Date: 05/10/2013 Name: Sanskara Dukkatha

අද භාවනාව මෙන්න මේ ආකාරයටයි සිද්ධ වුණේ. එතකොට ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ, අද දාහතර නම ම වැඩියා. එතකොට ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මම සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ බුදුවරු 2500 නමකින් බණ අහල තියෙනවා. ඒ බුදුවරු 2500 නමකින් බණ ඇහුවා කියන එක ගැන මට සැකයක් නෑ. මට සැකයක් නෑ, මට ඒ මණ්ඩලය ගැන ශ්‍රද්ධාව ඇත.

එතකොට මම ගන්නවා ඒ ශ්‍රද්ධාව තියෙනවා, ශ්‍රද්ධාව තියන පුද්ගලයාට සම්මා දිට්ඨිය කියන එක තියෙනවා. සම්මා දිට්ඨිය තියෙනවා නම් ඒ පුද්ගලයා නිර්වාණයෙන් තොර වූ කිසිම දෙයක් ගන්නේ නෑ. නිර්වාණයෙන් තොර වූ කිසිම දෙයක් මගේ කියලා ගන්නේ නෑ. එතකොට ඒ භාවනාව දැන් දවස් ගානක් තිස්සේ ඉඳන් කළා ඔය විදිහට. එතකොට ඒ බුදු පියාගේ ඒ විදිහට මම සිහි කරනකොට, එතකොට මම කල්පනා කරනවා, ඔය ඉදංසච්චාභිනිවෙසකායගන්ථයේ තියෙන්නේ මේ පෙර කර්මය කියන එක. අපි කලින් කරපු කර්මය. ඒ කියන්නේ, දැන් අම්මා කෙනෙක් නම් ඒ අම්මා දැන් බබෙක් එහෙම දැක්කහම ආ බබා කියලා, ඒ බබත් එක්ක යනවා මනස. එතකොට මේ පුරුෂයෙක් ගත්තහම ඒ පුරුෂයා පුරුෂයා විදිහට හැසිරෙනවා, තණකොළ ටිකක් දැක්කහම මම තමයි මේක කපන්න ඕනේ කියලා ආදී වශයෙන් එහෙම හිතෙනවා. එහෙම නැත්නම් කාන්තාවක් දිහා බලනවා. කාන්තාවක් නම් පුරුෂයෙක් දිහා බලනවා. ඕක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ අර පුරුෂයා පුරුෂත්වය ඉක්මවන්නේ නැත. කාන්තාව කාන්තාව ය කියන එක ඉක්මවන්නේ නැතෙයි කියන එක.

එතකොට දැන් මෙන්න එහෙම නම් මේ පෙර කර්මයෙ තියෙනවා, මේ පෙර කර්මය කියන එක තේරුම් ගන්න නම් බලන්න අපි පරාමාසය වටේට තියෙන්නා වූ ඔක්කෝම strings ටික තියනව නේ. ඒක අපි කපාගෙන කපාගෙන ගියොතින් කතුරකින්, මොකක් ද ඉතුරු වෙන්නේ? එතකොට හිතෙනවා නේ කිසිම දෙයක් අපි කරන්නේ නැතෙයි කියලා. නමුත් ඉදංසච්චාභිනිවෙසකායගන්ථයේ තියෙනවා මගේ පෙර එක. මේක නිසා ඉදංසච්චාභිනිවෙසකායගන්ථයෙන් පල්ලෙහාට බහිනවා මෝහය, අර අවිද්‍යා ආශ්‍රවය මේ පැත්තෙන් එනවා කාම ආශ්‍රවය, ඒක හරහා අපි සකස් කිරීම කියන එක කරනවා. එතකොට මෙන්න මේ ධර්මය අපි තේරුම් ගන්නට ඕනි.

