Date: 29/09/2013 Name: පංච බල සිට පංච ඉන්ද්‍රිය

ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරමි. නමස්කාරය වේවා.

ඒ බුදුපියවරු සිහි කළා, ඒ, මණ්ඩලාධිපති බුදු පියාගේ ඉඳන්, ඒ ශ්‍රේෂ්ඨත්වය අනුව, සිහි කරගෙන ආවා, සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා. එහෙම සිහි කරගෙන ඇවිල්ලා, පන්සිල් අරගෙන යනකොට, මේ පංචබලයන් පංචඉන්ද්‍රියන් බවට පත් කරමියි කියනකොට “එතනින් පටන් ගන්න” කිව්වා.

ඒ පාර මම කල්පනා කරනවා, මේ ශ්‍රද්ධාව, බලයක් වෙනවා, ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් වෙනවා. එතකොට බලයක් වෙනවා කිව්වහම, ඒක හයියක් තියෙනවා කියන එක නේ, කියන අර්ථය කල්පනා කළා. ඒ හයියක් තියෙනවා කියන එක ගත්තහම ඉතින්, මොකක් හරි එකක් දකිනකොට ම, කෙනෙකුට තියෙනවා නම් ශ්‍රද්ධාවක්, ඒ දේවල් නොවෙන්න, එහෙනම් හයියක් තියෙනවා. රූපයක් මොකක් හරි එකක් මගේ කියලා නොගන්න, එකපාරට ඇති වෙනවා නම්, හයියක් තියෙනවා කියන එක බැලුවා.

එතකොට මේ විදිහට දැන්, මේක ශ්‍රද්ධාව කියන්නේ මොකක් ද කියන එක බැලුවා. ඒ පාර මේ තථාගතයන් වහන්සේ ගැන ශ්‍රද්ධාව තියෙනවයි කියන එක එතන, “ඉතිපිසෝ භගවා අරහං” ඒ ගාථාවත් එක්ක එන්නේ.

ඉන්නකොට දැන් එතනින් ගත්තා මම, මේ පහළොස් චරණ ධර්ම. ඒ කියන්නේ මුලින් ගත්තා, විජ්ජා කියන එක. Knowledge and conduct නේ. විජ්ජා කියන එක බලලා, ඉතින් ඒකේ, අර කාරණා ටික සිහි කළා. බුදුහාමුදුරුවන්ට මෙහෙම පුළුවන් ය කියන එක, ආශ්‍රවය නසනවා කියන එක. ඒක කලින් ඒ භාවනාව කරලා තියෙනවා නේ, ආශ්‍රවය නසනවා කියන එක. “ආසවක්ඛය ඥානය” කියන එක, කොහොම ද එන්නේ, කියන එක.

ඒ කියන්නේ, තණ්හාව නිසා මේක ඇති වෙනවා, තණ්හාව නැති වෙනකොට නැති වෙනවා කියලා, ඒක දැනගත්ත පුද්ගලයාට එතන, සම්මා දිට්ඨිය කියන එක ඇති වෙනවා ඉහළට ම. තණ්හාව නැති වුණෝතින් මේ කතාව ඔක්කෝම ඉවරයි. ඒ කියන්නේ, තණ්හාව නිසා තමයි, මේ අර අවිද්‍යාවෙන් එන කාර්යය සිද්ධ වෙන්නේ. මම විඤ්ඤාණය කොතනක හරි පිහිටන්න ඉඩ දුන්න ද? ඒ විඤ්ඤාණය පිහිටන්න ඉඩ දුන්නා කියන එක, සංස්කාර හැදුවොත් ඕක වෙනව නේ. එතකොට මම එහෙනම්, කොයි ම වෙලාවකවත්, පටිච්චසමුප්පාදය කියන එක පිහිටන්න ඉඩ නොදෙන්න ඕනේ. පටිච්චසමුප්පන්නය නොවෙන්න නම්, ඒ කියන්නේ තණ්හාව නිසයි මේ පටිච්චසමුප්පන්නය වෙන්නේ. පටිච්චසමුප්පන්නය වෙන්න දෙන්නේ නෑයි කියන, ඒ භාවනාවේ අගය සහිතව මේක ගියේ.

