Date: 07/10/2013 Name: Nivarana

අද භාවනාවෙදි රහතන් වහන්සේ මට කිව්වෙ, මේ පංචනීවරණ කියන එක, ඒ භාවනාව කරන්න කියලා. මම කියනවා නේ අර පංචනීවරණයන් යටපත් කරමි කියන එක කියනවා නේ.

එතකොට මේ ඒ වෙලාවෙදි මම බැලුවා මේ කාමච්ඡන්දය කියන එක. එතකොට කාමච්ඡන්දය කියන එක, එතකොට කාමච්ඡන්දය කියන එක වෙන්නෙ කොහොම ද කියන එකයි බැලුවේ. එතකොට එතනදි පේනවා මේ කාමච්ඡන්දය කියන එක, අපි අර belt එක තියෙනව නේ අභිනිවේස diagram එකේ මතකයි නේ නේ ද? ඒ belt එක කරකවලා තමයි අපි මේක හදා ගන්නෙ. එතකොට ඒ මෙතනදි මට කල්පනා වුණේ අපි පුනපුනා ස්පර්ශ කරනවා. දැන් රූපයක් නම් පුනපුනා ස්පර්ශ කිරීමෙන් තමයි මේක ඇති වෙන්නෙ. මේක පුනපුනා ස්පර්ශ කරනවා කියලා කියන්නෙ අපි දන්නවා අර සල්ලය කියන කතාව ඇති වෙනව නේ, අර උඩ තියෙන තණ්හා කියන belt එක තියෙනව නේ, ඒ තණ්හා කියන belt එක නැවත නැවතත් කරකවනවා. ඒ කරකවනකොට නිකන් කරකැවෙන්නේ නෑ. මෙතනින් මට කරකවන්න නම් විඤ්ඤාණය බැස ගැනීමක් තියෙන්න ඕනේ. එතකොට නාමරූපයන් කියන එක හැදීමක් තියෙන්න ඕනේ.

සමහර අය තවම දන්නෙ නෑ. මේකෙ අර “නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො” කියලා අපි ගාථාවක් ඉගෙන ගන්නවා. ඒ ගාථාවෙ හැටියට තමයි ඒ belt එක කැරකෙන්නේ. එතකොට මෙතන belt එකයි, එහා පැත්තෙන් ඇති වෙන belt එකයි කියන දෙක උඩ තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට මෙතනදි මේ පුනපුනා ස්පර්ශ කරනවා, මේ විදිහට විඤ්ඤාණය පුනපුනා පිහිටවනවා කියන අදහස ආවහම, මට අදහසක් මට දැනුණා, මේක මෙහෙම වෙන්න නම් එහා පැත්තෙන් යම්කිසි කෙනෙක් අගයක් දෙන්නට ඕනි. අනිත් පැත්තෙන් කවුරු හරි කෙනෙක් අගයක් දෙන්නෙ නැත්නම් මේක මේ විදිහට වෙන්නෙ නෑ. එතකොට ඒ වෙලාවෙ මෙහෙම අගයක් දෙනවා ය කියලා සිතුවහම මේක කැරකෙන එක නතර වුණා. ඒ කියන්නෙ කැරකෙන එක නතර වුණා කියන්නේ, මම මේ සිතන එක නතර වෙනවා.

දැන් මට භාවනාව මීට වඩා එහාට ගෙනියන්න අමාරුයි. ඒ කියන්නේ මේකෙ purpose එකක් නෑ. තවදුරටත් මේක ගෙනියන්න, ඒ කියන්නෙ මේ අනිත් අයට කියන්න, මට මේක මේවා කරගන්නත් මේක දැන් ඊයේ වගේ brake ගහගෙන මේක ගිහිල්ලා දැන් එතනින් එහා අපිට හිතන්න හරි අමාරුයි. මේ මොකක් ද ඔළුවෙ නිකන් දැනුණා, physically ම දැනෙනවා, ඒක මොකක් හ‍රි එකක් මෙහෙන් මේවා වුණා කියලා. දැන් මේක දුවන්නෙ නෑ. පොඩ්ඩක් ඔහොම ඉඳලා, ආයෙත් කල්පනා කළා මේක කොහොම ද වෙන්නෙ කියන එක හෙමින් සීරුවේ ආවා. ඒ හෙමින් සීරුවේ ආපහු ආවා ම දැන් ඔන්න දෙවෙනි පාරට මම හිතනකොට දැන් ආයෙත් හිතන්න පුළුවන්කම දැන් ඇති වේගෙන එනවා පොඩ්ඩක්. ඒ කියන්නෙ හිතන්න ඕනකමක් නැති වීම කියන එක දැන් යන්තන් ආයෙත් ඇති කරගත්තා.

