උත්තරීතර මණ්ඩලයට නමස්කාර කරමි, නමස්කාරය වේවා.
ඒ බුදුපියවරු මම සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ බුදුවරු 2500 නමකින් බණ අහලා තියෙනවා රහත් වුණාට පස්සේ. එතකොට මම කියනවා, මට මේක ගැන සැකයක් නැහැ. ඒ මණ්ඩලයේ තියෙන්නා වූ ඒ වචනය, කිව්වා වූ වචනය මට හොඳට ම ඇති. මට ශ්‍රද්ධාව ඇත්තේ, නිර්වාණයෙන් පිටත වූ දෙයක් මගේ කියලා ගැනීමක් නැත. ඒක කියනකොට ම අර කෙළීන් ම ඉහළ ම වූ සම්මා දිට්ඨිය තියෙනවා නේ, ඒක මට සිහි වෙනවා නේ, එතකොට දුක්ඛ නිරෝධය කියන එකට එනකල් ම එතන එකපාරට සිහියට එනවා. එතකොට ඒක නිසා මට සැකයක් නැතැයි කියන එක මට එනවා බොහොම ලස්සනට. එතකොට දැන් මේක නිසා ම මට අවිද්‍යා ආශ්‍රවයක් නැහැ. අර මෝහය කියන එක නැහැ.
ආපහු ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ බුදුවරු 2100 නමකින් බණ අසා ඇතෙයි කියන එක ගැන මට සැකයක් නැහැ. මණ්ඩලයේ වචනය මට හොඳට ම ඇති. මට ශ්‍රද්ධාව ඇත්තේ ය. ශ්‍රද්ධාව ඇති නිසා ඒ නිර්වාණයෙන් තොර වූ දෙයක් මගේ කියලා ගැනීමක් නැත. ඒක නිසා මට සැකයක් නැත්තේ ය කියන එක, අවිද්‍යා ආශ්‍රවයට යන්නේ නැතෙයි කියන එක.
එතකොට ධම්මාධිපති බුදුපියාණන් වහන්සේත් බුදුවරු 1287 ත් නමකින් බණ අසා ඇත්තේ ය කියන එක ගැන මට සැකයක් නැහැ. ඒ මණ්ඩලයේ වචනය මට හොඳට ම ඇති. මට ඒ ශ්‍රද්ධාව තියෙනවා. ඒ ශ්‍රද්ධාව තියෙනවා නම් මට නිර්වාණයෙන් තොර වූ දෙයක් මම ගන්නේ නැහැ. ඒක නිසා මට සැකයක් නැතෙයි කියන එක එනවා. එතකොට මේක හොඳට ලස්සනට, දැන් එහෙනම් මට එනවා දුක්ඛ නිරෝධයයි, සම්මා දිට්ඨියයි, සම්මා දිට්ඨිය නිසා අර අවිද්‍යා ආශ්‍රවය මට නැහැ, ඒක නිසා ඒ සැකය නැහැ. මම අර සැකයෙන් සක්කය ගහන එක අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට යන එක, මේක නිසා නැති වෙනවා කියන එකයි මම මේ දිගට ම කියන්නේ. බුදුවරු විදිහට දාහතර නම ම මෙනෙහි කළා. ඉතින් මේක එන්න එන්න තේරෙනවා. එන්න එන්න වැටහෙනවා.