එතකොට දැන් මේ ධර්මය තේරුම් ගත්තයින් පස්සේ මේ සංස්කාර ගැන අපේ විචිකිච්ඡාවක් කියන එක නැති වෙන්නත් ඕනෙ. ඒ කියන්නෙ මේ සංස්කාරයන්, දැන් මම කිව්වෙ බුදුපියාණන් වහන්සේ 2500 නමකින් බණ ඇහුවා කියන එක ගැන, ඒක සංස්කාරයක්. ඒ සංස්කාරය ගැන විචිකිච්ඡාවක් නැති වෙන්නට ඕනෙ. ඒ වගේ, ඒ කියන්නෙ නිර්වාණයෙන් තොර වූ දෙයක් ගත්තොතින් තමයි මනුස්සයෙකුට මේකක් ඇති වෙන්නේ. එහෙම නම් අපි තේරුම් ගන්න ඕනේ අපිට විචිකිච්ඡාවක් ඇති නොවෙන්න නම් සංස්කාර කියන ඒවා අපි නොහදන්න ඕනෙ. හදපු මනුස්සයට මේ ප්‍රශ්නේ තියෙනවා. ඇයි එයා නිවනින් තොර වූ දෙයක් අර ගත්ත. මේක හරි ද? එතකොට බුදුපියාණන් වහන්සේගේ බුද්ධත්වය කියන එක ගැනවත්, අපිට සැකයක් නොවෙන්නට ඕනෙ. ඒ කියන්නේ නිවනින් තොර වූ දෙයක් අපි නොගන්නට ඕනේ කියන එක තිබුණා.

එතකොට අද මේක මේ සංස්කාර ගැන විචිකිච්ඡාව ගැන ගොඩක් භාවනා කළා. එතකොට මේ, මේ සංස්කාරය, අද බැලුවේ උඩ තියෙනවා චේතනාව, චේතනාවෙන් පරාමාසයට එනවා. ඒ පරාමාසයෙන් චේතනාවෙන් ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට එනවා. එතකොට ඒ දෙක ආවොතින්, අපි අර සළායතන විභංගයේ පෙන්නුව නේ මේ විදිහට පල්ලෙහායින් තියෙනවා කියලා cross එකක් සංස්කාර කියලා. ඒ කියන්නේ මෙතන පරාමාසය, මේ පැත්තේ මෝහ අගති ගමන. මෙතන ඉදංසච්චාභිනිවෙසකායගන්ථය, පල්ලෙහායින් එනවා අපිට භයේ අගතියට යනවා කියන එක. එතකොට මෙතන මේ මැද්දේ point එක සංස්කාරයි කියලා. දැන් බලන්න චේතනාවෙන් මෙතෙන්ට එනවා පරාමාසයට. චේතනාවෙන් එනවා ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට, ඇවිල්ලා මේ දෙකෙන් ම මේ සංස්කාරයට එනවා. ඒ කියන්නෙ මේ handle එකෙනුත් එනවා පරාමාසයේ ඉඳන් ඉදංසච්චාභිනිවෙසයෙනුත් මේ සංස්කාරය කියන point එකට අපි එනවා කියන එක අපි දන්නවා.

එතකොට දැන් මේ විදිහට මේ සංස්කාර භාවනාව, දැන් මේ මම මේ මණ්ඩලාධිපති බුදුපියා සිහි කළා. ධම්මාධිපතිවිනයාධිපති බුදු පියාගේ 2100 යි කියලා මම සිහි කළා. ධම්මරතන බුදු පියාගේ ඔය විදිහට සිහි කළා. ඔය මැද්දේ දී එක බුදු පියෙක් අරගෙන සංස්කාරය ගැන මම මේ බැලුවේ. දෙවෙනි බුදුපියත් එක්ක මම ආපහු සංස්කාරය කියන එක බැලුවා. ඉතින් දැන් භාවනාව බොහොම ගැඹුරට ගිහිල්ලා ගිහිල්ලා, මට එනවා, මට තාම බැරි වුණා නේ මේ සහම්පති මහා බ්‍රහ්ම බුදු පියාව සිහි කරන්න. දැන් තුන් නමයි සිහි කරලා තියෙන්නේ. දැන් භාවනාවේ මම මිනිත්තු විසි ගානක් ගිහිල්ලා, මේ වෙනකොට මිනිත්තු විසිපහක් විතර ගිහිල්ලා.

