ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරමි. නමස්කාරය වේවා.
මම භාවනාව කරගෙන ගියා. බුදුපියවරු සිහි කරාට පස්සේ, සප්ත බොජ්ඣඞ්ගය වඩමියි කියන තැන, මෙතැන දී, “පටන් ගන්න යැයි ද නොකියමි, නොකරන්න යැයි ද නොකියමි.” කියලා කිව්වා. එහෙම කිව්වහම, මම සාමාන්‍යයෙන් තව ඉස්සරහට යනවා.
එතකොට, මම ගියා පාණාතිපාතයට. පාණාතිපාතය නිසා ද්වේෂය කියන එක. එතකොට ඒ භාවනාව කළා නේ කලින්. ආපහු මේක මතක් කරගත්තා. මේක මතක් කරනකොට දැන්, දන්නව නේ දැන්, පාණාතිපාතය තියෙනවා. මේ පැත්තෙන් පලාසය තියෙනවා. මේ පැත්තේ එනකොට, ද්වේෂය තියෙනවා. ඔක්කොම එකට align වෙලා නේ එන්නේ.
එතකොට දැන් මෙතෙන්දි මම බලනවා, මේ පාණාතිපාතය කියන එක සිද්ධ වෙනකොට, අර කෙටියෙන් ම කියනවා නම් අර, සළායතන විභංගයේ, අර ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට, පළවෙනි පාරට, අර රූපය දකිනකොට ම ඇදිලා ගිහිල්ලා. මරණවා කියන කතාව කියනකොට ම, මෙතන මේ පැත්තට ගිහිල්ලා තියෙන්නේ. එතකොට, ඒකෙන් පල්ලෙහාට ආවා. ඒ කියන්නේ, දැන් ඉදංසච්චාභිනිවෙසය ඊළඟට වැඩ කරනකොට, ඉදංසච්චාභිනිවෙසයෙන් එනවා, භයෙන් අගතියට යන එක තියෙනවා නේ. ඒක හරහා ඊළඟට යනවා වේදනාවට. වේදනාවෙන් අර belt 2 වාගේ ලොකුවට කැරකෙන්නේ, දෙවෙනි පාර, path 2 එක. ඕකෙන් වැඩ කරලා එනවා කියන එක.
එතකොට දැන් මෙතෙන්දි මට එනවා, මේ පාණාතිපාතය කියන එක ගත්තහම, මේ වෙලාවෙදි, මේ මනුස්සයා ගත්තේ, නිවනින් පිටත වූ දෙයක් ම තමයි, මේ මගේ කියලා ගත්තේ. එතකොට, නිවනෙන් පිටත වූ දෙයක් ම මෙයා ගත්තයි කියලා කියන්නේ, ඉතින් අනිවාර්යයෙන් ම මෙයාට මේ, මරණය හෝ මරණය හා සමාන දුකක් ම තමයි ඇති වෙන්නේ, කියන එක ආවා. එතකොට, දැන් මට තේරෙනවා, මේ උපෙක්ඛාවේ අප්‍රමාණය, තථාගතයන් වහන්සේ එතෙන්දි කිව්ව නේ, මේක දැනගෙන තමන් ඒක සඤ්ඤා, ඒක සඤ්ඤා උපෙක්ඛාව, මේ විදිහට යන්නෙයි කියලා. සළායතන විභංගයේ කිව්ව නේ මෙතනත් මදි, මේ නිවන ම ගන්න ඕන.
එතකොට දැන් මට පේනවා, මේ පෝතලිය සූත්‍රයේ මේ කෑල්ල, කියලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ, මරණය ම, මරණය හා සමාන, අපි ගන්නෙ අර example එක නේ. මෙයා ගහට නැග්ගා නම්, ගහෙන් වැටිලා මැරෙනවා කියන එකයි ගන්නේ. මේක, මරණය හා මරණය සමාන දුකක් කියලා කියන්නේ, මේ නිවනින් තොර වූ දෙයක් ගත්තා නම්, මරණය හෝ මරණය හා සමාන දුකක් ම තමයි මේ මනුස්සයාට තියෙන්නේ. දැන් මේ කෑල්ල හොඳට දැන් වැටහෙනවා. අර බොජ්ඣඞ්ගය වඩන්නයි කියලා රහතන් වහන්සේ, “ඒක ද නොකියමි ඒක කරමි” කියලා කිව්වෙත් උපෙක්ඛා අප්‍රමාණයට යන්න, ඔයා නිවන ගන්න එපා. මේ දෙක දැන් එකට එක්කහු වෙලා එනවා.