ගිහිල්ලා ඊට පස්සේ දැන් මෙතන, පහළොස් චරණ ධර්ම මෙනෙහි කරනකොට, දැන් මම බලනවා, එතෙන්දි, මුලින් ම ගත්තහම, මේ, සීලය තියෙන්න ඕනි. සීලය තියෙන්න ඕනෙයි කියන එක කල්පනා කළහම, එතකොට දැන් මට පේනවා මේ, සංස්කාර වශයෙන්, අර අත්තා ඉඳන් නිත්‍යට යන්න jack එක ගහන්නේ නැහැ.

ඊළඟට දෙවෙනි කාරණයට, ඉන්ද්‍රිය සංවරය කියන එක තියෙනවා නම් මෙතන මේ සුඛභාගීය ධර්මය. ඒක නිසා මේ පැත්තෙන්, මේ සුභයි කියලා ගන්නා වූ ඒ jack එක ගහන්න, මේකක් වෙන්නේ නැහැ. එතකොට මේ දෙක කැඩුණා. දැන් එහෙනම් මේ, මැද්දේ කෑල්ල තමයි තියෙන්නේ.

එතකොට ඉතින් තුන් වෙනි පාරෙදි, moderate in eating කියන එක කිව්වා ම, මේක මේ beautification එකට නෙවෙයි නේ කන්නේ. ඒ කියන්නේ, මේ වේදනාවක්, මේ ආහාරය ගන්නකොට, ආහාරයට, වේදනාවක් ඒකෙන් මම විඳිනවා, කියන අර්ථයට නෙවෙයි, මේ ශරීරය පවත්වන්න විතරයි. එතකොට දැන්, අන්න අර, නාමරූපවලින් යන්නා වූ, ඒ jack එක ගහන්නෙත් නැහැයි කියන එක ආවා.

ඊළඟට ගත්තහම, හතර වෙනි කාරණයට කියනවා මේ, තමන් check කරනවා කියලා තමන්ගේ අර, ජාගරියං, කියලා කියන්නේ. මෙතන check කරනවා කිව්වහම, මේ පංචනීවරණයන්ගෙන් check කරනවා කිව්වහම, ඒක මට හොඳට අද තේරුණා. මෙතන ඇත්තෙන් ම කියනවා නම්, මේ චිත්තානුපස්සනාවේ කොටස තමයි මෙතෙන දී එන්නේ. චිත්තානුපස්සනාවේ දී දැන්, “සරාගං වා චිත්තං, සරාගං චිත්තන්ති පජානාති.” කියන එක නේ. රාගය සහිත සිත මේකයි කියන එක. ද්වේෂය සහිත සිත මේකයි කියන එක. එතකොට එතනින් තමයි ඔය jack එක වැදෙන්නේ. ඒ තුන් වෙනි පාරේ, ඒ කොටසෙදි තමයි, ඔය අත්තා කියලා අරගන්නා වූ, ඒ jack එක ඇති වෙන්නේ. මොකද අර රැල්ල උඩ ඉන්න මනුස්සයාට, එයාට හිතෙනවා, මම රැල්ල උඩ ඉන්නවා, කියලා. දැන්, රාග සහිතව එයා ඉන්නකොට, එක රැල්ලක්. ද්වේෂ සහිතව ඉන්නකොට, තව රැල්ලක්. මෝහ සහිතව ඉන්නකොට, තව රැල්ලක්.

