අද මම භාවනාව කළේ ඒ, මම මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මෙනෙහි කළා. ඒ බුදුපියාණන් වහන්සේ, මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ බොහෝ කාලයක් තිස්සේ ඒ කියන්නේ බුදුවරු 2500 ක් කාලයක් තුළ ඉඳන් මේ, ඒ කියන්නෙ බුද්ධ ශාසන 2502 ක් ගොඩ අරගෙන තියෙනවා. එතකොට මේ විශාල කාලයක් තුළ තථාගතයන් වහන්සේගේ වචනයට ගරු කරනවා. ඒ කියන්නෙ බුදුහාමුදුරුවෝ ඒ මණ්ඩලාධිපති බුදු පියාටත් ඒ අකනිට්ඨ බ්‍රහ්ම ලෝකේ ඉපදෙන්න, ඒ විවරණයන් දුන්නෙ තථාගතයන් වහන්සේ. එතකොට තථාගතයන් වහන්සේ යම්කිසි දෙයක් ප්‍රාර්ථනා කළා ද මේ බුදුපියාණන් වහන්සේට එහෙ ගිහිල්ලා ඉපදෙන්නෙයි කියලා, ඒ එදා, ඒ කියන්නෙ වචනයෙන් ඔළුවෙ යම්කිසි දෙයක් එතන කරලා තියෙනව නේ. එතකොට වචනයකින් යම්කිසි දෙයක් දුන්න ද, මනසින් ඒක ඇඳීමක් කළා ද, ඒ දේට මෙච්චර කාලයක් ගිහිල්ලත් තාමත් ගරු කරනවා. එච්චර කාලයක් ගිහිල්ලා ගරු කරන නිසා තමයි ඒ බුදුපියාණන් වහන්සේ ඒ ඇවිල්ලා උදව් උපකාර කරන්නෙ.
ඒ අදත් ඒ බුදුපියාණන් වහන්සේ තමයි අද වැඩියේ. ඉතින් බුදුපියවරු හත් නමක් වැඩලා තිබුණා. එතකොට පොඩ්ඩක් හිතලා බලන්න මෙච්චර කාලයක් තිස්සේ ඒ බුද්ධ වචනයට ගරු කරනවා කියන එක. ඒ බුදුහාමුදුරුවෝ දීපු අදහසට ගරු කරලා ඒක කරනවා කියන එක.
ඉතින් ඔය විදිහට මම අනිත් බුදු පියවරුත් ඒ සිහි කළා, ඒ විශාල කාලයන් පවත්වලා තියෙනවයි, ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ 2103 ක් බුද්ධ ශාසන පවත්වලා තියෙනවා කියන එකයි කිව්වෙ. එතකොට ඒ කියන්නේ 2103 ක් ගොඩ අරගෙන තියෙනවා. ඒ කියන්නේ එහෙට යන්නත් පෙර ඉඳන් කරපුව තියෙනවා නේ. දැන් මණ්ඩලාධිපති බුදුපියත් යන්න පෙර බුද්ධ සාසන ගොඩ අරගෙන තියෙනවා. එතකොට මේ විදිහට මේ අනුපිළිවෙළින් මෙහෙම සිහි කළාට පස්සෙ ඉතින් මෙතන ම තියෙන්නා වූ ශ්‍රද්ධාව අධිකයි.
ඉතින් මම මගේ පන්සිල් ගන්න ක්‍රමයෙ හැටියට මම කියනවා නේ කාමච්ඡන්දය, ඒ කියන්නෙ මම දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි කිව්වහම පංචනීවරණයන් යටපත් කරමි කියන එක. එතනදි “පටන් ගන්න යැයි ද නොකියමි. නැත යැයි ද නොකියමි” කියන අර්ථය කිව්වා. ඒ කියන්නෙ තව පොඩ්ඩක් ඉස්සරහට යන්න. මොකද දෙවෙනි එකේදි තියෙන්නෙ, මේක හරහා ගොස් අරි අට මඟ හරහා, පංචනීවරණ යටපත් කොට, ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා ගමන් කරමි කියන එක. අන්න එතෙන්ට ආවහම දැන් මම දන්නවා මෙතනින් තමා මේ පටන් ගන්නෙ කියන එක. එතනින් පටන් ගත්තා. එතකොට ඒ කියන්නෙ මේ දෙක අතර සම්බන්ධතාවය ඇතිව පටන් ගන්න කියන එක.