එතකොට මේ විදිහට ගියාට පස්සේ එහෙම නම් දැන් මට එනවා, මේ අවිද්‍යා ආශ්‍රවයට ආවොතින් තමයි මට මේ සැකය කියන එක මට ඇති වෙන්නේ. ඒ කියන්නේ නිවනින් තොර වූ දෙයක් මගේ යැයි ගැනීම හේතු කොටගෙන තමයි. මේක නේ අර මිනිස්සු කියන්නේ, ආ, මොකක් හරි එකක් කරලා මේ මගේ මෝඩකම කියලා. මගේ මෝඩකම කියලා කියන්නේ දැන් මෝහය කියන එකත් මගේ කියලා අරගෙන. එතකොට අවිද්‍යා ආශ්‍රවයෙන් එතන ඒ point එක මගේ කියලා ගත්ත නිසා තමයි මේ සැකය තියෙන්නේ. එතකොට මෙයා along the way අරගෙන තියෙන්නේ නිවනින් තොර වූ දෙයක්. දැන් මේ මම කතා කරන්නේ අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට යන එකට සැකය ඇති වෙන එක. එතකොට මෙතන බුදුහාමුදුරුවෝ කිව්වේ, මෙතන මේ දෙමංසන්ධියක් තියෙනවයි කියලා. එහෙම නම් ඉතින් ඒ අවිද්‍යා ආශ්‍රවය ආපු පුද්ගලයාට තමයි මේ දෙමංසන්ධිය කියන එක තියෙන්නේ. දැන් මෙතන හරි ගැඹුරට තේරෙනවා.
දැන් ඒ පාර දැන් මම කල්පනා කරනවා, කොහොම ද මේ අවිද්‍යා ආශ්‍රවය කියන එක, ඒ කියන්නේ 1-3 මෝහය කියන එක. එතකොට සංස්කාර වශයෙන් දැන් ඊළඟට ගන්න තියෙන්නේ උද්ධච්ච කුක්කුච්චය නේ. සංස්කාර වශයෙන් මම දැන් හිතන්න පටන් ගත්තා මෙතෙන්දී. ඉතින් මෙහෙම සංස්කාර වශයෙන් හිතනකොට ඉතින් මට හරීයට ශ්‍රද්ධාවකින් මට මේවා වෙනවා, අනේ මේ සම්මා වාචා diagram එක කොයි තරම් වටිනවා ද, සම්මා වාචා diagram එකේ එක නේ මේ තියෙන්නේ. මේ මුසාව නිසා ඇති වෙන්නා වූ සම්පප්‍රලාපය. ඒ වගේ ම මට පේනවා පිසුණා වාචය නිසා යන්නා වූ සම්පප්‍රලාපය. පිසුණා වාචයට ආවා නම් ඉතින් ඒක නිසා ඔයා සම්පප්‍රලාපයට යනවා.
පිසුණා වාචයෙන් සම්පප්‍රලාපයට යන්නේ කොහොම ද? පිසුණා වාචය මච්ඡරි 5 වෙනකොට පස් ආකාර වෙනවා. පලාසය කියන එක පස් ආකාර වෙනවා. එක කාරණයකින් තව කාරණයක් වෙන් කරනවා. කවුද මේ වෙන් කරන්නේ? අර ගත්තා වූ පුද්ගලයා. නිර්වාණයෙන් තොර වූ දෙයක් මගේ කියලා ගත්තා වූ පුද්ගලයාට වෙන් කරන්න කාරණයක් තියෙනවා. ඒ පුද්ගලයා මේක වෙන් කිරීම තියෙනවා. ඉතින් මේ මුසාව තියෙන්නේ මගේ කියලා ගැනීම. මෙතන ම මෝහයට යන්නා වූ කාරණය තියෙනවා කියන එක එනවා.
ඉතින් ඒ සහම්පති මහා බ්‍රහ්ම බුදු පියාට මම ස්තුතිවන්ත වෙලා එතෙන්දී මේ දීපු ධර්මය ගැන කෘතඥතාවයට. එතකොට මට දැන් පේනවා දැන් මම මෙතන ඒ කාරණාවක් බැලුවා. බුදුහාමුදුරුවෝ, රහතන් වහන්සේ පෙන්නුවා නේ, අතන කාම මිච්ඡා ඇත්තේ ය. ව්‍යාපාදය, මිච්ඡා දිට්ඨිය, ignorance කියන එක, අවිද්‍යාවත් ඒකට එකතු වුණහම තමයි ඒ මම මේ මෝහයට යන්නේ මරණය දැක්කහම. සම්මා වාචා එකේ අර අන්තිම පදය, මෝහයට යන්නේ, මේක දැක්කහම කියන එක එනවා.