ඉතින් ඕකේ සම්බන්ධතාවය, මම ඔය භාවනාව කරලා තියෙනවා කලින්. ඔය වට දහයක් ගහනකොට, ඔය රාගය ද්වේෂය මෝහය ඇති වෙන හැටි. වට දෙකක් ගැහුවා, මෝහ සහිතව එකයි. හතරක්, roller coaster එකේ යනවා නේ කාමච්ඡන්දය සහිතව. එතන හතරක් යනකොට, ඔන්න රාග සහිත සිත. ඊළඟට තව හතරක් ගහනකොට, ද්වේෂ සහිත සිත සහිතව, එතන, චිත්තානුපස්සනාව මම කරලා තියෙනවා. එතකොට, මේ අපි කාමච්ඡන්ද ව්‍යාපාද ථීනමිද්ධ කියලා අපි කල්පනා කරන ඒ කොටසේ, අර්ථය තියෙන්නේ, මෙන්න මේ අර්ථයෙන්. අරක කැරකීමෙන්, මේක වෙනවා කියන එක. එතකොට දැන් මට පේනවා, එහෙනම් දැන් මෙතන, මේ පළවෙනි එකේදිම, බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ, මේ කෑල්ලත් එපා. මේ කෑල්ලත් එපා. මැද්දේ කෑල්ලත් එපා. මේ bar එක උඩ bar එක හදන්නෙ නැහැ කියන එක.

දැන් ඊළඟට ආපහු එනවා, බුදුහාමුදුරුවෝ ගැන, මේ ශ්‍රද්ධාව තියෙනවා කියලා. ශ්‍රද්ධාව තියෙනකොට දැන් එහෙනම්, මේක තියා ගන්නෙ නැතෙයි කියන එකට, දැන් හොඳට ම මේ ශ්‍රද්ධාව තියෙනවා, අර ආශ්‍රවයන් නසන කතාවට එනකල් ම, ඒක පවතිනවා.

ඊළඟට ඉතින්, මේක නොවෙන්න. ඊළඟට හිරිය කියන එක තියෙනවා නේ. අර අතෙන්ට ආවා නම්, මම බය වෙනවා කියන එක, හිරි, ඕතප්පය. මේ පැත්ත මම ලැජ්ජා වෙනවා, මෙතෙන්ට වෙනකන් ඇවිල්ලා තියෙනවා නම්, මේ පැත්තේ අර විරියත් එක්ක ආපු තුන, එතන, ඒකත් එක්ක ආවා.

ඊළඟට දැන් එනවා, ඊළඟට තියෙන්න ඕන මේ පුද්ගලයාට, බහුශ්‍රැතභාවය. බහුශ්‍රැතභාවය තියෙන්න ඕන. මොකද, අර අපි, පස්සේ දැනගත්ත ධර්මය තියෙන්නේ. මෙතන මේ, මගේ පෙර කර්මය නිසා ම, මේක වෙලා, මෙතන මෙහෙම පල්ලෙහායින් ඇවිල්ලා, උඩට මේක ගහනවා. මම දැන් පරිස්සම් වුණත්, බහුශ්‍රැතභාවයෙන් අර ධර්මයන් අහලා දැනගෙන මම දන්නවා, මේක තියෙනවා නම්, මේ ආශ්‍රවය තියනතාක් කල්, මට මේ දේ සිද්ධ වෙනවා. එතකොට මෙතැන ඒ යටින් මේක සිද්ධ වෙනවා කියන එක, ඒ බහුශ්‍රැතභාවය නිසා එනවා.

දැන් ඊළඟට තියෙන්නේ මොකක් ද? ආරද්ධ විරිය කියන එක. එතකොට, අර මුලින් රූපය ස්පර්ශ නොවෙන්න විරිය. ඊළඟට කියනවා තථාගතයන් වහන්සේ, මේ පුද්ගලයාට සතිය තියෙන්න ඕනේ. දැන් එනවා ඉතින්, මේ සතිය තියෙනවා නම්, අර කිව්වේ, move වෙන්නේ නැහැ, කියලා. අර, අනවශ්‍රැතය කියලා කිව්වේ.

