ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරා. ඒ ජීවමානව වැඩ සිටින්නා වූ ඒ ශ්‍රේෂ්ඨතම පළමු වන බුදුපියා වශයෙන් මෙනෙහි කළා. ඔය විදිහට දෙවෙනි බුදුපියා තුන් වෙනි බුදුපියා මෙනෙහි කරා. ඒ කියන්නේ බුදුවරු දාහතර නම ම ඔය විදිහට මම ගියා. මට කිව්වේ තුන් නමක් කළහම එතන ඇති ය කියන එකයි. මම මේ දාහතර නම ම මෙනෙහි කරලා, ඒ කියන්නේ විස්තර වශයෙන් නැතිව මෙනෙහි කරලා, මම ඔය ඉතින් එක නමක් හිටියත් මේ ලෝකෙට ඇති ය, මේ දාහතර නමක් ඉන්නවා කියන්නේ මහා වාසනාවක් ය කියලා. එතකොට ම මට තේරෙනවා මේ අර spinning මේවා ඔක්කෝම මේවා සහිතව තියෙනවා.
එතකොට මම පන්සිල් අරගන්න විදිහට ගියා. ඡන්ද චිත්ත විරිය විමංසා කියනකොට මට එකපාරට ම අර හතරේ කතිරය තියෙනවා නේ ඡන්ද චිත්ත විරිය විමංසා චක්‍ර diagram එකේ, ඒකයි මේකයි සම්බන්ධ උණා. අතනත් හතරයි මෙතනත් හතරයි. එතකොට මම මේකෙ කල්පනා කළා මේකෙ මේ වේදනාව කියන එක නේ අතන, දැන් මට මුලින් ම එකපාරට ම එනවා එතකොට මේ තිත, මේ මැද්දේ තියෙන්නා වූ තිත කියන එක, මේකෙ තියෙන්නේ ද්වේෂය කියන එක. මේක එකක් හැටියට මෙතන මේ කල්පනා කරනකොට, මේ වේදනාව ද්වේෂය කියන එක එනවා. ඒ පාර රහතන් වහන්සේ කිව්වා, “විශිෂ්ටයි කියන්නේ නැහැ” යි කියලා, හැබැයි “ඒක තල දෙකක තියන විදිහට බලන්න ඕනෙ” කියලා.
එතකොට ඒ කියන්නේ අර හරියට fan එක එල්ලලා තියෙනවා පොල්ලෙන්. අර උඩ එක පොල්ලක් උඩ තියෙනවා සම්බන්ධයක්, පල්ලෙහායින් තියෙනවා කැරකෙන්න පුළුවන් හැකියාව තියන එක. එතකොට දැන් මේක කැරකෙනවා කියන එක ගත්තහම, දැන් පල්ලෙහා තියන හතර දැන් ඔයා දන්නවා. ඒ කියන්නේ ඉන්ද්රිය සංවරයයි, ඊළඟට ගත්තහම උඩ ඉරිසියාව, මෙහා පැත්තෙන් මේ හතර හරහට යන horizontal කෑල්ල, ථීනමිද්ධය, sickness එක කියන එක, පල්ලෙහායින් ඉතින් ද්වේෂ අගතිය ගමනට යන්න, භවයට යන්නා වූ ඒ දේවල් ටික තියෙනවා.
එතකොට දැන් මේක මම කල්පනා කළා, ඒ භාවනාවේදි ඉරිසියාව කියන එක, දැන් මෙතන එල්ලිලා නේ තියෙන්නේ උඩ දැන්, ඡන්ද චිත්ත විරිය විමංසාවේ ඒකත් එක්ක බැලුවහම අතන වේදනාව තමයි මැද්දේ තියෙන්නේ. මෙතන මේ වේදනාවට තමයි ඇලිලා නේ එල්ලිලා නේ මේ තියෙන්නේ මේ තියෙන්නේ පහළ fan එක කැරකෙන්න තියෙන්නේ.
