනවා. රස්සාවල් කරනකොට, අරවායේ දී මේවායෙදි, තමන්ට පාඩු වෙනවා නම්, ඒක නිසා, client කෙනෙකුට එහෙම, ඒ ලාභය සඳහා, ඉතින් වෙළෙන්දෝ එහෙම හරියට කරන්නේ, බොරු කියනවා කියන එක. ඒක මුසාව සිද්ධ වෙනවා කියන එක.

ඊළඟට මම කල්පනා කරනවා, ඒ පුද්ගලයෝ family එක, ඒක නිසා කුලමච්ඡරියට, බොරු කියනවා. කුලමච්ඡරියට බොරු කියනවා කියන්නේ ඉතින්, අපේ කවුරු හරි වැරැද්දක් කරලා තියෙන්නත් පුළුවන් ඒ families වල ගත්තහම. දැන් අපි යම්කිසි, අපි හිතමු සිංහල කුලයේ කියලා. එහෙම නැත්නම් දෙමළ කුලයේ කියන්නකො. අන්න එහෙම, කල්පනා කළොත් පේනවා, මෙන්න මෙහෙම කුලයක අපේ කට්ටිය මෙහෙමයි කියලා, ඒ කරපු වැරදි එහෙම වහගෙන, කුලය උස්සලා එතන දී බොරු කීමක් කියන එක කරනවා. එතකොට නිතර ම මේ වැරැද්ද වහනවා, බොරුවක් කියනවා, කුලය සඳහා. ඊළඟට දැන් ඒ තුන හොඳයි.

ඊළඟට දැන් මම කල්පනා කරනවා, කොහොම ද කෙනෙක් ආවාසමච්ඡරියට, කියන එක, මම මෙනෙහි කරනවා. ආවාසමච්ඡරියට කොහොම ද කෙනෙක් මේවා කරන්නේ කියලා. එතකොට දැන් අපි දන්නව නේ දැන් ඕක, ඔය පාර නේ ඇවිල්ලා තියෙන්නේ අර, භවය කියන එක තියෙන්නේ. එතකොට මෙතන මේ භව කෑල්ල තියෙන හින්දා, මෙහෙම cross වෙලා තියෙන තැන භවය, එහෙම නම් අරක ගැන හිතන්න අමාරුයි, භවය ගැන හිතන්න පුළුවන්. තණ්හාවේ පැවතීම සඳහා අපි ඒ බොරු කියනවා. තණ්හාව පැවතීම සඳහා බොරු කියනවා කියන එක ගත්තහම, දැන් පේනවා, ඕක ටිකක් අමාරුයි. දැන් පේනවා මම දැන් ටිකක් හිතනකොට, එතන මම රහතන් වහන්සේගෙනුත් උදව්වකුත් ඉල්ලුවා.

එතකොට රහතන් වහන්සේ මට, මේක අර ජාතිය තියන පැත්තට ඇද කරලා පෙන්නුවා, ළං කරලා, ඒ කෙළවරට. ඒ කෙළවරට ළං කරලා පෙන්නුවහම මට පේනවා, ආ, කබලිංකාර ආහාරය කියන එකට මම, වැඩි අගයක් දෙනවා. මනුස්ස ලෝකේ ඉපදෙන්න ඕන හින්දා. මනුස්ස ලෝකේ ඉපදෙන්න තිබෙන්නා වූ දේ නිසා, කබලිංකාර ආහාරයට වැඩි අගයක් දීලා බොරුවක් කියනවා. දැන් ඔය chef program එක තියෙන්නේ, කෑම උයන. ඔය මේ ලෝකේ ඉපදෙන්න ඕන කමට නේ, ඒක වර්ණනා කරන්නේ. එතකොට මට තේරුණා, ආ, මේ එක එක ලෝකවල, දිව්‍ය ලෝකයේ ඉපදීම සඳහා ඒ ලෝකේ වර්ණනා කරමින් ඒක කරනවා. එතකොට මෙයා මේ වර්ණනා කරන්නේ නිර්වාණයෙන් පිටත වූ දෙයක් ම යි.