දැන් මෙතනින් ආවායින් පස්සේ දැන් මට දැන් පේනවා, එහෙම නම් දැන් මට බලන්න තියෙන්නේ මොකක් ද, අර අත්තා ඉඳන් නිත්‍යයට ඇවිල්ලා නේ තියෙන්නේ. එතකොට නිත්‍ය වුණාට පස්සේ මෙතන ඉඳන් කොහොම ද මම 1-3 මෝහයට යන්නේ? ඒක නේ සක්කය ගහන්නේ උද්ධච්චයෙන්. දැන් ඉතින් එතකොට අර මේක පේනවා හොඳට, අත්තා ඉඳන් ඉදංසච්චාභිනිවෙසයට. ඊළඟට තියෙනවා නිච්චා ඉඳන් ඉදංසච්චාභිනිවෙසය හරි දිට්ඨි ආශ්‍රවය හරි ගන්නකෝ අවිද්‍යා ආශ්‍රවය, හරි නේ. එතකොට මේ පැත්තෙන් මම ගත්තේ උඩ එක. එතකොට අත්තා ඉඳන් ඔයා එනවා, ඒ කියන්නේ උඩ අත්තා කියලා කිව්වහම මම ගන්නේ මේ චේතනාව. චේතනාවේ ඉඳන් ඉදංසච්චාභිනිවෙසයට. අලුවා කෑල්ල මේ කතා කරන්නේ. විඤ්ඤාණයේ ඉඳන් ඔයාට තියෙනවා පරාමාසයට. දැන් එතකොට දැන් මෙන්න මේ කෑල්ල දිගේ මේ පල්ලෙහාට එන එකයි තියෙන්නේ. එතකොට මෙතන ඉඳන් මේ පැත්තට ආවේ මම නිත්‍ය වෙලා.
එතකොට මම මෙහෙම ඇන්දට, මෙතන මේ ඇතුළේ තව පොඩි මේකක් තියෙනවා. අත්තා ඉඳන් නිත්‍යයට ගිය කතාවක් තියෙනවා. එතකොට අපි ඕකේ අල්ලගන්න ඕනේ නිත්‍ය කියන කතාව වෙලා ඉවරයි කියන එක. එතකොට නිත්‍යයේ ඉඳන් දැන් මම එක පැත්තකින් එනවා. ඒ කියන්නේ අත්තා වෙච්ච එක ම තමයි දැන් එහෙම නම් මම නිත්‍යයට යන්නෙත් ඉදංසච්චාභිනිවෙසයට යන්නෙත්. හරි නේ? ඒ දෙක ම මෙහෙම ගිහිල්ලා මෙහෙම එනවා පොඩ්ඩක් මේකට එක්කහු වෙලා අත්තා දැන් නිත්‍ය වෙලා, මම අගයකුත් දීලා තමයි එයා එන්නේ මේ පැත්තට පල්ලෙහාට. එතකොට මේ joint එක ගැන මේ කතා කරන්නේ. මොන joint එක ද, චේතනාවේ ඉඳන් ඉදංසච්චාභිනිවෙසකායගන්ථයටත් විඤ්ඤාණයේ ඉඳන් පරාමාසයටත් යන්නා වූ joint එක.