එතකොට, උන් වහන්සේගේ සම්පජානකාරීත්වය නෙවෙයි, ඊළඟට තියෙන්නේ ප්‍රඥාව. එතකොට, ප්‍රඥාව තියෙනවා නම් ආපහු එයා මේ පල්ලෙහා කෑල්ල එන්න දෙන්නේ නැහැ. සම්පජානකාරීත්වයෙන් කරන දේ මෙතන. දැන් එතකොට මට පේනවා, ෂා, මේ විදිහට බලනකොට, මේ පංචබලයන් කියන ඒවා නේ, ඔය හිරි, ඕතප්පය කියන්නේ. ඒක කැරකිලා එනකොට මෙතනින්, මේක හැදිලා. හැදීගෙන එනවා. උඩ කෑල්ල එන්න දෙන්නේ නැතෙයි කියන එක. පංචඉන්ද්‍රියන් බවට මේක පත්වෙනවා, ඒක හරහා යනකොට ම.

එතකොට ඊළඟට දැන් මට පේනවා, දැන් මෙතන ඉතුරු වෙලා තියෙන්නේ, දැන් ඉතුරු හතර නේ. ඒ ප්‍රථමධ්‍යාන, දුතියධ්‍යාන. එතකොට වේදනාවෙන් වේදනාවට, වේදනාවෙන් ගිහිල්ලා ඉතින්, එතනදි තේරුම් ගන්නවා මේකෙ එකක්වත් ඇති වැඩක් ඇත්තේ නැහැ. ඡන්ද චිත්ත විරිය විමංසා ඉද්ධිපාදයන් සහිතව එනවා. දැන් මට පේනවා එතකොට දැන් මෙන්න මෙහෙම, පල්ලෙහා සමාධිය සහිතව, මේ උඩ තියෙන එක, මේක වෙන්න දෙන්නේ නැතුව, උඩ තියෙන්නේ මෙතන අර, සුභයේ ඉඳන්, දකුණු කෙළවරට එනවා, නිත්‍ය කියන කතාව. මේ දක්වා තියෙන්නා වූ, මේක නිකම් pyramid එක වාගේ. අර අපේ තියෙන pyramid එක, දැන් අනෙක් පැත්තට හරවලා. අනෙක් පැත්තට හරවලා, මේ සමාධියෙන් යුතුව, මේක කිසිම එකක්වත් එන්න දෙන්නේ නැතෙයි කියන එක. එතකොට දැන්, මේක බොහොම හොඳට, මේ දැන් මම කියනවා, ඉතින් මේක තමයි මේ ශ්‍රද්ධාව. මේක තමයි මේ ශ්‍රද්ධාවේ බලය. මේ විදිහට ඉන්නකොට, ඉතින් මේක ශ්‍රද්ධාවේ ඉන්ද්‍රිය. බලයයි, ඉන්ද්‍රියයි දැන් දෙක ම මේක ඇතුළෙදිම මේක වෙලා. චරණ ධර්මයන් සිහි කරනකොට ම, මේක සිද්ධ වෙලා ඉන්නේ.

එතකොට අර, විමුක්ති කොටස කියන එක ගත්තහම ඉතින්, තථාගතයන් වහන්සේ මෙතෙන්ට තමයි, මේ අපිව යවන්නේ අන්තිමට. අර, “අනුත්තරො පුරිසදම්ම සාරථි” කියනකොට, මෙතෙන්ට තමයි මේක යවන්නේ. එතකොට මෙන්න මේ, ඒක තියෙනවා නම්, අර සනංකුමාර ඒකත් මතක් වුණා. ඉතින් මේකේ perfect වෙලා ඉන්නවා නම් ඉතින්, ඊට වඩා දෙයක් ඇත්තේ නැහැ කියන එක. ඒක තමයි, මේ best එක කියන එක. එතෙන්දි, මනස හෙල්ලෙන්නැතුව, ඔය විදිහට ඉන්න පුළුවන්කම තියෙනවා. විජ්ජා චරණ ධර්මය කියන එක, ඒ මෙනෙහි කිරීමෙන්. එතකොට බලයන්, ඉන්ද්‍රියන් බවටත්, ඒකෙ ඇතුළෙදිම පත්වෙලා ඉවරයි, ඒක කැරකිලා එනකොට.