එතකොට මම ඒ විදිහට ම බැලුවා, අදත්තාදානය. අදත්තාදානය, ඉතින්, උඩ, ලෝභය හින්ද නේ. එතකොට, ලෝභය හින්දා අදත්තාදානය මේක ඇති වෙනවා. මෙයා මේක ගන්නවා. එතකොට දැන් මෙතෙන්දි, දැන් මේ මනුස්සයා මේ විදිහට ජීවත් වෙලා ඉන්නවයි කියන එක තියෙනවා. ඉතින් මෙතෙන්දි, මට පේනවා, මේ ගොඩක් වෙලාවට මේකෙ තියෙන්නේ මේ, my making කියන එක. මගේ කරගැනීම නේ. මගේ කරගන්නවා කියන එක. එතකොට මෙයා කෙළින් ම, මේ මක්ඛය කියන එක, මෙයාට මෙතන තියෙනවා. මක්ඛයත් එක්ක අර ගත්තහම, මක්ඛය කියන එක තියෙනවා. අර විදිහට අර belt එකේ කැරකැවීම කියන එක තියෙනවා.
එතකොට, දැන් මෙතෙන්දි, මේ කාරණා දෙක එනකොට ඉතින්. මට කල්පනා වෙනවා, මෙතැන දීත් මේ මනුස්සයා මේ නිර්වාණයෙන් තොර වූ දෙයක් තමයි අරන් තියෙන්නේ. මරණය හෝ මරණය හා සමාන දුකක් මේ පුද්ගලයාට ඇති වෙනවා, කියන එක එනවා. එතකොට අර ඒක නේ අර, ඒක සඤ්ඤා උපෙක්ඛාවට යන්නෙයි කියලා කියන්නේ, මේවා ගන්නේ නැතුව. නිවන ම තමයි ගන්න තියෙන්නේ.
ඊට පස්සේ, දැන් මං කල්පනා කරනවා, මේ දෙක අතර ඉතින් වෙනස තියෙනවා. මේ පාණාතිපාතයයි, අදත්තාදානයයි අතර තියෙන වෙනස තමයි, පළවෙනි එකේදි, අදත්තාදානයේ දී මක්ඛය. දෙවෙනි එකේදි, පලාසය. අර මක්ඛයේ දී ගත්තහම, මමංකාරය කියන එක උඩ, අදත්තාදානය, ඒ කතාව තියෙනවා. යට, මූව මරලා හරි මම මේක ගන්නවා, කියන එක නේ, පාණාතිපාතයේ තියෙන්නේ. ඒක නේ මනුස්සයා කියන්නේ. මම මේ ගන්න ඕන දේ, මරලා හරි ගන්නවා. එතකොට, මේ නිර්වාණයෙන් පිටත වූ දෙයක්, අරකා මරලා හරි, නිවනින් පිටත වූ දෙයක් මං මේක ගන්නවා. ඉතින් මටත් තියෙන්නේ, මරණය හෝ මරණය හා සමාන දුකක් තමයි මට ඇති වෙන්නේ. ඔන්න ඔය අර්ථය ආවේ. ඉතින් අර කලින් එකේ මමංකාරය. පල්ලෙහාට එනකොට අහංකාරය කියන එක තියෙනවා. මක්ඛයේ, පලාසයේ වෙනස කියන එක තියෙනවා.
එතකොට ඉතින්, මම ඒක මෙනෙහි කළා. ඉතින්, රහතන් වහන්සේ, “බොහොම හොඳයි” කියලා කිව්වා මේකෙ මේ වෙනස. තව ඉතින් භාවනා කොටසක් ගියා. ඉතින් ඒක මේකට යන්න ඕනෙ නෑ.
ඉතින් ඒක තමයි භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්