හැබැයි මම මේ analysis එක කරන්නේ අත්තා ඉඳන් නිත්‍යයට, නිත්‍ය නිසා අර දිට්ඨි ආශ්‍රවයට යන්නා වූ එකයි, අත්තවාද උපාදානය නිසා අවිද්‍යා ආශ්‍රවයට යන්නා වූ ඒ කෑල්ල උඩ තමයි analysis එක කෙරෙන්නේ. එතකොට දැන් මේ වෙලාවෙ දී රහතන් වහන්සේ මට, මෙතන බොහොම හොඳට මට ඒක තේරුණා. ඒ කියන්නේ අර වේදනාවට සඤ්ඤාවෙන් අගය දෙනවා වගේ ම මෙතනින් මේ කතාව උඩ මම දැන් අගයක් දීලා ඉවරයි. උඩින් ඇවිල්ලා. එතකොට මේ පැත්තෙන් කියනවා මේ සඤ්ඤාවෙන් පරාමාසයට ආවා. ඒ පරාමාසයට ආපු එක මේ මොහොතේ දී, present moment එකේදි නේ, ඉදංසච්චාභිනිවෙසයට යන්නේ. එතකොට මේ පැත්තට යන්න මෙතන උඩිනුත් සම්බන්ධයක් තියෙනවා. එකකින් නෙවෙයි මේක සිද්ධ වෙන්නේ. එතකොට මෙතන පරාමාසයේ ඉඳන් විඤ්ඤාණය සකස් වෙනකොට යම්කිසි දෙයක් චිත්ත සංස්කාරයට තියෙනව ද ඒ සංස්කාරයට මේ අත්තා නිත්‍ය කතාවෙන් අගයක් දෙනවා. සඤ්ඤාවෙන් අගයක් දුන්නා වගේ ම, අර වේදනාවේ ඉඳන් මෙහෙම එන එක අත්තා නිත්‍ය වෙලා දැන් මේක මාරු වෙලා මේ පැත්තෙන් අගයක් දීමක් තියෙනවා. මේ අගය දීම තමයි මේක ඇතුළට යන්නෙ කිව්වේ.
එතකොට දැන් ඉතින් මට හොඳට පේනවා මේ උද්ධච්චය කියන එක, දැන් කුක්කුච්චය මේ නිවනින් තොර වූ දෙයක් මෙයා අරගෙන නේ තියෙන්නේ. අර කලින් කතාව අමතක කරන්න එපා. එතකොට මේක ගත්ත පුද්ගලයාට, මෙතනින් මේක අස්සට යෑම තියෙනවා. මේක අස්සට යෑම තියෙනවා කියනකොට දැන් මට පේනවා, අර ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ දී පෙන්නුවේ present moment එකේදි අර කාරණා තුනක් තියෙනවා ය කියන එක. උඩින් අර අවිද්‍යාවෙන් එන කතාව තියෙනවා, ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට ඇදිල්ල කියන එක.
ඊළඟට තියෙනවා පරාමාසය අභිනිවේසය නිසා මේ පැත්තට ඇදෙනවා කියන එක තියෙනවා. ඊළඟට ගත්තහම අර මෝහය පැත්තෙන් වෙන එක. මෝහය පැත්තෙන් එන එක ඔයාට මතක ඇති අපි අර අභිනිවේස diagram එකේ අපි plan එක ගැහුවා නම් plan එකෙන් අත්තා උඩට යනවා නේ. අන්න ඒ විදිහට මේකේ යෑමක් තියෙනවා සංස්කාර වශයෙන්. ඒක දන්නව නේ ඔයා මොකක් ද කියන එක. ඒ චිත්තයත් එක්ක දැන් මට පේනවා මේ තුන ම මේකට ඇදෙන එකයි මේකෙ සිද්ධ වෙන්නේ. එතකොට මම කියනවා මෙතෙන්දී, මේ සංස්කාර අභිනිවේසය නිසා තමයි මේක සිද්ධ වෙන්නේ. ඉතින් රහතන් වහන්සේ “Excellent” කියලා කිව්වා එතන ඒක එහෙම ගන්නකොට. සංස්කාර අභිනිවේසය. මම මේ සංස්කාරයන්ට ඇලිලා තියන නිසා තමයි මම ආවේ නිත්‍යභාවයට කියන එක. මගේ මෝහය කියන එක වෙන්නේ.
ඉතින් ඕක වුණයින් පස්සේ තමයි මිනිස්සු කියන්නේ මේ මගේ මෝඩකම නේ කියලා එහෙම මනුස්සයෝ කියන්නේ, අර අරක අරගෙන ඉවරයි දැන්. සංස්කාර අභිනිවේසය කරගෙන ඉවරයි. සංස්කාර අභිනිවේසය කරාට පස්සේ මේක මෝහය මේක වෙලා. ඒක තමයි භාවනාව. සෑහෙන්න ගැඹුරුයි. කාරණා ගාන වැඩියි. ඉතින් මෙතන ඒ කෑල්ල තමයි ගත්තේ. අර ගොඩක් දුර ගියා ඉතින් ඕකේ අස්සේ තැනින් තැනින්.
