ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරනවා. ඒ බුදුපියවරු ඉතින් දාහතර නම ම වැඩිය නේ. ඉතින් ඒ පාර මාව කොහෙවත් නැවැත්තුවේ නැහැ. මම දිගින් දිගට ම ගියා. ගිහිල්ලා අරි අට මඟ හරහා යනවා කියලා ගියා. අරි අට මඟ හරහා ගිහිල්ලා යනවා කියලා ගියා ම ඒ ජාති ජරා ව්‍යාධි මරණ. ඒ මරණය හැටියට මම ගත්තේ චිත්ත සංස්කාරවල මිය යෑම කියන එක. අර ඒ චිත්ත සංස්කාරයන් මිය යනවා කියන එක කල්පනා කළේ මේකයි.
දැන් මේ දාහතර නමක් වැඩියාට මාව කොහෙන්වත් නැවැත්තුවේ නෑ නේ. මෙතනින් පටන් ගන්නෙයි කියලා කිව්වේ නෑ නේ. එතකොට අර වෙනදා එහෙම කියන්නා වූ සංස්කාරයක් තියනවද චිත්ත සංස්කාරයක් ඒක නැති වෙනවයි කියන එක, එතන මරණයක් තියෙනවයි කියන එක. මේ වගේ චිත්ත සංස්කාරයන් මැරෙනවා කියන එක. එතකොට මේ වගේ චිත්ත සංස්කාරයන් මැරෙනවා කියන එක.
එතකොට දැන් මෙතන මේ සැකයන් තියෙනවා. ඒ මරණයක් එහෙම තියෙනකොට එතන මේ සැකයක් කියන එක තියෙනවා. මට තේරෙනවා මගේ මේ මොනවා හරි, අපි හිතමු මේ අකුසල කර්මයන් නිසා මෙහෙම, ඒ වගේ තමන්ට ඒ පුද්ගලයන්ට තියෙනවා. එතකොට මේක අර හරි වචනය දැම්ම ම කියන්න හොඳ නැහැ. ඒ අදහස මට හොඳ ලස්සනට එනවා. එතකොට මේකත් එක්ක මම දැන් බලනවා. දැන් මේ සංස්කාර, දැන් එතකොට එහෙම නම් මේ සැකය කියන එකක් ඇති වුණා නම්, එතකොට දැන් මරණය තියෙන මනුස්සයාට සංස්කාර බිඳෙනවා කියලා සැකය තියෙනවා.
ඒ පාර දැන් මට පේනවා මෙතෙන්දී මේ සංස්කාර, සැකය තියෙනවා කිව්වා ම එහෙම නම් ඉතින් කාමච්ඡන්ද ව්‍යාපාද ථීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන එකට මම ඇවිල්ලා. එතකොට කාමච්ඡන්දය අර jack ටික ගහගෙන යන්නේ, ව්‍යාපාදයෙන් ගහපු එක, ථීනමිද්ධයෙන් අර මෝහය සහිතව ගත්ත එක හොඳට මෙනෙහි කළා. ඒ මෝහය ථීනමිද්ධය සහිතව. මොකද මම පන්සිල් ගන්නකොට ඕවා ටික ඔක්කෝම හොඳට විස්තර වශයෙන් මම ගියා. ඒ පන්සිල් ගන්නකොට පාණාතිපාතයේ කතාව ඒවා ඔක්කෝම ගත්තා. මේ නිවනින් පිටත වූ දෙයක් අරගෙන තමයි මෙහෙම වෙන්නේ කියන එක ඔක්කෝම අරගෙන ආවා. දැන් ආපහු මේ සැකයට ආවට පස්සේ මේ ටික හොඳට මෙනෙහි කළා ආපහු.