එතකොට දැන් මම කල්පනා කරා මේක මේ නතර වෙන්න ඉරිසියාව කියන එක නැති වෙනවා නම්. ඒ කියන්නේ දැන් මක්ඛය කියලා කියන්නේ, මක්ඛය උණාට පස්සේ එහෙනම් භව ආශ්‍රවය අපිට තියෙනවා. ඒක දැන් අපි බැලුව නේ ටිකකට ඉස්සෙල්ලා. ටිකකට ඉස්සෙල්ලා අපි බැලුවා අර අසම්පජානකාරීත්වය කතා කරපු වෙලාවේ, මේ පැත්තෙන් තියෙන්නේ ඉන්ද්රිය අසංවරය, භව ආශ්‍රවය, කුක්කුච්චය. එතකොට දැන් මම මක්ඛය උණා නම් භව ආශ්‍රවයේ කතාව තියෙනවා, භවයේ යන කතාව තියෙනවා. මේ කියන්නේ මගේ පසු සඤ්ඤාවක්, භව ආශ්‍රවය කියන එක.
දැන් මම කල්පනා කරනවා මම මක්ඛය කියන එක නැත්තන්, මේක ගන්නේ නැත්තන්, මේ fan එකේ පෙති ටික කැඩෙනවා ද, නැති වෙනවා ද, කියන අර්ථය තමයි මට මේ භාවනාවෙන් පෙනුණේ. ඒ කියන්නේ මට පුළුවන් කියලා කල්පනා උණා මේ ඉරිසියාව කියන එක නැති වෙන ප්‍රමාණයට මක්ඛයක් තිබෙන්න පුළුවන්. ඒ කියන්නේ මටත් මේක තියෙනවා නම් හොඳයි කියලා හිතනවා, අරයාට හම්බවුණායි කියන එකට මගේ විරුද්ධත්වයක් නෑ. එයාට ලැබුණා කියන එකට මට විරුද්ධත්වයක් නෑ, මටත් තිබුණොත් හොඳයි කියන එක මම කියනවා. එතකොට ඒ කියන්නේ අර පෙත්තක් යනවා වගේ තමයි fan එකේ. හැබැයි පෙති තුනක් තියෙනවා තව කැරකෙන්න පුළුවන් විදිහට.
එතකොට ඉතින් මම මේක සම්පූර්ණයෙන් ම මේක නැති වෙන්නේ කොහෙද කියන එක ඉතින් මම අවස්ථාව රහතන් වහන්සේගෙන් විමසුවා. විමසුවහම අර පල්ලෙහායින්, ඒ හරියේ මට භාවනාවක් කෙරුණා එතන ඒ වෙලාවේ දී. ඒ පල්ලෙහායින් ඒ කියන්නේ ඉදංසච්චාභිනිවෙසකායගන්ථයේ ඉඳන් විතරක්, ඒ කියන්නේ අතන මක්ඛය පොඩ්ඩක්වත් නැත්නම්, ඉදංසච්චාභිනිවෙසකායගන්ථයේ විතරක් අරක තියෙනවා නම්, අන්න ඒ පල්ලෙහායින් එන වෙලාවට විතරයි මේ fan එකේ පෙති ටික නෑ. හැබැයි අර fan එක කරකවන්න පුළුවන් අර රවුම තියෙනවා නේ ඇතුළේ, motor එක තියන කෑල්ල, ඒක තියෙනවා. හැකියාව තියෙනවා, කරකවලා මේකේ purpose එකෙන් හුළං ගහන්න චලිතයක් කරන්න, වේදනාවත් එක්ක චලිතයක් කරන්න ඕනෙ නෑ, හැබැයි අරක ඇතුළේ රූං ගාලා සද්දෙ එහෙම, ඒකත් කරන්න පුළුවන් නේ. අන්න ඒ අර්ථය මෙතන තියෙනවා.
එතකොට එහෙම නම් ඉතින් ඒ මක්ඛය කියන එක, ඒක ගියේ නැත්නම් පෙත්ත නැති උණාට අර කෑල්ල තවම තියෙනවා. එතකොට මෙතන නේ අර විභව තණ්හාවේ කතාව තියෙන්නේ. එතකොට භව ආශ්‍රවය, තවම අර ගෙඩිය තියෙනවා හුළං ගහන්නේ නැති උණාට. ඔන්න ඕක තමයි ලෙහා ගන්න මහන්සි උණේ. ඒ භාවනාවත් මේක අස්සේ ගොඩක් ගියා. අර්ථය වශයෙන් ඕක තමයි.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්