ඒ පාර මම ගත්තා කාමච්ඡන්දය කියන එක, ඒවා නීවරණ. එතකොට ඒ නීවරණයන් කියන එක අර පෝතලිය සූත්‍රය වගේ එතන සම්බන්ධ වෙනවා. අර සංයෝජනයන් ඇති වෙනවා අදත්තාදානයන් කියන ඒවා, මෙය ම සංයෝජනය වන්නේ ද මෙය ම නීවරණ ද වන්නේ ය කියලා. එතකොට දැන් මෙතන මේ මුල කෙළවර කාමච්ඡන්ද කතාව, එහා පැත්තෙ කෙළවර ඔය නීවරණ, අදත්තාදානය කියන එක. ඉතින් මෙතන උඩ පැත්ත සම්බන්ධ වෙනවා. කාමච්ඡන්ද පැත්ත සම්බන්ධ වෙනවා උඩ පැත්තෙ තියෙන්නා වූ ඒ ඒ ධර්මයට.
මේකෙ diagram එකක් හැටියට බලනවා නම් ඉතින් අපි ඊයේ බලපු අර diagram එක තමයි හුඟක් ම සුදුසු වෙන්නෙ. එතන පේනවා මේ කාමච්ඡන්දය තියෙනවා, මේ පැත්තෙන් ගත්තහම අපි දන්නවා අදත්තාදානය තියෙනවා කියන එක. එතකොට මේ උඩ ධර්මයන් එක්ක සම්බන්ධතාවය කියන එක තියෙනවා. දැන් මේක කල්පනා කළහම මට පේනවා ඉතින් අර අරි අට මඟේ ගමන් කරන පුද්ගලයා මේවා මගේ කියලා ගන්නෙ නැතුව මේක පහ කරනවා කියන එක තියෙනවා. ඒ කියන්නෙ එයා සම්මා දිට්ඨිය, මිච්ඡා දිට්ඨිය පහ කරලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්න නම් මේවා මගේ කියලා ගන්නෙ නෑ. අදත්තාදානයෙන් මම ජීවත් වෙනවා කියන එක ගන්නෙ නෑ කියන අර්ථය එනවා. එතකොට ඒකෙ අර විශේෂ අර්ථය එනවා, මේ දැන් තිබෙන්නා වූ දේ තමයි අදත්තාදානයෙන් අපි ජීවත් වෙනවා කියන එක. දැන් තියෙන අවිද්‍යාව, අදත්තාදානයෙන් යුතුව රස්සාවක් කරගෙන හරි ජීවත් වෙනවා කියන අර්ථය තියෙනවා.
දැන් මේක කල්පනා කළහම මට පේනවා මේ ස්පර්ශය වටා නේ මේක සිද්ධ වෙන්නෙ. එතකොට මේ රූපයේ ඉඳන් මේ ස්පර්ශයට සම්බන්ධතාවයක් තියෙනවා. අපි හිතමු මේ ස්පර්ශය වටේ තියෙන්නා වූ දේවල් ටික මම කපනවා කියලා. එතකොට මම කල්පනා කළා මේ පළවෙනියෙන් ම මෙන්න මේ කෑල්ල කපනවා කියලා. රූපයයි ස්පර්ශයයි අතර තියෙන්නා වූ සම්බන්ධතාවය කපනවා කියලා හිතුවා. ඒ කියන්නෙ රූපය ස්පර්ශ වෙන්න දෙන්නෙ නෑ.
ඒ අවස්ථාවෙදි මම කල්පනා කළා, මේක රූපය ස්පර්ශ වෙන්න දෙන්නෙ නැත්නම් කොහොම ද, මට දැන් මේ සිතුවිලි ගලාගෙන එන්නෙ. එතකොට මේක පේනවා මේ භවය නිසා තමයි මේක සිද්ධ වෙන්නේ. අර අලුවා කෑල්ලෙ කතාවත් එක්ක තමයි කෙළින් ම මේ ස්පර්ශයට මේ පල්ලෙහායින් අර භවය කියන කතාවත් එක්ක සිද්ධ වෙනවා. ඒ අලුවා කෑල්ලෙ තියෙනවා, මෙතනින් තියෙනවා අභිජ්ඣා කායග්‍රන්ථය. මේ පැත්තෙ තියෙනවා ද්වේෂයෙන් අගති ගමන. මෙතන තියෙනවා වේදනාව. මෙතනින් තියෙනවා මේ ඡන්ද අගති ගමන. ඔය කෑල්ල මේවා කළා ම මෙතන හරියට cross වෙන තැන තමයි භවය කියන එක තියෙන්නේ. භව ආශ්‍රවය අරවා මේවා ඒවා වෙනම තියෙනවා, මෙතනින් භවය කියන point එක මෙතනින් තියෙනවා.