දැන් මට එනවා එහෙම නම් මේ, සත්‍ය කියන එක, චතුරාර්ය සත්‍ය, ඒ කියන්නේ, නිර්වාණයෙන් තොර වූ දෙයක් කෙනෙක් වර්ණනා කරනවා නම් මේක මෙහෙමයි කියලා, ඉතින් මේක ම තමයි බොරුව වෙන්නේ.

දැන් හොඳට පේනවා මේ දුක්ඛ සත්‍යය aryan truth කියන එක. ඒකෙන් තොර වූ දෙයක් ම තමයි ගන්නේ. එතකොට රූපය වෙන්න පුළුවන්. වේදනාව පැත්තෙන් එහෙම ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය බ්‍රහ්ම ලෝකවල ඉපදීම සම්බන්ධයෙන්, ඒකට යන්න ඕනකමට මෙතන මේක කරනවා කියන එක. දැන් තේරෙනවද? රූප වේදනා සඤ්ඤා සංස්කාර ඒවා ඔක්කෝම, ඒ ඒ ලෝකවල ඉපදීම සඳහා නිර්වාණයෙන් තොර වූ දෙයක් මෙතන වර්ණනා කෙරෙනවා. මේක ම තමයි, මේ ධම්මමච්ඡරියෙත් තියෙන්නේ.

මේ පැත්තෙන් මෙහෙම එනකොට, මෙතන, තණ්හාව පැවතීම කියනවා. ඔතන තණ්හාව හැදෙන එක, වේදනාවට අගය දෙමින් කරන එක. දෙපැත්තට යනවා. ධම්මමච්ඡරියේ තියෙන්නෙත් ඒ කතාව. එතකොට මෙන්න මේක මෙහෙම හොඳයි. මෙතන සඤ්ඤාව, අර ලෝකේ ඉපදෙන්න, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයේ ඉපදෙන්න, මේක හොඳයි කියලා ධම්මමච්ඡරිය පැත්තෙන් එතන අල්ලනවා. එතකොට එහෙම නම්, මේ ආවාසමච්ඡරියත් එක්ක ඔක්කෝම තියෙන්නේ අර කතාව තමයි.

එතකොට දැන් මේක බොහෝ ම හොඳට, පුදුමයි. දැන් ඔතන කෙළීන් ම චතුරාර්ය සත්‍ය. එතකොට විමුක්තීන් අරවා, මේවා ඔක්කෝම එනවා, දැන් මේ විදිහට ගන්නකොට. එතකොට අපි මෙච්චර කාලයක්, මේ මුසාවාදය කියලා කියන්නේ ආර්ය මුසාව කියන එක, රහතන් වහන්සේලා මුසාව වශයෙන් මෙතන පෙන්නන්නේ, නිවනෙන් තොර වූ දෙයක් වර්ණනා කරනවා නම්, කතා කරනවා නම්, ඒක මුසාව. නිර්වාණයෙන් තොර වූ දෙයක්. මොකද, දැන් සත්‍ය දන්නා වූ තථාගතයන් වහන්සේ දන්නවා, නිවන තමයි සත්‍ය වූ දේ. අනෙක් දේවල් ඔක්කෝම, මුසා මොස ධම්ම. තේරුණා ද? අමොස ධර්මයකට තියෙන්නේ නිර්වාණය විතරයි.

එතකොට, සාමාන්‍ය මනුස්සයා, දැන් මේ රටවල්වල මිනිස්සු එහෙම ඉතින් මේ program එකක් දාගෙන, මෙන්න මේ ආහාරය ගැන, chef කෙනෙක් දාගෙන, මේක හරි ලොකු වැඩක් වාගේ, ඒවා වර්ණනා කරනවා. එතකොට දැන්, නිවන දන්නා වූ තථාගතයන් වහන්සේට පේනවා, මේක මේ බොරුවක්.