තව කෑල්ලක් තියෙනවා. ඒ කෑල්ල මොකක් ද, මම මේ භාවනාව කරගෙන යන අවස්ථාවේ දී මට තේරුණා මම හරියට හුස්ම ගන්නවා නේ ද කියන එක. මේ නහයේ පොඩි block වීමකුත් එක්ක හුස්ම ගන්න ශබ්දය මට ම ඇහෙනවා. එතකොට මේක මේ මම හිතනවා නේ හරියට. මේක සිතීම නිසා තමයි මෙතන ගොඩාක් මේක තියෙන්නේ කියලා. අර අන්තිමට මම ආවහම මේ අර රහතන් වහන්සේ “Excellent” කියලා කිව්වේ, ඒ කතාව කියන වෙලාවෙ දී මේ හුස්ම ගන්න එක හෝස් ගාලා ඒ කියන්නේ ඒ අවස්ථාව වෙනකොට මෙතනින් එහා පැත්තට මේ සංස්කාරය මගේ ය කියලා ගන්න ඕන නැතෙයි කියන කතාව එනකොට ම, හුස්ම ටික අඩු වේගෙන, අඩු වේගෙන, අඩු වේගෙන, අර සිතුවිල්ල නතර වේගෙන, වේගෙන ගියා. ඒක එතෙන්දි එතකොට මට තේරුණා, ආ ඒක නේන්නම් මේ හුස්ම ගන්නවා කියන සංස්කාරයටත් අපේ කොච්චර ඇලිල්ලක් මේකේ තියෙනවා ද, අර ධර්මය ගැන මෙනෙහි කරනකොටත් මේක හොඳට active වෙනවා. තේරුණා ද? මේක ගැන හොයාගන්න oxygen ඕනේ හරි මොනවා හරි. එතකොට ඒක හිතන්න ඕන නැති වෙනකොට ඒ සංස්කාරයටත්, ඉතින් එතකොට දැන් ඒක නේ මේ සංස්කාර නිරෝධය නේ ඉතින් ඕකේ අන්තිමට මේවා වෙන්නේ. ඒ කියන එක මෙතන ආවා.
ඔය භාවනාව මැද්දේ දී අර මම කිව්වා නේ ද මේකේ හරහට මෙහෙම දෙකක්, ඒ වගේ ඒවා sets දෙකක් තියෙනවා කියලා. එකක් අර චේතනාවේ ඉඳන් ඉදංසච්චාභිනිවෙසයට යන එක. ඊළඟට ගත්තහම පරාමාසයේ ඉඳන් විඤ්ඤාණයට යන්න cross එක තියෙනවා. ඒක තමයි මෙතන මේ අපි කල්පනා කරන්නේ අගය දෙනවා කියන එක. ඊළඟට මම කිව්ව නේ අත්තා ඉඳන් නිත්‍යට set එකකුයි, ආශ්‍රව දෙකට යන එක. අත්තා ඉඳන් අවිද්‍යා ආශ්‍රවයට යන එකයි, නිත්‍යයේ ඉඳන් දිට්ඨි ආශ්‍රවයට යන එකයි. එතනත් තව cross එකක් තියෙනවා. එතකොට මෙන්න මේ cross එක එන අවස්ථාව වෙනකොට, එතෙන්දී රහතන් වහන්සේ මට පෙන්නුවා, මේක මේ පැත්තට ඇදිලා තියෙන්නේ මෙතන මේ කතාව වෙලා තියෙන්නේ මේක සාඨෙය්‍ය නිසා. සාඨෙය්‍ය, අත්තා ඉඳන් නිත්‍යට යන්නේ මගේ කියලා අරගෙන නේ. දැන් හත් වෙනි ධ්‍යානය හෝ මගේ කියලා ගැනීම කියන එක තියෙනවා. මේක ලාභයි කියලා මේක වංචාවක් නේ. නිවනින් තොර වූ දෙයක් අරගෙන මේ කරන්නා වූ වංචාව. ඔන්න ඔය කෑල්ල ඔය මැද්දේ දී ආවා.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්