උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරමි, නමස්කාරය වේවා
එතකොට මම ඒ බුදු පියවරුන් සිහි කළේ අර ඊයේ වගේ ම, ඒ කියන්නේ බුදු පියවරුන්ගේ මෙහෙම මේ බුදුහාමුදුරුවරු 2500 නමකින් බණ අහලා තියෙනවා, මට ඒක සැකයක් නැහැ. එතන ඒ වචනය මම ගන්නවා, මට ශ්‍රද්ධාව තියෙනවා. ඒක නිසා නිර්වාණයෙන් පිටත වූ දෙයක් නේ අරගන්නේ කෙනෙක්. එතකොට ඒක ගැන මට සැකයක් නැහැ නිර්වාණයෙන් පිටත වූ දෙයක් ම වන්නේ ය කියලා එතන ඔය විදිහට දිගට ආවා.
බුදුපියවරු ඔය විදිහට දාහතර නමට ම ඇවිල්ලා යම්කිසි දෙයක් ඒ නිර්වාණය දීම සඳහා හෝ යම්කිසි දෙයක් ඒ බුදුපියවරු කිව්ව ද දැන් මේ හැම දේ ම මට එනවා, අනිත් දේවල් ඔක්කෝම diversification කියලා. Convergence එකක් කියන එක තියෙන්නේ නිර්වාණයේ විතරයි. අර unity කියලා කියන්නේ, ඒක තියෙනවා සූත්‍රවල. ඒකත්වයක් තියෙන්නේ නිර්වාණයේ විතරයි. අනිත් ඒවා ඔක්කෝගේ ම තියෙන්නේ විසිරීමක් divergence කියන එක. නිර්වාණයෙන් පිටත වූ දේවල්.
එතකොට මෙතෙන්දි යම්කිසි ආකාරයකට නිර්වාණයෙන් පිටත වූ දෙයකින් වෙන් වෙනවා වූ යමක් සිද්ධ වෙනවා ද ඒ වෙන් වීම සිද්ධ වෙන්නෙත් මේ අනෙක් සත්වයාගේ නිර්වාණය සඳහා, ඒකත්වය සඳහා කියන එක, ඒක ප්‍රශ්නයක් නැතැයි කියන එක. ඉතින් මේක ලස්සනට ඇවිල්ලා මට දැන් මේ සැකය කියන එක, ඒකේ භාවනාව කරගෙන යනකොට ඒ කියන්නේ මම දැන් බලන්නේ හුඟාක් ම අර විචිකිච්ඡාව තියන තැන.
එතන විචිකිච්ඡාව තියන තැන කල්පනා කරනකොට මට එනවා සාරම්භය කියන එක මෙතන play කරනවා කියන එක. සාරම්භය කියන එකේ සම්බන්ධතාවයක් මෙතන තියෙනවා කියලා. අර “ඥාන පතා ය සික්ඛෙ” කියලා කියන කොටත් මේ මනුස්සයාට මේ competition එකක් තියෙනවා. එයා කල්පනා කරනවා මොන උපායකින් අපේ මේ දේවල් නැති වේ ද, පිරිහේ ද, මොන එක හේතුවෙන් මගේ ධනයන් නැති වේ ද, අර ස්ත්‍රී ඇසුරෙන් එහෙම නැත්නම් සුරාපානය, සුරාධුත්තො ඔය විදිහට තියෙනවා නේ. “ඥාන පතා ය සික්ඛෙ” කියන එක. එතකොට මෙන්න මේ තමයි competition එකක් එක්ක එනවා.
එතකොට එහෙනම් සාරම්භය කොහෙද කියලා මම හෙව්වා. සාරම්භයයි විචිකිච්ඡාවයි දැන් මම මේ බලන්නේ අර cross එකත් එක්ක. ඉදංසච්චාභිනිවෙසකායගන්ථය ඇතුළේ යම්කිසි ආකාරයකට පෙර කර්ම වූ දේවල් හිටන් පවතිනවා. පෙර වූ දේවල් නිසා ඇති වෙන්නා වූ දේවල් තියෙනවා. මෝහය නිසා මෙතන මෝහයයි පරාමාසයයි මෙහෙම cross වෙලා තියෙනවා. එතකොට දැන් මේකේ විචිකිච්ඡාවයි සාරම්භයයි අතර සම්බන්ධතාවය මම දැන් හොයනවා. අර ඥාන පථයේ හික්මෙන්න යන්නෙත් ඒ අර්ථයෙන් කියන එක. එතකොට මේක මම හොයනකොට මට මේ වෙලාව එනකොට මට ගොඩාක්, භාවනා කාරණා ගොඩාක් ඇවිල්ලා. මේ නිවනින් පිටත වූ දෙයක් “අභිභුය්ය ලොකං අධිට්ඨාය මනසා” කියන එකත් ඇවිල්ලා. මේ අභිජ්ඣාපි ව්යාපාදාපි සාරම්භාපි කියන ඒවා මෙතන මෙහෙම වෙනවා කියන අර්ථයට මට ඇවිල්ලා. අභිජ්ඣා ව්‍යාපාදයෙන් නේ මේ කතාව පටන් ගත්තේ.