එතකොට දැන් ඉතින් මෙතෙන්දී ගහන්නේ අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට යන එක තමයි මෙයා කරන්නේ. මේකට තමයි මේ සැකයෙන් jack එක ගහන්නේ. බුදුහාමුදුරුවෝ කිව්ව නේ මෙතන මේක ඇවිල්ලා මේ වම්මික සූත්‍රයේ දී මෙතන forked path එකක්. මේ සැකය තියනකොට දෙමංසන්ධියක් තියෙනවා. එතකොට ඉතින් දැන් මට දෙමංසන්ධිය පේනවා. දෙමංසන්ධිය තමයි, අරක බිඳුණට පස්සේ, චිත්ත සංස්කාරය බිඳුණට පස්සේ මේ මනුස්සයා ගෙනියනවා අර භයෙන් අගතියට ගිහිල්ලා වේදනාවට jack එක ගහලා යන එක තියෙනවා. ඊළඟට මේ අවිද්‍යා ආශ්‍රවය පැත්තේ ඉඳන් කාම ආශ්‍රවයට මේක හදන්න පුළුවන් වෙයි කියලා හිතලා මෙයා කරන්නා වූ දේ තියෙනවා. මේක මේ විදිහට fix කරමියි කියන එක, ඒක තියෙනවා..
එතකොට දැන් එහෙම නම් මම එතෙන්දි කල්පනා කළා, මෙතෙන්දි තියෙන හොඳ පාර මොකක් ද? හොඳ පාර තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මම කල්පනා කරනවා දැන් මේ විචිකිච්ඡාව කියන එක නැති වෙන ධර්මයෝ මොකක් ද කියන එකයි හිතුවේ. විචිකිච්ඡාව කියන එක නැති වෙන්න නම්, ශ්‍රද්ධාව තියෙන්න ඕන. ශ්‍රද්ධාව තියෙනවා නම් විචිකිච්ඡාව නැති වෙනවා කියන එක ආවා. එතකොට ඒක එහෙම නම් ඉතින් ප්‍රඥාව තියෙන්න ඕන. එතකොට ප්‍රඥාව තියෙන්න ඕනෙයි කියන එක කල්පනා කළහම ප්‍රඥාව එතෙන්දි ගත්තහම ඉහළ ම වූ ප්‍රඥාව මම කලින් හොයා ගත්තා නේ. මෙතන චතුරාර්ය සත්‍යයේ තුන් වැනි සත්‍යයේ විතරයි ඕක තියෙන්නේ. ඒ සම්මා දිට්ඨිය ඒ තරමට ම ප්‍රමාණයට යනවා. එතකොට මෙන්න මේක තියෙන්න ඕන. එතකොට මෙහෙම තියෙනවා නම් දැන් ඉතින් මට පේනවා එහෙම නම් මේකත් එක්ක සම්පූර්ණ වෙලා එනකොට, මෙයාගේ මේ කාය සංස්කාරයන් එකක්වත් එයා ගන්නේ නැහැ. මේක මේ මරණය හෝ මරණය හා සමාන දුකකට තමයි මෙයා පත් වෙන්නේ. වචී සංස්කාරයන් මෙයා ගන්නෙත් නැහැ. මරණය හෝ මරණය හා සමාන දුකකට යන්නේ. ඔය කෑලි ටිකත් මම ගියා අර පන්සිල් ගන්න අවස්ථාවේ දී. පෝතලිය එකේ තියන කතාව.
ඊළඟට මම කල්පනා කළේ, දැන් එතකොට චිත්ත සංස්කාරවලට අපි මේ සඤ්ඤා චේතනායි මගේ කියලා ගන්නා වූ ඒ දේවලුත් මෙතන නැහැ. එතකොට මිච්ඡා දිට්ඨිය මේවා ඔක්කෝම නැති වෙලා ඉතින් හරි ශ්‍රද්ධාව තියනකොට මේක මෙහෙමයි කියන එක එනවා. එතකොට මේ කියන්නේ අරි අට මඟේ තමයි මෙයා ගමන් කරන්නට ඕනෙයි කියන එක. ඒ වෙලාවෙ දී මට මෙතෙන්දි පේනවා, මෙහෙම නැත්තන් ඉතින් ඒ කියන්නේ අර අනෙක් පැත්ත පාරේ යනකොට මට ආවා මේක නිසා මෙයා මේ භවයට යනවා. අර කාම ආශ්‍රවය පැත්තට ගිහිල්ලා එයා මේ භව ආශ්‍රවය කියන එක ඇති වෙනවා. එතකොට ඉතින් අර “විචිකිච්ඡා පච්චයා භවො” කියන එකත් එතනත් ඒකත් තේරුණා.
