ඒ උතුම් බුදුපියවරු සිහි කළා මම. ඒ ජීවමානව වැඩ ඉන්න පළමු වන බුදුපියා හැටියට මණ්ඩලාධිපති බුදුපියා. ඊළඟට දෙවැනි බුදුපියා, ඔය විදිහට බුදුපියවරු දාහතර නම ම ජීවමානව වැඩ ඉන්න බුදුපියවරු වශයෙන් සිහි කළා. එහෙම කියලා එක බුදු පියවරයෙක් හිටියත් ඇති මේ ධර්මය පහදා දෙන්න, දාහතර නමක් ඉන්න එක වාසනාවක් කියලා.
මට කිව්වා ලෝභයෙන් පටන් ගන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ලෝභයෙන් පටන් ගන්න කියලා. ලෝභය කියන එක ඇති වෙන්නේ, අපි දන්නවා ඉතින් අභිජ්ඣා වෙලා නේ මූලය තියෙන්නේ. එතකොට අභිජ්ඣා කියන එක කාමච්ඡන්දය ඒ loop එක තියෙනවා. අභිජ්ඣාව කියන එක ඇති වුණා නම් මිච්ඡා දිට්ඨිය වෙනවා. අභිජ්ඣාව තියෙනවා, මගේ වේවා කිව්වා, අතනින් මිච්ඡා දිට්ඨිය කියන එක එතන තියෙනවා. එතන අභිජ්ඣා මෙතන මිච්ඡා දිට්ඨිය.
එතකොට ඒක ඇති උණා නම් දැන් එහෙම නම් ඔය හතරේ සලකුණ කියන එක ඇති වෙනවා කියන එක පේනවා. මිච්ඡා දිට්ඨිය වුණහම සම්මා වාචා diagram එකේ මිච්ඡා දිට්ඨියෙන් පල්ලෙහාට බැස්සා අර sickness එක කියන තැනට එනවා, ව්‍යාධිය. ව්‍යාධිය ඇති උණා නම් ද්වේෂයත් ඇති වෙනවා, සම්මා වාචා එකේ.
එතකොට දැන් එහෙම නම් මේ හතරේ සලකුණ ගැන බැලුවා. අභිජ්ඣාව ඇති වෙන්න නම් ඔයාට ඉන්ද්රිය අසංවරය තියෙන්න ඕනෙ. එතකොට අභිජ්ඣා උණා නම් දෝමනස්සය වෙනවා කියන එකත් අපි එතන දන්නවා. එතකොට ඉන්ද්රිය අසංවරය කියන එකත් එක්ක ඊට පස්සේ දැන් හතරේ උඩ ඉරිසියාව. අපි දන්නවා ව්‍යාපාදය, ඊට පස්සේ අපි ව්‍යාපාදයෙන් උඩට ඉරිසියාවට එනවා එක පැත්තකින්. මෙතනින් ගත්තහම, දැන් අපිට කෙළවරවල් දෙක පේනවා. මේ ඉන්ද්රිය අසංවරයයි උඩ තියෙන්නා වූ ඉරිසියාවයි. එතකොට මට පේනවා, මනුස්සයෝ ඉරිසියාව නිසා තව සත්වයෝ කෙරෙහි බලනවා. ඔයාට ඉන්ද්රිය අසංවරය තියෙනවා නම් ඔයාට ඉරිසියාව ඇති වෙනවා. හරි නේ? එතකොට ඉන්ද්රිය අසංවරයෙන් ඉරිසියාව ඇති වෙනවා, ඉරිසියාව නිසා ඉන්ද්රිය අසංවරය ඇති වෙනවා කියන එක දෙපැත්තට යනවා කියන එක ආවා. එතකොට දැන් මේ විදිහට දැන් මට පේනවා එහෙම නම් මේ ද්වේෂයට එන්නා වූ පාරවල් කීපයක් ම තියෙනවා.
එකයි දෙකයි තුනයි කියලා හතරේ සලකුණ බැලුවහම උඩ පැත්තෙන් පේනවා. මොකද හතරේ සලකුණ කිව්වහම ඔය දැන් කිව්ව පාර, ඉරිසියාව, ඊළඟට ඉන්ද්රිය අසංවරය. ඉන්ද්රිය අසංවරයෙන් ඉරිසියාව. ඉරිසියාවෙන් අපි එනවා මිච්ඡා දිට්ඨිය හරහා ගිහිල්ලා sickness එක කියන එකට. එතකොට ඒක නිකම් triangle එක වගේ ඇවිල්ලා තියෙන්නේ. අන්තිමට ගත්තහම sickness එකෙන් අපි ද්වේෂයට එනවා කියන එක ආවා.