එතකොට භවය කියන එක ගත්තහම මේ වෙලාවෙදි මම කල්පනා කළා මේ පාර දිගේ ම ඉතින් භවයේ කෑලි වශයෙන් භව ආශ්‍රවය ඒවා ඔක්කොම තියෙනව නේ. එතකොට මට පේනවා එහෙම නම් මෙන්න මේ ද්වේෂ සල්ලය කියන එක නිසා මේ වේදනාවේ අපේ විඤ්ඤාණය පිහිටනවා. ස්පර්ශය කැපුවට වේදනාවේ කොටස අල්ලාගෙන අපේ විඤ්ඤාණය නිතර ම පවතිනවා. මං කිව්වෙ අර කුණු බොක්කෙයි අපි ඉන්නේ කියලා. කුණු බොක්කෙ ඉන්න පුද්ගලයාට නැවත නැවතත් වේදනාව කරා ගමන් කරනවා. එහෙනම් අපි ඕන වෙලාවක මේ වේදනාවත් එක්ක ඉන්නවා. ඉතින් ඕවයෙ එක එක, ඒ කියන්නෙ උදාහරණ වශයෙන් පෙන්වන්න පුළුවන්. ඒ මටත් උදාහරණයක් පෙන්නුවා එතනදි.
දැන් අපි හිතමු සරල උදාහරණයක් ගත්තොතින්, ඔය පුද්ගලයෙක් තව එක්කෙනෙක් කනවා නම් අපිටත් කන්න හිතෙනවා නේ. එතකොට දැන් තමන්ගේ හිතේ මුලින් ම මේකක් නෑ අරක, හැබැයි අරයා කන හින්දා මේ බඩගිනි නැති වුණත් මේ පුද්ගලයාට මේ ඇතුළෙන් එනවා. ඒ කියන්නෙ මේ ද්වේෂ අගති ගමන ගිහිල්ලා වේදනාව අල්ලගෙන ම අපි ඉන්නවා. එතකොට දැන් මට පේනවා එහෙම නම් මේ තුන් ආකාර වූ වේදනාවෙන් ම අපි මේක කරනවා. අපි දන්නවා අපි සාකච්ඡා කරපු විදිහට මේ පරිග්ගහය කියන එක ඇති වෙනවා නම් එහෙම සුඛ වේදනාවක තියෙන්නා වූ ඒ සඤ්ඤාව තියෙන සුඛ සඤ්ඤාව තියෙනවා නම් කෙළින් ම අපි මේ ස්පර්ශයට එනවා. එතකොට මේ වේදනාවෙන් මේ පැත්තට එනවා කියන එක අපි දන්නවා. අර බාහිර වස්තූන්ගේ පරිග්ගහය ගැන කතා කළේ.
එතකොට දැන් සුඛ වුණත් මේක බොහොම පහසුවෙන් මේක පේනවා. දුක වුණා ම අපි නිතර ම සුඛ වෙන්න හදනව නේ. අන්න ඒක නිසා මේක පිහිටනවා. ඒකෙ කතා කළ යුතු දෙයක් නෑ. දෝමනස්සය ඇති වුණා නම් fix කරන්න හදනවා ම තමයි. කැඩුණ නම් හදන්න යනවා. එතකොට අනිත් අවස්ථාවෙදිත් මේ පැත්තෙන් මේ අදුක්ඛමසුඛ අවස්ථාවෙදිත් අපි නැවතත් පිහිටනවා. එහෙනම් වේදනාව වටා නැවත නැවතත් මේකෙ පිහිට වීම කියන එක අපේ තියෙනවා. අපි ඔතන තමයි ඉන්නේ.
එතකොට දැන් මෙහෙම නම් මෙතන අපිට දැන් මෙතන අලුවා කෑලි වශයෙන් අපි දන්නව නේ යන හැටි. මෙතනින් ස්පර්ශයයි, ඔය සඤ්ඤාවයි පරාමාසයයි අතර සම්බන්ධය, වේදනාවයි මනොසඤ්‌චෙතනාවයි අතර මෙන්න මෙතන තමයි අර නාමය රූපය කියන එක තියෙන්නෙ. කැපෙන තැන තමයි නාමරූපය කියන එක. අර centre of gravity වාගෙ, ඇති වෙලා තියෙන්නේ. මේක හරහා දිගට ම මේකෙ ගමන් කරනවා කියලා අපි දන්නවා. ඉතින් මෙතනින් මේ ඇති වෙන්නා වූ දෙයින් කෙළින් ම ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට එහෙනම් අපි එනවා. අලුවා කෑල්ල යන රටාව පේනව නේ. මෙතන ස්පර්ශය, මෙතන වේදනාව, එතකොට මෙතන නාමරූපය වෙනකොට මේ වේදනාවෙන් මනොසඤ්‌චෙතනාවට ගියා නම් එතනින් ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට ගිහිල්ලා. මේවා සත්‍යයක් කියලා එහෙනම් අරගෙන ඉවරයි.