දැන් ඊට පස්සේ දැන් මට පේනවා මේ පැත්තෙ මේ කවුද මේ අගය දෙන්නෙ, චේතනාව ද? චේතනාව වෙන්න බැහැයි කියන එක මට ආවා. මෙහෙම පොඩ්ඩක් බලාගෙන යනකොට මට හිතුණා හරියට ම මේ අවිද්‍යා ආශ්‍රවය තමයි මේ අගය දෙන්නෙ. ඒ සංස්කාරයට අගය දෙනවා. ඒ කියන්නේ product එකට අගය දෙනවා. Factory එකේ හදන product එකට අගය දෙනවා වගේ, මේ සංස්කාරයට මේ අවිද්‍යා ආශ්‍රවය මගින් අගයක් දෙනවා කියන එක ආවා.

එතකොට මෙතනදි මට පෙනුණා, ඕකෙ මම වෙන පැත්තක පාරක යන්න හදනකොට ආයෙත් රහතන් වහන්සේ නැවැත්තුවා. ඒ එතකොට මට පෙන්නුවා මේ ඇඳේ ඇතිරිල්ලයි, කොට්ටෙයි අපි නිදා ගත්තහම චප්ප වෙලා තියෙනව නේ. ඇඳේ ඇතිරිල්ල මේවා වෙලා තියෙනව නේ, මේ බාගෙට මේවා වෙලා තියෙනව නේ. දැන් අපිට ඕක හදන්න හිතෙනවා නේ. කොට්ටෙ නම් පොඩ්ඩක් තට්ටු කරලා හරි ඔළුව අර උඩට ඉස්සෙන්න ඕනි. ඇඳේ ඇතිරිල්ල හරියට තියන්න ඕනේ. ඕක මොකක් ද ඔය? ඕකත් ඔය product එකට ඇලීම තමයි. සංස්කාරය කියන එකට ඇලෙනවා. මේක හදලා තියන්න ඕනේ. පුරුදු වෙලා තියෙන විදිහට අනුව මේක හදන්න ඕනේ කියන එක. එතකොට දැන් මේක තේරුණා ම ආයිත් නතර වුණා. දැන් ආයෙ හිතන්න බෑ. ඒ කියන්නේ මේ ධර්මය දැන් මෙතන හිතනවා කියන එක නතර වෙනවා කියන්නේ, අර දැන් මේ දක්වා මම මෙතෙන්ට ආවේ කොහොම ද කියන එක තියෙනවා නේ, ඒ කියන එකත් erase වෙලා වාගෙ. ඒ කියන්නේ මේකටත් දැන් අගයක් දෙන්නෙ නැත්නම් කෙනෙකුට කියන්න පුළුවන්කමක් ඇත්තෙත් නෑ. අපි ඒ ධර්මය මතක තියා ගන්නෙත් මේකට අගයක් දීල නේ.

එතකොට මෙන්න මේ විදිහට මේ product එකට අගය දීමෙන් තමයි අපි මේක කරන්නේ. එතකොට මේ පැත්තෙන් මේ belt එක කරකවනවා. කාමච්ඡන්දය තියෙන belt එක කරකවනවා. ඒ කරකවනවා කියලා කියන්නෙ නිකන් ම නෙවේ අර නාමරූපය සහිතවයි කරකවන්නේ. විඤ්ඤාණය පිහිටුවමින් කරකවනවා. ස්පර්ශ කරන්න නැවත නැවතත් විඤ්ඤාණය පිහිටුවනවා. ඒක එහෙම පිහිටවලා හැදෙන්නා වූ චිත්ත සංස්කාර වේවා, වචී සංස්කාර වේවා, කාය සංස්කාර වේවා, අපි ඊයේ බැලුවේ ඒ සංස්කාරවලට ඇලෙනවා කියන එක. ඒකට තමයි මේ කරන්නෙ.

ඉතින් ඔතනදි මට ආවේ, ඕක මැද්දේ දී ආවා, තව දිගට ගියා මේ භාවනාව, ඒකෙ මේ මේක තමයි මේ සංයෝජන කියන්නෙ. සංයෝජන කියන්නෙ ඕකයි. ඒ කියන්නෙ ඇස තියෙනවා, රූපය තියෙනවා, ඇහැයි රූපයයි ගැටිලා ඇති වෙන්නා වූ සංයෝජනය දත යුතු ය.

එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා, මේ ඇස කියන්නෙ සංයෝජනීය වූ ධර්මයක්. එතකොට අර ඒ රූපයක යම්කිසි ඡන්දරාගයක් වෙනවද, මේක තමයි සංයෝජනය. ඒ කියන්නෙ අර පැත්තෙන් හැදිලා එන product එකට යම්කිසි ඇල්මක්, ඡන්දරාගය මෙන්න මේක තියෙනවා නම් තමයි මේක දුවන්නේ. ඕක තමයි ඒ භාවනාව.

මේක හරි ලස්සන වැඩේ කියන්නෙ අර සිත නතර වෙන විදිහ. පුදුම නතරවිල්ලක් ඒක, ඒක වෙන්නෙ මේ කියන්නවත් සිත හදාගන්න බෑ. ඇඳ ඇතිරිල්ල හැදිල්ල කොහොම වෙතත්, හිතන්නවත් මේ කියන්නවත් සිත හදාගන්න බෑ, ඒ flow එක. මේක තමයි මේ භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_potalia.jpg


s_abhinivesa.jpg