ඒ උත්තරීතර මණ්ඩලය මම මෙනෙහි කළේ, ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මේ ලෝකයේ ජීවමානව වැඩ සිටින්නා වූ පළවන බුදුපියා, ඒ සම්බුද්ධ මණ්ඩල 2500 ක හෙබවීමක් තියෙනවා. ඒ මණ්ඩලයේ 2500 වාරයක් ඉඳලා තියෙනවා. ඒ නායකත්වය දීලා තියෙනවා නේ. එතකොට ඊළඟට අනිත් බුදු පියවරුත් ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ 2100 ක් ඒ මණ්ඩලයේ හෙබවීමක් තියෙනවා. ඒ මණ්ඩලයේ ඉඳලා තියෙනවා.
ඊළඟට ඒ ධම්මාධිපති බුදුපියාණන් වහන්සේත් 1287 වාරයක් මේ විදිහට ජීවමානව වැඩ ඉන්නා වූ තුන් වන බුදුපියා, ආදී වශයෙන් එහෙම සහම්පති මහා බ්‍රහ්ම බුදුපියාණන් දක්වා මම සිහි කරා. මේ ප්‍රශ්න ගත්තහමත් ඒ ප්‍රශ්නත් ලෝකයේ තිබෙන්නා වූ ප්‍රශ්නවලට එච්චර වාරයක් මුහුණ දීලා තියෙනවා.
ඔය සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා සිහි කරනකොට මට කල්පනා උණා, මේ සත්‍ය වශයෙන් ම එහෙම නේ ද බුදුහාමුදුරුවන්ගේ කාලයේ විසුරුවා හැරපු වෙලාවෙත් මේ බුදු පියාට ඇවිල්ලා ඒකට මේවා කරන්න සිද්ධ උණා. නේ ද? ප්‍රශ්න නේ. බුදුහාමුදුරුවෝ ඉන්න කොටත් ප්‍රශ්න. එතකොට කී පාරක් ඒ බුදුපියාණන් බුද්ධත්වය පටන් ගත්ත වෙලාවේ ඉඳන් මේක තිබුණ ද, කියන එක මෙනෙහි කරා. මෙහෙම මෙනෙහි කරනකොට මගේ ඔළුව එතන ම විසාල උණා, සත්‍යයක් දැක්කහම මේ විදිහට.
එතකොට මට මෝහයෙන් පටන් ගන්න කියන එක කිව්වා. මෝහයෙන් පටන් ගන්න කියලා කිව්වහම මම බැලුවා මෝහය ඇති වන්නා වූ අවස්ථාවන් තුනක් තියෙනවා. එක පාරක් තමයි අර මගේ කියලා අරගෙන 2-1 වල ඉඳන් 1-3 වලට යන එක. මගේ කියලා ගැනීම. ඊළඟට පේනවා කාම ආශ්‍රවය තියෙනවා නම් අවිද්‍යා ආශ්‍රවය ඇති වෙනවා. එතකොට එතනත් මෝහයට යනවා. ඊළඟට ථීනමිද්ධය තියෙනවා නම්, ථීනමිද්ධය නිසා මෝහයට යනවා.
මම ඕකේ තෝර ගත්තා ථීනමිද්ධය නිසා මෝහයට යන එක බලනවා කියන එක. එතකොට ථීනමිද්ධය නිසා මෝහයට යනවා, අපි දන්නවා ථීනමිද්ධය තියන තැන. එතනින් අපි දන්නවා ඒ වේදනාවට ඇවිල්ලා වේදනාවෙන් අර නාමරූප කියන point එකට යනවා. එතකොට ඒ වේදනාවෙන් ඒ චේතනාවට ගමන් කරන පාරක්. එතකොට මේ නාමරූප කියලා කියන්නෙත් වේදනාවට react කරන විදිහයි කියන එක මට ආවා. නාමරූප කියන්නේ වේදනාවට සඤ්ඤාවෙන් අගයක් දෙනවා. ඒ කියන්නේ වේදනාවට react කරන විදිහ තමයි ඒකේ තියෙන්නේ.