එතකොට දැන් මෙතන, මෙතෙන්දී මම ටිකක් කල්පනා කරනකොට රහතන් වහන්සේ කිව්වා, “උදව්වක් කරන්නම්” කියලා ඔය සාරම්භය කියන එක දැන් මෙහෙම තියෙනවා නේ cross එක. දැන් අපි ගත්තහම ඉදංසච්චාභිනිවෙසයේ ඉඳන් භයේ අගතියට, පරාමාසයේ ඉඳන් මෝහ අගති ගමනට යන එක. ඒ cross එක වෙන තැන ඉඳන් ගත්තහම ඒ cross එකේ පරාමාසයට, මෝහයෙන් පරාමාසයට යන ඒ රේඛාව තියනව නේ, ඒ රේඛාවේ අර මැද්දෙන් joint එක නේ සංස්කාර. දැන් සංස්කාර බිඳෙයි කියල නේ මේ ඔක්කොම දේවල් තියෙන්නේ. මේ සංස්කාර point එකේ ඉඳන් පරාමාසයට යන්නා වූ එක ගන්න ඕනෙයි කියලා කිව්වා සාරම්භයට. ඊට පස්සේ මේ කෑල්ල. ඊට පස්සේ මේ joint එකේ ඉඳන් මැද්දේ තියෙන සංස්කාර ලක්ෂණයේ ඉඳන් පල්ලෙහාට යන්නා වූ ඒ කියන්නේ භයෙන් අගතියට යන්නා වූ ඒ කොටසට ගන්න ඕනෙයි කියලා කිව්වා විචිකිච්ඡාව. මේ කෑලි දෙක සිතන්න ඕනේ ඒ විදිහට. ඔය උඩ එක සාරම්භය, යට එක විචිකිච්ඡාව.
එතකොට දැන් මට හොඳ ලස්සනට පේනවා. දැන් එනවා විචිකිච්ඡාව පාරේ එහෙනම් ගියා නම් ඒ පාර දිගේ භයෙන් අගතියට ගියා. ඔයා වේදනාවට තමයි යන්නේ. වේදනාවේ ඉඳන් භවයට යනවා. “විචිකිච්ඡා පච්චයා භවො” කියන එක එතන ලස්සනට එනවා. අනිත් පැත්තෙන් එනවා මෙතන තියෙන්නේ පරාමාසයට ගියා නම් ඒ competition එක තියන එක, සාරම්භය. ඉතින් සාරම්භයෙන් ඔයා පරාමාසයෙන් යන්නේ ඔයා ද්වේෂ අගති ගමනට. ද්වේෂ අගතියෙන් ඔයා ආපහු යනවා අභිජ්ඣාවට. භවය හරහා තමයි ඒ පැත්තෙන් තමයි යන්නේ අභිජ්ඣාවට. දැන් එතකොට අභිජ්ඣාපි ව්යාපාදාපි සාරම්භාපි කියන එක හොඳ ලස්සනට ඒ පැත්තෙන් එනවා. අභිජ්ඣා ව්‍යාපාදය වෙලා අන්තිමට මෙතන සාරම්භය ආවා. සාරම්භය ආවයින් පස්සේ ආපහු ඉතින් අභිජ්ඣාවට තමයි යන්නේ.
එතකොට මේක තමයි මේ ගමන් කිරීම කියන එක තියෙන්නේ කියලා දැන් අලුවා කෑලි ටිකේ සම්බන්ධය මට හොඳට මේවා වෙලා තියෙනවා. එතකොට දැන් මෙතන තමයි මේ බුදුහාමුදුරුවෝ මෙහෙම තමයි මේ ධර්මය දැකලා මේක කියලා තියෙන්නේ කියන එක බොහොම ලස්සනට ආවා. ඉතින් මෙතැන තියෙනවා හරී ම ගැඹුරක්. මට තේරෙනවා මේකේ හරි වටිනාකමක් තියෙනවා ය, මොකද ඔය විචිකිච්ඡා පච්චයා භවො කියන එකත් මෙතැන දී ම පැහැදිලි වෙනවා, මේ path එකේදිම. එතකොට නිකම්ම නෙවෙයි විචිකිච්ඡා, වේදනා, භවො. ඔය විදිහටයි එන්නේ. විචිකිච්ඡා, වේදනා, භවො කියන එකයි තියෙන්නේ.
ඒක දැක්කා ම මට ඉතින් හරි සන්තෝසයි. එතන ඉතින් ඔළුව හරියට විශාල වෙලා ඒක පවතිනවා. ඕක තමයි කෙටියෙන් කියනවා නම් භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්