එතකොට මෙතෙන්ට ආවට පස්සෙ දැන් මට හොඳට තේරෙනවා මේක නේ ද බුදුහාමුදුරුවෝ කිව්වේ “කොධො මොසවජ්‌ජඤ්‌ච කථංකථා ච” කියන එක. එතෙන්දී බුදුහාමුදුරුවෝ පෙන්නනවා, දැන් ඔයා නිර්වාණයෙන් තොර වූ දෙයක් ගත්තා නම් ඔයාට ඉතින් ද්වේෂය තමයි තියෙන්නේ, ක්‍රෝධය තමයි තියෙන්නේ. අර හොඳ දෙයින් තොර වූ දෙයක් අරගත්තා නම් ඒ ක්‍රෝධය කියන එක තියෙනවා. ඒ වගේ ම මේක මෙහෙම සිද්ධ වුණේ මොකක් ද, මේ මගේ කියලා ගත්ත එක. මේක තමයි මුසාව. එතකොට මේ මුසාවයි, මෙතනින් මෙන්න මේ ක්‍රෝධයේ කතාවයි, “මොසවජ්‌ජඤ්‌ච කථංකථා ච.” එතකොට මේ පුද්ගලයාට තියෙන්නේ දැන් ඉතින් මේ සැකය ගැන. එතකොට මේ සැකයෙන් යුතුව තමයි ඒ පුද්ගලයා ඉන්නේ. ඒක නිසා අරයා අර පල්ලෙහායින් තියෙන්නා වූ පාරවල් දෙකේ යනවා. වේදනාව සඳහා චිත්ත සංස්කාර හදන්නෙයි කියන එකයි, භවයට යන්නා වූ කියන එකයි මේක වෙනවා. එතකොට මේක ඔක්කෝම මේ දෙක සිද්ධ වෙන්නේ ඉතින් සාත අසාත කියලා ගත්ත එක.
දැන් අර මම මුලින් කිව්වේ මං දැම්ම කියන්න හොඳ නැතෙයි කියලා මෙන්න මේ ගාථාවට තමයි මේ වටෙන් ගිහිල්ලා අන්තිමට ආවේ. ඉතින් මේ මනුස්සයා දැන් ඥාන පථයක හික්මෙනවා, “ඥාන පතා ය සික්ඛෙ,” මේක ඇවිල්ලා මේ චිත්ත සංස්කාර අතරට. මට රහතන් වහන්සේ ඒ වෙලාවෙ දී කිව්වා, “මේ සෑම චිත්ත සංස්කාරයක් ගැන ම සික්ඛෙ කියලා.” මේ විදිහට ඇවිල්ලා, මම අර විමුක්ති චිත්තයන්වලට ගියා. විමුක්ති චිත්තයන්වලට ගිහිල්ලා එතකොට මේ හැම චිත්තයක දී ම මේකේ මැරෙනවා කියලා දැනගෙන, මේක නොගත යුතුයි කියන එක දැනගන්න ඕන. එතකොට රහතන් වහන්සේ ඉඳන් කිව්වා, “මේ හැම චිත්තයකට ම මේක කරන්න ඕනේ” කියලා. හැම චිත්තයක ම තියෙන්නේ මරණය. මරණය හෝ මරණය තරම් දුකක් ම යි ඇති වෙන්නේ කියන එක. අන්න එතෙන්දි එනවා මරණය, ඊළඟට දුක්ඛය. ජාති ජරා ව්‍යාධි මරණ, දුක්ඛය කියන එක තියෙනවා. මරණය හෝ මරණය හා සමාන දුකක්.