ඒ පාර රහතන් වහන්සේ කිව්වා, “ඒක කමක් නැතෙයි” කියලා. කිව්ව ගමන් මට හරි සැනසීමයි. ඒ පාර මොකද තව බුදුවරු අච්චර ගානක් යන්න තියෙනවා. ඒ පාර මට තේරුණා එහෙම නම් මේ සංස්කාරය කියන එකට මේ අර pressure එකක් නැත්නම් මේ මොකුත් ප්‍රශ්නයක් නැතෙයි කියලා.

එතකොට දැන් මට ඊට ඉස්සෙල්ලා මේ හරියේදි භාවනාවෙදිම ආවා, අර මම කිව්වේ මිනිත්තු විස්සක් විතර ගියයි කියලා. උඩ සංස්කාර එකක් තියෙනවා. ඒ මොකක් ද, චේතනාවයි ඉදංසච්චාභිනිවෙසයයි, ඊළඟට විඤ්ඤාණයයි පරාමාසයයි, මෙතන cross වෙන තැනත් මෙතනත් සංස්කාර. සංස්කාරය කියන එක පහළත් තියෙනවා, උඩත් තියෙනවා. මේක උඩ, මේක පෙර. දැන් ටිකකට ඉස්සෙල්ලා කතා කළේ පසු එක කියන එක. එතකොට මේ පසු සංස්කාරයෙන් තමයි මේක හදන්නේ, උඩ එක හදන්නේ. “සංඛතං අභිසඞ්ඛරොති” මේ සංස්කාරයෙන් මෙන්න හොඳ ලස්සනට පේනවා මේ සංස්කාරය විසින් මේ සංස්කාරය හදනවා නේ ද කියන එක. අර සංස්කාරයේ pressure එක නැත්නම් මෙතන ආපහු එකක් හැදෙන්නේ නෑ.

දැන් එනවා, “සබ්‌බසඞ්‌ඛාරසමථා, සඤ්ඤා උපරෝධනා.” එතකොට මට එනවා, මම කල්පනා කරනවා, කොහොම ද සංස්කාරය සමථය වෙන්නේ. පසු එකෙන් මේක හදන්නෙ නැති වෙන්න ඕනෙ. පෙර එක නිසා පසු එක හදන්නෙ නැති වෙන්න ඕනෙ. මේක මෙහෙම වෙන්න පුළුවන් වෙන එක ම අවස්ථාව තමයි මේ සංස්කාර සම්බන්ධයෙන් අර තුන් ආකාර වූ දේ අපි දැන ගන්නට ඕනෙ. මොකද්ද? අර අපි දන්නව නේ ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ පෙන්නුවේ, සංස්කාරයේ අභිනිවේසය තියනවද එහෙම නැත්නම් මේ අවිද්‍යාව තියනවද, මෝහය තියනවද මෙන්න මේ තුන තියන තාක් කල් මේක ඇදෙනවා කියලා අවස්ථා තුනේ දී ම, පරාමාසය ඉදංසච්චාභිනිවෙසයට ඇදෙනවා.

සබ්‌බසඞ්‌ඛාරසමථා කියලා කියන්නේ අර සංස්කාරය ගැන මට තණ්හාවකුත් නෑ. ඒ ගැන මට අවිද්‍යාවකුත් නෑ. ඒක නිසා ඇති වෙන්නා වූ මෝහයකුත් නෑ. මෙන්න මේක වෙනවා නම් විතරයි මේ සංස්කාර කියන එක සමථ වෙන්නෙ. ඉතින් මේක වෙන්න පුළුවන් කොයි වෙලාවෙ ද? නිවනෙදි විතරයි. මේක ආවා. මේක හරි ම, හරි ම ගැඹුරුයි.