එතකොට මේ විදිහට ආවහම මම කල්පනා කළා, මෙතනින් දැන් අගයක් දෙනව නේ. මෙතනින් අගයක් දෙනවා කියන එක තමයි මෙතන මේ සරසඞ්කප්පය වෙන්නෙ කියලා කල්පනා කළා. එතකොට මම එතන කල්පනා කළේ මේ රූපයට අගයක් දීමෙන් ම තමයි සරසඞ්කප්පය, එතකොට මණ්ඩලාධිපති බුදුපියා ඒක නිවැරදි කළා, “රූපය නිසා ඇති වුණා වූ නාම කොටසට අගයක් දීම කියන එක.” රූපය විතරක් නෙවේ, රූපය නිසා ඇති වුණා වූ නාම කොටසටත් අපි අගයක් දෙනවා. මේ දෙක උඩ ඇති වෙන්නා වූ සරසඞ්කප්පයෙන් තමයි මෙතන මේක සිද්ධ වෙන්නෙ.
ඒ කියන්නේ මම ආහාරයක් නම් ඒක කලින් කාලා ඒක ගැන මට හැඟීම් තියෙනවා. යම්කිසි ස්පර්ශයක් ලබලා ඒකෙන් වේදනාවක් ලැබුව ද ඒ වේදනාව ගැන මට සඤ්ඤාවන් තියෙනවා. ඒක ගැන ඇති වුණා වූ චේතනාවන් තියෙනවා. මෙන්න මේ නාම කොටසට, රූපය සඳහා වූ නාම කොටස සඳහා වූ මේ කොටසක් තියෙනවා. රූපය තියෙන අවස්ථාවෙදි මේක තියෙන බව අපි දන්නවා. දැන් රූපය කපලා නේ මේ කතා කරන්නේ, අන්න ඒ කැපුවා වූ අවස්ථාවෙදිත් මේක මේ විදිහට දුවනවා කියන එක තියෙනවා.
ඉතින් අපි දන්නවා මේ විදිහට මේ belt එක කැරකිලා, මේක හරහා ධම්මමච්ඡරියෙන් හරහා ගිහිල්ලා ඒ යනවා. එතකොට මෙතන මේ අලුවා කෑල්ලේ පැහැදිලිව ම පේනවා අර එහෙම උස්සනකොට ඉතින් අපි අර අපි සඤ්ඤාව උස්සනවා කියලා කිව්වෙ, අර ආයතන diagram එකේ එහෙම පටිඝය මගින් මේක උස්සලා කරනවා කියන එක. අන්න ඒ කෑල්ල මෙතන සිද්ධ වෙනවා කියන එක. එතකොට මෙන්න මේ විදිහට තමයි භාවනාව කෙරුණේ.
එතකොට රූපය කපලාත් අර විදිහට සිද්ධ වෙනවා. ඒක නේ අර “රූපෙ විභූතෙ න ඵුසන්ති ඵස්සා” කියලා කිව්වහම අපි ඊයේ කතා කරපු දේ, ඒකේ විභූතියක් කියලා කිව්වහම කිව්ව නේ ඔක්කෝම ටික අපේ අයින් වෙන්න ඕනි කියලා. මේවායින් තොර වූ ආකාසානඤ්චායතන වේවා, මේ නාම කොටසේ තිබෙන්නා වූ දේවලුත් අයින් වෙන්නට ඕනි. නැත්නම්, මේකෙ මේ, ඉතින් මේකෙ මේ හුඟාක් ගැඹුරට මට වැටහිච්ච එක තමයි අපේ මේ විඤ්ඤාණයෙන් වේදනාව අල්ලගෙන ම තමයි බොහෝ විට මේක පවතින්නේ.
ඒක වේදනාව අල්ලගෙන බොහෝ විට පවතිනවා කියන එක ඔය තථාගතයන් වහන්සේගෙන් ඇහුවා, මනුස්සයෙක් ඉපදිලා නැත්නම්, කෙනෙක් මැරිලා නම්, ඒ පුද්ගලයා මව් කුසකට ගියෙත් නැත්නම්, ඒ පුද්ගලයා මොකක් අල්ලගෙන ද ඉන්නෙ කියලා, කුතුහල සූත්‍රයේ. එතකොට තථාගතයන් වහන්සේ කිව්වා මේ තණ්හාව අල්ල ගෙනයි ඉන්නේ කියලා. එතකොට එයාගෙ විඤ්ඤාණය මේ වේදනාවේ නැවත නැවතත් පුනපුනා පිහිටනවා තණ්හාව අල්ලගෙන මෙයා පවතිනවා. ඔන්න ඕක තමයි භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්