දැන් ඔය කතාව ආවට පස්සේ, එතනින් උඩට ආවහම චේතනාවට, දැන් චේතනාවේ ඉඳන් රහතන් වහන්සේ පැහැදිලි කළා, “මේ දරුවා අත්තා ඉඳන් නිත්‍යට යන එකයි ථීනමිද්ධයෙන් jack එක ගහන්නේ” කියලා. එහෙම නම් මෙතන මට දැන් උදාහරණයත් එක්ක එනවා. මෙතන frames දෙකක් නේ. ඒ කියන්නේ චේතනාවේ ඉඳන් කෙළින් ම ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට යන එකක් තියෙනවා. අලුවා කෑල්ලේ කෙළවරක්. එතකොට ඔය ඔතන අත්තා නිත්‍ය කතාවට ථීනමිද්ධයෙන් jack එක ගහනවා කියන එකයි කිව්වේ.
එතකොට එතන එහෙම නම් චේතනාවට පල්ලෙහායින් මගේ කියලා ගත්තහම ඇති වෙන අත්තා කියන එක තියෙන්නේ. එතකොට මේක වෙලා ඉවරයි. මගේ වෙලා තියෙන්න ඕනේ, අත්තා වෙලා තියෙන්න ඕනෙ. ඒ කියන්නේ අභිජ්ඣාවෙන් ම තමා ඒ පුරුක ඇති වුණේ, පල්ලෙහා කෑල්ලට එනවා කියන එක. දැන් එතකොට ව්‍යාපාදය සහිතව තමයි දෙවැනි පාර jack එක ගහන්නේ ව්‍යාපාදයෙන් නේ. ව්‍යාපාදයෙන් ගහලා තමයි මේ දුක්ඛ වෙච්ච එකක් නේ සුඛ කියලා ගහලා තියෙන්නේ. එතන ඒකත් එක්ක අර පල්ලෙහාට එන ගතිය තියෙනවා නේ. ඒ කියන්නේ චේතනාවේ ඉඳන් ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට යන කෑල්ල තියෙනවා. ඔය සඤ්ඤාව තුළ තියෙනවා ඔය දෝමනස්ස ගතියේ කතාව තියෙනවා. එතකොට ඒක සහිතව තමයි අපි මේකට යන්නේ. එතකොට මෙන්න මේ forces දෙක තමයි මෙතන මේ වැඩ කරන්නේ.
මේක හරියට මේ tyre එකක තියෙනවා මේ rim එකයි, ඇතුළේ hub එක වාගේ එකක් තියෙනවා, වටේ rubber එක තියෙනවා. ඕක ඇතුළේ rim එකට තමයි power එක දෙන්නේ, වාහනයේ. අර අභිජ්ඣාව නිසා මගේ කියලා අරගෙන. ඔය tyre එක කියනවා “යං ඉතින් හැබැයි මාව තමයි ගෙවෙන්නේ” කියලා. ථීනමිද්ධයේ තියෙන්නේ ඔන්න ඔය ස්වභාවය නේ. ව්‍යාපාදය ඇති වෙලා. ජරාවට පත් උණා කියලා දැක්කහම තමයි මෙයාට ව්‍යාපාදය ඇති වෙන්නේ. එතකොට ව්‍යාපාදය දැන ගෙනත් අපි මේ වාහනය දුවන්න මේකක් තියෙනවා. අර වට දහයේ කතාවත් ඔතනට එනවා. දහවන පන්තියේ ළමයා ථීනමිද්ධයයි ද්වේෂයයි කියන කතාවත් තියෙනවා ඔතන. ඒත් හැබැයි ඉතින් කරගෙන යනවා.
එතකොට ඔහොම බැලුවහම මට පේනවා මෙතන, දැන් තුන් දෙනෙක් ඉන්නවා මේ කතාවේදි. එකක් තමයි අපි ඔය වට කැරකෙනවා කිව්වහම ඒ කියන්නේ, දැන් ඔයා මෙතන ගත්තොතින් අත්තා ඉඳන් නිත්‍යට යන රේඛාව මේ පැත්තෙන් ථීනමිද්ධය. මුලට ඉන්නේ ථීනමිද්ධය. ඊළඟට මානය. එහා පැත්තෙන් මෝහයෙන් ඇති වන්නා වූ දේ එතන තියෙනවා. එතකොට points තුනක්. එතකොට මෝහය තමයි නිත්‍ය කතාවට ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට මානයෙන් කරකවන කතාව. ඊට පස්සේ මේ ථීනමිද්ධය නිසා මේක ඇති වෙන දේ.