මේ අර්ථයෙන් ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනය හෝ වර්ණනා කරනවා නම් ඒක බොරුවක්, නිවන තියෙද්දි, කියන එක බොහෝ ම ලස්සනට ආවා. එතකොට මේ, ලෝභය නිසා මුසාව ඇති වෙන එක කල්පනා කරන්න ගත්තහම, මෙච්චර දුරට ඒක පේනවා. ඉතින් මේක රහතන් වහන්සේ කිව්වා, “Excellent” කියලා. ඉතින් මේ පොඩි දෙයක්, මේක මෙහෙම දෙයක්, මෙතනින් පටන් අරගෙන, එකක්, පොඩි එකක් නේ, එක ධර්ම කොටසක් නේ. එක කොටසක් අරගෙන, එච්චර දුරකට ඒක ගියා කියන එක, ඉතින් රහතන් වහන්සේ අගය කරා. ඒක එහෙමයි කියන එක. ඒක තමයි භාවනාව.

ඕකේ තව කෑල්ලක් තියෙනවා. ඒ කෑල්ල මොකක් ද? ඒ රහතන් වහන්සේ ඔහොම වර්ණනා කරලා එහෙම කිව්වට පස්සේ, දැන් “උපාරම්භ චිත්තය බලන්න” ය කියලා කිව්වා. උපාරම්භ චිත්තය, අර 5-1, 5-2 එතන නේ තියෙන්නේ. දෝෂාරෝපණ සිත නේ. මේක මොකක් ද මේකේ සම්බන්ධතාවය කියලා. මේක මම කල්පනා කරනකොට, මට පේනවා, දැන් මේ, මුසාව කරපු මනුස්සයාට දෝෂාරෝපණය කියන එක තියෙනවා. ඇයි, නිවනින් තොර වූ දෙයක් ඔයා ගත්තා නම්, ඔයාට දෝෂාරෝපණය කියන එක තියෙනවා, සිද්ධ වෙනවා.

එතකොට දෝෂාරෝපණ චිත්තයත් එක්ක මම ගත්තහම මට එනවා, මෙතනින් කාමච්ඡන්දය, උපාරම්භ චිත්තය, කෙළීන් ම එන්නේ කොතෙන්ට ද? 6-2 නෙ. දුස්සීලභාවය තියෙන්නේ, එතෙන්ටයි එන්නේ. දැන් දුස්සීලභාවය, මේ පැත්තට සක්ක ගගහා මේක කරනවා. Jack එක ගහන්නේ, දැන් ඉතින් ඔය jack එක, ස්පර්ශයේ ඉඳන් දිගට ම jack එක නේ. ස්පර්ශයෙන් එතන දැන් ඔයා කිව්වේ අරක, මේක සුභයි කියලා අරගන්නවා. එතනින් jack එක තියෙනවා.

ඊළඟට ගත්තහම, වේදනාව පැත්තෙන් ඒක අල්ලගෙන ඉඳලා ඒ කුලය නේ එතන. ඒ කතාව අල්ලගෙන එතනින් ගහනවා මේක සුඛයි කියලා, එතනින් ගහනවා. එතකොට ඊළඟට, අත්තා ඉඳන් නිත්‍යයට ගහන්න, අරක, සාඨෙය්‍ය වශයෙන්, ඒක ගන්නවා. එතකොට, මේ කතාව, මේ පොල්ල පවත්වනවා. ඒක ම කියනවා, දැන් මේක ම තමයි සත්‍ය. ඉදංසච්චාභිනිවෙසකායගන්ථය. දැන් මම, ඒකට ගැට ගැහෙනවා. ඒක ලස්සනට ආවා, මේක මෙහෙමයි.

එතකොට ඕකෙ අතරේ දැන් මට, අර මුසාව ගැන කතා කරනකොට, හිතපු වෙලාවෙදි ආවා, මුසාවෙන්, දැන් මේ පරුෂා වාචය. පරුෂා වාචය, පිසුණා වාචය, සම්පප්‍රලාපය මේවා ඔක්කොමත් ඇති වෙනව නේ. ඉතින් අර සම්මා වාචා diagram එක කොච්චර අගනේ ද? මේක කොච්චර ලස්සනට මේකේ පැහැදිලි වෙනවා ද කියලා, මේක නිසා මේක ඇති වෙනවා කියන එක, ඒකත් කල්පනා වුණා.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_AnenjaDiagrams/S_AnenjaDiagrams-04.jpg


S_Sammavaca_digram.jpg