එතකොට දැන් මම මෙතනදි කල්පනා කරා, මේ විදිහට ඉතින් ආවා නම් අපි ඉතින් අගති ගමන් කියන ඒවා ගමන් කරනවා. දැන් එහෙම නම් මෙතන ව්‍යාපාදය ඇති නොවෙන්න අපි මෙත්තාව කියන එක එහෙම වඩන්න ඕනෙ. එතකොට මෙත්තාවයි ව්‍යාපාදයේ කතාවයි මම බලාගෙන ගියා කොයි ආකාරයට ද අපි දැන් ඔය දන්නවා අර වට කරකවලා දෝමනස්සය වෙලා, අර අවිද්‍යා ආශ්‍රවයෙන් ඇති වන්නා වූ කොටසයි මේ දෙකයි ගැළපෙන්නේ නැති හින්දා තමයි දෝමනස්සය උණේ. ඒ දෝමනස්සය උඩ තමයි අපි ඔය ජරාව නිසා ව්‍යාපාදයට ගියේ.
එතකොට මේ ලෝකයේ මම විතරක් නෙමේ ඉතින් හැම සත්වයා ම ඉතින් දුකෙන් ඉන්නවා කියන එක කල්පනා කරලා ඒ සත්වයා කෙරෙහි මෙත්තාව පතුරනවා කියන අදහස මෙතන තිබුණා. ඒත් ඒ වුණාට ධර්ම කාරණා වශයෙන් හුඟාක් ම තදින් පැහැදිලි නැහැ. මෙතන අදහසක් තිබුණට. ඒ කියන්නේ අර රූපයෙන් අපි අයින් වෙනවා නම් කාමච්ඡන්ද කතාව ඒ කියන්නේ අපි බලනවා දෙතිස් කුණුපය කියලා. ඒ භාවනාවෙන් අපි ඒ පැත්තෙන් අයින් වීමක් තියෙනවා. මේ පැත්තෙන් එන එක පැහැදිලි මදි තාම. ඒ කියන්නේ ව්‍යාපාදයට බෙහෙත මෙත්තාව කියන එක පැහැදිලි මදි එතන මට. දැනට යන්න එපා කිව්වා එතන හිටියා වගේ.
එතකොට දැන් මට මේ ඉරිසියාව කියලා ආපහු කියනවා, අරූප ධ්‍යානයේ ඉන්නවා කියන එක හරි. මොකද මම රූපයන්ගෙන් අයින් වෙලා තමයි මට පුළුවන්කම තියෙන්නේ අරූප ධ්‍යානයට යන්න. එතකොට ඉරිසියාවෙන් අයින් උණහමත් මට අරූප ධ්‍යානයට යන්න පුළුවන් මොකද මම කියනවා, අර මට රූප බලන්න ඕනේ නෑ, ඉන්ද්රිය අසංවරය එපා. ඉරිසියාව ඇති වෙන්නේ ඉන්ද්රිය අසංවරය නිසා. රූප නේ බලන්නේ. ඒවා මට ඕනේ නෑ මේක ඇති වෙන්න. එතකොට ඒ කෑල්ලත් එක්ක ගත්තහම දැන් ඔන්න ආකාසානඤ්චායතනයට යනවා කියන එක, ඒක පැහැදිලියි ගොඩක් දුරට. එතකොට මේකේ එහෙම නම් මට කල්පනා උණා, මේ ඉන්ද්රිය අසංවරයට තියෙන්නා වූ සම්බන්ධතාවයන් නිසා තමයි මෙතන මේ ප්‍රශ්න ඇති වෙන්නේ.
ඉන්ද්රිය අසංවරයට සම්බන්ධතාවය අපි දැන් ටිකකට ඉස්සෙල්ලා කතා කළේ. ඒ මෝහයෙන් කාමයේ වරදවා හැසිරීම, ඒක නිසා ආයතනයන් අපිට ඇති වෙනවා. අරක බලාගෙන ඉඳලා ගිහිල්ලා. එතකොට ඉන්ද්රිය අසංවරය එතනින් ම පටන් ගත්තා කියන එක ඒ පැත්තෙන් එනවා. එතකොට ඒ පැත්තෙන් කාරණා තුනක් ම එනවා කියන එක අපිට තියෙනවා. හැබැයි මේ හතරේ සලකුණේ නෙමෙයි මේක තියෙන්නේ. ඒ point එකට වෙනම කාරණා තුනකින් එනවා. පේනවා ද අර අපි රාගයේ ඉඳන් ඉන්ද්රිය අසංවරයට එන එක 1-1 වලට ගිහිල්ලා තියෙනවා නේ උඩින්. එහෙන් එන එකක් තියෙනවා. දැන් අපි මෝහයෙන් හොයා ගත්ත එකක් තියෙනවා. එතකොට තවත් පාරක් තියෙනවා, රහතන් වහන්සේ කිව්වා “දැන් ඇති, අපි පස්සේ බලමු” කියන එක. ඉතින් එතනින් ඒක නැවැත්තුවා.
ඒක තමයි තියෙන්නේ.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්