එතකොට දැන් ථීනමිද්ධයෙන් කැරකීමක් වෙන්නේ නෑ නේ. කැරකීමක් වෙන්නේ නැතෙයි කියලා, දැන් අපිට පේනවා මානයත් එක්ක කරකවනවා මිසක් ථීනමිද්ධයක් එක්ක කරකවන කතාවක් අපි හිතුවේ නෑ නේ මේ දක්වා. ථීනමිද්ධයත් එක්ක කරකවනවා. පටිඝයෙන් නේ උස්සන්නේ. ආයතන භාවනාව. පටිඝයෙන් උස්සන්නේ දැන් මේ අවස්ථාවේ දී.
දැන් එතකොට මෙතන කෑලි තුනයි කියලා මම බැලුවහම මට කල්පනා වෙනවා, එහෙම නම් දැන් ඔය තත්වයට ගියාට පස්සේ දැන් හොඳට මනස මේවා වෙලා තියෙනවා. රහතන් වහන්සේ මට “ඇති” යි කියලා කිව්වා. දැන් එහෙම නම් මේක අනිත් අයට කියන්න ඕනෙයි කියලා ආපහු මෙනෙහි කළා. මෙනෙහි කරලා එනකොට මට එනවා, අවිද්‍යා ආශ්‍රවයෙන් කරකවනවා කියන කොටස අර සරසඞ්කප්ප කොටස. මානයෙන් කරකවනවා කියන එක අතන අර ගිද්ධිලෝභයත් එක්ක තියන area එක. Areas වශයෙන්. අවිද්‍යා ආශ්‍රවය area එකයි ඒකට උඩින් තියෙන්නා වූ මානයේ එකයි. එහෙම නම් ථීනමිද්ධය කරකවන එක අරක උඩ තියන එක කියලා. ඒ කියන්නේ රූපයයි ස්පර්ශයයි ථීනමිද්ධය ලකුණු කරලා ම තියන තැන ම නේ. මේ area එක ම තමයි මේකේ තියෙන්නේ කියලා.
රහතන් වහන්සේ කිව්වා, “හරි.” මම ඇහුවා හරි ද කියලා, “හරි” යි කියලා කිව්වා. මෙච්චර කාලයකට අපි ඕක දැක්කේ නෑ නේ. ථීනමිද්ධය ලකුණු කරලා තිබුණහම, මේ area එක ම තමයි මේ කතාව කියලා. මෙතනදි එනවා මට හරි ලස්සනට මේක නේ ද මේ සාත අසාත කියන්නේ. අසාත උණහම සාත කරගන්න හදනවා. සාත උණහම අසාත වෙනවා. ඇයි? රෝද ගෙවෙනවා, කැරකෙනවා අසාත වෙනවා. අසාත උණහම අපි සාත කරන්න හදනවා. මෙහෙම වේදනාවට react කරන විදිහ නේ මේ තියෙන්නේ. මේක තමයි මේ area එකේ තියෙන්නේ. ඒ ස්පර්ශය විසින් අර තුන එක්කහු කරන එක නේ කරන්නේ. ඉතින් එතනින් ථීනමිද්ධය. ඒ කියන්නේ, මේ කතා කරන්නේ කබලිංකාර ආහාරය, ස්පර්ශය, වේදනාව, ගිද්ධිලෝභය තියෙන්නා වූ ඒ area එක, ඒ ථීනමිද්ධය නිසා ඇති වන්නා වූ ඒ කොටස. මේක තමයි මේ කරන්නේ කියන එක ආවා පුදුම විදිහට.
ඉතින් ඕක කරන කාලය ඇතුළත ඔය ථීනමිද්ධ point එක මේවා වෙච්ච ගමන් ම මට විසාලෙට ආලෝකය ඈතට පෙනෙන්න ගත්තා. එතකොට ආලෝකය පේන්න ගත්තහම ආලෝකය මතු උණත් එක්ක ම මම නැවතත් කල්පනා කරා දැන් මේක ඇති උණා, මේකට react කළත් අර වේදනාවට react කිරීමක් නේ තියෙන්නේ. මේකට react කළත් මේක මේවා වෙනවා නේ. දැන් මේක හොයනවා නේ ඊළඟට. ඒ condition එක කියන එක. එහෙම දෙයක් වෙනවා. මේක මේ ගෙවි ගෙවී යන එකක් තියෙන්නේ, අතනින් power එක දීලා.
ඒක තමයි භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්