ඔන්න දැන් මෙතන එනවා මේ කෑලි දෙක. එතකොට මෙතනින් පෙන්නනවා මේ මරණය කියලා කියන්නේ අනිත්‍යයි. අරක කියන්නේ දුක්ඛයි. එතකොට අනිච්චං, දුක්ඛං. අනිත්‍ය නම් දුක්ඛ නම් මගේ කියලා ගන්න වටින්නේ නෑ නේ. දැන් අතන සීල සූත්‍රයේ කෑල්ලත් එක්ක කෙළීන් ම එනවා දැන් මේක නේ ද මේ අනිත්‍ය වුණා ම මේක දුකයි, එතකොට මෙතනින් අනත්තා කියන එක ගන්න ඕනෙයි කියන එක. එතකොට මේක හැම චිත්තයට ම පවතින්නට ඕන. හැම චිත්තයක් කෙරෙහි ම මේක මැරෙනවා කියන එකත්, ඒක නිසා ම මරණය හා සමාන දුකක් ඇති වෙනවා, ඒක නිසා මගේ කියලා ගන්න වටින්නේ නැතෙයි කියන එක ආවා. අර දෙක ආවා නම් මේක එනවා. ඔන්න ඕක තමයි භාවනාව.
“කොධො මොසවජ්‌ජඤ්‌ච කථංකථා ච” කියලා මට ආවහම, දැන් මට පේනවා මොකක් ද මේ “ඥාන පතා ය සික්ඛෙ” දැන් සික්ඛෙ කියන එක මම ගන්නවා. ඒ සික්ඛෙ කියන එක ගන්නකොට දැන් මම දන්නවා ඒ සීල පදයන් කියන එක තියෙන්න ඕන. ඒක පවත්වන්න ඕනේ. මේක පවත්වනවා කියලා කිව්වා ම මට මතක් වුණා මේක තමයි අර පොත්ත, bark එක. මේක තමයි bark එක.
ඊළඟට මට එනවා, චිත්තයේ හික්මවීම තියෙනවා. එතකොට චිත්තයේ හික්මවීම කියලා කිව්වා ම ප්‍රථමධ්‍යාන, දුතියධ්‍යාන, තෘතියධ්‍යාන. මේක තමයි එලය. හරි ද? දැන් මම මේ ගහේ වටේ මං ආරක්ෂා කරගත්තා, මේ වටේ තියෙන පොත්තත් ආරක්ෂා කරගත්තා. ඊට පස්සේ මේ සමාධි ටික තමයි එලය වෙන්නේ. එතකොට සමාධි ටිකෙන් මම මේක ආරක්ෂා කරගෙන ඉන්නවා. එතකොට මාව වැටෙන්නේ නැහැ. අර කාම කතාවට යන්නේ නැහැ. කාම ආශ්‍රවයට කියන එකට මම යන්නේ නැහැ කියන එක.
ඊළඟට මට එනවා දැන් මේකෙ අරටුව. අරටුව කියන එක තමයි අර විමුක්ති චිත්තය කියන එක නේ තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රඥාව කියන එකයි එතන බුදුහාමුදුරුවෝ පෙන්නුවේ. එතකොට ඒ ප්‍රඥාව කියන එකයි කියලා කිව්වහම මේක සමුදය අස්තංගමය කියන එක හොඳට ම දන්නවා. ඇති වීම, නැති වීම කියන එක දන්නවා. මේක ආශ්‍රවයෝ කියලා දන්නවා. මේ ආශ්‍රවය නැති වීමයි කියන එක දන්නවා. මෙන්න මේක දැනගෙන, මේක පහ කරනවා කියන එක තියෙන්නේ. එතකොට දැන් මට එනවා එතකොට එහෙම නම් මේක තමයි මේ අරටුව. අර විමුක්ති චිත්තය කියන එක එන්න ඕනෙයි කියන එක, ඔය කෑල්ලත් ඕකේ ඇතුළෙදි ආවා.